මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Friday, November 25, 2011

ගැස්ට්‍රික් නම් මෙන්න බෙහෙත ...... අත්දුටුවයි ! සත්තයි !

ඔන්න හැමෝගෙම කෑම හදන බ්ලොග් ටික කියවලා මටත් හිතුනා ඒ වගේ දෙයක් ලියන්න කියලා. මේක  ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඔන්න ඔය මාතෘකාවේ තියන ලෙඩේ තියන අයට නම්. ඕක ලෙඩක් කීවට මට නම් හිතෙන්නේ දාගත්ත ලෙඩක් කියලා ඉබේම ඕක හැදුන අය ඇත්තේ බොහොම ටික දෙනෙක් මගේ හිතේ  හැමෝම කියන්නේ "වැඩ වැඩ  කන්නවත් කෝ වෙලාවක්" කියලා. මෙතන තියන ප්‍රශ්නය කන්න වෙලාවක් නැති එකම  නෙවේ. 
       ගොඩක් වෙලාවට දවල්ට කන්න බැරි උනා කියලා ගැස්ට්‍රික් හැදෙනවට වඩා මේක දරුනුවටම හැදිලා තියෙන්නේ උදේට කන්නැති අයට රෑ එළිවෙනකන් පැය 8 විතර අපි කිසිම ආහාරයක් නොගෙන ඉන්නේ. එහෙම ඉඳලා උදේම 'පුන්නකු බාල්දියක් විතර ගොන් කිරි එකක් බීලා දවල් දහය විතර වෙනකන් මුකුත්ම නොකා ඉන්න තමයි වැඩි දෙනෙක් හුරුවෙලා' තියෙන්නේ.

     මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නේ අපි හරක් පැටවූ නිසා  හරක් කිරි බීපුවාම හරි කියලා. එහෙමනං ඉතින් දහයට විතර කන්න ලපටි තණකොළ ටිකකුත් වැඩට යනකොට ගෙනිච්චට වරදක් නැ. 
මේ ගොන් පුරුදු හින්දා   ඉතින් ගැස්ට්‍රික් හැදෙන එක අරුමයක් නෙවේ. මේකට කරන්න තියන හොඳම දේ  ' උදේම බොන පුන්නක්කු  බාල්දිය නවත්තලා හොඳට කන එක තමයි'. 

"අනේ ඔච්චර උදේ කන්නේ කොහොමද ?  මටනම් උදේම කන්න බැ වමනෙට වගේ එනවා "          ඔන්න ඕව තමයි උදේම කන්න කීවොත් කට්ටිය කියන කතා. 

