මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Showing posts with label අත්දැකීම්. Show all posts
Showing posts with label අත්දැකීම්. Show all posts

Saturday, April 16, 2016

පාට කරන්න දන්නේ නැත්තන් ඕන් විස්තරේ.

යාන්තන් ඉහට වහලයක් අටවගත්තට පස්සේ හැමෝටම එන ප්‍රශ්නයක් තමා ඕක පාට කරගන්න එක, කාල වෙලාව තියේනම් අත්දැකීම් ගන්නත් එක්ක  කැමති කැමති පාට ගෙනල්ලා උලන්න පුළුවන්. ඒ උනත් අපි වගේ උන්ට ගෙවල් Paint කර කර ඉන්න උනොත් පස්ස පැත්තේ මකුළුදැල් බැඳෙන  හින්දා. අලුත් අවුරුද්දට බ්ලොග් එකෙත් මකුළු දැල් ටික කැඩෙන්න ඔන්න දානවා ගෙයක් Paint කර ගන්න විදිහ, කාට හරි වැඩක් වෙයි කියලා.  
           කාමර දෙකයි, කුස්සියයි, සාලෙයි තියන   ගේ Paint කරගන්න කියලා කීප  දෙනෙකුටම කීවාම මුන් ඇවිත් බලලා කෙලින්ම ඉලක්කම් හයක ගානක් කියලා කොන්ත්‍රාත් ඉල්ලන්නේ. අට අනුවක් ජාති කියලා අපිව අන්දගෙන කන්න බලන හිංදා හෙවුවා හෙවුවා නෙට් එක පුරාම කොහොමද වැඩේ කොරන්නේ කියලා. ම්හ් ...කොහෙවත් සෙට් උනේ නැ මුල ඉඳන් වැඩේ කොරන විදිහ ගැන විස්තරයක්. ඔහොම හොයා හොයා ඉද්දි මතක් උනේ "Multitasking අටමව". පොඩි මැසේජ් එකයි දුන්නේ. ආය මොනවද Online Course එකක් කරා වගේ තමා. දැන් ඉතින් ඕනනම් Paint බාසලාට මම උගන්නන්නම් Paint  කරන  විදිහ. :D අටමෝ උඹට ගොඩක් පිං. උට විතරක් පිං දීලා හරියන්නේ නැති හිංදා මාත් යන එන තැනකට වැඩක් කරගන්න. ඔන්න එදා ගිය සංවාදේ ගෙඩි පිටින්ම දානවා. කාට හරි වැඩක් වෙන්නැතැ.  

මචං ගෙයක් paint කරනකොට කරන පිළිවෙල ගැන මොනවා හරි දන්නවද? මම ඒ ගැන මෙලෝ දෙයක් දන්නේ නැ. පුලුවනන්ම් පොඩි විස්තරයක් දෙන්න. ජනෙල් දොරවල් එහෙමත් පින්ට් කරන්න ඕන. ඒ ගැනත් එක්ක . ගාන්න ඕන මොනවද ඉස්සොරොම කරන්න ඕන මොනවද ජනෙල් වල ලී පෙනුම තිඅගෙන වාර්නිෂ් කරන්නේ කොහොමද වගේ දේවල්

