මමත් ඉතින් දවස් දෙකකට පහුං ගමේ එවුන් දෙන්නෙක් එක්ක උදේම ගියේ නැතැ ඕක බලන්න. නැ ..නැ.. නැ ගමේ මිනිස්සුන්ට ලයිට් දෙන්න වෙයි කියලා අර කන්ද උඩ ඉඩම ගත්ත හාදයා පාර දිගේ ලයිට් වයර් අදින්නේ නැතිව හැතප්ම ගානක් ඈත කැලෙන් ලයිට් ගත්ත පැත්තෙන් නෙවේ අනිත් පැත්තෙන් මම නැග්ගේ. හම්මේ සංසාරේ ඕන්නැ ඔය කන්ද බඩගාන්න ගත්තම. කොහොමින් කොහොම හරි ඔන්න පාරක් තොටක් තියන දුර නැග්ග කියමුකෝ. එතැන් ඉඳන් ඉතින් මහා කැලේ තමා, ඉලුක් මුකලාන, කූඩලු විමානේ. ආය ඉතින් කීවට විස්වාස
කොරන්න ඔං අපේ මැදගිල්ලට වඩා ලොකුයි මුං. ආය එකෙක් එල්ලුනොත් ලේ පයින්ට් භාගයක් වත් බොනවා බොනවම තමයි.
කොහොමින් කොහොම හරි ටික දුරක් යනකොට ඔන්න මං එක්ක ගිය උන් දෙන්නා තවදුරටත් යන්න බැ කියලා ගමන නැවැත්තුවේ නැතැ. කොච්චර කණීපින්දම් ගෑවත් මුන් නෙවේ කැමති උනේ. හෙහ් .. අපි සැලෙයි ඕවාට. ඔය හැටි පුකට වඳින්න බැරි හිංදා මම දැන් තනියම ගමන. මුන් දෙන්නා හැරිලා ගියා. දැන් ඉතිං කොහොමෙන් කොහොම හරි වත්ත පේන මානයට අවා කියමුකෝ. ඔන්න එතකොට මට පේනවා වත්තේ ඈත කෙළවරක තියන මහා විසාල රට දෙල් ගහක් බස බස ගාලා හෙල්ලෙනවා. මම හිතුවා "හරි එකත් එකටම මේ ගහ මොකුන් හරි සෙට් එකක් හොරෙන් කපනවා" . එත් මට කල්පනා උනා යකෝ දෙල් ලී අහවල් කෙහෙල් මලකටද කියලා. කියන්න බැනේ බෝ ගස් කපලා "බුදු හේත්තු" කියලා විකුණන එකේ ආය මුන් දෙල් ගහක් නොකපා අරීද. අද අල්ල ගන්නම් අතටම කට්ටිය කියලා මමත් හෙමිං , හෙමිං ගහෙන් ගහට මුවා වේවි කිට්ටු කරා ගහ ලඟට. ම්හු ..බලු බල්ලෙක් පේන්න නැ හැබැයි බොලේ ගහ නම් හෙල්ලෙනවා නිකං අලි දෙන්නෙක් දෙපැත්තේ ඉඳන් පිට අතුල්ලනවා වගේ. මට දැන් බයත් හිතෙනවා ඇයි යකෝ බලු බල්ලෙක් නැතිව මෙච්චර පත ගහක් කොහොමෙයි මෙහෙම හෙල්ලෙන්නේ. ටිකක් වෙලා හෙමීට බලන් ඉඳලා මමත් ටිකෙන් ටික කිට්ටු කරා ගහ ළඟටම. ම්හු..අලි කොහෙද මේ කැලේ. අලියෙක් තියා හරකෙක්වත් පේන්න නැ. හැබැයි ඉතින් වල් ඌරු විමානේ හිංදා මට නොපෙනෙන පැත්තෙන් වල් ඌරෙක් වත් ගහට පතබානවද දන්නැනේ කියලා හිතලා. වටෙන්..වටෙන් ..හෙමින් ..හෙමින් ගියේ නැද්ද ගහේ අනික් පැත්තට. මොන , ඒ පැත්තෙත් මොකෙක්වත් නැ. මට දැන් නම් ෂුවර් අනිවා මේක අමනුස්ස වැඩක්. අනිවාර්යෙන් රුක් දෙවියෝ දෙන්නෙක් මේ ගහ බෙදා ගන්න බැරිව ෆයිට් කොරනවා. එතකොට තමා මේ ගහ මේ හෙල්ලෙන්නේ. මොකෝ උන්නැහේලාට ඉන්න දැන් ලොකු ලොකු වටිනා ගස් තියේය. දැන් ඉතින් උන්නැහේලට පැපොල් ගහටත් ඇරගන්න වෙලා තියෙන්නේ. මොකද අර උන්නැහැගේ හෙන්චයියෝ ටික ඔය පැත්ත දැන් සුද්ද කරලා ඉවරනේ.
