මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Wednesday, September 25, 2013

ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු (2)

පලමු ලිපියට මෙතනින් 
ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු (1)


හරි එහෙනම් වොරන්ටි, ගැරන්ටි කියන්නේ මොකක්ද වගේම වොරන්ටි නැති වෙන්න පුළුවන් කාරනා කීපයකුත් අපි කලින් කතා කළා. ආෆ්ටර් සේර්විස් කියන්නේ මොකක්ද කියලත් තරමක්  කතා කලා. අද එහෙනම් කියන්න යන්නේ වොරන්ටිය නැති වෙන්න පුළුවන් තවත් හේතු කීපයක් සහ තවත් ලට්ට ලොට්ට ගොඩක් මේ සම්භන්දව.

ගොඩක් වර්ග වල  භාණ්ඩ මිලදී ගත්තට පස්සේ  කල යුතු අනිවාර්ය සේවා කිරීම් තියනවා වගේම සමහර භාණ්ඩ තියනවා ඔය මොන මඟුලක්වත්  නොකර දිගටම පාවිචි කිරීම විතරක් කරන්න පුළුවන් (උදා : ශීතකරණ, ඔරලෝසු, ජංගම දුරකථන).  එවැනි භාණ්ඩ අනවශ්‍ය විදිහට් සේවා(service) කරන්න ගිල්ලත් වොරන්ට්යිය නැති කරන්
 
ඉල්ලගෙන කන්න සිද්ද වෙන්න පුළුවන්. මම දැකලා තියන ගොඩක් පාරිභෝගිකයෝ ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. (මේක සම්මත බෙදීමක් නෙවේ මගේ මතය අනුව කල වර්ග කිරීමක් විතරයි.)

1. මිලදීගත් භාණ්ඩය ගැන කිසිම සැලකිල්ලක් නැතිව තමන්ගේ අවශ්‍යතාව  සපුරා ගන්න පමණක් කටයුතු කරන පාරිභෝගිකයින්.

2. භාණ්ඩය පිලිබඳ හොඳ දැනුමකින් භාණ්ඩයේ නඩත්තු නිසි පරිදි කරමින් භාණ්ඩය භාවිතා කරන පාරිභෝගිකයින්.

3. භාණ්ඩය පිලිබඳ ඕනවට වඩා සොයා බලමින් අනවශ්‍ය පරිදි සේවා(service) කරමින් භාණ්ඩය භාවිතා කරන පාරිභෝගිකයින්.          

ඔතනින් මං වැටෙන්නේ එකෙන්ම ඔය අංක 1 කියන ගොඩට. හෙහ් ..දැන් ඉතින් හැමෝම දන්නවනේ මේ කියන්නේ වැදී  බන තමයි කියලා. මේ කණ්ඩායමේ පාරිභෝගිකයින් බලන්නේ නැ  භාණ්ඩය හදලා තියෙන්නේ මොකටද ?. මොනවද එකෙන් කරගන්න පුළුවන් වගේ දේවල්. තමන්ට ඕන කරන ඕනෑම දෙකට මේ ගොල්ලෝ මේ භාණ්ඩය පාවිච්චි කරනවා. තමන්ගේ අවශ්‍යතාවය ඉටු වෙනවනම් ඒ ඇති. අහන්න දෙයක් නැ මේ වගේ පාවිච්චි කරන භාණ්ඩයකට වොරන්ටි හම්බෙයිද කියලා. හැබයි මේ අයත් වොරන්ටි කාලය ඇතුලත භාණ්ඩයේ දෝෂයක් ඇති උනොත් උස්සගෙන යනවා භාණ්ඩය මිලදී ගත ආයතනයට. එතන ඉන්නේ ඔය වගේ පාරිභෝගිකයින් ඉහේ කෙස් ගානට දැකපු මුදලාලිලා සහ නඩත්තු ශිල්පීන්. ගිහින් පුක්  මුනකුත් දාගෙන, සද්දෙකුත් දාල තමයි භාණ්ඩය දෙන්නේ. එතකොට අනේ කොහොම හරි මේ ගොල්ලෝ මේ භාණ්ඩයේ වගකීම් සහතිකයේ ඇති කොන්දේසියක් කැඩිලා කියලා පෙන්නලා දීලා. භාණ්ඩයේ වගකීම අවසන් කියල කියනවා. එතකොට ඉතින් සද්දේ දාල ආපහු හැරිලා එනවට වඩා දෙයක් කරගන්න බැරි වෙනවා. හැබයි මම දැකලා තියන විදිහට මේ අය වැඩි දුර පන්නන්නේ නැ භාණ්ඩයට වගකීම ගන්න මොකද මේ අය දන්නවා තමන් භාණ්ඩය භාවිතා කල විදිහ. ගොඩක් වෙලාවට ඉක්මනින් හිත හදාගෙන  වෙන භාණ්ඩයක් මිලදී ගන්නවා.    

දෙවැනි කණ්ඩායමේ පාරිභෝගිකයින් තමා නිවැරදිම කට්ටිය. මේ අය භාණ්ඩය නිවැරදිව භාවිතා කරනවා පමණක් නෙවේ ඒ අය එහි වගකීම ආදී සැම දෙයක් ගැනම ගොඩක් විට දැනුවත්. මේ අයත් වගකීම් කාලය ඇතලත භාණ්ඩ රැගෙන යනවා. අවංක ආයතනයක් නම් අනිවාර්යෙන් මේ අයට වගකීම් සහතිකයේ කොන්දේසි වලට අනුව වගකීම ලබා දෙනවා. සමහර විට පාරිභෝගිකයා නොදැනුවත්ව වගකීමේ කොන්දේසියක් උල්ලන්ගනය වෙලා තියෙන්න පුළුවන් (උදා : ජංගම දුරකතනයක් තුලට පාරිභෝගිකයා නොදැනුවත්ව ජලය යාම-කුඩා දරුවෙකු අතින්, නාන කාමරයේදී )  නමුත් එහිදී ඔබ හොඳ මහත්මයකු ලෙස හැසිරුනොත් බොහෝ විට මෙම ආයතනයෙන් ඔබට සහනයක් ලබා දෙනවාමයි. ඒ වගේම මේ අය රැගෙන එන භාණ්ඩය සමහර විත ඉතා සුළු අලුත් වැඩියාවකින් නැවත මුල් තත්වයට ගන්න පුළුවන්.           



තුන් වැනි කණ්ඩායම් තමයි හොඳටම ඉල්ලගෙන කන කට්ටිය. මේ අය භාණ්ඩය ගැන අනවශ්‍ය තරම් සැලකිල්ලක් දක්වනවා. ඒක භාණ්ඩයකට සැලකිල්ලක් නොදක්වා ඉන්නවටත් වැඩිය අනා ගන්න වැඩක් වෙනවා. අදික සැලකිල්ල නිසා බොහෝ විට නැති දෝෂ පවා පෙනෙන්න ගන්නවා. අලුත් ගොඩක් උපකරණ මෘදුකාංග මගින් ක්‍රියාත්මක වන දේවල් හින්දා ගොඩක් වෙලාවල් වලට තාවකාලික දෝෂ ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථා වල නැවත පන ගැන්වීමක්(restart) හෝ ප්‍රාථමික ප්‍රතිපිහිටුමක් (factory reset) මගින් දෝෂය ඉවත් කර ගන්න පුළුවන්. නමුත් මේ අය දෝෂය තහවුරු කර ගන්න නැවත නැවත දෝෂය ක්‍රියාත්මක කර බැලීම තුලින් විශාල දෝෂයක් නිර්මාණය කර ගන්නවා. ඒ විතරක් නෙවේ භාණ්ඩය හොඳින් පවත්වාගෙන යාමට සිතා නුසුදුසු සැලකිලි දක්වනවා(උදා: TV,කැසට් වැනි දේවල් මත රෙදි වැනි ආවරණයක් යෙදීම, ජංගම දුරකථන සුවඳ විලවුන්, සර්ජිකල් ඉස්පිරිතු, ෂැම්පු වගේ දේවල් වලින් පිස දැමීම- එවිට මතු පිට ඇති ආරක්ෂක තීන්ත ආවරණය බිඳ වැටේ, නිතර නිතර බ්‍රෂ් කිරීම, පරිගණක වැනි දැ වඩා හොඳ සිසිල් කිරීමක් යයි සිතා  පියන ඇර තැබීම, යාන්ත්‍රික කොටස් වල ඇති ඇන නිතර නිතර බුරුල් වී ඇතැයි සිතා තද කිරීම). මේ අයගෙන් තමයි වෙළඳ ආයතන වලට බේරෙන්නම බැරි. මේ අයගේ කන්දොස්කිරියාව හින්දම මේ අයට වගකීම ලබා ගන්න බැරි වෙන වෙලාවල් බොහොමයි. අනිත් එක මේ අය සුළු සුළු දෝෂ කියමින් වට පිටේ ඉන්න මක බාස්ලා  වෙත පෙන්වීමෙන් හෝ තමන් විසින් බොහෝ විට වගකීමේ මුද්‍රා කඩා ගන්නවා. දන්නවනේ ඉතින් ඔය මුද්‍රාව කඩා ගත්තොත්  ආය නෝ වොරන්ටි. මොකෙක්වත් ගන්න  කැමති නැ ගත්තත් ඉතින් කොන්ඩම් කරලා දෙකේ කොලේට තමා ඉල්ලන්නේ. ඇත්තටම මේ අයගේ භාණ්ඩ ගොඩක් වෙලාවට ස්භාවිකව ලෙඩ වෙච්චි ඒවා නෙවේ මේවා හදා ගත්ත ලෙඩ. එතැනින්ම වගකීම අහෝසි වෙනවා. ඒ වගේම මේ අය සැහෙන්න බොරුත් කියනවා භාණ්ඩය සඳහා වගකීම ගන්න. හැබයි ඉතින් ඔය භාණ්ඩය විකුනපු මුදලාලි මේ වගේ කට්ටිය කඩේ දොරෙන් ඇතුලට එද්දිම අඳුනා ගන්නවා.

                    හරි මේ කතා කලේ භාණ්ඩ භාවිතා කරන පාරිභෝගිකයින් ගැන. යකෝ මාතෘකාවේ  තියෙන්නේ  "ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු" කියලා එහෙනම් මොන මඟුලක්ද මේ ගන්න එවුන් ගැන ලියන්නේ කියලා හිතයි. නැ  මේ ගැනත් ඔබ දැන ගන්න ඕන මොකද  භාණ්ඩය මිලදී ගන්න ඔබ ගැනත් විකුණුම් කරුවෝ දන්නවා කියලා හිතාගෙන ඉන්න එක හොඳයි නොවැ.      

                         අනිත් දේ තමයි භාණ්ඩයේ මිල. ගොඩක් වෙලාවට  බොහොමයක් පාරිභෝගිකයෝ කැමති තමන්ට වඩා වැඩි ලාබයක් ලැබෙන මිල අඩුම තැනින් භාණ්ඩ මිලදී ගන්න. නමුත් මේ වෙලාවේදී ඔබ පොඩ්ඩක් කල්පනා කාරී වෙන්න ඕන. භාණ්ඩයක් වෙළඳ පොලේ විකුනන්න පුළුවන් අවම මිලක් පවතිනවා සමහර භාණ්ඩ වල එය සටහන් කර තිබුනත් ගොඩක් භාණ්ඩ වලට තියෙන්නේ වෙළඳ පොලෙන් තීරනය උන මිලක් ඒ මිලටත් වඩා  අනවශ්‍ය පමනට මිල අඩු කරන භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. මොකද භාණ්ඩය එම මිලට විකිණිය හැකි වෙන්නේ සමහර විට එහි පවතින දෝෂයක් නිසා විය හැකියි. නැත්නම් නීතිමය  ප්‍රශ්නයක් විය හැකියි.(උදා : මැරුණු පික්සල් ඇති TV , LCD, කැමරා. නිසි වේගයක් නැති පරිගණක,දුරකථන,සුළු අලුත් වැඩියාවකින් පසු  විකිණීමට  ඒවා ඇති භාණ්ඩ, බදු හෝ ලියාපදිංචියෙන් තොර හොරෙන් ගෙන්වූ භාණ්ඩ, නියමිත ප්‍රමිතිය සම්පුර්ණ කිරීමට අපොහොසත් වූ භාණ්ඩ )  දන්නවනේ කියමනක් තියනවා "ලාභ බඩුවේ හිලක් ඇත " කියලා. 