ඉස්සෙල්ලම ජනෙල් දොරවල් හොදින් සූරන්න , ලී වල තියන පරන වාර්නිස් , කුනු එහෙම ගැලවිලා ලීය සුදු පාට වෙනකං , තදින් ගෑවුන දේවල් තියනවානං , ග්‍රයින්ඩරයකට වැලිකඩදාසි අලවලා කපන්න , ඊට පස්සේ ඒවා එහෙම්ම තියල , ග්‍රීල් ගහල තියනවානං ඒවා සුද්ද කරල යකඩ වලට ගාන තීන්ත ගානන් , ස්පේ ගන් එකකින් වාහනවලට ගාන cic තීන්ත වගේ හොද එකක් ගානවනං වඩා හොදයි , ඊලගට උලුවහු ජනෙල් දොරවල් වල ගාන දැව ආරක්සක තියනවා , ඒවා ගාන්න පුලුවන් ( සත්තුන්ගෙන් ආරක්ෂාකරගන්න සහ හිරිකඩෙන් ආරක්ෂාකරගන්න වෙන වෙනම ජාති තියනවා ) ඒවා විනිවිද පේනවා , ගෑවද කියලත් නැ , ඊලගට ලී වල හොද පෙනුමක් නැත්තං ඩයි වර්ගයක් ආලේප කරන්න පුලුවන් , ඒක ඕන වෙන්නේ නැ ලී වල හොද පෙනුමක් වයිරං එහෙම තියනවා නං , ඊලගට හොද වර්ගයක ක්ලියර් වානිස් එකක් ගාන්ඩ , ඒකත් ස්පේ කරනවානං වඩා හොදයි ඊලගට ඔය දොර ජනෙල් ටික කඩදාසි සහ මාස්කිම් ටේප් වලින් ආවරනය කරල බහින්ඩ බිත්තියේ වැඩේට , බිත්ති හොදින් පිරිසිදු කරල , වල ගොඩැලි කැඩුන තැන් සහ බිත්ති මුළු කොන්වල තියන ඇද පලුදු වහන්න වෝල් පොඩි වලින් , ඊගට ඒවා වේලුනහම මුළු බිත්තිය සුමටවෙනකං මදින්න වැලි කඩදාසිවලින් , ඊලගට බිත්තිවලට ගාන්න පිලර් ඒවා තියනවා ඇතුලට සහ පිටත බිත්ති වලට වෙන වෙනම , පිට බිත්ති වලට තියනවා පින්නට එහෙම ඔරොත්තු දෙන ඒවා , ඊලගට ඔයා ගාන්ඩ බලා පොරොත්තු වෙන ඉමල්ෂන් තීන්ත ගාන්න , ඒවත් තියනවා ඇතුලට සහ පිටතට වෙන වෙනම ජාති , බිත්ති සහ සිවිලිමට තීන්ත ගාන්න රෝලර් එකක් පාවිච්චි කරන්න , රෝලර් එකෙන් ගාන්න බැරි තැන්වලට විතරක් පින්සල් වලින් ගාන්න ඔය ටික ඔලුවේ තියාගන ගියහම තීන්ත කඩයෙන් ඔයාට අවශ්‍ය හොදම ඒවා සහ හොද උපදෙස් ගන්න පුලුවන් , උන්ට කියන්ඩ ගණන් අඩු බාල ඒවා එපා හොදම එකෙන් දෙන්ඩ කියල ,
ගනන් අඩු බාල තීන්ත තියනවා අහු වෙන්ඩ එපා , සමහරක් වෙලාවට හොද ලිටර් හතරක් හාරදාහක් වෙනකොට බාල එකක් දාහට ගත්තහැකි , ඒවා ගාන්ඩ එපා , හොදම එකෙන් ගෑවොත් පරිස්සං කරල තියාගත්තෝ උඹට ආයේ තීන්ත ගාන්ඩ වෙන්නේ ලමයගේ මගුල් ගෙදරට තමා
අනික මචං හරියට පිලර් කරල තියන බිත්තියක හොද ඉමල්සන් එකක් හරි එනැමල් එකක් හරි ගාන්න ඕන එකපාරයි , අපේ අක්කලගේ ගෙදර බාල තීන්තයක් හතරපාරක් ගාලත් නියම පාට ආවේ නැ , වතුර වැටෙන පින්න වැටෙන හිරිකඩ වැටෙන තැන් ඉර එලිය වැටෙන තැන්වලට ලී වාගේම බිත්ති වලටත් විශේසයෙන් හදපු ආලේප තියනවා , උබේ අවශ්‍ය තා එක්ක කඩේ එකාගෙන් ඒවා අහල දැන ගිනින් , තීන්ත ගන්ඩ හදිස්සියේ යන්ඩ එපා නිවාඩු පාඩුවේ කරහං ඒක ,
අනික තමයි පේන්ට් කරන උන් ලක්ස ගනන් අයකරනවා , තනියම කරගන්ඩ බලහං වැඩටික
ඕන වට වඩා ලා පාට වලට සහ එලිය වැඩි දිලිසෙන පාට වලට යන්ඩ එපා , ඉක්මනට ජරා වෙනවා ( ඇස්වලටත් අමාරුයි)

