මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Sunday, November 13, 2011

ජනකවියෙන් හෙළිවන අපේ රටේ ලිංගික නිදහස

සිංහල ජනකවිය විවිදාකාර මාතෘකා රැසක් සම්බන්දයෙන් වූ කවි වලින් පෝෂිත  වූ කලාවකි. ඒ ඒ අවස්ථාවල ජීවිතයට ලැබුනාවූ අත්දැකීම් හාස්‍ය රසයද සමග ඉදිරිපත් කර සමාජයට පණිවිඩයක් ලබා දීමට හැකි උනත් ජනකවියා යනු පොත පතින් ඉගැනුමක් ලැබුවෙකු නොවේ. නමුත් ජීවිත තක්සලාවෙන් ලැබුවා වූ උපාධිය සහිතව ඔහු විසින් සමාජයට දායාද කර ඇති සාහිත්‍යය එදා අද සහ හෙටත් අපගේ ජාතිය පෝෂණය කරනු නොඅනුමානය. එදිනෙදා ජීවන වෘත්තිය කරගෙන යාමේදී ලැබෙන්නාවූ අත්දැකීම් පමණක් නොව සමාජයේ අඩු පාඩු පවා සිවු පදයෙන් පවසූ  ඔහු තරම් ජීවිතය දෙස උපේක්ෂාවෙන් බැලුවකු තවත් සිටීදැයි සැක සහිතය. සුභාෂිත කවියේ මෙන්ම එළිසමය රිද්මය එලෙසම රැක ගනිමින් අවයාජව ජීවිතය ගැන ඔහු කියූ දෙය මෙලෙස සටහන් කරනුයේ අප අද කෙස් පැලෙන  තරම් තර්ක විතර්ක මැද කතා කරන්නාවූ දෑ ඔවුන් එදා දැක්කේ කෙසේදැයි මතු පරපුරට දන ගනු පිණිසමය.

පැල් රැකීම එදා ජන ජීවිතයේ තිබු ප්‍රධාන වෘත්තියට සම්බන්ද අනිවාර්ය රාජ කාරියක් විය. එහිදී සිදුවන්නාවූ අනියම් ඇසුරු පිලිබඳ බිරිය මෙන්ම සැමියාද දැනගෙන හිටි බවත් එවැනි කාරණා නිසා පවුල් ජීවිත අවුල් නොවූ  අයුරුත්  පහත කවි වලින් ගම්‍ය නොවන්නේද ?

අපේ පිරිමි පැල් යනවා             කියාලා 
පැලට ගිහින් ගිනි බෝකර         තියාලා 
එළිවෙන තුරා අඟු කොටු වල    රැකීලා
උදේට එයි පැල් ලැග්ගා           කියාලා     

අපේ ගෙදර උන්දා නම් බෝම            යසයි 
පැලට ආව විට උන්දැට වාසි           හොඳයි 
මන් නැති දාට තනියට දැලේ         දෙන්නයි 
මුනා කරත් මට සැලකිලි ඔහොම        තමයි                                                     

මේ චෝදනා පිලිබඳ පුරුෂයා ඉදිරිපත් කරන්නේද සාදාරන නිදහසට කරුණකි

අරළු කහට මුත් බොනවා ඇඟට        ගුනේ 
වෙරළු අමු කහට කන්නේ කවුද     සෙනේ 
බොරළු ගොඩ උපන් සක් සසඳ    හාමිනේ 
කොරල ඇඟ නිසයි උඹ මට එපා     උනේ  


අද මෙන්ම එදා සමාජයේද පුරුෂයන් දැපනේ දමාගෙන ජීවත් වූ අඟනන් සිටි බවත්. එවැනි අඟනකු වූ රන් මැණිකා නමැත්තිය පිලිබඳ සුවාමි පුරුෂයාද දැන සිටි බව මේ කවියෙන් නොපෙනේද ?

රන් මැණිකා උඹ කාටත් හැඩ               කාරී 
විස්ස පිරුණු කොල්ලෙක්වත් අත         නාරි
වැස්ස පින්න නොබලයි හොඳ කෙලි    කාරී 
පස්ස උඹේ යකඩින් හැදුවද                  බාරී 

එක්තරා මහලු පුරුෂයෙක් තරුණ ස්ත්‍රියක් විවාහ කරගෙන ගම තුල සිදුවන්නාවූ කැළඹීම ජන කවියා උපහාසයෙන් ප්‍රකාශ කලේ "කැළැ පත්තර " මගින් මෙසේය. එදා ගම තුල යමකට විරුද්දත්වය ප්‍රකාශ කිරීමේ ප්‍රධාන මාද්ධ්‍යය වූ මෙයට බොහෝ විට යොදා ගත්තේ කවියයි.