ඕන පුකක් ප්‍රීති වෙසක් කියලා හෙමින් හෙමින් කිට්ටු කරා ගහ ළඟටම. ගිහිං හොඳට අත ගාලා බැලුවා හෙල්ලිල්ල නවතීද කියලා.මොකද ඔය දෙයිවරු කැමති නැ නොව මනුස්ස ඉස්පර්සයට. මොන පිස්සුද තවත් ගහ හෙලවෙනවා පෙර ලෙසටම. හොඳට ලංවේලා උඩ ඉඳන් පහලට වටේම බලාගෙන ආවා. කිව්වට විස්වාස කරන්න ආයිබෝං ගහ පාමුල කූඩෑල්ලියක් ගහට පිට දීලා හේත්තුව දාගෙන පැටවුන්ට කිරි දෙනවා පැටවූ රොත්තම කිරි බොන්න පොර කන පොරකැවිල්ලට තමා ගහ හෙල්ලෙනේ ඔං.
අවාසනාව කියන්නේ, ඔහේලට කියන්න මම මුන් ටික දකිනකොටම මේ කූඩෑල්ලිත් මාව දැක්කා නොවැ. දැක්ක විතරයි ඔං මගේ ලේ සුවඳට මෙකි පිස්සු වැටුනා. එක පාරට පැටවූ ටිකත් පෙරළන් ආවේ නැද්ද මගේ පැත්තට. හැරුනා අනිත් පැත්තට මම හුරේ රන්. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම දිවුවා කැලේ කඩාගෙන. නැග ගන්න සයිස් ගහක්වත් නැ වට පිටේ අර උන්දැට පින් සිද්ද වෙන්න. වාසනවාට අවුරුදු 6,7ක් වයස පොල් ගහක් සෙට් උනා.ආය මොනවා හිත හිත ඉන්නද බස ගාල නැග්ගා ගහේ කරටියට. ඇයි අප්පේ බැරි වෙලාවත් ඔය කූඩෑලු සෙට් එකට අහු උනානම් bleed ද මොකක්ද වෙලා මැරෙන්නේ ඔං. ගමන් මහන්සියටයි බය උන බය විල්ලටයි පොල් කරටිය බදාගෙන එහෙම්ම නින්ද ගියා.