      මේකට ප්‍රදාන හේතුව තමයි අපි දත් මදින දත් බෙහෙත් හැමෝම දත් මදින්න පාවිච්චි කරන්නේ Mint සහිත ඔය ප්‍රසිද්ද දත් බෙහෙත් වර්ගනේ. හොඳින් මතක තියා ගන්න ඔය Mint  කියන්නේ තාවකාලිකව ස්නායු හිරි වට්ටන දෙයක්  එතකොට දිවට කිසි රසයක් දැනේනේ නැ.  ඒ හින්දා තමයි තිත්ත බෙහෙත් බොන්න කලින් Hax වගේ ටොපියක් කාල ඉන්න කියන්නේ එතකොට තිත්ත  රස දැනෙන්නේ නැ. ඒ විතරක් නෙවේ දත් මැදලා කට හෝදන කොට උදේම  සීතල වතුර පාවිච්චි කරන්න එපා. අයිස් කැටයක් කටේ තියාගෙන හිටියත් වෙන්නේ ඔය දේම තමයි. ඒ හින්දා "සුපිරි විකී" වගේ දත් බෙහෙතක් පාවිච්චි කරන්න. ඒකේ තියන ලුණු ඇඹුල් රස නිසා කටේ ස්නායු සංවේදනය වෙලා කටට කෙල උනන එක වැඩි වෙනවා. දත් මැදලා කට හෝදනකොට මදක් උණුසුම් වතුර පාවිච්චි කරන්න එතකොට දත් බෙහෙත් රසය කටෙන් හොඳට ඉවත් වෙලා ස්නායු හොඳින් Worm-up වෙනවා. එතකොට නිකන්ම උදේම බඩගිනි එනවා. 
           අන්න ඒ වෙලාවට මෙන්න මේ පහලින් තියන කෑම ජාතිය හදාගෙන  කාල යන්න. එක දිගට සතියක් කරලා බලන්න. සාර්ථක නැත්නම් හොදවාගෙන් දෙකක් කියලා  දාන්න කොමෙන්ට් එකක්. කිසි ප්‍රශ්නයක් නැ. හැබැයි ඔං වැඩේ හරියට කරලා බලලා හරිද. 
මගේ දෙමවුපියන්ට පින් සිද්ද වෙන්න මට නම් ඔය කිසි ලෙඩක් හැදුනේ නැ. උදේම කන්න පුරුදු කරා විතරක් නෙවේ ඔය ගෝ කිරි බොන පුරුද්දත් අඩු කරලා උදේම කොළ කැඳ එකක් ඉරමුසු ටිකක් වගේ බොන්න පුරුදු කරා. ඒ මිනිස්සු බුදු වෙන්න ඕන අදත් උණක් හෙම්බිරිස්සාවක්වත්  නැ. ඇත්තම කියනවනම් මට හරි ආසයි ලෙඩක් හැදිලා ඇඳකට වෙලා ගෙදර අයගෙන් පොඩි සැලකිල්ලක් ගන්න. කරුමේ කියන්නේ වැස්සට තෙමුනත්, අවුවට වෙලුනත්, ගලේ ගැහුවත් කිසි ලෙඩක් හැදෙන්නේ නැ නොවැ. ඔහෙලා කීවට පිළිගනීද මන්දා දැනට අවුරුදු 13 කින් මම පැනඩෝල් පෙත්තක් බීල නැ කියපුවහම. 

හා හා ඔය මදැ විස්තරේ. ඔන්න එහෙනම් එදා සිංහලයාගේ ජනප්‍රියතම පාතරාසය "දිය බත් " හදන හැටි.

අවශ්‍ය දෑ :- රාත්‍රියේ උයා ඉතිරි උන බත් ටිකක් 
                  එයට දැමීමට බත් වැසෙන තරමට ජලය 
                  පොල් බෑවක්
                  රතුළුණු ගෙඩි 5-6 ක් හෝ රටලුණු ගෙඩි 1 ක්
                  වියලි මිරිස් කරල් 5-6 ක් 
                  දෙහි ගෙඩියකින් බෑවක් 
                  ලුණු අවශ්‍ය පමණට
                  සුද්ද කරපු පොල් කූරක්                

