මේ සිද්දිය උනේ මීට අවුරුදු 12 විතර කලින් ඒ කියන්නේ මෙතුමා පාසල් යන සමය. ඒ දවස්වල මෙතුමා හිටියේ 11 වසරේ. හැබැයි ඉතින් පෙනුමේ හැටියට මෙතුමාට අන්කල් කියලත් කතාකරන වෙලාවල් නැතුවාම නෙවේ. මෙතුමාත් ඉතින් ඕකට වැඩි අකමැත්තක් පෙන්නුවේ නැත්තේ ඕන තැනකට ගිහින් ඕන වැඩක් කරගන්න ඔය පෙනුම ගොඩක් උදවු උන නිසාමයි. හා ඒවා වැඩක් නැ කතාව මේකයි. ඔය කියන දවස්වල ජීවිතේ ලස්සනම කාලේ තමයි අපි හැමෝම ගතකරමින් හිටියේ. කිසිම බරක් පතලක් නැතිව හිතට එන දේ කරන්න කියපු කාලේ තමයි ඔය 10 වසර 11 වසර කාලේ. කවුරු හරි මොනවත් කීවොත් එවෙලේම ගේම ඉල්ලන ජීවිතේ පාවෙන ගන්දබ්බ අවදිය තමයි ඔය කාලේ. ඔය කාලේ මෙතුමාට තවත් හොඳ උනේ මෙතුමාගේ පියා විදේශ රැකියාවක් කරමින් හිටිය නිසා. මෙතුමාව ආම් බාන් කරන්න මෙතුමාගේ මවට සැහෙන මහන්සියක් දරන්න උනා. ඒ දවස්වල මෙතුමා හොඳ උස මහත හාදය කිසිම ප්රශ්නයක් නැතිව පාන් රාත්තල් 1,1/2 විතර බස්සන්න පුළුවන්. ඒ දවස් වල ඉඳලම මෙතුමාට ඔය අනිත් උන්නට වගේ love මාන්දම හැදුනේ නැ මෙතුමාට විතරක් නෙවේ මෙතුමාගේ පන්තියේ ගොඩක් දෙනෙකුට මේ අමාරුව තිබුනෙම නැ. හැමෝටම තිබුන උන තමයි ෆුට්බෝල් ගහන එක , වල බහින එක, බොන එක වගේ දේවල්. ගැනු ප්රශ්න නැති නිසා මේ දවස්වල මේ හැමෝගෙම අතේ යහමින් මුදල් ගැවසුනා. ඉතින් කට්ටියම සෙට් උනොත් කිසිම කතාවක් නැතිව රුපියල් 500/= ක් 700/= එකතු කර ගන්න පුළුවන්. හහ් ........ රුපියල් 500/= ක් කියන්නේ මොකක්ද කියයි මේක කියවන පොඩි එවුන් හිටන්. ඒ දවස් වල රුපියල් 500/= ක් කියන්නේ අද රුපියල් 5000/= විතර තමයි. කොටින්ම කියනවනම් ගල්ඔය අරක්කු බෝතලේ රුපියල් 95/= ඔන්න. එතකොට හිතා ගන්න පුළුවන්නේ අනිත් බඩුවල මිල. රුපියල් 700/= තිබුනොත් පන්තියේ කොල්ලෝ 20 ටම වැටෙන්න බොන්න පුළුවන්. අපරාදේ කියන්න බැ ඒ දවස්වල තිබුන අරක්කු වල හොඳ කමද නැත්තන් අපිට පොඩ්ඩ ඇත්නම් වෙරි වෙන නිසාද මන්ද 5 දෙනෙකුට එක ගානේ වැටෙන්න බෝතල් ගත්තහම ඔක්කොම ඩවුන් ඔං.