       ඒ වගේම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී බලන්න ඕන වැදගත්ම දෙයක් තමයි මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ කුමන කලාපයක භාවිතා කිරීමටද කියන එක. ගොඩක් අය මේ   ගැන ඇත්තෙන්ම දන්නෙත් නැ. නමුත් මේක ඉතාම වැදගත් දෙයක්. නිෂ්පාදන ආයතන සමහර භාණ්ඩ නිපදවන්නේ සමහර රටවල් වල හෝ යම් කලාපයක්  විකිණීම සඳහා  විශේෂීකරණයක් සහිතව(උදා : යුරෝපා රටවල පමණක් විකිණිය හැකි භාණ්ඩ, ඇමරිකාවේ පමණක් විකිණිය හැකි භාණ්ඩ). එකට හේතු වෙලා තියෙන්නේ එක එක රටවල භාවිතා කරන විදුලි සැපයුම, ඩිජිටල් හෝ ඇනලොග් තරංග, සේවා සපයන්නන් ලබා දෙන විවිද පහසුකම්, දේශගුණික තත්වය වැනි දෑ එකිනෙකට වෙනස් වීමත් එවැනි දේ මත යන්ත්‍රයේ ක්‍රියා කාරිත්වය වෙනස් වීමත් යන කරුණු නිසයි. හැමෝම දන්නා ප්‍රසිද්දම උදාහරණය  වන්නේ විදුලිබල සැපයුමේ වෙනසයි. ජපානය වැනි රට වල 110v  භාවිත කරන අතර   ලංකාවේ අපි 230V විදුලි සැපයුමක් භාවිතා ක‍රනවා. ජපානයේ  භාවිතය සඳහා  වෙන් කෙරුණු විදුලි උපකරනයක් අපගේ විදුලියට සම්බන්ද කලොත් අනිවාර්යෙන් එහි පරිපත කොටස් දැවී යනවා.  ඒ වගේම ජංගම් දුරකතන  වැනි  තරංග භාවිතා කරන උපකරණ වල තරංග  පරාසයන්  රටින් රට වෙනස් වෙන්න පුළුවන් උදාහරණයක් ලෙස කොරියාව,ජපානය, ඇමරිකාව,ඔස්ට්‍රේලියාව වැනි රටවල් බහුලව ජංගම් දුරකථන වැනි උප කරන සඳහා CDMA,WCDMA තරංග භාවිතා කරන නමුත් ලංකාව තුල භාවිතා වෙන්නේ GSM තරංගයි. ඒ වගේම සේවා සපයන්නා විසින් ලබා දෙන සමහර විශේෂ සේවා ලබා ගැනීම  සඳහා  සකස් කල software සහ hardware කොටස්  තියෙන්න පුළුවන්. මෙවැනි උපකරණ මිලදී ගත විට එයින් ලබා ගත හැකි උපරිම භාවිතය ලබා ගන්න බැ(උදා : කොරියන් version දුරක්තන වල SMS එකක දිග අපේ දුරකතනයක SMS 4ක පමණ දිගට සමාන වීම, රේඩියෝ පහසුකම භාවිත කල නොහැකි වීම, අලුත් වැඩියාවක් කිරීමට උවහොත් අමතර කොටස් සොයා ගැනීමේ දුෂ්කරතාව. BlackBerry/Nokia  වර්ගයේ විශේෂිත network එකකට lock කරන ලද දුරකථනයක් Unlock කල පසුව 3G signal නොලැබීම, BlackBerry සේවා ලබා ගත නොහැකි වීම, Android දුරකථන මගින් Apps Download කිරීමට   යාමේදී එම කලාපයේ Apps පමණක් Download කිරීමට අවසර ලබා දීම)  


තවත් මම ප්‍රයෝගිකව දැක   තියන දෙයක් තමා සමහර රටවල් හෝ කලාප සඳහා නිෂ්පාදනය කරන භාණ්ඩ වල Hardware කොටස් වල තියන වෙනස් කම්. මේවා සැලසුම් කර තියෙන්නේ ඒ ඒ දේශගුණ තත්වයන්ට ගැලපෙන ලෙස. ඔබ මිලදී ගන්නා භාණ්ඩය සමහර විට සීත රටක භාවිතා කිරීමට සැලසුම් කර ඇත්නම් එහි සිසිලන පද්දතිය එයට ගැලපෙන ලෙස සකස් කර ඇති නිසා අපේ රටේදී භාවිතා කරන විට අදිකව රත් වීම නිසා විවිද දෝෂ පැන නැගිය හැක(උදා : ප්‍රසිද්ද ලෙඩක් වන HP Pavilion වර්ගයේ Laptop පරිගණක වල Graphic IC පෑස්සීමට භාවිතා කරන ඊයම් වියලීම නිසා ඇති වන Display නොලැබීමේ දෝෂය,).        


(හරි යන්නේ නැ වැඩේ තවත් එකක් ලියන්න වෙයි වගේ. එහෙනම් මතු සම්බන්දයි ඇ ..) 


Sunday, September 22, 2013

ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු (1)

හැමදාම අනම් මනම් ලියන එකේ එලෝ මෙලෝ යහපත තකා ඔන්න අද ලියන්න යන්නේ හැමෝටම වටියි කියලා හිතෙන ලිපියක්. මේක ලියන්න හේතු උනේ සුධිකගේ ගැරන්ටිද ? වොරන්ටිද ? (Guaranty or Warranty ) ...... කියන පොස්ට් එක. මේකට මම කොමෙන්ට් එකක් දැම්මත් එක දාන කොට පෙරහැර ගොඩක් ගිහින් ඉවරයි. ඒ හින්දා තව තව කාරනා එකතු කොරලා මේකෙම ලියල දානවා ඔං. 


 මේ වෙනකොට ඉලෙක්ට්‍රොනික් උපකරණයක් භාවිතා නොකරන කෙනෙක් හොයා ගන්න එක කළුනික (නැ ..නැ  තමාලිගේ කළුනික නෙවේ) හොයනවටත්  වඩා අමාරුයි. ඒ තරමටම ඉලෙක්ට්‍රොනික් බඩු  භාණ්ඩ සුලබ වෙලා තියෙන්නේ. ඉතින් මේ ඉලෙක්ට්‍රොනික් දේවල් මිලදී ගන්න කොට අපිට අහන්න ලැබෙන  වොරන්ටි,  ගැරන්ටි, ආෆ්ටර් සේර්විස්, සේර්විස්  වොරන්ටි, හාර්ඩ්වෙයාර් වොරන්ටි, සොෆ්ට්වෙයාර් වොරන්ටි ගැන තමයි  දන්නා විදිහට මගේ අත්දැකීම් අනුව ලියන්න යන්නේ. දැන් ඉතින් කවුරු හරි අහන්න බැරි නැතෝ "කොහොමෙයි ඕවා ගැන ලියන්නේ තෝ කොහොමෙයි ඔය ගැන දන්නේ" කියලා. එකට නම් ඉතින් කියන්න තියෙන්නේ දැන් අවුරුදු 15 කට වඩා ඕවත් එක්කම හැප්පිච්චි එක තමා ලොකුම සුදුසු කම කියලා. කොටින්ම තාත්තා ගෙට අල්ලලා අලුත් කාමරයක්ම හැදුවා මම කඩන බිඳින බඩු  භාණ්ඩ   දාන්නම ඔන්න.ආය  තවත් මොන සුදුසුකම්ද. කොහොම කොහොම හරි එක එක ජාතියේ රස්සා ගොඩක් කරා උනත් කවදාවත් මේ ඉලෙක්ට්‍රොනික් බඩුත් එක්ක ගනු දෙනු කරනවා තරම් ඒවා ආතල් නැති හින්දා අන්තිමේට කොහෙන් හරි කැරකිලා එන්නේ මෙතෙන්ටම තමයි. 


ඉලෙක්ට්‍රොනික් බඩුවක් ගන්න යනකොට ගොඩක් දෙනෙක් හොයන දෙයක් තමයි මේ වොරන්ටි සහ ගැරන්ටි කියන එක. හැබැයි ගොඩක් දෙනෙක් පටලවාගෙන ඉන්නෙත් මේ දෙකම තමයි. ඇත්තෙන්ම මමත් කාලයක් යනකන් ඔය වචන දෙකේ පැහදිලි තේරුමක් තේරුම් ගන්න බැරිව අනාත වෙලා තමයි හිටියේ. ඒ හින්දම ගොඩක් වෙලාවට කපටි වෙළඳුන් ඉස්සරහා  කේන්තියෙන් පුපුරමින් හැරිලා එන්න සිද්ද උණු වාර ගණන අනන්තයි. නමුත් කාලයක් යනකොට ගොඩක් ආයතනත් එක්ක ගනුදෙනු කරලා සහ ආයතන වල රැකියා කරද්දී   තේරුම් ගත්තා ඇත්තටම  මේ කියන්නේ මොකක්ද කියලා. ඔන්න එහෙනම් සුදීකගේ පොස්ට් එකට දාපු    කොමෙන්ට් එකම ටිකක්  upgrade  කරලා මෙතැන  දානවා.  

ඔතන වචන දෙකේ පැහැදිලි වෙනසක් තියනවා. සුදික ඒ ගැන පැහදිලිව සටහන කරලා තියනවා ඒක වෙබ් අඩවියකින් කරපු නිර්වචනයක් සමහර විට ලෝකයම පිළිගන්න ක්‍රමය එක වෙන්න පුළුවන්. නමුත් ලංකාව කියන්නේ ඔය ලෝකයාට වඩා වෙනස් මිනිස්සු ඉන්න තැනක්නේ. ("ලෝකේ අනිත් මිනිස්සුන්ට වඩා අපේ මිනිස්සු වෙනස් "). අපේ රටේදී ඕක මෙන්න මෙහම තමයි නිර්වචනය වෙන්නේ.

     ජංගම දුරකථන , පරිගණක සහ නොයෙකුත් ඉලෙක්ට්‍රොනික් බඩුත් එක්ක අවුරුදු 15 විතරම හැප්පුණු මටත් ඔය දෙක පැහැදිලිව අඳුරගන්න අමාරු වෙලා තිබුනේ. නමුත් ආයතන කීපයක වැඩ කරන්න ගත්තට පස්සේ මම ඔය වචන දෙක යොදා ගන්න විදිහ ගැන පැහැදිලි අවබෝදයක් ලබා ගත්තා.

ගැරන්ටි කියන්නේ ඇත්තටම සහතික කිරීමක් කියලා කියන්න පුළුවන්. උදාහරණයක් විදිහට යම් භාන්ඩයක් මිලදී ගන්නා අවස්ථාවේ එය නිෂ්පාදකයාගේම නිෂ්පාදනයක් බවත් එය නිෂ්පාදකයා ලබා දී ඇති සියලු පහසුකම් ලබා ගැනීමට භාවිතා කල හැකි බවත් නිෂ්පාදකයා කියන කාලය එය භාවිතා කල හැකි බවත් සහතික කිරීමක්. යම් අවස්ථාවකදී පාරිබෝගිකයාට ඔප්පු කරන්න පුළුවන් නම් එම භාණ්ඩය නිෂ්පාදකයා සහතික කරන පහසුකම් ලබා ගැනීමට අපොහොසත් කියලා එවිට එම භාණ්ඩය වෙනුවට වෙනත් භාණ්ඩයක් ලබා දෙන්න කටයුතු කල යුතුයි. නමුත් මෙහිදී නිෂ්පාදකයා එම භාණ්ඩය බාවිතා කරන ආකාරය ගැන දක්වා ඇති කොන්දේසි උල්ලංගනය නොකර එය බාවිතා කල යුතුයි. මේ ගැරන්ටිය අනිවාර්යෙන් හොඳ නිෂ්පාදනයක් සඳහා ලැබෙනවා. නමුත් එහිදී නිත්‍යානුකුල බවක් නැ. අවශ්‍යනම් එම භාර ගැනීම ප්‍රතික්ෂේප කරන්න පුළුවන්. ඒ සඳහා නීතියට අනුව කිසිවක් කරන්න බැ. නීතිය අනුව කටයුතු කරන්න පුළුවන් වෙන්නේ අර කලින් කියපු නිෂ්පාදකයා  සහතික කරන පහසු කම ලබා ගන්න බෑ  කියන පදනම මත පමණයි. 

වොරන්ටිය කියන්නේ එම නිෂ්පාදනය පිලිබඳ වගකීමක් ලබාගැනීමක්. උදාහරනයක් ලෙස ඉහත පරිදි ගැරන්ට් කරන ලද උපකරණයක්. නිෂ්පාදකයා නිර්දේශ කරනා ආකාරයට භාවිතා කරමින් සිටියදී යම් හානියක් සිදුවුවහොත්. එය සඳහා නැවත වෙනත් උපකරණයක් ලබා දීම හෝ මුදල් ආපසු ලබා දීම හෝ විය හැකියි. එහිදී යම් කාල සීමාවකට යටත්ව, කොන්දේසි සහිත නීතියට යටත් ලේඛනයක් ලබා දෙනවා. එම නිසාම එම වගකීම පැහර හැරියොත් ඒ සඳහා නීතිමය ක්‍රියා මාර්ගයක් ගන්න පුළුවන්. නමුත් ඒ සඳහා ඔබට සාක්ෂි අවශ්‍ය වෙනවා එම නිසා අනිවාර්යෙන් බිල්පතක් සහ වගකීමේ සහතිකයක් ඔබ සතු විය යුතුයි. 


සරලවම කීවොත් අපි නිතර ගනුදෙනු කරන ආයතනයකින් බඩුවක් ගන්නකොට මුදලාලි අපිට කියනවා "මේක ඔර්ජිනල් එකක් බය නැතිව ගන්න කියලා" ඒ කියන්නේ ගැරන්ටිය. හැබයි භාණ්ඩයට මොනවා හරි උනොත් මුදලාලිගේ හොඳ හිතත් භාණ්ඩයේ නිෂ්පාදකයාගේ හොඳ හිතත් මත තමයි අපිට සාධාරනයක් වෙන්න අවස්තාව තියෙන්නේ. නමුත් වොරන්ටියක් දුන්නනම් එකේ තේරුම මුදලාලි නරක උනත් හොඳ උනත් මිනිහට ඒ වගකීම් සහතිකේ තියන විදිහට වැඩ කරන්න වෙනවා කියන එක. එහෙම නොකලොත් ඔබට නීතිය හමුවට යන්න පුළුවන්. 
හැබයි ඔබ මේ  කියන වගකීම ලබා ගන්න නම් කලින්ම නිෂ්පාදකයා ලබා දී ඇති භාවිතා කිරීමේ හා නඩත්තු කිරීමේ උපදෙස් පත්‍රිකා හොඳින් අධ්‍යනය කරලා ඉන්න ඕන. මොකද නිෂ්පාදකයාගේ උපදෙස් වලට පිටින් යමක් කරන්න ගිහින් යම් හානියක් සිදු උනොත් ඔය කිසිම වගකීමක් ලබා ගන්න බැරුව යනවා.

ඒ වගේම තමයි හැමෝම බලන තවත් දෙයක් වෙන්නේ මේ ආෆ්ටර් සේර්විස් කියන දෙය. ඇත්තෙන්ම විකුණු භාණ්ඩයක් පරිබෝගිකයා භාවිතා කරන්න ගත්තට පස්සේ යම් යම් නඩත්තු කටයුතු තියනවා කරන්න. සමහර භාණ්ඩ වලට අනිවාර්යෙන් කල යුතු නඩත්තු කටයුතු තියනව. ඒවා නිශ්චිත කාල සීමාවක් තුල නිවැරදිව පුහුණු කාර්මිකයකු සිදු කල යුතුම දේවල්. මෙවැනි සේවා ගැන බොහෝ විට එම භාණ්ඩය මිලදී ගන්නකොටම  දැනුවත් කරනවා. සමහර විට ඒ පිලිබඳ වගකීම් සහතිකයේම සටහන් කරලා තියනවා. සමහර විට නිකන්ම කටවචනයෙන් කියනවා. මේ සේවා නොමිලේ හෝ  මුදල් ගෙවා ලබා ගන්න සිදු වෙන්නත් පුළුවන්. ඒ පිලිබඳ හොඳින් විමසා දැන ගන්න ඕන මොකද සමහර විට මේ නඩත්තුව නොකලා කියන්නේ සමහර විට මුළු යන්ත්‍රයටම තියන වගකීම අහෝසි වෙනවා කියන එක වෙන්න පුළුවන්.  උදා (photocopy machine, printers ).  ඒ වගේම මේ සේවා කිරීම හිතු මතේට කරන්න බැ ඒ සඳහා බලයලත් නියෝජිතයෙක් හෝ භාණ්ඩය මිලට ගත් ආයතනය වෙත හෝ යන්න වෙනවා. එහෙම නොවුනොත් භාණ්ඩයේ වගකීම අහෝසි වෙලා යන්න පුළුවන්. 