පට්ට පට්ට මචං අඩේ මේක පොස්ට් එකක් විදිහට හරි දාපන්. අපි වගේ සබ්ජෙච්ට් එක ගැන මෙලෝ හසරක් නොදන්නා උන්ට මාර වටිනවා.
මචන් සීලර් කියන්නේ මොනවද ? මොකටද පාවිච්චි කරන්නේ

සීලර් කියන්නේ මුලින්ම ගාන බේස් එකට , අර මම කලින් කියුවේ දැව ආරක්සක කියල ඒකත් ඔය සීලර් වගේ තමා , තව බිත්තිවලට තියනවා වෝටර් ප්‍රපින් සීලර් , ලීවලට ඒවා තියනවා , තව තියනවා අල්ටා වයලට් සීලර් ( ඉරඑලියෙන් ආරක්ෂා කරගන්න ) , ඔය වගේ එක එක සීලර් වර්ග තියනවා , එක එක නම් තියනවා .සමහරක් විට එකම ආලේපයට නම් කිහිපයක් තියනවා , ඔ්‍ය තියන තරං ජාති ගාන්න ඕන නැ , ඔයා ගන්න පේන්ට් එකත් එක්ක මැච්වෙන එක , ඔයාගේ වැඩේට හරියන එක කඩේ එකා දෙනවා , නෝමල් ෆෝසිඩි එක තමයි , මොනවාහරි ගන්න වෙළද නාමයෙන්ම සියළු දේ ගන්න එක , එතකොට තමයි හරියටම සෙට් වෙන්නේ , ( ඒක ආට් එකක් ) අපිහිතමු සී අයි සී තින්ත ගත්තා කියල , පිලර් ගන්නෙත් සී අයි සී වලින්මයි , තිනර් ගන්නෙත් එව්වමයි , අවශ්‍ය තාවයක් තියනවනං , වේලෙන එක පරක්කු කරන්න රිටාඩර් , ඉක්මනින් වේලන්න හාඩ්නර් , හෙන කෙලකෝටියක් තියනවා බං , හැබැයි මිනිස්සු ඔව්වා පාවිච්චි කරන්නේ වැරදියට ,
මට එකක් අමතක උනා කලින් උඹට කියන්න , ජනෙල්වල ග්‍රීල් වල සහ ජනෙල් පියන් උළුඅහු වල එහෙම පරණ තීන්ත තියනවනං , ඔයා ඒවට තීන්ත ස්පේ කරනවනං අනිවාර්යෙන් පේන්ට් රීමු ගලා ඒ පරන ඒවා සම්පුර්නයෙන් අයින් කරන්න
සීලර් කියන්නේ මුලින්ම ගාන බේස් එකට , අර මම කලින් කියුවේ දැව ආරක්සක කියල ඒකත් ඔය සීලර් වගේ තමා , තව බිත්තිවලට තියනවා වෝටර් ප්‍රපින් සීලර් , ලීවලට ඒවා තියනවා , තව තියනවා අල්ටා වයලට් සීලර් ( ඉරඑලියෙන් ආරක්ෂා කරගන්න ) , ඔය වගේ එක එක සීලර් වර්ග තියනවා , එක එක නම් තියනවා .සමහරක් විට එකම ආලේපයට නම් කිහිපයක් තියනවා , ඔ්‍ය තියන තරං ජාති ගාන්න ඕන නැ , ඔයා ගන්න පේන්ට් එකත් එක්ක මැච්වෙන එක , ඔයාගේ වැඩේට හරියන එක කඩේ එකා දෙනවා , නෝමල් ෆෝසිඩි එක තමයි , මොනවාහරි ගන්න වෙළද නාමයෙන්ම සියළු දේ ගන්න එක , එතකොට තමයි හරියටම සෙට් වෙන්නේ , ( ඒක ආට් එකක් ) අපිහිතමු සී අයි සී තින්ත ගත්තා කියල , පිලර් ගන්නෙත් සී අයි සී වලින්මයි , තිනර් ගන්නෙත් එව්වමයි , අවශ්‍ය තාවයක් තියනවනං , වේලෙන එක පරක්කු කරන්න රිටාඩර් , ඉක්මනින් වේලන්න හාඩ්නර් , හෙන කෙලකෝටියක් තියනවා බං , හැබැයි මිනිස්සු ඔව්වා පාවිච්චි කරන්නේ වැරදියට , මට එකක් අමතක උනා කලින් උඹට කියන්න , ජනෙල්වල ග්‍රීල් වල සහ ජනෙල් පියන් උළුඅහු වල එහෙම පරණ තීන්ත තියනවනං , ඔයා ඒවට තීන්ත ස්පේ කරනවනං අනිවාර්යෙන් පේන්ට් රීමු ගලා ඒ පරන ඒවා සම්පුර්නයෙන් අයින් කරන්න