හා මේ අතුරු කතා නිසා ඔන්න ප්රධාන කතාව යට ගියා නෙව. ඔන්න ඔය කියන දවසේ උදේ මෙතුමා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනකොට මෙතුමා ගේ අම්ම ඇවිත් කියපි "ලොකු පුතේ අදනම් උයන්න බැරි උනා ඔයාට කඩෙන් තමයි කන්න වෙන්නේ " කියල. මේක ඇහුනා විතරයි මෙතුමාට Full Happy මොකද හැමදාම ගෙදරින් බත් අරන් යන මෙතුමාට සල්ලි දෙන දවසට අපරාදේ කියන්න බැ තුන් දෙනෙකුට විතර කන්න පුළුවන් ගානක් අතට දෙනවා. ඔන්න ඔය කියන දවසෙත් මෙතුමාගේ අතට දුන්න රුපියල් 50 ක්.
ඒ දවස් වල රුපියල් 50 කියන්න අද රුපියල් 500 ක් වගේ නිසා හිනා වෙන්න එපා රුපියල් 50 දුන්න කියද්දී. ඔන්න ඉතින් ඔය සල්ලි දුන්න දවසේ මෙතුමා ඉස්කෝලෙට අවේ උදේ 9 ත් පහු වෙලා. හෙමිහිට පොත් ටික සිකුරුට්ට අතට දීල මෙතුමා ගියා ඔන්න බර සැහැල්ලු කරන්න. බස් එකේ එද්දී උඩට ඇදුන ෂර්ට් එක යට කරලා අනිත් අඩු පාඩු ටික හදාගෙන ඔන්න දැන් මෙතුමා හෙමිහිට රිංගනවා පන්තියට දැන් ඉතින් උගන්න උගන්න ඉන්න මැඩමුත් හෙමිහිට බලල දැක්කේ නැ වගේ අහක බලා ගත්තා. අපි ඉතින් දැන් හදන්න මහන්සි වෙන අය නෙවේ. ඕන නම් හිටු නැත්නම් පල කියල තමයි අපිට දැන් සලකන්නේ. මෙතුමා ඉතින් ඔය ළඟ ඉන්න එකත් එක්ක හෙමිහිට ආගිය තොරතුරු කතා කර කර ඉන්න කොට ඔන්න ගැහුවේ නැද්ද බෙල් එක. දැන් ඉතින් තුන් වෙනි පීරියඩ් එක ඕක විතරයි මෙතුමා පන්තියේ ඉන්න ඉගන ගන්න එකම පීරියඩ් එක. ඔන්න බොහොම උනන්දුවෙන් මේ පීරියඩ් එක මෙතුමා ඉගන ගත්තා. දැන් ඉතින් හතර වැනි පීරියඩ් එක අතේ සල්ලිත් තියනවා කොහොම හිත හදාගෙන පන්තියේ ඉන්නද අප්පා. හෙමිහිට ළඟ හිටිය එකත් ඇදගෙන ගියා කැන්ටිමට. කැන්ටිමට ගියා විතරයි කොහේදෝ නැති බඩ ගින්නක් එක පාරටම කඩාගෙන අවා නොවැ. හේතුව මොකද මේ පීරියඩ් එකෙන් පස්සේ ඉන්ටවල් හින්ද කැන්ටිමේ ඇතුලේ හෝ ගලා කෑම ලෑස්ති කරනවා. සුවඳේ බැ. දැන් ඉතින් ඔන්න දෙන්න එක්කම බැස්ස වැඩේට. ඔන්න සිද්දිය live උනේ මෙන්න මෙහෙමයි.