(කෙටියෙන් විස්තරේ ලියන්නම් කියලා හිතුවට  වැඩේ හරි යන්නේ නැති පාටයි. ගොඩක් දිග උනොත් කියවන්නත් කම්මැලි හින්දා "මතු සම්බන්දයි" ඇ... )          

Saturday, August 24, 2013

ශ්‍රී ලාංකීක සංගීතයට මා කල අමරණීය සේවය.

ශ්‍රී ලාංකීක සංගීතයට මා කල අමරණීය සේවය.



හැමෝම දන්නවනේ මේක කිසිම චාරයක් ඇතිව පොස්ට් දාන බ්ලොග් එකක් නෙවේ කියලා. එකට ප්‍රධාන හේතුව මගේ තියන කම්මැලි කම කියන්න පුළුවන්. අනික කියවන්න තරම් ලියන්න ආසා නොවීම. අර කියමනක් තියනවනේ එක කටකුයි කන් දෙකකුයි තියෙන්නේ අඩුවෙන් කතා කරලා වැඩියෙන් අහන්න කියලා මම නම් කන් දෙකටත් වැඩිය පාවිච්චි කරන්නේ ඇස් දෙක කීවොත් හරි. පොඩි කාලේ ඉඳන් ඇබ්බැහි උන කියවීමේ පුරුද්ද තවම අතහැර ගන්න බැරි උනා. දැන් ඉතින් කවුරු හරි කියයි ඉතින් යකෝ ඇස් දෙකක් වගේම අත්  දෙකකුත් තියෙන්නේ. උඹ කියවනවා වගේම ලියපංකෝ කියලා. ඒ උනාට ඇස්  දෙකම කියවන්න පාවිච්චි කරාට අත් දෙකම් ලියන්න පාවිච්චි කරන්න බැ නොවැ.

හරි ඉතින් අද මේ ලියන්න හේතුව උනේ අද දවසටම මෙලෝ වැඩක් නැතිව ඉන්නකොට  සිංදුවාගේ බොග  පැත්තේ ගියපු එකෙන් මගේ පාසල් කාලය මතක් වීම. හරි ඔන්න එහෙනම් රියල් ෂිද්දිය ...හරිය.



මං තුමා 1 වසරේ ඉඳන් 5 වසරට වෙනකන් කනිෂ්ඨ ඉස්කෝලෙකට ගිහින් සිස්සත්තෙන් ඇනගෙන ඉන්නකොට ඒ දවස් වල සිස්සත්තෙට අමතරව ඇතුලත්වීමේ විභාගේ කියලා එකක් ඔය ජනප්‍රිය පාසල් වල තිබුන එකෙන් කොහොම හරි ඔන්න මාධ්‍යමහා   විද්‍යාලයකට ඇතුලත් උනා කියමුකෝ. ඕකට ගිහින් ඔන්න ටික දවසකින් අපේ පන්තිභාර ටිචර්  කීවේ නැතැ "දැන් ළමයි ඔය ගොල්ලෝ හැමෝම සෞන්දර්ය විෂයට තමන් කැමති දෙයක් තෝරා ගන්න ඕන" කියලා. අනේ ඉතින් කවදා කාපු සුනාමි ටකරන්ද? මම ඉතින් කොයි පැත්තට යන්නද කියලා හිතා ගන්න බැරිව වට පිට බල බල ඉන්නකොට මෙන්න බොලේ මට අලුතෙන් සෙට් වෙච්චි අපතයෝ වැඩි හරියක් සංගීත පංතියට යන්න අත උස්සගෙන ඉන්නවා. මමත් ඉතින් මෙලෝ දෙමළයක් දන්නා එකක්ය. මමත් අත ඉස්සුවා ඔන්න සංගීතය  කොරන්න කියලා.   

දැන් ඉතින් ටික කලක් යනකම්  මෙලෝ මඟුලක් නැ සංගීත පන්තියට යනවා මැඩම් කියන ටික ලියා ගන්නවා එනවා. ඔච්චර තමයි. කොහොම කොහොම හරි ටික ටික ඉහලට එනකොට ඔය පීරියඩ් එකේ බොහොම කළාතුරකින් දවසක තමයි සංගීත කාමරේට යන්නේ. වැඩි හරියක් අපි අපතයෝ ටික පිට්ටනියේ හරි කැන්ටින් එකේ හරි තමයි. අපේ සංගීත මැඩම්ටත්  අපි පන්තියට එන්නේ නැත්තන් ඉතින් කියලවත් කර ගන්න බැරි වැඩක් හින්දා කවදාවත් හොයන්නේ නැ. ඇවිත් ඉන්න එවුන් ටිකට දෙයියනේ කියලා උගන්නනවා. කොහොමින් කොහොමින් හරි ඔන්න අ.පො.ස. (සා.පෙ) අවා කියමුකෝ. දැන් ඉතින් විභාගෙට ලියන්න අහවල් එකය කොහේන්  හරි ඔය කෙල්ලෝ දෙන්නෙක්  තුන්දෙනෙක් ගේ පොත් ටිකක් බලලා එහෙන් මෙහන් ඇහුන ධාධරා,ත්‍රිතාල්, රාග, ආලප. ස්වර ප්‍රස්තාර අරවා මේවා කියන වචන කැලි  ටික   අල්ලාගෙන හිත හදා ගත්තා කොහොම හරි සංගීත පෙපොරේ ලියන්න.

            කොහොමින් කොහොම හරි ඕන බොරුවක් ඇත්ත වගේ ලියන්න පුළුවන් කොමටයි කොපි කිරීමේ විශේෂ දක්ෂතාවයටයි පින් සිද්ද වෙන්න මෙන්න යකෝ සංගීත විෂයට තියන ප්‍රයෝගික පරික්ෂනේට යන්න තරම් ලියපු පේපොරෙන් අපි ඔක්කොම ගොඩ ගිහින්. 

දැන් ඉතින් ඔන්න ටික කාලෙකින් ප්‍රායෝගික පරීක්සනේ. තිබ්බේ කොහෙද කෑගල්ල රංවල කියන තැන තියන රංවල මහා විද්‍යාලේ. එදත් ඉතින් සුපුරුදු විදිහට සියලු කාඩයෝ  ටික කෑගල්ල නගරයට  එකතුවෙලා කරන්න පුළුවන් ඔක්කොම නසරානි වැඩ කරලා ඔන්න යන්තන් උදේ 10 විතර වෙනකොට ඔය කියන තැනට ගියා. 

අප්පට පුතේ මෙන්න මෙතන ඉන්න සෙනග ගොඩ අපේ ඉස්කෝලේ එවුන් විතරක් නෙවේ තව ගොඩක් ඉස්කෝල වල එවුනුත් මෙතැන. අපි ඉතින් ඔය මොනවා කරත් ලජ්ජා භයට හැදිච්චි කොල්ලෝ හින්දා හෙන ලැජ්ජයි මුන් ඔක්කොම ඉස්සරහා සිංදු  කියන්න.  කෙල්ලොත් ඉන්නවා දැන් ඉතින් මොකෝ කරන්නේ.  මුන් ටික  ඔක්කොම ප්‍රැක්ටිකල් දීලා  ඉවර වෙනකන් අපේ එවුන් ටික පොඩි බෝලයක් හොයාගෙන දැන්  පිට්ටනියේ.

 හවස 3 විතර වෙනකොට අනිත් උන් ඔක්කොම ගියා දැන් ඉතිරි අපි සෙට් එක විතරයි. දැන් කට්ටියම ඔන්න ප්‍රැක්ටිකල් ටෙස්ට් එක තියන කාමරේ ළඟ. මේ කාමරේ  කොට බිත්ති බැඳලා උඩට යකඩ  දැල් ගහපු කාමරයක් දැන් ඔන්න විභාග අංකේ  පිලිවලට කට්ටිය සිංදු  කියන්න ඇතුලට යනවා.

ඔන්න එකෙක් ගියා ඉස්සරෝම. පේපර් දෙකක් තියනවා කැමති එකක් තෝරා ගන්න.  ගත්තා  එක පේපර් එකක්. දැන් මෙතැන ඉන්නේ මැඩම්ලා දෙන්නයි, සර්ලා  දෙන්නයි තව අර සරපිනාව වගේ තියන බටන් ටික නැති ශෘති පෙට්ටිය කියන එක වාදනේ කොරන කෙල්ලෙකුයි.   

දැන් ඉතින් මේකේ තියන්  දේවල් මු කොරන්න එපැය. අනිත් එවුන් වටේ එල්ලිලා හිනාවෙවී බලාගෙන ඉන්නවා. කොහොමින් කොහම හරි මු   අපිට වැඩිය ටිකක් හොඳ එකෙක් හින්දා  අරකේ තිබ්බ ඒවගෙන් 2/3 විතර යන්තම් ගොඩ දාගත්තා. දැන් ඊළඟ එකා මුත් ඇතුලට ගිහින් මොන මොනවද  කොරා ඔන්න ඌත්  එලියට. 

දැන් ඉතින් මෙතුමාගේ වාරේ. ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට හිටපු මැඩම්ලගේ    සර්ලගෙ මුනවල් දැන් ඉතින් බෙරි  වෙලා එක දිගට පැය ගණනක් වැඩ කරලාම මහන්සියට. ලේසි කෙලියක්ය ළමයි හාර  පන්සීයකගේ  ප්‍රැක්ටිකල් බලනවා  කියන්නේ.  
ඔන්න ඔවැනි තත්ත්වක් උඩ  තමා මෙතුමා හදිසියේම  ඒ සියලු ගුරුවරුන්ගේත් අනිත් ඉතිරි සිසුවන්ගේත්  ගැලවුම් කාරයා වෙන්නේ. 

ඔන්න සිද්දිය මෙහෙමයි.
මෙතුමා යනවා දැන් ප්‍රැක්ටිකල් දෙන රුම් එකට ඔන්න පුරුදු විදිහටම සර් දෙනවා පේපර් දෙක කැමති එකක් එකක් තෝරා ගන්න. ඔන්න මං තුමා ගත්තා පේපොරයක්.    හි ..හි කියන්න සන්තෝසයි එකේ තියන ඔක්කොම දේවල් එදාම තමා මං ඇහුවෙත්. කෙලින්ම මං  තුමා  කියපි "මම මේකේ තියන මොකුත් දන්නැ  සර් "  කියලා. 
මෙතුමාගේ අවංක කමට පැහැදුනු  එක සර් කෙනෙක් දෙනවා දැන් අනිත් පෙපොර් එක. එකටත් ඉතින් කියන්න සංතොසේ  බැ  2/3 වැඩිය දන්නේ නැත. දැන් ඉතින් මෙතුමා දහර මණ්ඩිය ගොතාගෙන පැදුරේ ඉඳගෙන වටේම සංගීත භාණ්ඩ පිරිවරා මහා සංගීත සමාධියකට සම වැදෙන්න තමා ලෑස්ති.

දැන් අර සර් කෙනෙක් ඉස්සරලම  කියපි "පුතා ත්‍රිතාල් එක දාලා පෙන්නවන්න" කියලා අනේ වාසනාවට මම දන්නෙම ඔය "ත්‍රීතාල්"  එකයි "ධාධරා" කියන එකයි විතරමයි. කිසි කෙස් එකක් නැ දැම්ම තාලේ වැඩේ ගොඩ. 
ඊළඟට අහපි තව මොකක්ද එකක් මං කොහොමෙයි ඉගන ගන්නේ නැතිව ඕවා දන්නේ. 
ඔහොම අර පේපොරේ  තිබ්බ ප්‍රශ්න ගොඩක්  අහලා බැරිම තැන සර් තිබ්බා ප්‍රස්න පත්තරේ අහක. තියලා මෙතුමා වාදනය කරා ස්වර කීපයක් දැන් මගෙන් අහනවා ඒ මොන රාගයද කියලා. 
නැට්ටට කිරි උනන කාලේ අපි දන්නේ ඉතින් එක රාගේ නොවැ. මම ඉතින් ගත් කටටම් කීවා "මන් දන්නේ නැ" කියන ලෝකේ තියන ලේසිම වචන තුන. 
පස්සේ දැන් මේ සර් අහනවා "මේ රාගේ දන්නවද" මගේ උත්තරේ "නැ සර්" "මේ රාගේ දන්නවද" "නැ  සර්". බැරිම තැන සර් කිවා හරි පුතා ඔයා දන්නා කැමති නුර්ති ගීතයක් කියන්න කියලා. 

හෙහ් ..අපි නොදන්න නුර්ති ගී. පටාර් ගාල මෙතුමා පටන් ගත්තා වෙස්සන්තර නාටකයේ එන 
"අද වෙස්සන්තර රාජ පුතා මන්ද්‍රි කුමාරි බඳී - දෙවොපකාර වේවා සැදී සෙත්.. " 
කියන සිංදුව. 