අපේ ගෙවල් වල සාමානයෙන් කෑම හදන කොට ගෙදර ඉන්න අයට ගානට හදන්නේ නැ නොවැ. හදිසියෙවත් කවුරු  හරි අවොත් කියලා තවත් මනුස්සයකුට ඇති මදි වෙන තරමට ටිකක් වැඩියෙන් තමා උයන්නේ පිහන්නේ. සිංහලයා එදා ඉඳන් ආගන්තුක සත්කාරයට ප්‍රසිද්දයි නොවැ. කන බොන වෙලාවට ගෙදරට එන බලු කුක්කට වත් කෑම කටක් නොදී ගෙදර මිනිස්සු කාපු නැති ජාතියක් උන අපි අද නම් වැඩියෙන්ම කරන්නේ ඉල්ලගෙන කන එක තමා. හා ඒවා ගැන කතා කරන්න ගියොත් කියන්න යන දේ කියන්න බැරි වෙන හින්දා මෙන්න මෙහෙම කරන්න.
 රෑට  කාපුවාම ඉතිරි වෙන බත් ටික දැනට නම් අපි පහුවදා උදේම කන්නේ නැ ඔකේ නිකන් සීතල ගතියක් එක්ක පොඩි පරණ රසක් එන නිසා ඕක එක්කෝ වීසි කරනවා නැත්නම් ඉතින් "හොඳමදේ දරුවන්ට දීලා හැමදාම ඉතිරිවෙන දේ කන අපේ අම්ම කනවා". කරන්න තියෙන්නේ මෙන්න මේ ඉතිරිවෙන බත් ටිකට වතුර ටිකක් වත් කරලා තියන එක විතරයි. හබැයි වතුර දානකොට දාන්න ඕන බත් ටික වැහෙන තරමට විතරයි. මහා ගොඩක් වක්කරනවා එහෙම නෙවෙයි. පොඩි මැටි කොප්පෙකට(කරි මුඩි) බත් ටික දාල වතුර දාල හොඳට වහලා තියන්න. හැදුවට පස්සේ මේගැන මතක් උන නිසා ඔන්න පින්තුරයක් ගන්න නම් බැරි උනා. 
                     පහුවදා උදේ මේ බත් එක අරන් බලන්න අර දාපු වතුර උරාගෙන බත් ඇට ටිකක් පිම්බිලා තියෙනවා වතුරත් අඩුවෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ පොල් ටිකක් ගාන එකයි. පොල් බෑවකින් 1/3 විතර ගාල උණුවතුර ටිකක් වෙන්න දාල හොඳ උකුවට මිටිකිරි තේ කෝප්ප 2/3 විතර හදා ගන්න.දිය කිරි වත් පොල්කිරි ගොඩක් වත් හදා ගන්න එපා එතකොට මේක වතුර ගතිය වැඩි වෙලා රස නැති වෙනවා. රතුළුණු  ගෙඩි 5 -6 ක් සුද්ද කරලා හීනියට ලියා ගන්න. රතුළුණු නැතිනම් රටළුණු ගෙඩියකින් 1/2 හෝ 2/3 හෝ උනත් කමක් නැ. හැබැයි රතුළුණු නම් රස වැඩියි.  

දැන් අර පොල්කූර අරගෙන අර වියලි මිරිස් කරල් ටික ඔය රුපයේ විදිහට අමුනගන්න. අමුණා ගත්ත මිරිස් කරල් ටික ලිපේ ගින්දරට අල්ලා වටේම කරකවමින් පුච්චා ගන්න. ඉස්සරහා ඒවා ඉක්මනට පිච්චෙන නිසා එලෙස පිච්චුන ඒවා ගලවා තියන්න. නැතිනම් ඒ  මිරිස් කරල්ටික අඟුරු වෙයි. මේ මිරිස් අතින් කුඩු කරන්න පුළුවන් ගානටයි පුච්චන්න ඕන. අඟුරු වෙනකන් පුච්චන්න එපා. ඔන්න රුපයේ පැහැදිලිව ඇති. සමහරු ඕකට අමු මිරිස් දානවා මම නම් අමු මිරිස් දානේ නැ අමු මිරිස් දාපුවාම කොළ රස එන නිසා.                    
                                                       

කපා ගත්ත රතුළුණු ටික, පුච්චලා කැබලි කරගත් මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ  තියන වතුර ඉවත් කරන්න එපා. දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. බත් එකටත් ලුණු දාලනම් උයලා තියෙන්නේ ලුණු ටිකක් විතර දාන්න. දැන් මේකට පොල්කිරි ටික එකතුකරන්න සමහරු නම් පොල්කිරි ටිකක් රත් කරලා දානවා එහෙම ඕන නැ. පොල්කිරි නිකම්ම දාන්න. දැන් දෙහි බැව අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව. වැඩේ ඉවරයි. මේක සිම්පල් ප්ලැන් එකක්. දියකිරි, හරි මිටිකිරි, හරි ගොඩක් වැඩි උනොත් රස ටිකක් අඩුවෙයි. එ හින්දා බත් එක වැහෙන ගානට විතරක් දා ගන්න. මොකද රෑ දාපු වතුරත් බත් එකෙ තියනවා කියල අමතක කරන්න එපා. රෑ දාපු වතුර පෙරන්න එපා එතකොට කන්න වෙන්නේ රොඩ්ඩ විතරයි. 