ඒ දවස් වල රුපියල් 50 කියන්න අද රුපියල් 500 ක් වගේ නිසා හිනා වෙන්න එපා රුපියල් 50 දුන්න කියද්දී. ඔන්න ඉතින් ඔය සල්ලි දුන්න දවසේ මෙතුමා ඉස්කෝලෙට අවේ උදේ 9 ත් පහු වෙලා. හෙමිහිට පොත් ටික සිකුරුට්ට අතට දීල මෙතුමා ගියා ඔන්න බර සැහැල්ලු කරන්න. බස් එකේ එද්දී උඩට ඇදුන ෂර්ට් එක යට කරලා අනිත් අඩු පාඩු ටික හදාගෙන ඔන්න දැන් මෙතුමා හෙමිහිට රිංගනවා පන්තියට දැන් ඉතින් උගන්න උගන්න ඉන්න මැඩමුත් හෙමිහිට බලල දැක්කේ නැ වගේ අහක බලා ගත්තා. අපි ඉතින් දැන් හදන්න මහන්සි වෙන අය නෙවේ. ඕන නම් හිටු නැත්නම් පල කියල තමයි අපිට දැන් සලකන්නේ. මෙතුමා ඉතින් ඔය ළඟ ඉන්න එකත් එක්ක හෙමිහිට ආගිය තොරතුරු කතා කර කර ඉන්න කොට ඔන්න ගැහුවේ නැද්ද බෙල් එක. දැන් ඉතින් තුන් වෙනි පීරියඩ් එක ඕක විතරයි මෙතුමා පන්තියේ ඉන්න ඉගන ගන්න එකම පීරියඩ් එක. ඔන්න බොහොම උනන්දුවෙන් මේ පීරියඩ් එක මෙතුමා ඉගන ගත්තා. දැන් ඉතින් හතර වැනි පීරියඩ් එක අතේ සල්ලිත් තියනවා කොහොම හිත හදාගෙන පන්තියේ ඉන්නද අප්පා. හෙමිහිට ළඟ හිටිය එකත් ඇදගෙන ගියා කැන්ටිමට. කැන්ටිමට ගියා විතරයි කොහේදෝ නැති බඩ ගින්නක් එක පාරටම කඩාගෙන අවා නොවැ. හේතුව මොකද මේ පීරියඩ් එකෙන් පස්සේ ඉන්ටවල් හින්ද කැන්ටිමේ ඇතුලේ හෝ ගලා කෑම ලෑස්ති කරනවා. සුවඳේ බැ. දැන් ඉතින් ඔන්න දෙන්න එක්කම බැස්ස වැඩේට. ඔන්න සිද්දිය live උනේ මෙන්න මෙහෙමයි.
මචන් උඹ මොනවද කන්නේ.
උඹ කන එකක්ම ගනින් හැබැයි පුතෝ මගේ අතේ තියෙන්නේ රුපියල් දහයයි හරීද
හරි බන් මම සල්ලි ගැන ඇහුවද..........අයිය අපිට දෙන්නකෝ ඉඳිආප්ප
මට 20 ක් දාන්න මෙයාට 10 ක් දාන්න
අනේ මල්ලි තවම ඉන්ටවෙල් එකට බෙල් කරේ නැනේ ප්රින්සිපල් අවොත් අපිත් ඉවරයි
අනේ මල්ලි තවම ඉන්ටවෙල් එකට බෙල් කරේ නැනේ ප්රින්සිපල් අවොත් අපිත් ඉවරයි
මේ පිස්සු කෙලින් නැතිව ඉන්න අයිය ....පිනා අවොත් අපි බල ගන්නම් ඔයා ඉඳිආප්ප ටික දාන්න නැත්තම් ඉතින් හෙට වහලේ නැතිව තමයි කැන්ටිම කරන්න වෙන්නේ.
මෙතුමා ඉතින් සැලෙයිද ඔය ඉඳිඅප්ප 20 කට දුන්න පිගාන කැන්ටිමේ අයියට "දාන්න අයිය තව 20 ක්" අම්මපල්ල අපේ කැන්ටිමේ අයියා හදන හොද්දත් එක්ක ඉඳිඅප්ප නෙවේ කළුගලක් උනත් පොඟවගෙන කන්න පුළුවන් එතරමට සුවඳයි රසයි ඔය හොද්ද. තක්කාලි, හාල්මැස්සෝ, ලීස්, අල තව ඔය රටේ තියන අඩුම කුඩුම ඔක්කොම දාල තමයි ඔය හොද්ද හදන්නේ. ෂාහ් .. මතක් වෙනකොටත් ඔන්න බඩගිනි එනවා. කොහොම හරි කිසි ගේමක් නැතිව ඒ 20 ත් කාල ඉවර කරා. එත් ඉතින් මෙතුමාට නම් දැනුනෙවත් නැ මොනවා හරි කෑවා කියල තව සල්ලිත් තියන එකේ මොන මඟුලක් හරි කියල දුන්න පිගාන තව සැරයක් "දාන්න අයිය තව විස්සක්" ඔන්න බොලේ කැන්ටිමේ පොරගේ මුණ තමයි ඒ වෙලාවේ බලන්න තිබ්බේ. පොරට දැන් අපි ෂුවර් නැ ඇයි යකෝ කාපුවට සල්ලි දීලත් නැ පොර හිතන්නේ අපි හෙමිහිට මාරු වෙයි කියල. පොර කියනවා
අනේ මල්ලි අද ඔක්කොම ඉඳිඅප්ප 100 යි ගත්තේ.