කොහොමින් හරි පැයක් හමාරක් නින්ද යන්න ඇති ඇහැරිලා බලනකොට මෙන්න බොලේ අපේ ගෙවල් ළඟ තියන ඇල පාර මට පේනවා. ඒ විතරක්යැ පාරේ වාහන යන සද්දෙත් ඇහෙනවා මට දැන් නම් ෆුල් අවුල් ඇයි යකෝ මම මේ හීනයක්වත්ද දකින්නේ. කෝකටත් පොඩ්ඩක් කොනිත්තගෙන බැලුවා. ම්හු.. මම ඇහැරලා තවමත් පොල් කරටිය බදාගෙන ඉන්නේ. හැබැයි බොලේ පොල්ගහ තාලෙට දෙපැත්තට පැද්දෙනවා. මම බැලුවා යකෝ මේ මොකක්ද කියලා. කීවට විස්වාස කරන්න නැත්තන් ඕන මඟුලක් කරගන්න යකෝ පොල්ගහ ඇවිදිනවා. මම දඩි බිදී ගාල බැහැ ගත්තා ගහෙන්. බැහැලා පොඩ්ඩක් ඈතට වෙලා බැලුවා යකෝ මේ මොකක්ද කියලා. බලනකොට මට පේනවා පොල් මුල. මොකක් වෙන්න ඇති කියලද ඔහෙලා හිතන්නේ. මේ පොල්ගහ තියෙන්නේ බොලේ දාර පිඹුරෙක් උඩ නෙව. ඔහෙලා හිතයි මේක අමු මුසාවාදයක් කියලා. මමත් හීමිට ලං වෙලා බැලුවා යකෝ පිඹුරෙක් පිට කොහොමෙයි පොල්ගහක් හැදෙන්නේ කියලා. මෙන්න මේකයි වෙලා තියෙන්නේ මේ පිඹුරා මීට අවරුදු බර ගානකට කලින් කොහෙන් හරි අල්ලාගෙන තඩි ගෝනෙක් ගිලලා. ඔහේලා
දන්නවනේ ආය පිඹුරෝ හපලා කනවා කියලය. බුග් ගාල ගිල්ල අර ගෝනව අං තට්ටුව පිටින්ම. කොහොම හරි ගෝනා දිරෙවුවට අං දෙක දිරවා ගන්න බැරි උනා. මේ අං දෙක කොහොමින් කොහොම හරි පිඹුරගේ පිට හිල් කොරන් ඇවිත් එලියට. ඔන්න ඔහොම අං තට්ටුවකුත් බඩ මැද තියාගෙන පිඹුරා එහෙ මෙහේ යනකොට කොහොම හරි පොල්ගහක් යටින් යනකොට වැටුණු පොල් ගෙඩියක් අර අං තට්ටුව උඩට වැටිලා එකේ ඇමිණිලා තිබිලා පැල වෙච්චි පොල් ගහට තමයි බොලන්ලා මම එවෙලේ ගොඩ වෙලා තියෙන්නේ.
මේ පුදුමේ ගමේ උන්ට කියන්න මම දීවේ නැද්ද ගමට. අනේ අවාසනාවට ගමේ උන්ටික එකතු කරගෙන එනකොට පොල්ගහවත් පිඹුරවත් පේන තැනක නැ. ගමේ උන් ඔක්කොම මට දොස් කියන්න ගත්තා මේ ගජබින්න අතාරිනවා කියලා. මගේ වාසනාවට ඈත කන්ද උඩහා ගස් අස්සෙන් පොල් කරටියක් වැනි වැනි තියන එක පෙන්නල්යි ඔං මම බේරුනේ. අම්මපා ..
මේ වගේ ගල් පැලෙන ඇත්ත කතා ගොඩක් තිබ්බා මෙන්න මේ තැන.
ඩ්‍රැකීගේ අඩවිය
මෙතන තියනවා ඒ ගැන වටිනා විස්තරයක්
(ප.ලි. මේ වගේ කතා අපි පොඩි සන්දියේ මල ගෙවල්, පින්කම් ගෙවල් වලට ගියහම අපිව ලං කරන් මේ වගේ කතා කියා දෙමින් සුරංගනා ලොවකට අප රැගෙන ගිය ඒ සුන්දර මිනිසුන් කෙදිනකවත් අපේ දරුවන්ට නැවත මුණ ගැසීමට වාසනාව නොමැති වීම ගැන ශෝක වෙනවා හැර අපට කල හැකි දෙයක් නැත. සරලව ජීවත් වෙමින් නිතරම සතුටින් සිනහවෙන් සිටි ඒ මිනිසුන් වෙනුවෙනි.)
