අද ලියන්න යන්නේ ඉතා අප්‍රකට මෑත කාලීන කවියක් ගැන විස්තර. කොටින්ම මේ කවිය මේ බ්ලොග් අවකාසේ ඉන්න කිසිඉම කෙනෙක් කලින් අහලා නැ කියලා මට ඉර හඳ වගේ විස්වාසයි. අහන්න විදිහක් නැ මොකද මේක අපේ ගමේ හිටපු මනුස්සයෙක් කියපු කවියක් හිංදා. කවිය ලියන්න කලින් මේක කියපු මනුස්සයා ගැන කිවොත් බොහොම නුගත් අහිංසක මනුස්සයෙක්. අකුරු සාස්තරේ යන්තන් දැනගෙන හිටියට මිනිහා නුගතෙක්ම කියන්න බෑ. ජිවිත තක්සලාවෙන් ගත්ත ගෞරව උපාදියකුත් එක්ක අදත් මනුස්සයා අපේ ගමේ ඉන්නවා. මේ කවියෙන් කියවෙන්නේ ගමේ හිටපු ප්‍රසිද්ද චරිත හතරක් ගැන දිග කතාවක් ඉතාම කෙටියෙන්. එහෙනම් ඔන්න කවිය සහ විස්තරය මට හැකි පමණින්.
පන්සල් පාලුවා පොල්වත්තේ සුද්දා
ගෙයින් ගේට හිඟාන යන නයින්ටියා
පොලොස් හොදියි කිරිපැණි කෑ බණ්ඩයියා
පොකුරු බොරු කියයි හැරබැන්දේ මුත්තා
මීට අවුරදු 10කට 12කට විතර කලින් යාලුවෙකුගේ ගෙදරක පොල් අතු බැඳිල්ලකට ගිහින් ඉද්දි ඇදුන කතාවකින් මේ කවියත්, කවිය කියන්න හේතුභූත වෙච්චි සිද්දිය ගැනත් කීවට දැන් නම් සිද්දිය අමතකයි. හැබැයි කවියනම් පට් ගාල save උනා. හරි එහෙනම් මේකයි තොරණේ විස්තරේ.
"පන්සල් පාලුවා පොල්වත්තේ සුද්දා"
අපේ ගම සහ අවට ගම් රැසකම තිබුන පන්සල් වල නායක හාමුදුරුවරු හැමෝම වගේ අප්පා කුඩප්පච්චිලගේ ළමයි. අපේ ගමේ පන්සල තමා ප්‍රධාන පන්සල උනේ. සතුරන්ට බයේ හැංගිලා හිටපු වළගම්බා රජතුමා කෙලෙහිගුණ දක්වන්න හදපු රජ මහා විහාරයක් කියලයි කියන්නේ. විශාල ගලක් යට තමා පන්සල හදලා තියෙන්නේ. මේ පන්සලේ තමා හිටියේ ඒ පළාතේ අධිකරණ සංඝනායක මහා නායක හාමුදුරුවෝ. වටේ පන්සල් වල හිටියේ උන්නාන්සේගේ නෑදෑයෝ ටික. මේ නායක හාමුදුරුවන්ගේ නංගිගේ පුතා තමා මේ කියන සුද්දා. සුද්දගේ බාල කොලුවත් පන්සලේ මහන කරලා තිබ්බේ ඊළඟ නායක පට්ටමට පවුලේ කෙනෙක් ඕන නිසා. හැබයි මු සුද්දා කීවට වැඩනම් සුද්දෙක් වගේ නෙවේ. මාමණ්ඩි ඉන්න පන්සල විතරක් නෙවේ මාමණ්ඩිගේ යටතේ අනිත් පන්සල් ටිකත් මුගේ බුදලේ වගේ තමයි හිතාගෙන හිටියේ. පන්සලටම අයිති විසාල පොල්වත්තක ගෙයක් හදාගෙන පදිංචි වෙලා හිටිය හිංදා හැමෝම කිවේ පොල්වත්තේ සුද්දා කියලා. මේ පොල් වත්තේ ආදායමට අමතරව වටේ පන්සල් වල අටපිරිකරක්වත් මුගෙන් බේරගන්න එක ලේසි වැඩක් උනේ නැ. පන්සලට දෙන දානේ වෙලේ ඉඳන් අටපිරිකර වෙනකන් සුද්ද කරපු හින්දමද මන්දා මුට සුද්දා කිවේ. මුගේ මේ පන්සල් පාලු වැඩ වලට නොයෙක් දේ කීවත් ඒවා මු ගානකටවත් ගත්තේ නැ. නායක උන්නාන්සේටත් මේ ගැන ඒ හැටි ගානක් තිබ්බේ නැ. වල පයයි ගොඩ පයයි තිබ්බ උන්නාන්සේට නෑයෝ තරහ කරගෙන කොහොමෙයි. ඉතින් ඔන්න ඔය විරෝදය තමා හිටිවන මේ කවිය කියපු මනුස්සයා පලවෙනි පදෙන් කියලා දැම්මේ.