එහෙ නම් කාල බලලා රස කියන්න. නැත්නම් අම්මට කිබුහුම් යන්න මට බනින්න.







 ඔන්න මම හදපු රුප ටික දැම්ම. හැමෝම කෑම හදපු රුප දැම්මට අන්තිමට ඒවාට උනේ  මොකද කියලා රුප දාල තිබුනේ නැති නිසා ඔන්න එකට උන දේ ගැනත් රුපයක් දැම්ම.





ප. ලි.
ඔය මං හදල තියන එකේ ටිකක් මිරිස් වැඩි මොකද මම ටිකක් සැර කෑම කන කෙනෙක් නිසා. ඔය ගැස්ට්‍රික් තියන අය ඔය තරම් මිරිස් දාන්න එපා. මේක සතියකට දවස් තුනක්වත් කන්න. කාල වෙනස බලන්න උගුර පිච්චීගෙන ඇසිඩ් ගතිය උගුරට එන එක මේවා කාල ගිය දවසට නැ කියලා තේරෙයි. ඒ වගේම මේක හොඳ ඇඟ නිවෙන කෑමක් කියලයි අපේ අම්ම මට හදලා දුන්නේ මොකද මම උෂ්ණ කාරයෙක් හින්දා. ඕව ගැන මම වැඩිය දන්නේ නැ හැබැයි කිසිම කෙඳිරියක් නැතිව ඔය වගේ දිය බත් එකක් බස්සන එකනම් මට කිසිම ප්‍රශ්නයක් නැතිව කරන්න පුළුවන්. ඔකේ ගුණ අගුණ ගැන විස්තර "වේද ගෙදර මහා වේදනා" නම් දන්නවා ඇති. උන්නැහ මේ පැත්තේ අවොත් ඔන්න ගුණාගුණ කියලා කොමෙන්ටුවක් දාල යන්න කියලා ඉල්ලනවා.     






Sunday, November 13, 2011

ජනකවියෙන් හෙළිවන අපේ රටේ ලිංගික නිදහස

සිංහල ජනකවිය විවිදාකාර මාතෘකා රැසක් සම්බන්දයෙන් වූ කවි වලින් පෝෂිත  වූ කලාවකි. ඒ ඒ අවස්ථාවල ජීවිතයට ලැබුනාවූ අත්දැකීම් හාස්‍ය රසයද සමග ඉදිරිපත් කර සමාජයට පණිවිඩයක් ලබා දීමට හැකි උනත් ජනකවියා යනු පොත පතින් ඉගැනුමක් ලැබුවෙකු නොවේ. නමුත් ජීවිත තක්සලාවෙන් ලැබුවා වූ උපාධිය සහිතව ඔහු විසින් සමාජයට දායාද කර ඇති සාහිත්‍යය එදා අද සහ හෙටත් අපගේ ජාතිය පෝෂණය කරනු නොඅනුමානය. එදිනෙදා ජීවන වෘත්තිය කරගෙන යාමේදී ලැබෙන්නාවූ අත්දැකීම් පමණක් නොව සමාජයේ අඩු පාඩු පවා සිවු පදයෙන් පවසූ  ඔහු තරම් ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලුවකු තවත් සිටීදැයි සැක සහිතය. සුභාෂිත කවියේ මෙන්ම එළිසමය රිද්මය එලෙසම රැක ගනිමින් අවයාජව ජීවිතය ගැන ඔහු කියූ දෙය මෙලෙස සටහන් කරනුයේ අප අද කෙස් පැලෙන  තරම් තර්ක විතර්ක මැද කතා කරන්නාවූ දෑ ඔවුන් එදා දැක්කේ කෙසේදැයි මතු පරපුරට දන ගනු පිණිසමය.