මේ වගේ කාතාවක් මාටිං වික්‍රමසිංහගේ බේගල් කියන කෙටිකතාවක තියෙනවා.. සමාරවිට මාටිං වික්‍රමසිංහ ඔයාගෙන් කොපිකලා වෙන්නත් පුලුවනි.
ReplyDeleteඕවා කටින් කට පරම්පරාවෙන් පරම්පරාවට ආපුවා. ඉස්සර මළගෙවල් වල ඔය වගේ ආතල් කතා කියන වයසක සෙට් එකක්ම හිටියා බං
DeleteThis comment has been removed by the author.
Deleteහෙක් හෙක් හෙක් ...දැන් ඔය මුවා ගිලපු කතාව උඹට කිව්වේ පිඹුරද? අම්මප යකෝ මම හිතන හිටියේ කෙබර කෙලින්න් චන්දනයා විතරයි කියලා ..ඌ මොකෙකේද දැන් බලනකොට ....මොනා වුනත් ඔය වගේ මිනිස්සු අනිවා ඔනමතැනක ඉන්නවා......පලු කපන්න් කියාපු පොරවල්
ReplyDeleteඕකනේ උඹලට කිසි දෙයක් කියන්න බැරි හැම එකම දිහා සකෙන්නේ බලන්නේ. අම්මප මේ පට්ටපල් ඇත්ත බං
Deleteඅවසන් ඡේදයට වඩාත්ම ලයික්යෑ...
ReplyDeleteබොට ඉතින් මොනවා කියන්නද ඕවා අහපු අන්තිම උන් අපි
Deleteමං මේ කියන්නේ මුසාවක් නම් පාරෙ යන මිනිහෙකුට හෙන ගහන්ඩෝනැ...
ReplyDeleteමී ඇස් දෙක පල්ල ඇත්ත ඔං
Deleteපිස්සු හැදෙයි. :D මෙහෙම ඇත්ත කතා තව තියේ නම් ලියන්න මතක් වෙන වෙලාවට.
ReplyDeleteකතා නම් කෝටියයි ලියන්න කම්මැලි බං
Deleteඅඩේ ගෝනාගෙ කතාව කිව්වට කවුරුවත් විස්වාස කොරන එකක් නැහැ නේ..
ReplyDeleteහෙන්රියා දන්නවද මම මුලින්ම කූඩැල්ලෙක් ව දැක්කෙ ඉස්කෝලෙන් අවුට් වුනාටත් පස්සෙ? විස්වාස කරනවද???
ඔය හැම වෙලාවේම අවුවට කරවෙන පැති වල කොහෙද බං කුඩල්ලෝ. :)
Deleteඅයියා කූඩැල්ලා කියන්නේ මහා නරක සතෙක්.... :D
ReplyDeleteඅම්මපා ඇත්ත
Deleteමං හිතන්නෙ කුඩැල්ලෙකුයි කූඩැල්ලියකුයි දෙල් ගහට හේත්තු වෙලා හිටිය කියලයි
ReplyDeleteහි..හි එතනත් වල් හිත :D
Deleteහෆ්ෆේ මෙහෙමත් කතා..
ReplyDeleteඇයි බං. ඕකනේ ඉතින් උඹලා ඇත්තක් කිවත් පිළිගන්නේ නැනේ
Deleteයකෝ ඔය අලගල්ල පැත්තේ මාත් යන්න හිටියේ දැන්නම් යන්නෑ ඇයි බං දෙල්ගස් හොල්ලන කූඩැල්ලො මේ පුංචි අපිව උස්සලා පොලේ ගහයි නේව ඇයි වදේ අර ගොන පිඹුරා හම්බුනොත් තව ගිනිවිජ්ජුම්බරයයි
ReplyDeleteදැන් උන් නැතිව ඇති. ලොක්කගේ ගෝලයෝ වැලි මුවෙක් වත් තියන්නේ නැ.