නැ මචන් අලුත්ම ජනෙල කොස් ලී වලින් හදලා තියෙන්නේ. ඒ හින්දා ලියේ වටිනාකම පේන්නත් එක්ක වාර්නිෂ් කරන්න ඉන්නේ
දැන් හරි මචං නැත්තන් බාසලාට ඕන විදිහට වැඩේ කෙරෙන්නේ. තවම ගරිල් හයි කරලා නැ. ඒ හින්දා වැඩේ ලේසියි. මචන් ලීය හොඳට පොලිෂ් කරගන්න ග්රින්දෙර් එකෙන් පුලුවන්ද ?
ග්රින්දෙර් කියුවේ
සොරි grinder
ගයින්ඩරෙන් කරන්නේ ලීය සුමට කරගන්න එක , අළුත් ලී වලට ඒක ඒන නැ , අතින් කරහං , නැත්තං ලීය විනාසවෙනවා , කොස් ඩයිපාරක් ගහල , ක්ලියර් ලැකර් පාරක් දාහං.
උඹ ලංකාවෙද
නැ මචං එන්න ඉන්නේ තව මාස දෙකකින් විතර ගේ බාගෙට හදාගෙන කුලී ගෙවා ගෙවා හිටියා ඇති. දැන් වැඩ ඉවරයි. මගේ සති 2 නිවාඩුවට ඕවා කර කර ඉන්න බැ බං. හැම සැරේම ඇවිත් පොඩි එකත් එක්ක කොහේ හරි යන්න හිටියත් ගෙදර වැඩට යට උනාම ඔක්කොම කම්බස්. මේ සැරේ වත් අලුත් ගෙට පදිංචියට යන්න ඕන බං.
මට ඕවා කරන්න කාලයක් නැ. ගනිටත් ඕවා බලන්න තේරෙන්නේ නැ. කොල්ලෝ දෙන්නෙක් අල්ලලා දවස්කුලියට වැඩේ කර ගන්නවා. ඔක්කොටම කලින් උන් මොනවද කරන්නේ කියලා subject එක දැනගෙන ඉන්න එපැය
වාර්නිෂ් ගාන්න එපා ,පැණි පාටට දිලිසෙනවා , කොස් ඩයිපාරක් දාල ක්ලියර් ලැකර් මැට් පිනිස් එක ගාපං , දිලිසෙන්නේ නැතුව අළුත් ලීයක් වගේ තියනවා සැහෙන කාලයක් , ව්ක පට්ට
හරි පිලර් code දෙකක් ගාන්න ඕනද ? අනික මචං එළියේ තියලා තියෙන්නේ මැදපු බිත්ති නෙවේ. හදපු ගෙයක් අරං modifi කරලා ගත්තේ. එළියේ බිත්ති වල පින්ට් එකක් ගාල තියෙන්නේ. එක උඩින් pilar පාරක් ගාල පින්ට් කරාම අවුලක්,නැ නේද ?
ඔව් මැදල නැති බිත්තියට හරියන වෙනම තීන්ත වර්ග තියනවා
පිලර් කෝඩ් දෙකක් ඕන වෙන්නේ නැ හොදට කපපු සුමට බිත්ති වලට
ඒක මචං roler එකෙන් ගාන්න පුලුවන්ද ? මම කිවේ එළියේ මැදපු නැති බිත්ති වල
එකක් උනත් හොදටම ඇති , සමහරක් XXXXX පොටි දාල වලවල් හදල පිලර් ගාල ආයෙත් කපල ආයෙත් ගානව පිලර් . එහෙම කරන්න ඒන නැ හැමතැනම , හරියට වලවල් ටික වහල , පිලර් ගාල 800 වගේ තුනි කොලයකින් ලාවට කැපුවහම ඇති
//ඒක මචං roler එකෙන් ගාන්න පුලුවන්ද ? මම කිවේ එළියේ මැදපු නැති බිත්ති වල // ඔව් පට්ට ලස්සනයි , ඒකටම එන රෝලර් හිටං තියනවා
ඕක තමා එකෙක් මට දුන්න බදු ලිස්ට් එක
එකෙන්නං අයිඩියා එකක් ගන්න අමාරුයි , ෆෝපෙෂන් නැ කියල නං පේනවා
න මචං ඕකම කරන එකෙකුට පෙන්නුවා උ ලක්ෂයක් ඉල්ලුව. මට තව ක්කමරය්ක් හද ගන්න පුළුවන් ඒ ගානට grin emoticon. ඒ හින්දා කොල්ලෝ දෙන්නෙක් සෙට් කර ගත්තා උන් දෙන්න දවස් පඩියට වැඩේ කරලා දෙන්නම් කිවා. ඒ උනත් වැඩේ අපිත් දැනගෙන ඉන්න ඕන හින්දා තමයි උඹෙන් ඇහුවේ. එල එල දැන් ඉතින් cource එකක් කරා වගේ තමා

