මම මේ වැඩ කරන්න අපු තැනට තවත් කෙනෙක් වැඩට ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් මෙතන ඉන්න මගේ ලොක්කත් ලංකාවේ කෙනෙක් නිසා අපි දෙන්නගෙම අදහස ලංකාවේ කෙනෙක්ම මෙතනට ගන්න. මේ ගන්න කෙනාගේ කැපවීම මත තවත් කෙනෙක් මෙතනට ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි ලංකාවේ කෙනෙක්ම ගෙන්න ගන්න හිතුවේ. හැබැයි ආයතනයේ අදහස ඉන්දියන් ජාතිකයෙක් වැඩට ගන්න මොකද ඉන්දියන් ජාතිකයින් කිසිම කොන්දේසියකින් තොරව අඩු පඩියට වැඩට එන්න සුදානමින් ඉන්නේ. හරි වැඩි විස්තර ඔන්න මෙහෙමයි.
මම වැඩ කරන ආයතනය මේ රටේ තියන ප්‍රධාන ආයතන වලින් එකක්. ඉතින් මෙතනට ඕන වෙලා තියනවා Sales manager කෙනෙක් හෝ Salesgirl කෙනෙක්. මෙතන විකුනන්න තියෙන්නේ Mobile Phones . බොහොම පහසු වැඩ මුරයක් තමයි තියෙන්නේ කොටින්ම කීවොත් ලංකාවේ අපි වැඩ කරන විදිහට නිකන්ම තමයි ඉන්න තියෙන්නේ. හරියටම පැය 8.00 විතරයි වැඩ. නවාතැන් පහසුකම් ආයතනය විසින් සපයනවා. කෑම බීම වියදමින් 2/3 ක් ආයතනය සපයනවා. ඉතිරි 1/3 ක අපේ පඩියෙන් දෙන්න ඕන. සමහරු නම් ආයතනයෙන් දෙන කෑම වියදමින්ම මාසේ ශේප් කරගන්නවා. "ගල්, පොල්, මල් " මොනවත් නැති නිසා වෙන කිසි වියදමක් නම් නැ. දෙයියනේ කියල ගන්න පඩිය ඉතිරි කරන්න පුළුවන්.
සුදුසුකම් වෙන්නේ මෙන්න මේවයි
පිරිමි කෙනෙක් නම් හොඳ English දැනුමකුයි Tamil ටිකක් හරි කතාකරන්නයි පුළුවන් වෙන්න ඕන. පරිගණක සහ ජංගම දුරකථන පිලිබඳ දැනුමකුත් තියෙන්න ඕන. පොඩි electronic දැනුමකුත් තියෙනවනම් එක ලොකු වාසියක්. Phone ගැන පිස්සුවක් තියනවනම් හොඳටම හොඳයි. අනිත් ඒවා ඉතින් ඔය හැමෝම බලන සුදුසුකම් තමයි. අලවි කරණය ගැන මහා ලොකු දැනුමක් ඕන නැ නමුත් එන මනුස්සයකුට හොඳින් කතා කරලා අවශ්‍යතාව තේරුම් අරගෙන වැඩ කරන්න පුළුවන් නම් ඒ ඇති.
ගැහැණු කෙනෙක් නම් හොඳ English දැනුමක් අනිවා. Tamil ටිකක් හරි කතාකරන්න පුළුවන් නම් ගොඩ . පරිගණක පිලිබඳ දැනුමකුත් තියෙන්න ඕන. අනිත්ව පෙර පරිදිම තමයි. electronic දැනුමක් අවශ්‍ය නැ. දන්නවනම් ගොඩම ගොඩ.
හොඳින් තේරුම් ගන්න මේක තනතුරු දෙකක් බව. බය වෙන්න දෙයක් නැ හොඳ සාම කාමී පරිසරයක තමයි වැඩ කරන්න තියෙන්නෙත් ඉන්න තියෙන්නෙත්. බොහොම විනෝදයෙන් ඉන්න පුළුවන්. විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක් විතරයි ඕන නැත්නම් ගෙන්න ගත්ත මමයි අපු කෙනයි දෙන්නම pack කරලා ගෙදර ......හරිය.