පැල් රැකීම එදා ජන ජීවිතයේ තිබු ප්‍රධාන වෘත්තියට සම්බන්ද අනිවාර්ය රාජ කාරියක් විය. එහිදී සිදුවන්නාවූ අනියම් ඇසුරු පිලිබඳ බිරිය මෙන්ම සැමියාද දැනගෙන හිටි බවත් එවැනි කාරණා නිසා පවුල් ජීවිත අවුල් නොවූ  අයුරුත්  පහත කවි වලින් ගම්‍ය නොවන්නේද ?

අපේ පිරිමි පැල් යනවා             කියාලා 
පැලට ගිහින් ගිනි බෝකර         තියාලා 
එළිවෙන තුරා අඟු කොටු වල    රැකීලා
උදේට එයි පැල් ලැග්ගා           කියාලා     

අපේ ගෙදර උන්දා නම් බෝම            යසයි 
පැලට ආව විට උන්දැට වාසි           හොඳයි 
මන් නැති දාට තනියට දැලේ         දෙන්නයි 
මුනා කරත් මට සැලකිලි ඔහොම        තමයි                                                     

මේ චෝදනා පිලිබඳ පුරුෂයා ඉදිරිපත් කරන්නේද සාදාරන නිදහසට කරුණකි

අරළු කහට මුත් බොනවා ඇඟට        ගුනේ 
වෙරළු අමු කහට කන්නේ කවුද     සෙනේ 
බොරළු ගොඩ උපන් සක් සසඳ    හාමිනේ 
කොරල ඇඟ නිසයි උඹ මට එපා     උනේ  


අද මෙන්ම එදා සමාජයේද පුරුෂයන් දැපනේ දමාගෙන ජීවත් වූ අඟනන් සිටි බවත්. එවැනි අඟනකු වූ රන් මැණිකා නමැත්තිය පිලිබඳ සුවාමි පුරුෂයාද දැන සිටි බව මේ කවියෙන් නොපෙනේද ?

රන් මැණිකා උඹ කාටත් හැඩ               කාරී 
විස්ස පිරුණු කොල්ලෙක්වත් අත         නාරි
වැස්ස පින්න නොබලයි හොඳ කෙලි    කාරී 
පස්ස උඹේ යකඩින් හැදුවද                  බාරී 

එක්තරා මහලු පුරුෂයෙක් තරුණ ස්ත්‍රියක් විවාහ කරගෙන ගම තුල සිදුවන්නාවූ කැළඹීම ජන කවියා උපහාසයෙන් ප්‍රකාශ කලේ "කැළැ පත්තර " මගින් මෙසේය. එදා ගම තුල යමකට විරුද්දත්වය ප්‍රකාශ කිරීමේ ප්‍රධාන මාද්ධ්‍යය වූ මෙයට බොහෝ විට යොදා ගත්තේ කවියයි.


පුම්බා දෙමට හපමින් හුණු ගගා             තුඩේ
එල්ලගෙන ඉනේ තම්බිගේ රට            අමුඩේ 
ගෙම්බා මෙන් ඔහොම කුදහන් ඉඳන්     බුඩේ
අම්බා රැක ගන්න හැකිදෝ බලන්          නඩේ 


කැන්දා නොගෙන තා වැනි හොටියක    දිරුන
කොන්ද පන නැතිව අඹුවක් ගෙන         සරණ  
නින්ද නැති කොරන් ගැටවුන් හට        තරුණ
මන්ද බුඩේ තා ලත වෙන මේ               කරුණ 