අම්මට සිරි යකෝ මෙන්න අර එලියෙ ඉන්න අපේ ගොබිලෝ ටික යකඩ දැලට තට්ටුවක් දදා සෙට් වෙනවා සිංදුවට. මේක දැක්ක විතරයි අර සර් කීවා "නවත්තන්න... නවත්තන්න  ඔහොම නෙවේ පුතා මේ සංගීත භාන්ඩත් එක්ක ශ්‍රතියට  ඕක ගායනා කරන්න" කියලා. 
දැන් ඉතින් අනිත් ගුරුවරු කට්ටිය වයලීනය, තබ්ලාව, සරපිනාව ගහනවා මෙතුමා ඉතින් ලෙසටම ගායනා කරනවා. ඔං  විනාඩියක් වත් ගියේ නැ  අර සර්  අතින් සංඤා කරලා  කීවා ඔය තබ්ලාව පොඩ්ඩක් නවත්වන්න කියලා. තබ්ලාව නැවතුවා  විතරයි මෙතුමාත් සිංදුව  නැවැත්තුවා. 
"නැ ..නැ  ඔය පුතා දිගටම සින්දුව කියන්න" කියලා කියපි. 
දැන් මෙතුමා ආයෙත් මුල ඉඳන් ගායනා කොරනවා. ඔන්න පේලි දෙක තුනක් කියනකොට සංඤා කොරා වයලීන් එක නවත්තන්න. 
ආයෙත් මෙතුමා සින්දුව නැවැත්තුවා.  
"නැ ..නැ   පුතා දිගටම සින්දුව කියන්න" කියලා අයෙත් කියපි. 
මෙන්න යකෝ ආයෙත් පේලි දෙක තුනක් කියනකොට සරපිනාවත් නැවැත්තුවා. මෙතුමාත් පුරුදු විදහට සිංදුව නැවැත්තුවා. 
දැන් මේ පොර කියනවා. "   නැ ..නැ   මේවා නැවැත්තුවා කියලා පුතා සින්දුව නවත්තන්න එපා  දිගටම සින්දුව කියන්න. මොකද ඔය පුතා කියන තාලෙට කවදාවත් මේ භාණ්ඩ වාදනය කරන්න බැ. ඒ හින්දා ඔයා කැමතිම තාලෙකින් සින්දුව කියලා දාන්න කියලා." 
ඉවරයිනේ........... කලිසම බිම. 

පස්සේ ඔක්කොම නවත්තලා පොර ඇහුවා මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක්.
සර් :- දැන් පුතා O / L පාස් උනොත් A /L වලට මොනවද කරන්නේ.
මං  :- හොඳට පාස් උනොත් නම් ඕන එකක් කරනවා සර් නැත්තන් ඉතින් කොමස් හරි ආර්ට් හරි තමා.
සර් :- පුතා ආර්ට් කරොත් සංගීතය විෂයක් විදිහට කරනවද ?.
මං  :- නැ  සර් 
සර්  :- දැන් මේ අනිත් ඔක්කොම පුතාගේ ක්ලාස් එකේ කට්ටියද ?.
මං  :- ඔවු  සර්.
සර් :- මේ ගොල්ලොත්   ආර්ට් කරොත් සංගීතය විෂයක් විදිහට කරයිද ?.
මං  :- මං  හිතන්නෑ සර්.
සර් :- හරි එහනම් මේ පුතාල ඔක්කොම දැන් ගෙදර යන්න. විභාගේ පාස් වෙන්න ඕන හින්දා හැමෝටම "S " එක ගානේ දෙන්නම්. හැබයි කවුරුත් මතක තියා ගන්න උසස් පෙලට සංගීතය විෂයක් විදිහට නොකරන්න. මොකද අපිට මේ සංගීතය  තව දුරටත් ඉස්කෝල වල උගන්නන්න ඉතිරි වෙන්න ඕන.                  
සියලු පිරිස එක හඬින් "හුරේ ........."

ඔන්න ඔහොමයි මම එදා සියලු දෙනා නිරුපද්‍රිතව සංගීත වගේ ගැඹුරු විෂයකින් ලේසියෙන්  ගොඩදාගෙන අරන් ආවේ. එදා ඉඳන් අද වෙනකන් අපි හැමෝම වෙච්චි පොරොන්දුව අකුරටම රැක්කා. ඉඳලා හිටලා පොඩි ෂොට් එකක් දාපුවාම සින්දුවක් දෙකක් බයිට් එකට ගත්තට කවදාවත් අපි සිංහල සංගීතයට කුරා කුහුඹුවෙක් තරම් වරදක් කරලා නැ  ඔං. 

Thursday, June 13, 2013

ටිකට් නැතිව, වීසා නැතිව රට යන හැටි


සිරා සිද්දියක් මේක. 

වීරේ මාමා වැඩ කලේ මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ උදේම කන සාකුවේ දමා ගන්න මුන්දා රස්සාවට ගියේ හවා හඳ  දකිනවා වගේ. හැබැයි පඩියනම් වෙලාවට හම්බෙනවා දෙයියෝ තමයි දන්නේ ඒ කොහොමද කියලා. මෝනින් ෂොට් එක ඇඳේ ඉඳලම දා ගත්තට පස්සේ උන්දැට මෙලෝ සිහියක් නැ. 


ඔන්න දවසක් ඩයල් එක එනවා අපේ ගේ ළඟ තියන අතුරු පාරෙන් උදේම ගහලා. උදේ කොහේ හරි යන්න ඇවිත් හිටපු කිරි මල්ලි පොරව දැකලා දැන් බයිට් එකට ගන්න ටෝක් කරනවා. විරේ මාමත් කොච්චර බීවත් සංගීතය කාල දානවා මිසක් ආය කුණුහරපයක් වත් කියන්නේ නැති ආතල් ඩයල් එක. ඔන්න කතාව මට ඇහෙනවා මෙහෙම 

ආ ..විරේ මාමේ මොකෝ අද වැඩට යන්නේ නැද්ද ?

නැ බන් කිරි පුතේ අද නිවාඩු දවසක්නේ.

අද කොහෙද නිවාඩු අද සතියේ දවසක්නේ මාමට කොයිල් වගේ උදේම ගහල

අනේ පලයන් යන්ඩ මට හොඳට මතකයි බන්

හා එහෙනම් අද මොකක්ද දවස

අද අගහරුවාදා නේ බන්

හරි එහෙනම් අද මොකක්ද නිවාඩුව

අනේ කිරියෝ තෝ එකවත් දන්නේ නැද්ද අද බන් අර ක්‍රිස්තියානි මිනිස්සුන්ගේ නිවාඩු දවසක්නේ.

මාමාට කොයිල් මේ දෙසැම්බර් නෙවේ.

අනේ බුරුවො තෝ හිතන්නේ ක්‍රිස්තියානි මිනිස්සුන්ට දෙසැම්බර් විතරද නිවාඩු තියෙන්නේ. බුරුවො අද මහ සිකුරාදා good friday.









කැප්ටන් 

ඔන්න එක අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ආමි එකට බැඳුනලු. අයියා කලින්ම ආමි එකට ආවා උනාට අවුරුදු ගානකට පස්සේ කොහොම හරි කෝප්‍රල් මට්ටමට උසස් උනාලු. මල්ලි හොඳට ඉගනගෙන එහෙම කෙලින්ම තරු පන්තියටමලු බැඳුනේ. දැන් මල්ලි ටික කාලෙකින් කැප්ටන් කෙනෙක් උනාලු. ඔය කාලේ අයියා බැඳලා කැම්ප් එක කිට්ටුව ගෙයක් අරන් පවුලත් එක්ක පොඩි කොලු පැටියෙක් එහෙම හදාගෙන ජීවත් උනාලු. මල්ලිත් තැන් තැන්  වල ඉඳලා අන්තිමට මේ අයියා ඉන්න කැම්ප් එකේ දෙවැනි නිලධාරියා වෙලා ආවලු. 

දන්නවනේ ආමි එකේ ඉතින් වයස මොකක් උනත් ඉහල නිලයට ගරු කරන්න ඕනනේ. දැන් ඉතින් මල්ලිට වෙනම ඔපිස් එකක් වාහනයක්  එහෙම දීලා පොර ඉතින් ආතල් එකේ ඉන්නවලු. බැඳලත් නැති හින්දා පොර කන පැලෙන්න බොනවලු.

කොහොම හරි මල්ලි මේ කැම්ප්  එකට ආවට පස්සේ අයියා කීවලු මල්ලිට ගෙදර ඇවිත් නතර වෙන්න කියලා. පොර ඉතින් අකැමති උනත් අයියගේ හිත රිදෙයි කියලා දැන් අයියලාගේ ගෙදරම නතර උනාලු. හැබැයි පොර ඩියුටි ශීට් එක හදනකොට හදන්නේ පොර කැම්ප් එකේ ඉන්න කොට අයියා ගෙදර ඉන්නත් පොර ගෙදර ඉන්නකොට අයියා කැම්ප් එකේ ඉන්නත් වෙන විදිහටලු. (ශික් ...යකෝ වනචර විදිහට හිතන්න එපා )

නැ .. නැ මෙතන සීන් එක වෙනස්. පොර ඉතින් අයියගේ ගැනිට තමන්ගේ අක්කට වගේලු සලකන්නේ. පොර කුණු වෙන්න බොන හින්දා අයියා ගෙදර නැති වෙලාවට ටැප් වෙන්න ගහලා ගෙදර  එන්න ඕන හින්දලු  අර විදිහට ඩියුටි සෙට් කරන්නේ. මොනවා උනත්
 පොරට ඉගන ගන්න එහෙම වියදම් කලේ අයියා හින්දා පොර අයියට හෙන භක්තියලු. කාලයක් ඔහොම යනකොට දවසක් අයියට අයියගේ ගැනී කියනවලු 


මේ ඔයාලගේ මල්ලිට ඉක්මනට කසාදයක් වත් කරලා දෙන්න. මම මේ කියන්න හිටියේ මිනිහා හැමදාම කරටි කැඩෙන්න ගහලා ගෙදර එන්නේ මම කිවා කිවා අහන්නේ නැ. ඔවා නතර වෙයි මිනිහා බැන්දොත් කියලා.

අයියට හෙන මළලු. ගැනිටත් බැනලා මොකද මෙච්චර දවසක් කීවේ නැත්තේ කියලා. එදත් හවස ඩියුටි ගියාලු දැන් හවස මල්ලි ඩියුටි ඔෆ් වෙන වෙලාවට ටිකකට කලින් මල්ලිගේ ඔෆිස් එක ලඟට ගිහින් 


"මේ අයි කමින් සර් ...." කියලා ඇහුවලු. මල්ලි ටක් ගාලා "කමින් කමින් " කිවලු. ඇතුලට යනකොට මල්ලිගේ බඩීයයි තව ක්ලාර්ක් කෙල්ලෙකුයි ඉන්නවලු.

කාමරේට ගිය ගමන් අඩිය පොලවේ ගහලා සැලුට් එකක් එහෙම ගහලා.

"ගුඩ් ඊවිනින්ග් සර්"

අද එහෙම හවස ක්ලබ් ගානේ ගිහින් කරටි කැඩෙන්න ගහලා ගෙදර එහෙම ගියොත් කකුල් දෙකෙන් අල්ලලා ගහනවා කැ*යා පොලවේ.

කෝපල් තෝ මු අද ගෙදර ගිහින් දාන්නැතිව  ක්ලබ් එහෙම එක්ක ගියොත් තොටත් හු* වනවා හු**** පුතා."

කියලා සීරුවෙන් ඉඳලා කියලා ආයෙත් අඩිය පොළොවේ ගහලා සැලුට් කරලා ගියාලු හැරිලා 






ටිකට් නැතිව වීසා නැතිව රට යන හැටි 


ඔන්න දවසක් මුල්ලේරියාවේ පොරක් දොස්තර මහත්තයා ලඟට ගිහින් අහනවලු 

"ඇ මහත්තයෝ ඇත්තද මේ ලෝකේ කැරකෙනවා කියන්නේ කියලා"


දොස්තරටත් මුන් එක්කම ඉඳලා පොඩ්ඩක් විතර අවුල් ලු. ඒ හින්දා දොස්තර මුව කාමරේට එක්ක ගිහින් ලෝක ගෝලයක් එහෙම පෙන්නලා ලෝකේ කැරකෙන විදිහ විස්තර කරාලු. 


පහුවදා දොස්තර එනකොට අර ඩයල් එක ඉස්පිරිතාලේ පිට්ටනියට වෙලා උඩ  පැන පැන ඉන්නවලු. දොස්තර ඇහුවලු පොරගෙන්
"ආ පුතා මොකද අද උදේම ව්‍යායාම කරනවා වගේ " කියලා එතකොට පොර කියනවලු 


"අනේ නැ මහත්තයෝ මම මේ අප්‍රිකාවට  යන්න "





ඇයි අවුල්ද



 මේ ටික සැරින් සැරේ https://www.facebook.com/groups/hilariousstories එකට ලියපුවා. මට හිතුනා මෙතනත් දාන්න.   






Sunday, May 26, 2013

මගේ හරක් මස් කෑමේ අයිතිය තහවුරු කරනු !

වෙසක් දවසට පස්සේ දවසේ මෙහෙම ලියන්න වෙන්නේ මගේම කරුමෙකටද නැත්තන් අවාසනාවකටද කියලා හිතා ගන්න බැරි උනත් මට හිතෙන හැටි  ලියන්නම ඕන. අද දවසම කරේ සිවුරක් දාගත්ත මෝඩයෙකුගේ  සිද්දියක් ගැන විස්තර කියවපු එකත් කොමෙන්ට් කරපු එකත්.  ඒ කරපු වැඩේට පක්ෂව විපක්ෂව දාල තිබ්බ අදහස් කියවනකොට මට හිතුනේ ඇත්තටම ලංකාව ගැන මම හිතාගෙන හිටිය චිත්‍රය මොන තරම් වැරදිද කියලා.

බුද්ධාගම, හින්දු ,මුස්ලිම් කතෝලික තව දන්නා නොදන්නා ඔක්කොම මික්ස් කරලා පත අට එක පතට හින්දා පෙරා දෙන මේ කසාය ගැහුවනම් ආය මේ ආත්මයේම නිවන් හරි ,ස්වර්ගයට හරි මොක්ෂයට හරි කොහෙට හරි යන්න තිබ්බා හිටගෙන තනි කකුලෙන්. මෙහෙමත් මිනිස්සු ඉන්න රටක් මේ තත්වයෙන් තියනවා කියලා දකින කොට අනේ අම්මපා බෝම්බයක් බැඳන් ගිහින් පනින හිතෙනවා පෙන්ටගනෙට හරි ධවල මන්දිරේට හරි ( මං  කැමති පාට සුදු පාට නෙවේ හින්දයි දියවන්නාව , අරලිය ගස් තියන ගේදර කියලා ලීවේ නැත්තේ ).