හැමෝටම දැනගන්න ඕන ඇතිනේ පඩිය. පිරිමි කෙනාට ලක්ෂ බාගෙකට ටිකක් වැඩි පඩියක් ගන්න පුළුවන් වෙයි. ගැහැණු කෙනාට අරට වඩා ටිකක් අඩු පඩියක් තමයි ලැබෙන්නේ ඒවා ගැන වැඩි විස්තර කතා කරන්න පුළුවන්.
කැමති කවුරු හරි ඉන්නවනම් itnishantha@yahoo.com එකට mail කරන්න පුළුවන් skype id එකකුත් එවන්න අමතක කරන්න එපා.
ගොඩාක් පිං සිදුවෙන වැඩක්..ඒත් අයියෙ පරිස්සමෙන්...අවශ්‍ය කෙනා,වඩාත්ම සුදුසු කෙනා හොයාගෙන ඕක දෙන්න...ඔයාගෙ ජොබ් එක බේරගන්න බලන්න ඊට පස්සෙ මුලින්ම..අපේ මිනිස්සු නපුරුයි..දරුනුයි...කුහකයි.............
ReplyDeleteරැකියාවට ඉල්ලුම්කරන්න අදහසක් නැතිඋනත් පිටරටක ඉදල ඔබ කරන සේවය අතිමහත්. තමන්ගෙ රටේ කෙනෙකුට මේ චාන්ස් එක අරගෙන දෙන්න ට්‍රයිකරන එක බොහොම හොදයි. ඒක තමයි වෙන්න ඕන.
ReplyDeleteකියල වැඩක් නෑ,මෙහෙම මිනිස්සු තම අපිට ඉන්න ඕන.ඔන්න මමත් මාර්තු වල අයින් වෙලා යනවා ,කැමති කෙනෙක් මේ වෙබ් එකට ලොග් වෙලා ලියුමක් දාල බලන්න,හරි ගියොත් පළවෙනියට රට යන කෙනෙකුට හොඳය කියල හිතන්න පුළුවන් ජොබක්.
ReplyDelete" http://aalcoqatar.com/ "
දාලා තියන පෝස්ට් එකට මගේ හිස නමා ආචාරය ......
ReplyDeleteඇත්තෙන්ම මෙහෙම කරන්න පුලුවන් හොඳ හිතක් තියෙන කෙනෙක්ට විතරයි.
ReplyDeleteකවුරු කොහොම ගෝත්‍රික ගති කිව්වත් අපි කැමති අපේ කෙනෙක්ට හරි යනවට . . .
මම නම් ඒ ගෝත්‍රික ගතියට බොහෝම කැමතියි. (මමත් ගොඩක් වෙලාවට එහෙමයි හික්ස්)
ජය වේවා.
ස්තුතියි හැමෝටම
ReplyDeleteකියන්නත් සන්තෝසයි ලංකාවේ හිතන තරම් රැකියා ප්‍රශ්නයක් නැති බව දැනුන එකම mail එකක්වත් අපු නැති එකෙන්.
ඇත්තටම මගෙ සිංහල බ්ලොග් එකේ නමත් මට හිතෙන හැටි. හැබැයි ඒක වර්ඩ්ප්‍රෙස්. මම වැඩකරන්නෙත් itnishantha වැඩකරන රටේමයි. henryblogwalker ගූගල් කරාම මගෙ බ්ලොගියට ගියෑකි.
ReplyDeleteමේ පෝස්ට් එක කියෙව්වාම හිත හොඳ එකෙක් කියලා තේරුන නිසයි මේ කමෙන්ට් එක දාන්න හිතුවෙ. හැබැයි පරෙස්සමෙන්. හැමෝම ඔය වගෙ නෑ.
henryblogwalker the Dude