උදේ ඉඳිඅප්ප 20 ක් සර් ල දෙන්නෙක් ඇවිත් කෑවා දැන් ඔය දෙන්න ඉඳිඅප්ප 50 ක් කෑවා.
තව තියෙන්නේ ඉඳි අප්පා 30 යි.
හැමදාම සමරතුංග සර් දවල්ට කන්නේ ඉඳිඅප්ප එයාට විස්සක් තියන්න ඕන.
නැත්නම් මට Case ඒ ඉඳිඅප්ප ටිකනම් ය දෙන්න බැ මල්ලි.
අනේ මේ පිස්සු කෙලින් නැතිව ඉන්න අයිය. මොකද අපේ සල්ලි ආණ්ඩුවෙන් අච්චු ගහපුවා නෙවේද?
ඉස්සරලා ඉල්ලුවේ අපි.
මෙන්න සල්ලි දෙන්න ඉඳිආප්ප ටික.
අනේ මල්ලි 20 ක් සමරතුංග සර් ට තියන්න ඕන 20 ක් නම් දෙන්න බැ
එහෙම කොහොමද සල්ලි දීල බඩු ඉල්ලනවානම් ඔය නොදී ඉන්නේ . එයාට ඕනනම් උදේම ඇවිත් අරන් යන්න තිබ්බ. මට ඒවා වැඩක් නැ මෙන්න සල්ලි දෙන්න. දෙන්න ඉඳිආප්ප ටික.
අනේ මල්ලි 20 ක් නම් බැ තව 30 යි තියෙන්නේ ඔයාට 10 ක් දෙන්නම්.
කොච්චර කිවත් පොර නහයෙන් අඬනවා. බැරිම තැන මමත් තව 10 ක් අරන් කාල. ප්ලේන්ටියක් එහෙමත් ගහල දැන් ඉතින් ඔන්න ගියා එලියට. හැබැයි ඉතින් එලියට ගියාට තවම හිත කොහොම හරි ඉතිරි ඉඳිආප්ප ටික ගැනම තමයි. ඔක්කොටම වැඩිය සමරතුංග සර් මගෙත් එක්ක කොක්ක හින්ද කොහොම හරි ඕක ගන්නම තමයි හිතෙන්නේ.
ඔන්න දෙන්නත් එක්කම හෙමිහිට පන්තිය පැත්තට යනවා. අඩේ පන්තියේ කවුරුත් නැ. ඒ කියන්නේ මේ පීරියඩ් එකේ සිංහල මැඩම් ඇවිත් නැ කියන එකයි. සෙට් එකම පිට්ටනියේ. අපිත් හෙමිහිට ඒ පැත්තට ගියා. යනකොට සෙට් එක ක්රිකට් ගහනවා. අපි දෙන්නත් දෙපැත්තට ගත්තා. මගේම වෙලාවට මම වැටුනේ බැටින් කරන පැත්තට. දැන් ඉතින් පැවිලියන් එකට වෙලා ඉඳගෙන අපි සෙට් එකම ඉන්නවා. ඔන්න ඒ වෙලාවේ එකෙක් කතා කරා පම්ප් එකක් දාන්න යන්න මටත් ඉතින් පොඩි අමාරුවක් තිබුන නිසා මාත් උත් එක්ක ගියා. ඔන්න බොලේ වැඩේ කරලා එලියට ඇවිත් ළඟම තියෙන ටැප් එකෙන් ඇත හෝදන්න නැමෙන කොට මෙන්න එතන බිම රුපියල් 20 ක්. ටක් ගාල අහුලා ගත්තා. දැන් ඉතින් කෙලින්ම හිතට අවේ ඉතිරි ඉඳිආප්ප