කඩ කෙස් කෙලින් කර ගත්තත්             කුදය
විඩා වෙන බැවින් ඉක්මනටම                මදය 
ඩා ගෙන කන්ඩ බැරි කොට පැණි        වදය
බුඩේ මෝකැ  අඹුවට දෙන ඔය              වදය

සෙවල බැඳෙන්නට හැර අඹුගේ තුනු       විලේ 
ගෙවල යකා මෙන් රැක සිටිති හැම       වෙලේ 
තැවුල පමුනමින් තරුනන්ට හැම            කලේ 
වෙවුලමින් මොකද තා කරන           කලබලේ   


  

Monday, November 7, 2011

කඩු King සුද්දට පාර කිවූ හැටි

 ඔන්න ටික දවසකින් මොනවත් ලියන්න බැරි උන නිසා අරන් ආව මට අහන්න ලබූනු කතාවක්. කියපු එකත් ලෝක මඩෙක් හින්දා මෙක ඇත්තද මඩක්ද කියලා මටත් තවම හිතා ගන්න බැ.  කොහොම හරි ඔන්න සිද්දිය සිද්ද වෙලා දැනට අවුරුදු 10 විතර වෙනවා. 
ඒ කියන්නේ අපි ඉස්කෝලේ යන දවස්වල. ඒ දවස් වල අපි සෙට් එක තමයි නුවර ඔරලෝසු කනුව ළඟ හිටපු ලොකුම වල ගැන්සිය. ඉස්කෝල කීපයකම එපාම කරපු එවුන් ටිකේ එකතුවෙන් තමා ඕක හැදිලා තිබුනේ. කොච්චර බස් තිබුනත් හැමෝම පොත අත්සන් කරන්න වගේ ඔතනට ඇවිත් තමයි යන්නේ. ඔතන අපිට සෙට් වෙලා හිටිය තව ටවුන් ආරච්චිලා කීප දෙනෙකුත්. ඔකේ එකෙක් හිටිය උදේ 7 වෙනකොට ඔතෙන්ට ඇවිත් රෑ 7 විතර වෙනකම් චාටර් වෙලා යන එකෙක් අපි කියමු මුට රංග කියලා කියමු. හැමෝම කිවේ ටවුන් එකේ යතුර තියෙන්නේ රංග අතේ කියලා. මු නැත්නම් ටවුන් එක අරින්න බැ කියල හිතලද  මන්දා මු මෙ උදේම ටවුන්  එන්නේ. වෙන මොකවත් නෙවේ කාලකන්නි කම පස්සපැත්තට අවුව ටිකක් වැටෙනකන් වත් නිදා ගන්න මුට පින නැ.

 මුගේ තාත්තා වැඩ කරේ පොලිසියේ හැබැයි මු පොලිස් කාරයෙක් ගේ  පුතෙක් කියලා නම් කියන්නවත් බැ. නැබිලියක් මුනින් නැවුවා වගේ කොන්ඩේ කපලා  ඒ දවස් වල ජනප්‍රිය codroil බෙල් බොටම් එක ඇඳලා තඩි badge එකක් තියෙන බෙල්ට් එකක්  දාල කිට මරලා තමයි ටවුන්  බහින්නේ. ඒ විතරක්නම් බැරිය නිතරම කඩු කැලි වලින් තමයි කතාව. අහන්නෙත් කඩු සින්දු නිතරම මුමුනන්නෙත් කඩු සින්දු අපිටත් ඒ දවස්වල කඩුව තියා කැත්තක් වත් හරියට බැරි හින්දා මු ඉතින් හෙන පොර සේ  තමයි හිටියේ. මු කියපුව ඇත්තද බොරුද කියලවත් දැන ගන්න අපිටත් තේරෙනවය ඉතින්.  ඔන්න ඔහොම ඉන්නකොට දවසක් අපි ඉස්කෝලේ ඉද්දි තමයි මෙන්න මෙහෙම වෙලා තියෙන්නේ.