වාර්නිෂ් ගාන්න එපා ,පැණි පාටට දිලිසෙනවා , කොස් ඩයිපාරක් දාල ක්ලියර් ලැකර් මැට් පිනිස් එක ගාපං , දිලිසෙන්නේ නැතුව අළුත් ලීයක් වගේ තියනවා සැහෙන කාලයක් , ව්ක පට්ට
ඔය බඩු ටික ගන්න පවුලව අරින්න , ලොකුම හොදම කඩයට , අරුන් දෙන්නව අරින්ඩ එපා , පන්දාහක විතර ඩිස්කවුන්ට් එකක් ගත්තහැකි , නැත්තං කඩෙන් ඒක දෙන්නේ උන් දෙන්නට ,
හරි මචන් ඔය ගමං කියපං බිමට මොකද කරන්න පුළුවන් කියලා. එලියට දාල තියෙන්නේ රතු සිමෙන්ති. ගේ ඇතුලෙනම් සාමාන්‍ය විදිහට සිමෙන්ති දාලා තියෙන්නේ.
උඹ ටයිල් වලට ආසද
න බං එච්චර වියදම් කරන්න බැ දැන්. ඒ හින්දා ඕක පොලිෂ් කරන්න හිතාගෙන ඉන්නේ
හොඳ shine එකක් ගන්න මොනවත් ට්‍රික්ස් තියනවද ?
පස්සේ කාලෙකවත් ටයිල් කරන්න එපා හෙන ගොං පාට් එකක් , ටයිටේනියම් ඩයොක්සයිඩ් එක්ක කැමති කලර් එකක් දාල සිමෙන්ති දාල ටෙරාසෝ මැසිමෙන් කපහං , පොලිෂ් කරාට වැඩක් නැ බැ , බිමට තින්ත ගාල වැඩකුත් නැ
මාත් එක ගැන හොයලා බැලුවා. කරන පොරක් සෙට් උනේ නැ.
ලොකු සීන් එකක් නෙමෙයි , හරියට කරන එකෙක් හොයාගන්න ඕන , ටයි ටේනියම් නැතුව ඔය පොලව උනත් කපන්න පුලුවන් , ටෙරාසෝ කරන පොරක් හොයහං
ඩයි නැතුව , ටයිටේනියම් නැතුව නිකං සිමෙන්ති දාපු පොලවත් මැෂිමෙන් කපන්න පුලුවන්
නෑ බන් අපේ පැත්තේ උං ඔය ගැන අහලවත් නැ. එක දෙවනුව කරනවා මචං. ආතක් පාඨක නැතිව හිටපු එකේ ඉන්න හරි තැනක් තියන එක මැදා. grin emoticon
මෙහෙ ඉඳන් හම්බ කරපු ඔක්කොම ඕකට තමා යට කරේ.
මටත් ඉතින් එහෙමනේ
එකනේ තොට ඒ දවස් වල කිවේ වරෙන් කියලා.
දැන්නං එපාවෙලා බං
දැන් ඉතින් පරක්කුයි. බලමු උඹ all rounder කෙනෙක් හිංදා මොනවා හරි සෙට් කරගන්න බැරි වෙන එකක් නැ
බලමුකෝ බලමුකෝ
උඹේ දැන් mobile වැඩේ මොකද ?
මචන් එහෙනම් මම යනවා thank u නැත්නම් මම හොඳටම ඇන ගන්නවා