ටික. වෙලාවට මේ සැරේ මමත් එක්ක ගියේ මගේ එල ෆිට් එකක් ඒ හින්දා සමරතුංග සර් ගේ ස්ටොරිය මුටත් කියල දෙන්නම ගියා කෙලින්ම කැන්ටිමට. දැන් ගිහින් මු සල්ලි දීල ඉඳිආප්ප ඉල්ලනවා. කැන්ටිමේ පොර නැ කීවා . මම ටක් ගාල අරුට ඉඳි ආප්ප තියෙන තැන පෙන්නුවා. දැන් කැන්ටිමේ අයිය කියනවා "ඒක දෙන්න බැ මල්ලි ඒක සමරතුංග සර්ට තියල තියෙන්නේ" කියල. අරුයි මායි දෙන්නම දැන් ගේම ඉල්ලනවා කැන්ටිමේ පොරගෙන්. "එහෙම කොහොමද අපිට ඒ ඉඳිආප්ප ටික ඕන අපිත් සල්ලි දීල බඩු ගන්නේ නැත්නම් බලාගමු" කියලා. අන්තිමට බැරිම තැන පොර අපිට ඉඳිආප්ප ටික දුන්න. "හැබැයි මල්ලි සමරතුංග සර් ඇහුවොත් මම කියනවා ඔයගොල්ලෝ තර්ජනය කරලා ඉඳිආප්ප ටික ගත්තා" කියලත් පොර කියපි. අපිත් ඉතින් ගේමක් නැති නිසා. ඔයාට සමරතුංග සර්ට බැරිනම් ගිහින් ප්රින්සිපල්ට හරි කියන්න. කියල. ඒ ඉඳිආප්ප 20 ත් මෙතුමම කාපි. මමත් එක්ක ගියා ඒක වැඩිපුර මනාප එළවලු රොටි වලට නිසා මු එළවලු රොටි දෙකක් ගත්තා. මම ඉතින් අද වගේම එදත් speed කන හින්ද මු එළවලු රොටි දෙක කන්නත් කලින් ඉඳිආප්ප 20 කාල ඉවරයි. දෙයියනේ කියල ඔය කාලෙට ගල් කෑවත් දිරවන නිසා මට දැනුනේ ඒ ඉඳි ආප්ප 20 ට කලින් මම මොනවත් කාල හිටියේ නැ වගේ ඔං. ඉතින් මම කාල අරු අර එළවලු රොටිය ලැටි ගානවා බල බලා ඉන්න බැරි තැන ගත්තා තව එළවලු රොටි දෙකකුත්. දැන් ඉතින් එකත් ඔන්න කෑවා. කාල දෙන්න ප්ලේන්ටි 2 කුත් ගහල බිල බැලුව. ඔන්න ඔක්කොම ගාන රුපියල් 18.50 තව 1.50 ඉතිරියි මේක මේ හවුලේ ඇහිඳපු රු 20 හින්ඳා ඒක දීලා තව සත 50 ක් අතින් දාල වඩේ 2 කුත් අරගෙන කකා ගියා ඔන්න පිට්ටනියට.
දැන් ඉත්න් කිසි කෙස් එකක් නැ. සෙල්ලම් කරලා ඉන්ටවල් එකත් ඉවර වෙලා අපි ගියා පන්තියට. මම හිතුවේ සමරතුංග කාරය මල පැනල මාව හම්බෙන්න එයි කියල. අනේ කිසිම සද්දයක් නැ. එදා දවස ඉවරයි මමත් ගෙදර ගියා.