ඔන්න සුද්දෝ දෙතුන් දෙනෙක් කෝච්චියේ ඇවිත් තියනවා නුවරට. ඇවිත් කෝච්චියෙන් බැහැලා මුන් ටික එතන ඉඳන් කෙලින් පාර නිසා ඔරලෝසු කනුව ලඟට එනකන් කොහොම හරි ඇවිත්. මුන්ට යන්න ඕන වෙලා තියෙන්නේ මාලිගාවට. ඔන්න බොලේ ඔරලෝසු කනුව ලඟට ඇවිත් මුන් ටික map එකක් පෙරලගෙන දැන් බලනවලු මාලිගාවට යන පාර. සැහෙන වෙලාවක් බැලුවත් මුන්ට හොයාගන්න බැරි වෙලා යන පාර. දැන් මුන් ටික වට පිට බලනවලු කාගෙන් හරි පාර අහන්න. වට පිටේ මිනිස්සු බොහොම කලබලෙන් එහාට මෙහාට යනවා නැවතිලා ඉන්න අය ලඟට යනකොට උනුත් හෙමීට මාරු වෙනවලු       කඩ්ඩ බැරි නිසා.  අනේ මෙන්න මේ වෙලාවේ තමයි අපේ කතා නායකයා මුන්ට පිහිට වෙලා තියෙන්නේ. පිහිට උනා කීවට මු කර මුලටම අහු වෙලා මේ සුද්දෝ සෙට් එකට. මොකද මු දැකලා නැ සුද්දෝ ටික මෙතන ඉන්නවා. එතන බස් එකක හිටපු කෙල්ලෙකුට පැණි පාර දාගෙන ඒ ගැන සම්පුර්ණ අවදානයෙන් හිටපු නිසා සුද්ද මු ලඟට එනවා වත් දැකලා නැ. සුද්දත් මු ලඟට ඇවිත් තියෙන්නේ මු කඩු සින්දුවක් විසිල් කර කර හිටපු නිසා මු හොඳ කඩු කාරයෙක් කියලා හිතලා. ඔන්න ලඟට ඇවිත් මුගෙන් දැන් අහනවාලු මාලිගාවට යන පාර. මුට දැන් මාරු වෙන්නත් බැ කෙල්ල බලාගෙන මු දිහා. දැන් දාඩිය එහෙම දාල මු බලාගෙන ඉන්නවලු සුද්ද දිහා. සුද්ද දැන් ආයෙත් අහනවලු කොහොමද මාලිගාවට යන්නේ. මුට තේරෙනවා අහන්නේ මේකයි කියල එත් උත්තර දෙන්න වචන සෙට් කර ගන්න බැ. වටේ මිනිස්සුත් බලාගෙන එහෙන් සීන් කරන කෑල්ලත් බලාගෙන දැන් ඉතින් මොනවා හරි කියන්නත් එපාය. මු දැන් මාලිගාව දිහාට ඇත දික් කරලා කියනවලු.

First junction .. .... No Junction  (ඔය කියන්නේ ඔරලෝසු කනුව ළඟ ඉඳලා යනකොට හම්බෙන පළමු තුම්මන් හන්දිය white house hottel එක ළඟ)
You Go 

second junction .... No      junction  (ඔය කියන්නේ ඔරලෝසු කනුව ළඟ ඉඳලා යනකොට හම්බෙන දෙවැනි  තුම්මන් හන්දිය FoodCity  එක ළඟ)
You Go 
  
third junction . .. ... No junction  (ඔය කියන්නේ ඔරලෝසු කනුව ළඟ ඉඳලා යනකොට හම්බෙන තුන්වෙනි   තුම්මන් හන්දිය වැව රවුම )
You Go 

Fourth Junction අන්න Junction හැරෙනවා වමට