මෙතැනදී මට ලියන්න මොනවත් ඉතිරිවෙලා නැ හැමෝම ලියලා තිබුන නිසා අපුරුවට ආය  මම අහවල් එකක් ලියන්නද? ඒවා හැම එකක්ම කියවූවා විතරක් නෙවේ පුළු පුළුවන් විදිහට කොමෙන්ට් කරලත් ආවා. එත් ඉතින් මටත් ඔය කොච්චර කරත් හිල පොඩ්ඩක් ලොකු කරගත්තේ නැත්තන් නින්ද යන්නැති හින්දා ඕන්  මෙතනත් ලියලා දානවා. ඊට කලින් මෙන්න අද මගේ හිත ගත්ත පොස්ට් කීපයක් කියවපු නැති අයට  කියවන්න

රාජ්ගේ නවාතැන    ඉන්ද්‍රසාර ගිනි සහ ස්වර්ණවාහිනී 

w3ලංකා   හාමුදුරුවන්ගේ ගිනි තබා ගැනීම හා ස්වර්ණවාහිනිය රට ගිනි තැබීම

තහනම් වචනය අහෝ ඉන්දසාර හිමියනි! | The monk who burnt himself

සමකය වටේ ගව ඝාතනය නතරකරන ලෙස ඉල්ලා දළදා මැදුර අබියස දී හිමි නම සිරුරට ගිනි තියාගනි

මේ කිසිම ලිපියක් සමග මට ඇති ප්‍රශ්නයක් නැත නමුත් මේවාට දමා තිබු කොමෙන්ට් ගැන නම් ප්‍රශ්න ගොඩක් ඇති වූ නිසාමයි  මෙහෙම ලියන්න හිතුනේ. සමහර කොමෙන්ට් බොහොම ශිෂ්ටවත් සමහර කොමෙන්ට් බොහොම අශිෂ්ට විදිහටත් දාලා තිබුනේ තමාගේ මතය නිවැරදිම මතය කියලා තර්ක කරන්න. මට ඒ එක මඟුලකින්වත් වැඩක් නැත හාමුදුරුනමක් බැරිනම් පාදිලි කෙනෙක් ලෙබ්බේ කෙනෙක් පුසාරි කෙනෙක් ගිනිතියා ගත්තත් මට මොකෝ.  දැන් එතකොට අහයි එහෙනම් අහවල් මන්ගුලකටද යකෝ මේ පොස්ට් එකක් දාන්නේ කියලා. නෑ ..නැ  මේ මඟුල් ගිනි තියා  ගැනිල්ලත් එක්ක මටත්  ලොකු ප්‍රශ්නයක් තියනවා.    


ඒ තමයි ආගමික කරුණු කාරනා කෙසේ වෙතත් මස් කන්න කැමති සහ මස් කන්න අකැමති අය කියන මාතෘකා දෙක හින්දා ඇති වෙන ප්‍රශ්නය.  මොකද මම එකෙන්ම ඔය මස් කන්න කැමති කියන ගොඩට වැටෙන නිසා  මේක මට ලොකු ප්‍රශ්නයක්. බැලුවා බැලුවා හැම තැනම මොකෙක්වත් මේ ගැන කතා කරන්නේ නැති හින්දා ඔන්න මම තනියම සටනේ.


මම මට තේරෙන කාලේ ඉඳන් එක එක  ජාති වල යාළුවො ආශ්‍රය කළා. අපි ලෝකය මවපු එකක් ලෝකය ඉබේ හැදුනු දෙයක්  කියන මත දෙක වෙනුවෙන් කෙස් පැලෙන තර්ක කරා මරා ගත්තා එත් කවදාවත් හිතේ තරහක් තියා ගත්තේ නැ හැමදේම  එතනින් ඉවර කරලා එකට ප්ලේන්ටියයි බටෙකුයි ගහල විසිරිලා ගියා. කොහොම උනත් මම අදටත් ලෝකය කාගෙවත් මැවීමක් කියන එක පිළිගන්නේ නැ. ඒ හින්දා මේ තියන දේවල් වලට  අයිතිකාරයෙක් පාලකයෙක් කොහේ හරි අපිට පෙන්නේ නැති තැනකට වෙලා බලාගෙන ඉන්නවා කියන එක මට අදාළ දෙයක් නෙවේ.

ඒ වගේම කියන්න ඕන මගේ පොඩි කාලේ ඉඳන් මම සාමාන්‍යන්  මස් මාළු  ආහාරයට ගත්තා. ඒ වගේම මට කවදාවත් කිසිම මස් මාළුවක් නිසා වත් වෙනත් කෑමක් නිසා වත්  කිසිම ඇලජික් එකක් තිබුනේ නැ. දරුවන්ට තියන ආදරේ නිසාම  අපිව උස්මහත් කරන්න පුළු පුළුවන් හැම වෙලාවකම මස් මාළු පලතුරු වගේ දේවල් අපේ තාත්ත අපිට ගෙනත් දුන්න. ඒ හින්දමද මන්දා ප්‍රදාන ආහාර වෙල් වලට මොනවා හරි මසක් මාළුවක් ගන්න  එක පුරුද්දක් හැටියට අදත් මට තියෙන්නේ. මගේ මේ තොරා  බේරා ආහාර නොගැනීමේ පුරුද්ද හින්දා ගොඩක් අවස්ථාවල මගේ සමහර යාළුවො අපහසුතාවයට පත් වෙන තැන්  වලදීත් මට කිසි අපහසුවක් නැතිව ඉන්න පුළුවන් උනා වගේම මට බඩගින්නේ ඉන්න උනේ නැ. කොටින්ම මම කන විදිහට උයලා පිහලා දෙනවනම් මම ඕවගේ වන්සයක් වර්ගයක් හොයන්නේ නැ. මිනිස්සු කන මට හානියක් නොවෙන ඕන දෙයක් මමත් කනවා. 

එත් යකෝ මෙන්න මට මගේ ගැනවත් නොතිබුන ප්‍රශ්නයක් මේ මස් කන්නේ නැති එවුන් හදලා. ඒ විතරක් නෙවේ එක සභාසම්මත කරන්න තර්ක විතර්ක ඕන තරම්. ඔය ඉහල තියන පොස්ට් වල කොමෙන්ට් බැලුවනම් තේරෙයි මොනතරම් නම් ට්‍රයි එකක් දෙනවද කියලා.

මම කියන්නේ නැ  නිර්මාංශවාදීන්ට   අයිතියක් නැ  කියලා තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න. මට මස් මාංස  කන්න   තියන අයිතියම තව කෙනෙකුට එක නොකා ඉන්න තියෙනවා.

 එහෙනම් මොන මඟුලක්ද?.

මඟුල තමයි  අර ගිනි තියා ගත්ත හරකා වගේ  බලහත් කාරෙන් තර්ජනාත්මකව තමන්ගේ මතය සමාජ ගත කරන්න හදන එක. ඒක  තමයි මට තියන ප්‍රශ්නය. ඔය වගේම එකෙක් කොළඹට ආසන්නයේ සියලු මස් වෙලඳ  සැලවල් වල ගව මස් වෙළඳාම තහනම් කරා කියලා ආරංචි තිබ්බ. ඇත්තද බොරුද දැනගන්න හම්බුනේ නැ.  නමුත් මට තියෙන ප්‍රශ්නේ එහෙම කරන්නේ කොහොමද මිනිසුන්ගේ සිතුම් පැතුම් ආශාවන් උන්ගේ අම්මගේ අප්පාගේ බුදලේ වගේ ඕන ඕන විදහට වෙනස් කරන්න පුලුවන්ද ?.

 මෙතැනදී මට ආගමික කාරනා වැඩක් නැ. මොකද මම ඉපදුනේ ආගමක් එක්ක නෙවේ අනික මම දැනට අදහන ආගමත් මම හොයා ගත්ත, මට ඕනවට ගත්ත දෙයක් නෙවේ.  දෙමවුපියන්ගේන් ලැබුන අනිත් දේවල් වගේම එකත් මම පිලිගන්නවා මට පුළුවන් තරමින් ආරක්ෂා කරනවා. පරම්පරවෙන් ලැබුනා කියලා මට පිළිගන්න බැරි දෙයක් නම් මම එක   උස්සගෙන ඉන්න යන්නේ නැ. ලෝකෙටම වැරදි උනත් මගේ හිතට හරි කියනදේ කරන්න හැම වෙලාවේම මම උත්සාහා ගන්නවා. හලාල් ප්‍රශ්නෙදි හලාල් අනවශ්‍යයි කියන මතය වෙනුවෙන් මම පෙනී හිටියා.  මට තිබ්බ ප්‍රශ්නේ ජාති, ආගම්   හෝ වෙන මඟුලක් නෙවේ.  හලාල් සඳහා මිලක් ගෙවන්න වීමත් යම්කිසි ආගමානුකුල ක්‍රියාවකට යටත් කර තිබීමත් කියන දෙක විතරයි.  උගේ ආගම උට මගේ ආගම මට කාගේවත් ආගමික කරුණු කාරනා මගේ පිට බලෙන් පටවන්න යන එක මට ප්‍රශ්නයක්.

මේ කාරනේදී වෙන්නෙත් එකම තමයි. හරක් මරණ එකත්  මස් කන එකත්  තහනම් කරන්න කියලා ඉල්ලනේ මොන පදනමකින්ද කියලා මට හිතා ගන්න බැ. සමහරක් කියනවා ජාතියේ කිරි අම්ම බේරා ගමු කියලා. ඔවු ඉතින් නෑදෑයන් වෙනුවෙන් පෙනී ඉන්න ඒ ය ගැන නම් මටත් වරදක් කියන්න බැ. හැබැයි හරක් කියන්නේ මගේ නෑයෝ නම් නෙවේ. ඒ හින්දා අනිත් කොයි මසත් වගේ හරක් මසුත් මම කනවා. තවත් සමහරුන්ගේ තර්ක අහපුවා මට හිතා ගන්න බැරි අඩන්නද හිනා වෙන්නද කියලා. හිනා වෙනවනම් කොයි පැත්තෙන්ද කියලා. ඒ තමයි මස් කනවාට විරුද්ද නැ හැබැයි සත්තු මරනවාට විරුද්දයි. මට දන්නා කෙනෙක් පුලුවන්නම් කියලා දෙන්න මරන්නේ නැතිව මස් කන්න පුළුවන් විදිහක්.   


සමහර විට මෙහෙම වෙන්න ඇති 

මට  අහන්න තියෙන්නේ ඇයි ඔහේලාගේ මහා සත්ව කරුණාව අනිත් සත්තු ගැන නැත්තේ කියලා. 100% ශාක ආහාර විතරක් කන්න කාටවත් පුළුවන් කියලා මටනම් හිතා ගන්නවත් බැ. කොච්චර කැ  ගැහුවත්   ඇත්ත එක තමයි. මොකෝ ඔහෙලා හිතාගෙන ඉන්නේ  එහෙමයි කියලද?. කේක් ,වටලප්පන්,ජෙලි වගේ කෑම  වලත් සත්ව කොටස් නැ  කියලද හිතාගෙනද ඉන්නේ. ඒ තියා ඔහෙලා කඩේට ගිහින් මස් කැලි  කන්නේ නැතිව පරිප්පු හොද්දට කලවන් කරලා කන මස් හොද්ද. ඇයි  එත් එක්ක කන ආප්පේ එකෙත් බිත්තර තියෙන්නේ. නැ ..නැ  බිත්තර ආප්ප නෙවේ ආප්පේ කබලේ ඇලවෙනවට  පිටි වලට මික්ස්  කරන බිත්තර දෙක. තව ගෙදර කොකිස් බදිනකොට  පහසුවෙන් ගැලවෙන්න දාන බිත්තරේ.

දැන් ඉතින් හරකුන්ගේ නායකයා වෙච්චි හරක් නාම්බා මල හින්දා. ඒ තනතුරට වෙනත් එකෙක් පත් කරගන්න හරක් අතරේ චන්දයක් තියන්න තියෙන්නේ. සමහරු කරන තර්කය තමයි මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියනවා කියන එක. ඉතින් දෙයියනේ ඔය මස් කන කොයි එකාද කිවේ එහෙම නැ  කියලා. ඒ හින්දා තමයි සත්තු ඇති කරලා මරාගෙන කන්නේ නැතිව දකින දකින වෙලාවට කැලෙට පැනලා සත්තු දඩයම් කරන්නේ නැ  නොව.  තව සමහරු  කියන්නේ  සතුන්ට අදික වේදනාවක් දැනෙනවාලු මරණ කොට. ඔවු ඉතින් එක එහෙම  තමයි  හැබයි මම ගාව ඕකට හොඳ යෝජනාවක් තියනවා ඔය වේදනාව වැඩි වෙන්න එක හේතුවක් වෙන්නේ උන් මරණ ක්‍රමය හින්දා ඒ ක්‍රමයට නැතිව ඉක්මන් වේදනාව අඩු ක්‍රමයක් යොදා ගන්න ඕන. ලංකාවේ ගව  ගාතන කරන වැඩි දෙනෙක් මම හිතන්නේ මුස්ලිම් ජාතිකයින්   ඒ හින්දා එක්වරම බෙල්ල කැපීම වගේ ක්‍රම පාවිච්චි කරන්න ටිකක් ප්‍රයෝගික ගැටළු ඇති වෙයි.   
        