Sunday, December 21, 2014

මොකක්ද මේ i cloud lock

මොකක්ද මේ i cloud lock


දැන් ටික කාලෙක ඉඳලා facebook technical group වල බහුලව දකින්න තියන ප්‍රශ්නයක් තමයි iphone වල icloud lock එක ඉවත් කරන්නේ කොහොමද කියන එක. මේ සඳහා ගොඩක් දෙනෙක් විවිද උත්තර දීලා තියනවා දැක්කා. ඒ අතර සමහර උත්තර බලපුවාම අඬන්නද ? හිනාවෙන්නද ? කියලා හිතා ගන්න බැ. කොහොම උනත් මේ ගැන මම දන්නා තරමින් නොදන්නා අයව දැනුවත් කරන්න තමයි මෙහෙම ලියන්න හිතුවේ. 
මොකක්ද මේ icloud lock එක කියන්නේ. 
iphone එකක් පාවිච්චි කරන අය දන්නවා මේකට apps download කරගන්න සහ තවත් apple සමාගමේ සේවා ලබා ගන්න නම් apple සමාගමේ ලියාපදිංචි user account  එකක් හා password එකක් ඕන කියලා. මෙන්න මේ user account එක යොදාගෙන ලියාපදිංචි වීමෙන් පසුව තමයි ඕනෑම apple device එකකට apple සමාගමේ සේවා ලබා ගන්න පුළුවන් වෙන්නේ. මේ සේවා අතර තියන එක සේවයක් වන්නේ icloud සේවය. මේ තුල පහසුකම් රැසක් අන්තර්ගත වෙලා තියනවා. දුරස්ථව පරිගනකයක දත්ත තැන්පත් කිරීම(cloud storage), දත්ත කලමනාකරන මෘදුකාංග(notes,pages ,numbers, keynote), දුරස්ථව පරිගනකයක සබැඳීයාවන් තැන්පත් කිරීම(contact) සහ දුරකථනය තිබෙන භූමි ස්ථානය සොයා ගැනීම(find my iphone) කියන්නේ එයින් කීපයක්. මෙන්න මේ find my iphone කියන සේවයේ තියන එක් පහසුකමක් තමා ඔබේ දුරකථනය නැති උනොත් එය lock කර දැමීම හෝ එහි ඇති සියලු දේ මකා දැමීම. මේ සේවාව ලබා ගැනීමට නම් ඉහත කී ලෙස user account එකක් තිබීම හා දුරකථනයේ එම සේවාව ක්‍රියාත්මක කර තිබීම(find my iphone)  අත්‍යවශ්‍යයි.               
මොකක්ද find my iphone සේවයෙන් ගන්න පුළුවන් පහසුකම් 
 
දුරකථනය දැනට තිබෙන භුමි  ස්ථානය gps තාක්ෂනය යොදාගෙන සිතියමක් මත පෙන්නුම් කිරීම, සොරකම් කරන ලද  හෝ අස්ථානගත වූ දුරකතනයක  ශබ්දයක් play කර අවට සිටින්නන්ගේ අවදානය ඒ වෙත ලබා ගැනීමට හැකි වීම, lost mode ක්‍රියාත්මක කර යම්කිසි පණිවිඩයක් තිරය මත ප්‍රදර්ශනය කිරීම, erase iphone මගින් සියලු දත්ත මකා දැමීම.  හැබැයි මේ සියල්ල ක්‍රියාත්මක වීමට නම් iphone  එක ක්‍රියාත්මක තත්වයේ පවතින්න ඕන.  එහම නැතිනම් කොයිම වෙලාවක හරි ක්‍රියාත්මක උනොත් මේ සියල්ල ක්‍රියාත්මක වෙනවා. ඒ විතරක් නෙවේ නැවත iphone එක ක්‍රියාත්මක තත්වයේ තියනවා කියලා අපිට පණිවිඩයක් ලබා ගන්නත් notify me when found තේරීම මගින් පුළුවන්.
මෙය ඉවත් කල හැකිද ?