මෙන්න බොලේ පහුවදා ඉස්කෝලේ ආව විතරයි හැමෝම නිකන් මගේ දිහා බලනවා මම මේ එදා අලුතින් ඉස්කෝලෙට අපු එකෙක් වගේ කෙල්ලොයි කොල්ලොයි ගුරුවරුනුයි ඔක්කොම නිකන් සතෙක් දිහා බලනවා වගේ මගේ දිහා බලන්නේ. මම් බැලුව යකෝ ෂිප් එකවත් අරගෙනද කියලා එහෙමත් නැ. පොඩ්ඩක් කලිසමේ පිටිපස්ස අතගාල බැලුව ඉරිලද කියල එකත් නැ . මෙ මොන මඟුලක්ද යකෝ මේ කියල ගියා පුරුදු විදිහට කෙලින්ම ටොයිලට්. වෙනද විදිහටම ඔක්කොම කරලා පන්තියට එනකොට මෙන්න බොලේ මගදී අපේ සිංහල මැඩම් හම්බුනා.
මම එනකන්ම යන්න ගියා ගමනත් නවත්තලා බලාගෙන හිටපු මැඩම් කතා කරා ලඟට. මමත් ඉතින් බැලුව මැත ඉතිහාසයේ කිසිම චාටර් වැඩක් කරපු නැති නිසා ඇයි මේ මට කතා කරන්නේ කියල.
මෙන්න බොලේ ලඟට ගියහම මගෙන් අහනවා පුතා ඔයාගේ තාත්තා කොහෙද වැඩ කරන්නේ කියල. මම කිව එයා රට ඉන්නේ මැඩම් කියල. දැන් අහනවා ඔයා විතරද ඔයාලගේ පවුලේ ඉන්නේ කියලා. මම කිවා නැ මැඩම් මල්ලි කෙනෙක් ඉන්නවා කියල. එතකොට අහපි එයත් ඔයා වගේමද කියල. මම කිව ඔවු මැඩම්. මෙන්න බොලේ මේ මනුස්සය කියනවා එහෙනම් ඉතින් ඔයාලගේ තාත්තට හැමදාම රට තමා ඉන්න වෙන්නේ කියල. මට ඒක පාරටම මීටර් උනේ නැ සිද්දිය. මම ඇහුව ඇයි මැඩම් කියල. නැ ඉතින් ඔයාල දෙන්නට කන්න දෙන්න මෙහෙ ඉඳල බැනේ හොඳ වෙලාවට ඔයාල දෙන්නෙක් උනේ තව දෙන්නෙක් උනානම් අම්මටත් රට යන්න වෙයි කියලා. විලි ලජ්ජහවේ සන්තෝසේ පන ගියා ඒ කතාවට. මම ඉතින් හෙමිහිට ආව පන්තියට. මෙන්න මම එනකන් බලාගෙන ඉන්නවා මුළු පන්තියම. මම ඉතින් කිසිදෙයක් දන්නේ නෑ වගේ ඇවිත් ඉඳගත්ත. එතකොට තමයි ළඟ ඉන්න එකා කිවේ
"යකෝ තෝ ඉඳිආප්ප 60 ක් කාල කියල දන්නවනම් කීයටවත් මම තොට ඉතිරි ඉඳිආප්ප 20 අරන් දෙන්නේ නැ. බලාපිය තෝ හැමදාම එන්නේ පරක්කු වෙලා අද තෝ වෙනුවට මමයි අමිලයි දෙන්නම ස්ටේජ් එකට නැග්ග රැස්වීමේදී. ප්රින්සිපල් මුළු ඉස්කොලෙටම ඇහෙන්න කතාව කිවා යකෝ. බලාපිය අපි පෙන්නල කිවා මුන් වගේ එවුන් තමයි අනිත් මිනිස්සුන්ගේ බඩවල් ගැන නොහිත කවද හරි මේ රටම කාල විනාස කරන්නේ කියල.
කොහොම කටක් ඇරලා කියන්නද ආප්ප මේ කතාව
එදා මම කාල තියපු ඒ record එකා අදටත් කඩලා නැ ඉස්කෝලෙට ආපු එක කොල්ලෙක් වත්
ඔන්න තියනවා ටෝටල් බිල් ඒක
ඉඳිආප්ප 80 6 x 8 රු 48 (මම කෑවේ 70 යි )
එළවලු රොටි 4 2.50 x 4 රු 10 (මම කෑවේ 2 යි )
ප්ලේන්ටි 3 1.25 x 3 රු 3.75 (මම බීවේ 2 යි )
වඩේ 2 1 x 2 රු 2 (මම කෑවේ 1 යි )
හැබැයි දැන් නම් ඔයා විදිහට කන්න බැ.