පුම්බා දෙමට හපමින් හුණු ගගා             තුඩේ
එල්ලගෙන ඉනේ තම්බිගේ රට            අමුඩේ 
ගෙම්බා මෙන් ඔහොම කුදහන් ඉඳන්     බුඩේ
අම්බා රැක ගන්න හැකිදෝ බලන්          නඩේ 


කැන්දා නොගෙන තා වැනි හොටියක    දිරුන
කොන්ද පන නැතිව අඹුවක් ගෙන         සරණ  
නින්ද නැති කොරන් ගැටවුන් හට        තරුණ
මන්ද බුඩේ තා ලත වෙන මේ               කරුණ 

කඩ කෙස් කෙලින් කර ගත්තත්             කුදය
විඩා වෙන බැවින් ඉක්මනටම                මදය 
ඩා ගෙන කන්ඩ බැරි කොට පැණි        වදය
බුඩේ මෝකැ  අඹුවට දෙන ඔය              වදය

සෙවල බැඳෙන්නට හැර අඹුගේ තුනු       විලේ 
ගෙවල යකා මෙන් රැක සිටිති හැම       වෙලේ 
තැවුල පමුනමින් තරුනන්ට හැම            කලේ 
වෙවුලමින් මොකද තා කරන           කලබලේ   


  

9 comments:

  1. හපෝ අදමයි අහුවේ මේවා XX නේ .......

    ReplyDelete
  2. ඇත්ත මචො...ඒදා ලංකීය ගැමිසමාජය හරි සරලයිනේ..,මේ කියන සරළ තාවය ඇතුලේ ..ගැමියගේ නිදහස් සිතිවිලි අවදි උනා..ඉදින් ඔවුන් දකින කියන සහ තම සිතැඟි අවදිකලේ කවියෙන්...මම හිතන්නේ හැම පැත්තකින්ම ඒ කාලේ අදට වඩා බොහොම සොඳුරු විදිහට ගෙවෙන්ට ඇති....පංකාදු පැදි පෙල මචො...

    ReplyDelete
  3. ඔව් පැරණි ලංකාවේ ලිංගිකත්වය අද තරම් සළුපිළි වලින් වසා බොරු ව්‍යාජාත්වයක් මතුකරන්න ගත් යුගයක් නොවේ. මමත් මේ පිළිබදව විස්තර ටිකක් ලියූ ලිපියක් තියෙනවා. මෙන්න - http://sathsamudura.blogspot.com/2011/11/18.html

    ReplyDelete
  4. පරණ ජනකතාවක් මතක් උනා. ඒ කාලෙ ගේකට ආව අමුත්තෙක්ට මිනිහ පැල් රකින්න ගියා කියල ගෑණි පිලේ තමයි නිදියන්න දීල තීන්නෙ. උදේම ගෙදර මිනිහ ආවම අමුත්තත් යන්නං මං එහෙනං කියල ගේ ඇතුල පැත්තට යන්න ගියාලු. එතකොට මිනිහ කිව්වලු " හා හා ඔහෙ නෙම්යි මෙහෙන් යන්න ඔහෙ පාරක් නෑ" කියල. එතකොට අමුත්ත කිව්වලු " ආ එහෙමද, මං උන්නෙ මෙහෙං පාරක් ඇත කියල, මොකද කළුවරේම කීප දෙනෙක් ඒ පැත්තට ගියා දැක්ක "

    ReplyDelete
  5. මේ ටික නම් ටිකක් සැර වැඩි වගේ තමයි. නමුත් ඔය ගමේ කතා බහ අනුවනම් ඕව සාමාන්‍ය වචන. ඕවම තමා අමරදේව මහත්තය එහෙම "කුමරියක පා සළඹ සැලුනා " කියලා කියන්නේ. ඒ වෙනස දැනෙන්නේ අපි ඉන්න සමාජ ස්තරය උඩ.

    ReplyDelete
  6. පිරිමි අපි හීන මවනව
    ඒ කාලේ ආයෙ එනව නම් කියල,
    එය අයත් ඉතිහාසයට
    එය ආයෙත් එන්නේ නැත,

    හේන් කොටන කාලෙ ගියා
    දැන් තියෙන්නෙ ගෙදර තියෙන
    වංගෙඩියට....
    හුටා දැන් ඒකත නෑ
    වෙන උදාහරනයක් හොයාගන්න වෙනව

    ගෙදර තියෙන ipod එකේ විවිද ගීත වාදනය කරන එක

    ReplyDelete
  7. අදමයි මේ කවි ටික නම් ඇහුවෙම !

    ReplyDelete
  8. ගැමි සමාජයේ ලිංගිකත්වය අද වගේ කුනුහරුපයක් උනේ නෑ...

    ReplyDelete
  9. හරවත් ලිපියක්...

    ReplyDelete