"ගෙයින් ගෙට හිඟාන යන නයින්ටියා"

"පොලොස් හොදියි කිරිපැණි කෑ බණ්ඩයියා"
.jpg)
"පොකුරු බොරු කියයි හැරබැන්දේ මුත්තා"
ගම් වල ඉස්සර කාලේ ඉඳන් තියන පුරුද්දක් තමා හැම ගෙදරකටම මොකක් හරි නමක් තියන එක. ගෙදරට විතරක් නෙවේ ගෙදර සාමාජිකයන්ටත් නියම නමට අමතරව ගමේ හැමෝම කතා කරන නමක් තියනවා. සමහර නම් හැදිලා තියෙන්නේ පුද්ගලයාගේ හැසිරීම මත , සමහර ඒවා සිද්ද වෙච්චි යම් සිද්දියක් උඩ, තවත් වෙලාවකට අලුතෙන් ගමට ආපු කෙනෙක් නම් එයා කලින් හිටිය ප්‍රදේශයේ නම. අපේ ගෙට එහා ගෙදර හිටියේ "හත්කොල්ලේ නැන්දා" උන්දා හත්කොරලේයෙන් තමා අපේ ගමේ "නාදන් මාමා " කැන්දන් ඇවිත් තිබුනේ. ඒ හිංදා උන්දා "හත්කොල්ලේ නැන්දා, හත්කොල්ලේ නංගි " වගේ නමක් ලැබුවා. "නාදන්" මාමා කියන්නේ උන්දැගේ පුරුෂයා. මිනිහා "නාදන්" උනේ කොයි වෙලෙත් මහා ගෝසාවට කතා කරන හිංදා. එතනින් ගියාම "බුසම්මා". බුසම්මා කිවේ උන්දැගේ ඇඟේ තරමක් රෝම තිබ්බ හිංදා තව ඉතින් පිරිමියකුගේ වගේ තරමක රවුලකුත් තිබ්බා. ඔන්න ඔහොම තියපු නමක් තමා ඔය හැරබැන්දේ ගෙදර කියන එක. ඔය ගෙදර තමා මම ඔය පොල් අතු බැඳිල්ලට ගියේ. උන්දැගේ බාලම පුතා හොඳින් ඉගන ගෙන උපාදියක් පවා තිබ්බා. හැබැයි ලෙනින්ටත් වඩා සමාජවාදී හිංදා කවදාවත් රස්සාවක් කරේවත් දියුණුවක් ගැන හිතුවේ වත් නැ. අදටත් අවිවාහකව ඉන්නේ. හැබැයි ගෙදරම ලොකු පොල් අතු මඩුවක් හදලා සත පහක් නොගෙන අහල හැම ගමකම එන ඕනෑම සාමාන්‍ය පෙළ ළමයකුට නොමිලේ, ගණිතය, සමාජ අධ්‍යනය, විද්‍යාව උගන්නනවා. මගෙත් ගණිත ගුරුවරයා උනේ මෙතුමා. ඒ වගේම පස්සේ කාලෙක මෙතුමාගේ පරිගණක ගුරුවරයා උනේ මම. ඔය හින්දම පිරිස් බලය අතින් නම් උපරිමයි.
එයාගේ තාත්තා තමා මේ හැරබැන්දේ මුත්තා කියන්නේ. දෙවන ලෝක යුද්දෙටත් සහභාගී උන සොල්දාදුවෙක්. තරමක් යන්ත්‍ර මන්ත්‍ර කටයුතු ගැන දන්නා හිංදා මගේ කලින් පොස්ට් එකේ වගේ ගල් පැලෙන ඇත්ත උන්දා කියන්නේ එකක් දෙකක් එහෙම නෙවේ කතා සරිත් සාගරේ වගේ එකක් ඇතුලේ එකක් විදිහට හින්දා තමා මේ අන්තිම පදෙන් "පොකුරු බොරු කියයි හැරබැන්දේ මුත්තා " කිවේ. රැට නින්ද යන්නේ නැති අවාසනාවන්ත ලෙඩේ තිබ්බ හිංදා උන්දා කරන්නේ තනියම එලි වෙනකන් කාඩ් ගහන එක. ඉතින් අහම්බෙන්වත් කවුරුත් අහු උනොත් උන්දැගෙන් බේරෙනවා බොරු
එකක් ඉවර වෙනකොට එකක් විදිහට කතා කිය කියා අහු උන එකා එලි වෙනකන් හරි තියා ගනියි. ජර්මන් හමුදාවට විරුද්දව යුද්ද කරන්න ගිහින් උන්දා මන්තර බලෙන් කොරපු සුරු විරු කම් චන්දනගේ බේගල් කතා කැලේ. නිකන්ම නෙවේ ඒවාට සාක්කි හැටියට 1944 කොටපු දත් මදින බුරුසුවක්, බුට් සපත්තු තව අරවා මේවා ලට්ට ලොට්ට ගොඩක් එක්ක බොරු ඇවිද්දවනවා. ඔන්න ඔය ගැන තමා ඔය අන්තිම පදෙන් කිවේ.