ගොඩක් දෙනෙක් අහන ප්‍රශ්නය මෙන්න මේක තමයි. ඇත්තෙන්ම apple සමාගම කියන්නේ බොහොමයක් දේවල් උසස් තත්වයෙන් පවත්වාගෙන යන සමාගමක්. ඒ හින්දා මේ හැම දෙකම security එක ඉතාම ඉහල මට්ටමක තමයි තියෙන්නේ. අපි භාවිතා කරපු iphone එකක් අරන් ඒක reset කලොත් හරි නැවත restore කලොත් හරි කලින් භාවිතා කල කෙනා find my iphone සේවාව ඒ තුල සක්‍රීය කරලා තිබුනානම් නැවත එය ක්‍රියාත්මක තත්වයට ගන්න කලින් භාවිතා කල icloud user name සහ password ලබා දීම අනිවාර්යයි. මොකද idevice එකක් හැම වෙලාවේම active වෙන්නේ apple server එකෙන් permission අරගෙනයි. ඉතින් මේක කඩන්න නම් apple server එක hack කරලා ඉන්න වෙයි මුලින්ම. එහෙම නොකර මේ පියවර bypass කරගෙන ඉදිරියට යන්න ක්‍රම කීපයක් තිබුනත් ඒ එකකින්වත් ක්‍රියාත්මක කරගත්ත idevice එකෙන් සම්පුර්ණ වැඩක් ගන්න බැරි වෙනවා. සිග්නල් නොලැබීයාම, settings menu වෙත ගමන් කිරීමට නොහැකි වීම වගේ දේවල්. නිකංම නිකං game player යක් හෝ MP3 player යක් ලෙස නම් පාවිච්චි කරන්න පුළුවන්.              
විසඳුමක් ඇත්තෙම නැද්ද ?
තියනවා මේක නිත්‍යානුකුලව ඉවත් කර ගන්න පුළුවන් සේවාවක් apple සමාගමෙන් ලබා දෙනවා. හැබැයි ඒ යම්කිසි කාල පරාසයක් තුල පමණයි. ඒ වගේම ඒ සඳහා ඔවුන් ඉහල මිලක් අය කරනවා. අවසාන වතාවට මා  දුටුවේ iphone 4 සඳහා euro 168 වැනි මුදලක්. ඒ වගේම ඒ උපකරණය කලින් භාවිතා කරපු රට හා network එක අනුව මෙ මුදල  වෙනස් වෙන්න පුළුවන්. ඒ විතරක් නෙවේ තවත් සමහර newtwork මේ සඳහා කිසිම අවසරයක් දෙන්නේ න. අඩුම තරමින් ඒවා මුදල් ගෙවා network unlock වත් කරගන්න බැ. 
එහෙනම් සමහරු පුළුවන්, කරලා දෙන්නම් කියන්නේ 
ඇත්ත මමත් දැක්ක කීප තැනකම එහෙම සටහන් කරපු අය කීප දෙනෙක්ම. මම ඒ අයට පෞද්ගලික massege යැවුවා මම ලඟත් idevice කීපයක් තියනවා කරලා දෙන්න යන ගාන කියන්න කියලා. සමහරුන්ගෙන් විස්තර ඇහුවට පස්සේ උත්තරත් නැ මාව block  කරලත් දාලා. තවත් සමහරු අර නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයකුත් ටිකක් ඕන කියනවා වගේ හිතා ගන්නත් බැරි ගණන් කියනවා. ඒ ගානට අලුතෙන් එම device එක සල්ලි වලටම ගන්න පුළුවන්. 
සමහරු imei මාරු කරලා කරන්න පුළුවන් කියනවා. නමුත් idevice එකක IMEI ඉමාරු කරනවා කියන්නේ ලේසි වැඩක් නෙවේ. එක ලොකු අවදානමක් අරන් කරන්න ඕන දෙයක්. device එක no power වෙන්න තියන අවස්තාව ඉතා ඉහලයි. ඔයිට වඩා සරල තාක්ෂනයක් තියන samsung දුරකථන වල         
 IMEI ඉබේම නැති උනාට පස්සේ නැවත තිබුන orginal IMEI  එක Rebulid කරගන්න 100% ක්‍රියාත්මක වෙන ක්‍රමයක් හොයන්න මම දැන් අවුරුදු 2ක් විතර කට්ට කාලත් තාම බැරි උනා. එහෙවු එකේ Idevice ගැන කවර කතාද ?. :) ඒ විතරක් නෙවේ එම අලුත් IMEI  එක අනිවාර්යෙන් දැනට තියන Idevice එකක IMEI එකක් වෙන්න ඕන ඒ වගේම ඒ Device එක Icloud lock නොවුන එකක් වෙන්න ඕන. මොකද මේ හැම IMEI යක්ම Apple  server එකේ registor වෙලා තියෙන්න. සමහර විට ඉතින් මේ මම දන්නා තරම වෙන්න ඇති ඕනෑම දෙයක් කරන්න පුළුවන් පට්ට වැඩකාරයෝ අපේ රටේ ඉන්න හින්දා සමහර විට මම නොදන්නා තව ඕන තරම් ක්‍රම ඇති. කවුරු හරි එහෙම ක්‍රමයක් දන්නේ නම් අපි හැමෝම දැනුවත් කරන්න කියලා ඉල්ලනවා. 