Deleteහපොයි! කතාව මාත් අහල තිබුනට මොකද....
ReplyDeleteකාටද උනේ කියලා දැනගත්තේ අද (ලෙස සම්පුර්ණ විය යුතුයි )
Deleteහප්පේ නා කද පළත් සබාවත් ඉල්ලුවානම් ඔය තරම් අමුලික ඇත්ත කියන එකේ...:D ?
ReplyDeleteහිටහන් තව මේ පටන් ගත්තා විතරයි
Deleteඅෆ්ෆා ඔව් ඒ කාලෙ මලගෙවල්වල ඔය වගේ කතා කියන්න ගොඩක් අය හිටියා ඒත් දැන් කට්ටිය ඕවට නෑ නොවැ
ReplyDeleteදැන් ඉන්නේ කුණුවෙන්න ගහලා ඇවිත් වලි හොයන පොරවල්නේ බං
Deleteනිශාන්ත......මෙන්න බොරු....මෙහෙම පොරවල් මේ දවස්වල හිටියානම් ආශ්චර්ය ඩබල් එකේ පෙන්නන්න තිබුනා. මේවා සුන්දර බොරු. දැන් තියෙන්නේ ගින්දර බොරු බයි මන්තිරි හොරු.
ReplyDeleteමම නිශාන්තගේ බ්ලොගට ආවාමයි. අපේ මල්ලිත් බොහොම කාලෙකට ඉස්සෙල්ලා "මට හිතෙන හැටි" කියලා බ්ලොගක් ලිව්වා. දැන් මිනිහා ඒක ලියන්නේ නැහැ.
අරුගේ සයිට් එකට, හැල්පේගේ, රවීගේ සයිට් වලට අනිවා හැමදාම යනවා. හැබැයි මගෙන් කොමෙන්ට් වැටෙන්නේ බොහොම කලාතුරකින්. එකට හේතුව මම වැඩ කරන ගමන් බ්ලොග් කියවන එක. එල, නියමයි, පට්ට වගේ පොඩි කොමෙන්ට් එකක් දාන්න මම කැමති නැ. ඊට හොඳයි නොදා ඉන්න එක.
Deleteඅරුගේ සයිට් එකට, හැල්පේගේ, රවීගේ සයිට් වලට අනිවා හැමදාම යනවා. හැබැයි මගෙන් කොමෙන්ට් වැටෙන්නේ බොහොම කලාතුරකින්. එකට හේතුව මම වැඩ කරන ගමන් බ්ලොග් කියවන එක. එල, නියමයි, පට්ට වගේ පොඩි කොමෙන්ට් එකක් දාන්න මම කැමති නැ. ඊට හොඳයි නොදා ඉන්න එක.
Deleteදැන් අවුරුදු ලග නිසා තව බොරු කියපන් උබට හොදම බොරුවට ලැබෙන තෑග්ග ගන්න පුළුවන් මචෝ..හි හි
ReplyDeleteඇ බන් උඹ රජ විදියේ කියන්නේ නුවර රජ වීදියේද?.
Deleteඅර උඩින් අරූ කියල තියන කතාව ඇත්ත. අතිශයෝක්තියෙන් කීවාට මේ කතා හරිම සුන්දරයි.. මේ විශේෂ හැකියාව තිබ්බ කතන්දරකාරයො ඉස්සර හිටියා. ගමේ කෝපි කඩේ වගේ තැන්වල තමා මෙයාල මේ අපූරු කතා කිව්වෙ. මැංචෝසන් චාරිකා කියන්නෙත් මේ වගේ කතා එකතුවක්. ස්තූතියි, මේ ගැන මතක් කලාට
ReplyDelete2014 ටම උබ එක බොරැවයි ලියලා තියෙන්න්.. දිගටම ලියපන් අපි එනවා.
ReplyDeleteපෝස්ටු?????????
ReplyDeleteපට්ට කතාව යකෝ... අදමයි ඇහුවෙ...
ReplyDelete