මේ වගේ දේවල් අහමින්, දකිමින් ගෙවපු මගේ ළමා කාලය මේ සුන්දර මිනිසුන් හිංදා කොච්චර සුන්දරව ගෙවුනද කියලා ආපහු හැරි බලන කොට හිතෙනවා. එත් අවාසනාවට ආය කවදාවත් ඒ දේවල් අපිට ලබා ගන්න බැ. මතකය විතරක් අලුත් කරමින් දැන් මේ ගන්දබ්බ ජීවිතේ ගෙවා දමමු.
ඓතිහාසික පෝස්ට් එකක්නේ නිශාන්ත. උපරිමයි.
ReplyDeleteහැම පේලියකටම කතන්දරයක් තියෙනවා.
ඒ මනුස්සයා තවත් ඔය වගේ කවි කිව්වද?
ඩුඩ් දන්නවද ලංකාවේ අන්තිම සංදේශ කාව්‍ය පොත මොකක්ද කියලා. මේ සැරේ නිවාඩුවට ගිහින් හොයා ගන්න පුළුවන් උනොත් දාන්නම්. ඒකත් ලිවේ අපේ ගම පැත්තේ පොරක් තමා. තව ඔය වගේ කවි ඇති ඩුඩ් දැන් ඉතිං ගොයං කැපිලි,පොල් අතු බන්දිලි නැ නොවැ.
Deleteයකෝ මේකේ කතාන්දර කීයක්ද?
ReplyDelete//"මතකය විතරක් අලුත් කරමින් දැන් මේ ගන්දබ්බ ජීවිතේ ගෙවා දමමු"// අඬන්න හිතෙනවා මේ කෑල්ල කියෙව්වම , ඇත්තටම ඉස්සර වගේ සොඳුරු නිස්කලංක ජීවිතයක් දැන් හීනයක් තමා
උඹ කතා සරිත් සාගරේ කියවලා තියේද?. අන්න ඒ වගේ පොතක් ලිවහැකි ඔය හරබැන්දේ මුත්තාගේ කතා වලින්.
Deleteහෙහ් හෙහ් .... පද හතරක් දිගෑරපු දිග ඇරිල්ලක්. අපේ ගමෙත් උන්න ඔයි හබරැන්දෙ මුත්ත වගෙ කෙනෙක් එගොඩහවත්තෙ සීයා කියල, උන්දැත් ගෙන් තමයි පොඩි එකා සන්cදියෙ ගමේ හිටිය කාලෙ වැඩි හරියක් කතා අහගත්තෙ, කතා කියල කියල ඉවර උනාම රජ කතා තුන හතරක් පටලවල ආයෙ අලුත් එකක් කියනව මල් පහට.
ReplyDeleteආය එහෙම මිනිස්සු හම්බෙන්නේ නැ. අනික දැන් ඉන පොඩි උන්ට ඔය කතා දිරවන්නෙත් නැ.
Deleteයකඩෝ මරු ගමක් නේ.
ReplyDeleteඅර නින්ද නොයන කේස් එකනම් මාරම දුකක් වෙන්න ඇති.එතකොට ඔය මනුස්සයා දවල්ටවත් නිදා ගන්නේ නැතිද...?
අර කිරි පැණි පින්තුරේ දැකලා දවල් ලන්ච් ටයිම් එකේ එළියේ කඩේකට ගිහින් "ලකී කිරි පැණි"කප් එකක් කෑවා.කිරි පැණිම තමයි ඒවා.....:(
නැ බං මිනිහට නින්ද යන්නෙම නැ. සතියකට දවසක් විතර දවල් කාලේ පැය 2ක් විතර ඇස් පියාගෙන ඇඳක් උඩ දපලා ඉන්නවා.
Deleteඔය වගේ ඩයල් විසාල ගානක් ඉන්නවා ලියන්න ගත්තොත් හැලපේ, විමලේ, අරු එහෙම කැලේ. මට එච්චර රහට ලියන්න බැරිකමයි, කම්මැලිකමයි හිංදා නොලියන්නේ.
මේතැන තියන පලවෙනි කතාවත් ඒ වගේ පොරක් ගැන
අපෝ ඔය කිරි ප්‍රිජ් එකෙන් එලියට අරං පැයක් තිබ්බොත් කන්න නෙවේ බොන්න තමා. :)
attatama Mahathwaruna innwa neda Nomile thamunge danuma lowata dena. Ekata ara Pension giya army karaya. Thuka nodakin
ReplyDeleteමේ කවිපදවල නම් සමස්තයක් හැටියට කිසිම තේරුමක් එන්නේ නෑ.
ReplyDeleteමට මතක් වුනේ අර දත සුදු මාමෙ මා අරගන් ගහ උඩට කියන ජනකවි තේරවිල්ලයි!
මේක කවියක් විදිහට නම් කිසි තේරුමක් නැ තමා. නමුත් මේකේ නිදාන කතාව සහ උපහාසය අනුව අපේ ගම පැත්තේ අයට වැදගත්.
Delete