දැන් ඉතින් කට්ටිය රෙදි ගලවලා කතා කරයි හාමුදුරු කෙනෙකුට  අපහාස කරමින් කතා කරා කියලා. මටනම් සිවුරක් ඇඳන් ඉන්න හැමෝම හාමුදුරුවෝ නෙවෙයි. හාමුදුරු නමක් වෙන්න සිවුර ඇතිව හෝ නැතිව ඊට වඩා ගොඩක් දේවල් සම්පුර්ණ කරපු කෙනෙක් වෙන්න ඕන.  සාමාන්‍ය මිනිස්සු  කරන හැමදේම කරමින්  (සමහර විට ඊටත් අන්ත ලෙස) සිවුරක් ඇඳන් හිටිය පලියට මටනම් හාමුදුරු කෙනෙක් නෙවේ. අපි දුක්මහන්සියෙන් හම්බ කරන දෙයින් සිවුපසය ලබා දීලා වන්දනාමාන කරන්නේ අන්න ඒ උතුම් ගුණධර්ම  දරාගෙන ඉන්න කෙනෙක්ටය කියන දේ අපේ හිතට දැනෙන්නේ නැත්නම් උට මොන කෙහෙල් මලකට පුජකයෙක් කියලා කියන්නද ?. ධර්ම රාජ්‍ය  බිහි කරන්නවත් බෙදුම් වාදය පෝෂණය කරන්නවත් වෙන වෙන මඟුල් වලටවත් නෙවේ මේ පුජාවන්  කරන්නේ තමනුත් සසරින් ගැලවිලා අනිත් සත්වයන්ටත් එයින් ගැලවෙන්න දරන උත්සාහයට. 

හරි .. දැන් ඉතින් ඕන කෙනෙකුට කියන්න පුළුවන් මු සිංහල නෙවේ අවජාතක පරයෙක් අරකෙක්  මෙකෙක් ඕන මඟුලක් කීවට මයේ මොකෝ. ඔය කියන එවුන්ට මට කියන්න තියෙන්නේ මෙච්චරයි 

"මහත්වරුණේ    කරුණා කරලා බලහත්කාරකම් කරන්න එපා. ඔහෙට මස් නොකා ඉන්න තියන අයිතියම මට මස් කන්නත් තියනවා. මමත් රජයට බදු ගෙවන පුරවැසියෙක්. මම කන්නේ බොන්නේ රජයෙන් අනුමත සමාජ සම්මත දේවල්. දැනට තියන සම්මතේ මොනවා හරි ප්‍රශනයක් නම් කඩු, පොලු, බෝම්බ, පැට්‍රල් අතට ගන්නේ නැතිව මතවාදයකින් අවශ්‍ය වෙනස්කම කරගන්න. එදාට මමත් හිස නමලා ඒ දේවල් පිලි ගන්නම්. එතෙක් සතෙක් වෙන්නැතිව ජීවත් වෙන්න බලන්න "       

"මනුසත් බව දුර්ලබයි, ධර්මය ඇති කාලයක ඉපදීම ඊටත් වඩා දුර්ලබයි. නොපමාව කුසල් රැස් කර ගන්න"    බුදුන් වහන්සේ 




ප.ලි .
මං වගේ මස් මාංස  ආහාරයට ගන්න සාමානය මිනිස්සුන්ට මෙන්න තියනවා හරක් මස් වලින් සෑදිය හැකි රසවත් කෑමක්. ඔන්න ලින්ක් එක දැම්ම යන්න, බලන්න, හදලා කන්න, රස විඳින්න. ඒ වගේම ගංජා, අරක්කු  වගේ දේවල් වෙනුවෙන් බය නැතිව පෙනී ඉන්න බ්ලොග් ලෝකයට  ඔන්න මගෙන් මස්.    

http://kamubomu.blogspot.com/2010/12/blog-post.html

Monday, May 20, 2013

දත් කඩන යන්තරේ

අ.පො.ස  සාපෙ ඉවර වෙලා ගෙදර ඉන්න  කාලේ මහ එපා කරපු කාලයක්. මුල් දවස් ටිකේ නම් ට්‍රිප් ද අරවද මේවද ගමන් කෝටියයි. එත් මාසයක් විතර යනකොට ගෙදරින් ලැබෙන සහනාධාර කප්පාදු  වෙලා අලුත් චක්‍රලේඛ ඇවිත් තනිකර පුද්ගලික ආයතනයක පියන් කෙනෙක් ගානට වැටෙනවා. ඔන්න ඔය වෙලාවට තමයි ජොබක් කරන අයියලා අක්කලා ඉන්නවනම් පිහිටට එන වෙලාව. අවාසනාවට  ගෙදරම අයියා මම වෙච්චි කොට මොකා ඉතින් මට පිහිට වෙන්නද?.   

එහෙම කීවට මොකද මට අයියලා අක්කලා හැත්ත බුරුත්තක්ම ඉන්නවා. එක කුස ඉපදුනේ නැතත් ලොකු අම්මගේ දරුවෝ ඔක්කොම මගේ අයියලා අක්කලා තමයි. පොඩි කාලේ ඉඳන්ම අපි එකට හැදුනේ වැඩුනේ ඒ හින්දා අපි අතරේ තිබ්බේ එක බඩවැල කඩන ආපු සහෝදර කමක්. කවදාවත් අයියලා අක්කලා නැති පාඩුව දැනුනේම නැ.

    මේ කියන සිද්දිය වෙනකොට  ඔන්න අපේ ලොකු අක්ක ඒ කියන්නේ අම්මගේ අක්කගේ ලොකුම කෙල්ල කොළඹ රස්සාවක් කරමින් ඉඳලා එහෙදීම හොයාගත්ත එකෙක් කසාද බැඳපු අලුත. ඒ මස්සිනාත් ඉතින් එළකිරි ඩයල් එකක් අදටත් උ පිටින් අපේ පවුලට බැඳිච්චි  එකෙක් කියලා  හිතන්නවත් බැ. හරියට එකා උපන් දවසේ ඉඳන් අපිත් එක්ක හිටියා වගේ.

මගේ මෝඩකම්, මරිකම්, අමනකම්, මෝල්කම් වල උපරිම කාලේ තමයි ඔය. දන්නවනේ O /L  කාලේ කියන්නේ ග්‍රහ අපල ඔක්කොම බලපාන කාලේ කියලා. කොහොම හරි මගේම අවාසනාවට ඔය වෙනකොට රට ගිහින් හිටිය අපේ තාත්තා නිවාඩු ඇවිත් හිට්යේ. දැන් ඉතින් කාල වරෙන්කො. උදේ ඉඳන් එයාගේ වැඩ වලට කඩේ යන එකයි එයාගේ පහිතිකාර කරන එකයි මට එපා වෙලා තිබුනේ. මොනවා කරන්නද නයා මැරිචිචි අහුකුන්ථිකයා වගේ මමත් ඉතින් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා.

ඔන්න ඔහොම ඉන්නකොට තමයි දෙයියෙක් වගේ අපේ අලුත් මස්සින වැඩියේ අපේ ගෙදරට. පොරයි අක්කයි බැඳලා කිරිබත්ගොඩ පදිංචි වෙලා හිටියට පොරගේ මහගෙවල් තියෙන්නේ මැදිරිගිරියේ. මහ ගෙදර පිරිතක් තියනවා කියලා පොර ආවේ එහෙ යන්න. අක්කා ඒ දවස්වල බඩින් හින්දා එක්ක යන්න බැරි නිසා අපේ ගෙදර නවත්තලා පොර එහෙ යන්න ලෑස්ති. මමත් ඉතින් ගෙදරින් මාරු වෙන්නේ කොයි වෙළෙද කියලා බලාගෙන ඉන්න එකේ ටක් ගාලා ස්වේච්චාවෙන්ම ඉදිරිපත් උනා පොරගේ අතවැසියා ලෙස ගමනට එක් වෙන්න.

                          තාත්තා නම් කිවේ  "බණ්ඩාර පුතේ ඕකා එක්ක ගිහින් උඹට උඹේ වැඩක් වත් කරගන්න නැති වෙනවා. ඔයිට වැඩිය හොඳයි අන්න අර සිරිසේන ගුරාට කියලා පිල්ලියක්  බන්දගනින්" කියලා.

          අම්මා කෙලින්ම කැමැත්ත දුන්නා මොකද මේ නිවාඩු කාලේ තමයි අම්මට වැසිකිලි යන්නවත් කුස්සියෙන් එලියට එන්න බැරිව තිබ්බ කාලේ. මල්ලිනම් ඒ දවස් වල හාල්මැස්ස වගේ හින්දා උට කෑම බීම ගානක් නැ. තාත්තාටත් පාන් තියනවනම් තුන්වේලම හරි කයි. මට ඉතින් බත්,ඉඳිආප්ප   වගේ දේවල් නැතිව බැ. අනික ඉතින් දන්නවනේ කෑම. ( ඒ දවස් වල අම්ම බත් මුට්ටිය හෝදන්නේ පිට මිනිස්සුන්ට පෙන්නේ නැති වෙන්න මොකද එක දවසක් සාන්ති නැන්දා  බත් මුට්ටිය දැකලා ඇහුවලු නැයෝ කට්ටියක් වත් ගෙදර ආවද කියලා )    තාත්තා උනත් පාන් පෙති 3යි කන්නේ. මං  කීවේ  පාන්ගෙඩිය පෙති දෙකට කපලා.

හැබයි අම්මා චක්‍රලේඛයට අලුත් වගන්ති වගයක් එකතු කරා. බණ්ඩාර අයියා නැතිව වත්තේ හතර මායිමෙන් පිට යාම තහනම්, වැවු වල ඔරු පැදීම්, නෑම,....,......බ්ලා ,බ්ලා  තහනම් ආදී ලෙස. කොහොම හරි ඔය නීති ටික පරිස්සං  කරනවට වැඩිය ලෙසියි මහන වෙලා කෝටියක් සංවර සීලය ආරක්ෂා කරන එක.

ඔන්න ඉතින් දෙන්න හවස 5 ට 6 ට  විතර බණ්ඩාර අයියගේ ජීප් එකේ ගමන ආරම්භ  කරා දැන් ඉතින් යනවා යනවා එපා වෙන ගමන පැය 5ක් විතර යන්න එපාය. දැන් වගේ පාරවල් කාපට් කරලය. අලි ඉන්න කැලේ මැදින් ගමන. දෙන්න කොහොම හරි ටික දුරක් ගිහින් රැට  කන්න කියලා නතර කළා පොඩි   ටවුන් එකක. දැන් දෙන්නා කන්න කලින් පොඩ්ඩක් අනුමත  වෙන්න ලෑස්ති. " මල්ලි උඹ බොනවද ?" මම ඉතින් හි ..හි.. ගෑවට  වැඩි දෙයක් කරේ නැ. පොර ඔන්න ළඟ බාර් එකකින් බ්‍රැන්ඩි භාගයයි බියර් එකයි ගෙනාවා. දැන් දෙන්න ඕකත් අරන් චයිනීස් රෙස්ටෝරන්ට් කියලා ගහලා තිබ්බ එකකට රිංගුවා.  (රජයේ මත්ද්‍රවය ප්‍රතිපත්තිය අනුව මෙම කොටස ඉවත් කර ඇත )     
        
මද පවනේ දෙන්න දැන් ඉතින් යනවා ගමනාන්තය දක්වා ඔං. බණ්ඩාර අයියලාගේ ගෙදරට  යද්දී  මහා රැ. ගෙදර ඔක්කොම නිදි. අපිත් ගිය ගමන් ආය මුන කට වත් හේදුවේ නැ  කෙලින්ම බයියම්මා කීවා.

පහුවදා මම නැගිටිනකොට උදේ 10 විතර වෙලා තව දවස් දෙකකින් තියන පින්කමට කට්ටියම එක සීරුවට වැඩ. මමත් ඉතින් පුළුවන් පුළුවන් වැඩ කරලා දුන්නා. නොදන්නා මඟුල් වලට අත දාන්න ගියේ නැ. නිකන් මොකටද අර ඉරුම් පට්ටලේට  නැග්ග වඳුරා වගේ වෙන්නේ. හරියටම දන්නා දේ තමයි ඇද කුද හෙවිල්ල. එක තිතටම කරලා දුන්නා.

ඔන්න වැඩ ටික ඉවර කරලා හවස අපි දෙන්නම් වත්ත පහළ තියන ඇනිකට් එකෙන් නාලා එහෙම අවා ගෙදර. ඇවිත් තේ එකක් එහෙම බීලා වටේ ඉන්න පොඩි එවුන් දෙන්න තුන්දෙනෙක් සෙට් කරගෙන අලි කරන වැඩේ කරා. ඔවු යකෝ ...අලි කරන්නේ කොට කෑලි තල්ලු කරන එක අන්න එක. මම ඉතින් අලියා වගේ උනාට මට පෙන්නම බැරි සෙල්ලමක් තමා ඕක. කවදාවත් එක පාරින් ඔය හිලකට ඔය කොට කාලක් දා ගන්න බැරි හින්දා ඔය මඟුල් සෙල්ලම පටන් ගත්ත ගමන් වන්නේ මට යකා නගින එක. එදා ඉතින් කරන්න දෙයක් නැති හින්දා කරන්න ගත්තා මිසක්. කොහොම හරි පැය දෙකක් විතර පොඩි එවුන් ඉස්සරා නොන්ඩි වේවි ඉන්නකොට බණ්ඩාර අයියා කතා කළා මල ගෙදරක් තියනවා ළඟ පාත ගෙදරක එහෙ යන කියල. පොඩි එවුන් ඉස්සරහා රෙද්දේ රෙවිලා හිටිය මම ටක් ගාල නැගිටලා ගියා.    

අම්මේ.... ළඟ පාත කීවට මේ පැත්තේ දුර මනින්නේ රබර් හැතැම්ම වලින් හින්දා පැය බාගයක් විතර පයින් ගිහින් ඔන්න මල ගෙදරට ගියා. කෙලින්ම ගියපු ගමන් ගේ ඇතුලට ගිහින් මිනිය බලලා එතැනින්ම ගියා තේ දෙන තැනට. පොර නම් ඉතින් දකින දකින කෙනත් එක්ක කතාව "නැන්දේ"  කියයි "මාමේ" කියයි "අයියේ" කියයි, "නංගියේ" කියයි   මම ඉතින් මොනවා කියන්නද මල ගෙදර කියලා බලන්නේ නැතිව දත් 32ම එළියේ දාල විරිත්තපු එක තමයි ඉතින්.
                                කොහොම හරි තේ බීලා  එලියට ඇවිත් මම කෙලින්ම ගියේ විට තට්ටුව තියන තැනට          
විටක් කටේ ඔබාගෙන අනිත් පැත්ත හැරෙනකොටම මෙන්න බණ්ඩාර අයියා මට වැඩිය ටිකක් වැඩිමල් කොල්ලෙක්ගේ අතින් අල්ලාගෙන මට අඳුන්නලා දුන්න එයාගේ නැඟී බන්දලා ඉන්න කෙනාගේ මල්ලි කියලා පොරක්. පොරත් ඉතින් හිනා උනා මමත් හිනා උනා එතකොටම මට මීටර් උනා යකො මගේ ඉස්සරහා පොල්දතක් කැඩිලා වගේම මුගේත් දතක් කැඩීලානේ කියලා.