සිංහල මැඩම් කිව හරි අපේ තාත්තා වැඩි හරියක් හිටියේ රට තමයි.
හික් හික් මාර කෑමක්නේ....මටනං උපරිම 30-35....
ReplyDeleteඒ උනාට මටනම් එදා දැනුනෙවත් නැ ඔච්චර ගොඩක් කෑවා කියල. තව තිබ්බනම් තව කන්න තිබ්බ. දැනුත් ඉතින් හොඳට මාළු පිනි තිබ්බොත් 50 කට එහා Run කරන්න පුළුවන්.
ReplyDeleteඒක කියෙව්වම මටත් බය හිතුනා. දැන් නිශාන්ත රට ගිහින් ඉන්නෙ ඇයි කියලා මට තේරුනා.
ReplyDeletehenryblogwalker the Dude
යකාගේ කෑමක්නේ... හොඳ වෙලාවට තාත්ත රට ...
ReplyDeleteමාර කෑමක්නෙ යකෝ..
ReplyDeleteඅපේ පැත්තෙ මනුස්සයින්ට මලපෙරේතයො භූතයො වැහුනාමත් ඔහොම කනව බං...
@ දිසා
ReplyDelete@ මල්ලි
ඒ දවස් වල ආය අමුතුවෙන් වැහෙන්න බුතයෙක් ඕන නැ. බුතයා තමා.
ස්කෑන් කරලා බැළුවනම් යාලුවා බඩේ හිඟන්නෙක් ඇති මම හිතන විදිහට.හිකිස්...
ReplyDeleteකලින් දවසක මම මේ බ්ලොග් එක කියෙව්වා . හදිස්සියට ලිපිනය කොපි කරන්ඩ බැරි උනා , දැන් ඒකත් හරි , ලියහංකෝ බං මොනවා හරි
ReplyDeleteකොහෙටද ඔච්චර කෑවේ...?
ReplyDeleteයකෝ තොගෙ බඩ රබර්ද?? මට උපරිම කන්න පුලුවන් 30 35 ක් වගේ තමා.. ඒ ටික කාලත් බඩ උඩ දාගෙන තම ඉන්න වෙන්නෙ...
ReplyDeleteජීවිතය සුන්දරයි....
හිකිස්... ඔයාගෙ බඩේ හිගන්නෙක් නෙවෙයි හිගන පවුලක්ම පදිංචි වෙලා ඇති. ඒ පවුලෙත් ඔයා වගේ කෙනෙක් ඇති.. :D
ReplyDeleteඅටමගෙ පෝස්ට් එකේ තිබ්බ ලින්ක් එකෙනුයි මං ආවෙ ඔන්න....
යකෝ ඕක බඩක්ද ? ඉඳි ආප්පයක් බත් ඇටයක් සයිස්ද ?
ReplyDeleteඅලුතෙන් ලියපිය මොනා හරි....
ReplyDeleteකවුරු නැතත් මේ කතාව මං විස්වාස කරනවා.. මොකද ඒ දවස්වල උදේට මමත් ඉඳි ආප්ප 60 ක් කනවා.. මල්ලි 80යි... ඕක කාටවත් කිව්වොත් විස්වාස කරන්නේ නැති හින්දා තමා අතන ලියන්න නොගියේ... මටනං දැන් එහෙමට බැටින් කරන්න බැහැ... (හිතුවොත් බැරිත් නැහැ) ඒත් අපේ මල්ලි තාම එහෙමයි.. ඌට උදේට කන්න පාන් දෙක හමාරක් අදටත් මදි... බත් කොරහක් කාලා කට දැවිල්ලට පාන් ගෙඩියක් කාලා තමා නවතින්නේ...
ReplyDeleteයකෝ තොපේ මල්ලිගේ ගෑණිට බත් තම්බලම එපා වෙනවා ඇති
Deleteයකෝ ලියාපංකෝ
ReplyDelete