මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Sunday, December 21, 2014

මොකක්ද මේ i cloud lock

මොකක්ද මේ i cloud lock


දැන් ටික කාලෙක ඉඳලා facebook technical group වල බහුලව දකින්න තියන ප්‍රශ්නයක් තමයි iphone වල icloud lock එක ඉවත් කරන්නේ කොහොමද කියන එක. මේ සඳහා ගොඩක් දෙනෙක් විවිද උත්තර දීලා තියනවා දැක්කා. ඒ අතර සමහර උත්තර බලපුවාම අඬන්නද ? හිනාවෙන්නද ? කියලා හිතා ගන්න බැ. කොහොම උනත් මේ ගැන මම දන්නා තරමින් නොදන්නා අයව දැනුවත් කරන්න තමයි මෙහෙම ලියන්න හිතුවේ. 
මොකක්ද මේ icloud lock එක කියන්නේ. 
iphone එකක් පාවිච්චි කරන අය දන්නවා මේකට apps download කරගන්න සහ තවත් apple සමාගමේ සේවා ලබා ගන්න නම් apple සමාගමේ ලියාපදිංචි user account  එකක් හා password එකක් ඕන කියලා. මෙන්න මේ user account එක යොදාගෙන ලියාපදිංචි වීමෙන් පසුව තමයි ඕනෑම apple device එකකට apple සමාගමේ සේවා ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ සේවා අතර තියන එක සේවයක් වන්නේ icloud සේවය. මේ තුල පහසුකම් රැසක් අන්තර්ගත වෙලා තියනවා. දුරස්ථව පරිගනකයක දත්ත තැන්පත් කිරීම(cloud storage), දත්ත කලමනාකරන මෘදුකාංග(notes,pages ,numbers, keynote), දුරස්ථව පරිගනකයක සබැඳීයාවන් තැන්පත් කිරීම(contact) සහ දුරකථනය තිබෙන භූමි ස්ථානය සොයා ගැනීම(find my iphone) කියන්නේ එයින් කීපයක්. මෙන්න මේ find my iphone කියන සේවයේ තියන එක් පහසුකමක් තමා ඔබේ දුරකථනය නැති උනොත් එය lock කර දැමීම හෝ එහි ඇති සියලු දේ මකා දැමීම. මේ සේවාව ලබා ගැනීමට නම් ඉහත කී ලෙස user account එකක් තිබීම හා දුරකථනයේ එම සේවාව ක්‍රියාත්මක කර තිබීම(find my iphone)  අත්‍යවශ්‍යයි.               
මොකක්ද find my iphone සේවයෙන් ගන්න පුළුවන් පහසුකම් 
 
දුරකථනය දැනට තිබෙන භුමි  ස්ථානය gps තාක්ෂනය යොදාගෙන සිතියමක් මත පෙන්නුම් කිරීම, සොරකම් කරන ලද  හෝ අස්ථානගත වූ දුරකතනයක  ශබ්දයක් play කර අවට සිටින්නන්ගේ අවදානය ඒ වෙත ලබා ගැනීමට හැකි වීම, lost mode ක්‍රියාත්මක කර යම්කිසි පණිවිඩයක් තිරය මත ප්‍රදර්ශනය කිරීම, erase iphone මගින් සියලු දත්ත මකා දැමීම.  හැබැයි මේ සියල්ල ක්‍රියාත්මක වීමට නම් iphone  එක ක්‍රියාත්මක තත්වයේ පවතින්න ඕන.  එහම නැතිනම් කොයිම වෙලාවක හරි ක්‍රියාත්මක උනොත් මේ සියල්ල ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවේ නැවත iphone එක ක්‍රියාත්මක තත්වයේ තියනවා කියලා අපිට පණිවිඩයක් ලබා ගන්නත් notify me when found තේරීම මගින් පුළුවන්.
මෙය ඉවත් කල හැකිද ?

ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නය මෙන්න මේක තමයි. ඇත්තෙන්ම apple සමාගම කියන්නේ බොහොමයක් දේවල් උසස් තත්වයෙන් පවත්වාගෙන යන සමාගමක්. ඒ හින්දා මේ හැම දෙකම security එක ඉතාම ඉහල මට්ටමක තමයි තියෙන්නේ. අපි භාවිතා කරපු iphone එකක් අරන් ඒක reset කලොත් හරි නැවත restore කලොත් හරි කලින් භාවිතා කල කෙනා find my iphone සේවාව ඒ තුල සක්‍රීය කරලා තිබුනානම් නැවත එය ක්‍රියාත්මක තත්වයට ගන්න කලින් භාවිතා කල icloud user name සහ password ලබා දීම අනිවාර්යයි. මොකද idevice එකක් හැම වෙලාවේම active වෙන්නේ apple server එකෙන් permission අරගෙනයි. ඉතින් මේක කඩන්න නම් apple server එක hack කරලා ඉන්න වෙයි මුලින්ම. එහෙම නොකර මේ පියවර bypass කරගෙන ඉදිරියට යන්න ක්‍රම කීපයක් තිබුනත් ඒ එකකින්වත් ක්‍රියාත්මක කරගත්ත idevice එකෙන් සම්පුර්ණ වැඩක් ගන්න බැරි වෙනවා. සිග්නල් නොලැබීයාම, settings menu වෙත ගමන් කිරීමට නොහැකි වීම වගේ දේවල්. නිකංම නිකං game player යක් හෝ MP3 player යක් ලෙස නම් පාවිච්චි කරන්න පුළුවන්.              
විසඳුමක් ඇත්තෙම නැද්ද ?
තියනවා මේක නිත්‍යානුකුලව ඉවත් කර ගන්න පුළුවන් සේවාවක් apple සමාගමෙන් ලබා දෙනවා. හැබැයි ඒ යම්කිසි කාල පරාසයක් තුල පමණයි. ඒ වගේම ඒ සඳහා ඔවුන් ඉහල මිලක් අය කරනවා. අවසාන වතාවට මා  දුටුවේ iphone 4 සඳහා euro 168 වැනි මුදලක්. ඒ වගේම ඒ උපකරණය කලින් භාවිතා කරපු රට හා network එක අනුව මෙ මුදල  වෙනස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවේ තවත් සමහර newtwork මේ සඳහා කිසිම අවසරයක් දෙන්නේ න. අඩුම තරමින් ඒවා මුදල් ගෙවා network unlock වත් කරගන්න බැ. 
එහෙනම් සමහරු පුළුවන්, කරලා දෙන්නම් කියන්නේ 
ඇත්ත මමත් දැක්ක කීප තැනකම එහෙම සටහන් කරපු අය කීප දෙනෙක්ම. මම ඒ අයට පෞද්ගලික massege යැවුවා මම ලඟත් idevice කීපයක් තියනවා කරලා දෙන්න යන ගාන කියන්න කියලා. සමහරුන්ගෙන් විස්තර ඇහුවට පස්සේ උත්තරත් නැ මාව block  කරලත් දාලා. තවත් සමහරු අර නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ටිකක් ඕන කියනවා වගේ හිතා ගන්නත් බැරි ගණන් කියනවා. ඒ ගානට අලුතෙන් එම device එක සල්ලි වලටම ගන්න පුළුවන්. 
සමහරු imei මාරු කරලා කරන්න පුළුවන් කියනවා. නමුත් idevice එකක IMEI ඉමාරු කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවේ. එක ලොකු අවදානමක් අරන් කරන්න ඕන දෙයක්. device එක no power වෙන්න තියන අවස්තාව ඉතා ඉහලයි. ඔයිට වඩා සරල තාක්ෂනයක් තියන samsung දුරකථන වල         
 IMEI ඉබේම නැති උනාට පස්සේ නැවත තිබුන orginal IMEI  එක Rebulid කරගන්න 100% ක්‍රියාත්මක වෙන ක්‍රමයක් හොයන්න මම දැන් අවුරුදු 2ක් විතර කට්ට කාලත් තාම බැරි උනා. එහෙවු එකේ Idevice ගැන කවර කතාද ?. :) ඒ විතරක් නෙවේ එම අලුත් IMEI  එක අනිවාර්යෙන් දැනට තියන Idevice එකක IMEI එකක් වෙන්න ඕන ඒ වගේම ඒ Device එක Icloud lock නොවුන එකක් වෙන්න ඕන. මොකද මේ හැම IMEI යක්ම Apple  server එකේ registor වෙලා තියෙන්න. සමහර විට ඉතින් මේ මම දන්නා තරම වෙන්න ඇති ඕනෑම දෙයක් කරන්න පුළුවන් පට්ට වැඩකාරයෝ අපේ රටේ ඉන්න හින්දා සමහර විට මම නොදන්නා තව ඕන තරම් ක්‍රම ඇති. කවුරු හරි එහෙම ක්‍රමයක් දන්නේ නම් අපි හැමෝම දැනුවත් කරන්න කියලා ඉල්ලනවා. 

මට දෙන්න තියන උපදෙස්    

  • හැම වෙලාවකම් phone එකක් ගන්න කොට එකේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලා ගන්න. (සොර බඩු  ළඟ තබා ගැනීමත් දඩුවම් ලැබිය හැකි ව  වරදකි). 
  • ඔය වගේ දෙකට අහු වෙලා ලොකු ගානක් අතින් කෙලවාගෙන ඉන්න වෙලාවේ ඉර දෙන්නම් හඳ දෙන්නම් කියලා වැඩේ කරලා දෙන්න එන උන්ට  තවත් ගානක් පූජා නොකර මොලේ ඇතුව වැඩ කරන්න.
  • වැඩේ කරන්න උපකරණය එවන්න කියන උන්වත් advance ගෙවන්න කියන උන්වත් විස්වාස කරන්න එපා. 
  • කිසිම විටක පුද්ගලයා නිසි පරිදි හඳුනා ගන්න තුරු මුදල් ගනුදෙනු කරන්න එපා.
  • මේක try කරලා බලන්න මේක try කරලා බලන්න කියමින් එවන software කැලි install කරගන්න යන්න එපා. 
  • නිත්‍යානුකුලව යමක් කරන්න පුලුවන්නම් පොඩි ගානක් වැඩියෙන් වියදම් උනත් ඒ ක්‍රමය තෝරා ගන්න.
  • බොරු add දමමින් මුදල් ගරන web site වලට අහු වෙන්න එපා.


4 comments:

  1. කාලෙකින් වටිනා ලිපියක් එක්ක

    ReplyDelete
    Replies
    1. ඔවූ බං උණ හැදිලා කාමරේටම කොටුවෙලා හිටිය හිංදා යන්තං එකක් කොටා ගත්තා. ලියන්න හිතෙන්නේ නැ හරි කම්මැලි බං

      Delete
  2. kohomada mhn phone ekak gannakota icld dald kiyala danaganne

    ReplyDelete