මගේ ඔය ඉස්සරහා උඩ ඇන්දේ තියන මහා විසාල දත් දෙකෙන් එකක් මගේ කිරි දත් වැටිලා අලුත් දත් ආපු දවස්වලම මගේ නොසන්ඩාල වැඩ හින්දා කඩා ගත්තා නොවැ  අම්මගෙන් ගුටිත් කැවා  ඕකට. ඒ දවස්වල පොඩි එකා හින්දා ගානක් නැති උනාට ලොකු උනාට පස්සේ විරිත්තලා හිනා වෙන එකත් අඩු කරන්න උනා මද සිනාවකට ඔය දත දුඹුරු පාට වෙලා සවුත්තු වෙච්චි හින්දා. දැන් නම් එක හදලා තියෙන්නේ එත් ඉතින් එක පුරුද්දකට ගිහින් හිනා වෙන එක අඩු හින්දා ගොඩක් අය හිතන්නේ මම මහා නපුරු ඩයල් එකක් කියලා.    

ඔහොම කොහොම හරි ඉතින් වට පිටේ ඇවිදලා කාර්ඩ් අතක් වත් ගහන්න සෙට් වෙන්න බලනකොට ගමේ කොල්ලෝ මනුස්ස කමට මට හිනා වෙනවා (හිනා වෙනවට වැඩිය එක කිට්ටු විරිත්තන එකට). ටිකක් අධ්‍යාපන අඩු අහිංසක මිනිස්සු හින්දා පොඩි නොන්ජල් හිනාවක් තමයි.
                          යකෝ මුන් නිකන් මට ඔලොක්කුවට හිනා වෙනවා වගේ  හිනා වෙන එකෙක් ඇත්තන් උගේ ඉස්සරහා  දත මගේ වගේම බාගයයි එක්කෝ සංපූර්නයෙන්ම නැ. මට නිකන් කොයිල් වගේ මේක. මට හිතෙනවා යකො හැමදාම බීල නනත්තාර වෙලා මල  ගෙවල් වල යන්නේ අද මේ කැකුලෙන් හින්දා මට මොන්ගල්වත්ද ?. මම දැන් වට පිට බලනවා මොකක්ද යකෝ මේ වෙන්නේ කියලා බලන බලන පැත්තෙන් මොකෙක් හරි හිනා වෙනවා  වයසක ඩයල් එකක් නම් අප්සැට් එකක් නැ  කොල්ලෙක් නම්  එක්කෝ දතක් නැ  එක්කෝ දත් දෙකම නැ නැත්තන් බාගයයි. මට නිකන් පුල් අප්සට් මම හිතනවා මේ පැත්තේ අර අප්‍රිකාවේ ගෝත්‍රිකයෝ   වගේ මුන්ගේ දත් කඩන චාරිත්‍රයක් වත් තියනවද දන්නැ කියලා.  අහන්නත් කවුරුත් නැ  බණ්ඩාර අයියත් පෙන්න  නැ. කොහොම හරි පැයක් විතර වටේ කරකැවී හිටියා කාලතුරකින්  එකෙක් දෙන්නෙක්ගේ විතරයි එහෙම අප්සට් එකක් නැත්තේ 95%ම ඉස්සරහා  දතේ අර කේස් එක.

කොහොම හරි ඔන්න අපි දෙන්න ගෙදර එන්න අවා පොඩ්ඩක් දුර එනකොට මම ඇහුවා මොකෝ බණ්ඩාර අයියේ  මේ හැම කොල්ලෙක්ම දත් කඩාගෙන ඉන්නේ මොනවත් කෙමක් වත්ද කියලා. එතකොට තමයි ඔන්න   සිද්දිය කීවේ. මේ තියෙන්නේ බඩුව මේක තමයි දත් කඩන යන්තරේ


දන්නවනේ ස්ටාර්ට්   කරන්නේ  කොහොමද  කියලා ඕක හොඳ කල්පනාවෙන් කරන්න ඕන වැඩක් වෙලාවට අර කරකවන පොලු කෑල්ල අහකට ගත්තේ නැත්තං  ඉන්න වෙන්නේ මෙන්න මෙහෙමයි



Friday, May 10, 2013

පොලිස් කරුවෝද මනුෂ්‍යයෝය





ඔන්න අවුරුදු එක හමාරකින් විතර පොස්ට් එකක් දාන්නයි ලැස්ති වෙන්නේ. මකුළුදැල් බැඳිලා දුවිලි වහලා තියන මේක සුද්ද කරන්නම සැහෙන වෙලාවක් යයි වගේ.
මේ කාලයටම නොකඩවා බ්ලොග් කියවන එකනම් කරා.
හරි ආඩම්බරයි අප්පා දැන් තමයි සිංහල බ්ලොග් ලෝකේ නියම ආරිය සිංහල ගති ලක්ෂණ පෙන්නන්නේ. මුල් කාලේ තිබ්බ බ්ලොග් ලෝකේ නිකන් ජිල්බෝල හොද්දක් වගේ මෙලෝ රහක් නැ. කබ්බොත් නැ ටෝයියොත් නැ.



ෂාහ් ....දැන් ඒ වගේද ගඳ විතරක් බ්‍රහ්ම ලෝකේ දක්වාම විහිදෙනවා මයේ හිතේ. හඬ ඇහුවොත් මාර සෙනග උනත් කලන්තේ දාල වැටෙන්නේ.
එල..එල..
විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ. දැන් ඔන් මොකා ඇහුවත් බය නැතිව කටක් ඇරලා කියන්න පුළුවන් සිංහල බ්ලොගර් කෙනෙක් කියලා. ඒ හින්දමයි මේ වෙලාවක් හම්බුන ගමන් ලියන්න ගත්තේ ජාති ආලයෙන් ඔද වැඩිලා අප්පා.
හරි ආඩම්බරයි හසන්ත මගේ ඇඟේ ලේ කකියනවා මේ අපේ සිංහල සලකුණ නේද මේ ලෝකයටම පේන්න එලි කරන්නේ කියලා. බලන්ඩ හසන්ත මහත්තයෝ මේ අපේ සිංහල කම නේද මේ කොමෙන්ට් වලින් පෙන්නුම් කරන්නේ. දැන් මට මලත් කමක් නැ හසන්ත මහත්තයෝ අන්තර්ජාලයේ එන ඕන කෙනෙක්ට සිංහලයා කවුද කියලා බලා ගන්න ඕන තරම් දේවල් තියනවා අපේ රටේ අපේ ජාතියේ සලකුණු අන්තර්ජාලය පුරාම තියනවා. රටක් හැටියට මෙය්ටත් වඩා මොනවද හසන්ත.
අප්පට සිරි මේ මොනවද යකෝ මේ ලියල තියෙන්නේ සමාවෙන්න ITN බලන ගමන් මේක ලියන්න ගත්තේ. හා ..හා ඒවා වැඩක් නැ දැන්.
ඔන්න අද ලියන්නේ ගු කේස් නෙවේ රියල්ම රියල් සිද්දි හරිය. මේක ලියන්න ඔන්න අපහාස උපහාස කිරීමේ අරමුණින් එහෙම නෙවේ. "පොලිස් කරුවෝද මනුස්සයෝය" හදුන්වලා දෙන්න. හැබැයි ඉතින් මට පෙන්නම බැරි එවුන් තමයි ඔය. ප්‍රධාන හේතුවක් නම් මුන් කවදාවත් කාටවත් ඇහුන් කන් දෙන්න කැමති එවුන් නෙවේ.මොනවා කියන්න ගත්තත් වචනයක් දෙකක් කියනකොට මුන් එකට උඩින් පැනලා මොනවා හරි ලොකු ටෝකක් දෙන එකතමයි මට පෙන්නම බැරි.
මම මේ ලියන්න යන එකා ගැන තියෙන විශේෂත්වය තමයි මු පොලිස් කාරයෙක් උනාට හොඳ ඇහුන් කන් දෙන්නෙක්. රාජකාරි වෙලාව තුලත් අනිත් වෙලාවටත් ඕනෑම තරම් වෙලාවක් මු සද්ද නැතිව අහගෙන ඉන්නවා කියන ඕන දෙයක්.(ඔය පුරුද්ද වෙන මොකුත් නෙවේ ගෙදර ගැනි හින්දා ) හැබැයි ඉතින් ඔක්කොම අහලත් මු දෙන උත්තරයි විසඳුමයි අනිත් පොලිස් කාරයන්ට දෙවැනි වෙන්නේ නැ එමම තමා.
මන් හිතන්නේ මේ පොලිස් කාරයන්ටත් පොලිස් උන හැදෙන්න ඉන්ජෙස්සන් එකක් ගහනවද කොහේදෝ අර රට යන එවුන්ට වගේ. (දන්නවනේ ඔය රට යන එවුන්ට ගහන රථ ගාය ඉන්ජෙස්සෝන් එක. අනිවා රට ඉඳන් ආපුගමන් කරන්නේ කොහේ හරි ඉන්න බ්‍රෝකර් කෙනෙක් සෙට්වෙලා උට කන්න බොන්න අරන්දීලා ලොකු ගානකුත් කපා ගන්න දීලා, ගෙදර ගැණිත් එක්ක රණ්ඩු වෙලා කොහෙන් හරි ලදරම් වාහනයක් අරන් කුජීත වෙලා හම්බකරපු එක නැති කරගෙන වාහනෙත් නැතිකරගෙන ආපහු රට යන එකනේ. )
හරි ඔන්න මිනිහා කාලයක් වැඩකරේ සුද්දා ගල විද්ද තැන තියන පොලෝසියක. පොලෝසියේ තියන වාසනාවන්තම අංශයේ ස්ථානාධිපති. ඒ හැටි වයසක් නැ 30ට අඩුයි ඔං. මිනිහා හොඳට ඉගනගත් ගත්ත මනුස්සයා. හැබයි ඔය අංශ ස්ථානාධිපති වෙනකොට සාජන්. රථවාහන අංශයටම හිටියේ 3-4 දෙනෙක් නිසා මිනිහා තමයි section head. ඒ හින්දා ඉතින් ලොක්කා උනත් පාරේ තමයි හිටියේ. ( දන්නවනේ පාර තමයි හොඳම තැන ) .
ඔන් සිද්දි අංක 1
ඔන්න අප ට්‍රැපික් සාජන් මහත්තයා ඉන්නවා ආසන්න කුඩා නගරයක රාජකාරි කරමින්. හැමදාම එකෙක් බයික් එකක එනවා අංක තහඩු මොනවත් නැ. අල්ලන්ත් බැ මු වැඩ කරන්නේ ළඟ ගරාජ් එකක. එක දවසක් ඇල්ලුවා මු කියන්නේ ට්‍රැල් බලන්න පදිනවා කියලා. සාජන් මහත්තයාටත් ඉන්න බැ මු හැමදාම කරන මේ වැඩේ දිහා බලාගෙන. ලියන්නත් බැ ලීවොත් කොහොමෙයි මුගෙන් බයිසිකලයක්වත් හදා ගන්නේ. නිකන් හදලා දුන්නොත් නේ නඩත්තුවට දෙන ගාන වමට ගහන්නවත් පුළුවන් ඉතින් කොහොමද තරහා කරගෙන. මේ මඟුලෙන් වෙන්නේ වෙන එවුනුත් ලියන්න බැරි එකයි. එක දවසක් ඔන්න මු එනවා ටවුමට තේ එකක් බොන්න අර බයිසිකලේ. අත දාලා සාජන් මහත්තයා නැවැත්තුවා බයිසිකලේ.
මල්ලි අතේ සල්ලි එහෙම තියනවද ?
ඇයි සර්
නැ මගේ අතේ කීයක්වත් නැ පොඩි බඩුවක් ගන්න තියනවා එකයි ඇහුවේ.
ලොකු ගානක් නම් නැ සර් තේ එකක් බොන්න ආවේ පොඩි ගානක් තමා අතේ තියෙන්නේ.
අප්පේ ඒ ඇති මල්ලි. තරහානැතිව අර කඩෙන් බ්‍රිසිල් බෝඩ් එකක් අරන් වරෙන් මල්ලි. නයිලෝ නුල් අඩි 3ක විතර කෑල්ලකුත් අරන් වරෙන් මල්ලි.
හරි සර් (කොල්ල දුවනවා කඩේට )
ස් .....ස් .... මල්ලි මට අමතක උණා මතක් කරලා අර ලොකුවගෙන් මාර්කර් පෑනක් අරන් වරෙන්. මේ ...වතුරට හේදෙන්නේ නැති එක........
හරි සර් මෙන්න බඩු ටික.
හා ..හා යමන් අර තේ කඩේට උඹ තේ බොන්නනේ ආවේ.
(තේ කඩේ ඇතුලේ පුටුවක ඉඳගෙන, කොල්ලා ෂෝර්ට්ඊට්ස් ගෙන්න කියමින් )
මල්ලි උඹේ බයිසිකලේ නොම්මරේ මොකක්ද
දන්නැ සර් මේක ගරාජ් එකේ බසිකලයක්නේ ලොක්කාගෙන් තමයි අහන්න ඕන.
අනේ මල්ලි කෝල් එකක් දාල අහපන්. ( කොල්ලා බයිසිකලේ නොම්මරේ ලබා ගනී)
බ්‍රිසිල් බෝඩ් එක දෙකට ඉරා කොල්ලා කියපු අංකය පොල්ගෙඩි සයිස් එකෙන් බ්‍රිසිල් බෝඩ් එකේ අඳි
හරි මල්ලි එහෙනම් මේකේ පොඩි හිල් දෙකක් විදලා මේ නුල් කැල්ලෙන් ඕක ඉසරහයි පස්සෙයි බැඳ ගනින්. බලපන් අදින් පස්සේ මටත් කලිසමක් ඇඳන් මෙතැන ඉන්න පුළවන් උඹටත් නම්බුකාර විදිහට බයිසිකලේ පදින්න පුළුවන්. රුපියල් 60යි නේ වියදම් උනේ. මතක ඇතිව හෙල්මට් දාල ට්‍රැල් බලපන් නැත්තන් වටේ එවුන් ඔක්කොම උන්ගේ බයිසිකල් වලත් ට්‍රැල් බලයි. එහෙනම් මම යනවා.


සිද්ද අංක 2
ඇන්කර් කිරිපිටි ලොරියක් පාරේ අයිනේ නවත්තලා සේල්ස් මන් කඩේකට ගිහින් ඕඩර් එකක් ලියමින් සිටි.
ලොරියේ රියදුරා පමණි. අපේ සාජන් මහත්තයා පාරේ අනිත් පැත්තේ වාහන නිරීක්ෂණය කරමින් සිට පාර පැන ලොරිය ලඟට එමින්.
මේ අංකල් කැලන්ඩර් නැද්ද ?
ඇයි සර් කැලන්ඩර්. මේ අවුරුදේ මැදනේ මේ කාලේ කැලන්ඩර් නැනේ සර්.
කමක් නැ අයිසේ. පරණ එව්වත් නැද්ද ?
අනේ නැ සර්
එහෙනම් පෝස්ටර් ?
පෝස්ටර් නම් ඇති සර් එත් එච්චර ලොකුවා නැ. ඇයි සර් බබාලට පොත් වලට කවර දාන්නද ?
නැ අය්සේ එච්චර ලොකු ඒවා ඕන නැ . ආන්න අර "නැවත්වීම තහනම්" කියලා ගහලා තියන බෝර්ඩ් එක වැහෙන්න තිබ්බොත් ඇති.
හෙමීහිට බිම බලා ගත්ත ඩ්‍රයිවර් වාහනේ අරන් ගියා.
සිද්දි අංක 3

මේක නම් නාට්‍ය වගේ ලියන්න බැ . ඔන්න සිද්දිය උනේ මෙහෙම. ඔය කියන සාජන් මහත්තයයි මමයි තව පොරගේ මස්‌සිනා කෙනෙක් වෙන මගේ අතිජාත මිත්තර කිරි මල්ලියි තව දෙන්නකුයි සෙට් වෙලා පොඩි අඩියක් ගැහුවා ඔය සාජන් මහත්තයාගේ බල ප්‍රදේශයේ තියන රෙස්ටුරන්ට් එකක. ඔන්න දැන් රැ 9 විතර ඇති. හැමෝම විසිරිලා යන්න තමයි ලෑස්ති. අපි තුන්දෙනාගේ එක ළඟ ගෙවල් තියෙන්නේ. ඔය කියපු තැන ඉඳන් 15km විතර යන්න ඕන අපේ ගෙවල් වලට. දැන් තුන් දෙනාම තම තමන්ගේ අස්සයෝ පිට නැගල ගෙදර යන්න එනවා. සාජන් මහත්තයත් සිවිල් ඇඳුමින්. අර කලින් කියපු නගරේ මැද හරියෙන් තියනවා පාරක් ප්‍රසිද්ද කන්දක් හරහා යන. ඔය පාරේ තමයි අපි යන්න ඕන.ට්‍රැපික් සාජන් උනත් හෙල්මට් දාලා නියම විදිහට තමයි මෙයා ආණ්ඩුවේ අස්සයා පදින්නේ. එදත් පාර මාරු වෙන්න කියලා අපි ආපු බයිසිකල් හෙම්හිට පාර අයිනේ නවත්තලා සිග්නල් දාල වට පිට බලලා තමයි දකුණු හරස් මාර්ගයට දාන්න ලෑස්ති උනේ. මොකද මෙතන මර කපොල්ලක්. මේ හරස් පාර පටන් ගන්නකොටම එක හරහට යන්නේ කොළඹ නුවර රේල් පාර. එදත් ඔය විදිහට හරවන්න එනකොටම නුවර පැත්තේ ඉඳන් ආපු ඩොල්පින් එකක් විදුලිය වගේ අපිව පහු කරලා ගියේ නැද්ද.
හැබැයි 100m විතර යනකොට බස් එකක් පාරේ නවත්තලා සෙනග ගොඩ කරගන්න. මුන් ආපු වේගෙටම බස් එක ඔල්ටෙක් කරන්න ගිහින් ඉස්සෙරහින් ආපු බයික් කාරයෙක් හැප්පුවා. හැප්පුන විදිහට බයික් කාරයා කෙලින්ම එතන තිබුන කාණුවට තමයි වැටුනේ. අපි ටක් ගාල දුවලා ගිහින් බැලුවා ගන්න දෙයක් නැ එකම ලේ ගුලියක්. කොල්ලට හොඳටම අමාරුයි සිහියක් පතක් නැ අපි හිතුවේ මැරිලා කියලා. කොහොම හරි කට්ටිය එකතු වෙලා ටක් ගාල කොල්ලව අරන් ගියා ඉස්පිරිතාලේ.
ඩොල්පින් එක නිකමටවත් ස්ලෝ කරලවත් බැලුවේ නැ. එහෙමම ගියා. අපිට කන්න කේන්ති වෙරිත් බැස්ස මේ සිද්දිය දැක්කට පස්සේ. අපේ සාජන් මහත්තයා ටක් ගාල ගත්තා කෝල් එකක් පොලිසියට අරන් කීවා දැන් එන ඩොල්පින් එක නවත්වන්න. හරියටම පොලිසිය ලගම තියනවා බැරියර් එකක් මෙතනින් වැන් එක නවත්වලා මුන් ඔක්කොම අරන් ගිහින් පොලිසියට. දැන් අපි සෙට් එකම ගෙදර යන එක පැත්තකින් තියලා පොලිසියට යන්න ලෑස්ති. වෙරිත් හිඳිලා. පොඩ්ඩ දුරක් ඇවිත් පොඩි වඩේ කරත්තයක් ළඟ නැවැත්තුවා අපේ රාලහාමිගේ බයික් එක අපිත් එතන බයිසිකල් ටික නවත්වලා ගියා වඩේ කාරයා ලඟට. වඩයක් හපන ගමන් අපේ සාජන් මහත්තයා අහනවා " බලපන් මල්ලි අරු දැක්කට පස්සේ මගේ වෙරිත් හිඳුනා. දාමුද තව පොඩි ෂොට් එකක් " මම කීවා ආය යන්න එපාය අර බාර් එකටම අනික දැන් මේ යන්නේ පොලිසියටනේ. එහෙනම් පොලිසියට ගිහින් යන ගමන් දෙකක් දාගෙන යමන් කියලා. "නැ බන් ආය කොහෙවත් යන්න ඕන නැ මෙතන ඉඳන්ම දාගමු මම ළඟ කුරු මිට්ටෙක් ඉන්නවා " කියලා ඇදලා ගත්තේ නැද්ද කනෙන් අල්ලලා අර බයිසිකලේ දෙපැත්තේ තියෙන්නේ සුදු පාට පෙට්ටි දෙකක් අන්න එකක තිබිලා ගල් බාගයක්. දැන් ඉතින් වඩේ කාරයාගෙන් වඩේ ටිකකුත් අරන් පොඩි වීදුරුවකුත් ඉල්ලගෙන පාර අයිනේම තියන් අනුමත වෙනවා. ආය මොකාට බය වෙන්නද ? මොකෝ පොලිසියෙන් අල්ලයි කියලය.
කොහොම හරි ඔය ටික බොනකනුත් අපේ කතාව අර බයිසිකලේ ආපු කොල්ලා ගැන. එක පාරට අපේ සාජන් මහතයාට ආවා මාර අයිඩියා එකක්.පට්ටම අයිඩියා එක. අපිටත් කාලෙකින් අත පයේ හිරි අරගන්න නැතිව හිටි එකේ ආය මොනවද එක පයින් වැඩේට. ගත්තා කෝල් එකක් පොලිසියට ඇහුවා කී දෙනෙක් ඉන්නවද කියලා වැන් එකේ. ඔක්කොම 8 දෙනයි.
හරි මෙහෙමයි සිද්දිය අපි දැන් එනවා පොලිසියට. අපි එන්නේ අර හැප්පුන කොල්ලගේ නෑදෑයෝ වගේ. උඹලට තියෙන්නේ දැක්කේ නැ වගේ ඉන්න එක. දැන් ආපහු චන්ඩියා බඩේ හින්දා අත පය ගැලෙවුවත් දැනෙන නැති ගාන. තුන් දෙනාම ගියා පොලිසියට යනකොට මේ ඉන්න අරු හප්පපු අවජාතකොයෝ ටික ඔක්කොම තම්බි. තම්බි එක්ක විශේෂ තරහක් නැතත් මට උන්ගේ කපටි කම පෙන්න බැ. මුන් ඒ අතරෙත් උන්ගේ ලොකු ලොකු එවුන්ට කෝල් ගන්නවා. දැක්ක විතරයි මල කියන්නේ කෝමද එකසිය ගානට.
අනේ සර් අපේ මල්ලි වැන් එකකින් හප්පලා සර් කියාගෙන ගියේ. එතකොටම පොලිසියේ පොරක් අරුන් පෙන්නලා කීවා "ඔය ඉන්නේ ඒ කණ්ඩායම තමයි අපි අත් අඩංගුවට ගත්තා" කියලා. "මල්ලිට අන්තිමයි සර් මුන් පර වෙසිගේ පුතාලා " කීවා දුන්න මුකුත් නැ අරුන් සෙට් එකට කොහොමද ? දුවනවා පොලිසියේ මේස වටේ. "අයියෝ ෂර් එපා කියන්ට ෂර් "කිය කියා. දුන්න මුකුත් නැ උන්ටත් ඉස්පිරිතාලේම යන ගානට පොලිසියේ අනිත් රාලහාමිලත් දැක්කේ නැ වගේ අහක බලන් හිටියේ. ගම්බටු ඩයල් දෙකක් හිටිය උන් දෙන්නත් අපිට සෙට් වෙලා දුන්න අරුන්ට රෙවෙන්න. උන්ගේ ෂර්ට් ඉරිලා, ෆෝන් කුඩු වෙලා නන්නත්තාරයි.
හොඳම සීන් එක මුන් ටික තවම කුඩුවට දාල තිබ්බෙ නැති නිසා එළියේ බංකුවේ ඉඳගෙන සමහර එවුන් අඬනවා. සමහර එවුන් කැඩුණු ෆෝන් වල කැලි හොයනවා. එත් එක්කම් අවා ලොරියක් පුරවලා සෙනග අර කොල්ලගේ ඇත්තම නෑයෝ. කොල්ලට හොඳටම අමාරුයි කෙලින්ම ICU දාල තියෙන්නේ. උනුත් ආපු ගමන් දෙන්න පටන් ගත්තේ නැද්ද අරුන්ට ගහෙන් වැටිච්චි එකාට ගොනා ඇන්න වගේ . බොහොම අමාරුවෙන් අරුන් ටික අල්ලලා කුඩුවකට දාල බේරා ගත්තේ. නැත්තන් උන් උසාවි නෙවෙයි ගෙනියන්න වෙන්නේ මෝචරියට.
කොහොම හරි අර කොල්ලගේ දෙමවුපියෝ සහෝදරයෝ අපිට වැදලත් එක්ක ගියේ. ටික වෙලාවකින් අපි ගෙදර එන්න ආවා. පස්සේ මම හොයලා බැලුවා විස්තරේ. රෑම අරුන්ගේ දෙසපාලුවෙක් කතා කරලා අරුන් බේරාගෙන අරන් ගිහින්. අර කොල්ලා මාසයක් විතර ICU ලැගලා කිහිලි කරුවෙන් ගෙදර ආවා.
ඉතින් කියන්න තියෙන්නේ ඔන්න ඔහොම පොලිස් කාරයොත් ඉන්නවා. හැබයි උ අපේ යාලුවා උනත් කියන්න ඕන පොලිස් කාරයා පොලිස් කාරයාමයි උ වෙනස් වෙන්නේ නැ. හේතුව පොලිස් කාරයෝ කියන්නේ අත පය බැඳලා පීනන්න දාපු ඒවුන් වගේ නොගිලී ඉන්න උන් ඕන දෙයක් කරනවා. අපි බනින කියන කරන හැමදේම උන් දන්නවා ඒ දැනගෙනත් උන් අපිත් එක්ක ජීවත් වෙනවා කියන්නෙත් පුදුම හිතෙන දෙයක්.
ප.ලි  මේකේ තියන අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ අරවා මේවා නම් චැක් කොරන්න යන්න එපා ඕන්  මෙහෙම හරි ලියපු එක ගැන කියන දෙයක් කියපල්ලා. මෙහෙම හරි ලියන්න වෙලාව හොයා ගත්ත එක ගැනයි මට සතුටු .  ප.ප. ලි අනේ මචන්ලා උඹලට කියන්න මේ bloger සැහෙන්න අරියාදු කරනවා මට. එක දිගට ලියාගෙන ආව දවස් වල කිසි කචල් එකක් තිබ්බේ නැ. දැන් ටික දවසක ඉඳන් අය පොස්ට් දෙක තුනක් දාන්න ගන්නකොට එක එක එක මඟුල් කියලා වැඩේ කනවා. මට මල පැනලා ලියපු පොස්ට් දෙකක්ම දැම්ම අන්තිම පේලියේ. ඊයෙත් මේකේ නම වෙනස් කරලා සෑහෙන කට්ටක් කාල දැම්මේ.
       ස්තුති අටෝ උඹ හිටියේ නැත්තන් මම ඊයෙත් මේක අන්තිම පේලියට යවලා නිකන් ඉන්නවා.
       දන්නා එකෙක් කියපල්ලා කොහොමද අකුරු වල පසුබිම් වර්ණය වෙනස් උනොත් ආපහු එක සම්මත වර්ණයට ගන්නේ බ්ලොගේර් තුලදී.
අනේ බන් බලපන් අනිත් පොස්ට් වල අකුරු ලොකුවට දාල  මේ blogger මඟුල මේකේ අකුරු  ලොකු කරන්න දෙන්නේ නැනේ බන්.
ඔන්න බලපන් මෙන්න මේ error එක තමයි එන්නේ මොන මඟුල කරන්න ගියත්