මට දෙන්න තියන උපදෙස්    

  • හැම වෙලාවකම් phone එකක් ගන්න කොට එකේ ඉතිහාසය ගැන පොඩ්ඩක් හොයලා බලා ගන්න. (සොර බඩු  ළඟ තබා ගැනීමත් දඩුවම් ලැබිය හැකි ව  වරදකි). 
  • ඔය වගේ දෙකට අහු වෙලා ලොකු ගානක් අතින් කෙලවාගෙන ඉන්න වෙලාවේ ඉර දෙන්නම් හඳ දෙන්නම් කියලා වැඩේ කරලා දෙන්න එන උන්ට  තවත් ගානක් පූජා නොකර මොලේ ඇතුව වැඩ කරන්න.
  • වැඩේ කරන්න උපකරණය එවන්න කියන උන්වත් advance ගෙවන්න කියන උන්වත් විස්වාස කරන්න එපා. 
  • කිසිම විටක පුද්ගලයා නිසි පරිදි හඳුනා ගන්න තුරු මුදල් ගනුදෙනු කරන්න එපා.
  • මේක try කරලා බලන්න මේක try කරලා බලන්න කියමින් එවන software කැලි install කරගන්න යන්න එපා. 
  • නිත්‍යානුකුලව යමක් කරන්න පුලුවන්නම් පොඩි ගානක් වැඩියෙන් වියදම් උනත් ඒ ක්‍රමය තෝරා ගන්න.
  • බොරු add දමමින් මුදල් ගරන web site වලට අහු වෙන්න එපා.


Wednesday, September 25, 2013

ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු (2)

පලමු ලිපියට මෙතනින් 
ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු (1)


හරි එහෙනම් වොරන්ටි, ගැරන්ටි කියන්නේ මොකක්ද වගේම වොරන්ටි නැති වෙන්න පුළුවන් කාරනා කීපයකුත් අපි කලින් කතා කළා. ආෆ්ටර් සේර්විස් කියන්නේ මොකක්ද කියලත් තරමක්  කතා කලා. අද එහෙනම් කියන්න යන්නේ වොරන්ටිය නැති වෙන්න පුළුවන් තවත් හේතු කීපයක් සහ තවත් ලට්ට ලොට්ට ගොඩක් මේ සම්භන්දව.

ගොඩක් වර්ග වල  භාණ්ඩ මිලදී ගත්තට පස්සේ  කල යුතු අනිවාර්ය සේවා කිරීම් තියනවා වගේම සමහර භාණ්ඩ තියනවා ඔය මොන මඟුලක්වත්  නොකර දිගටම පාවිචි කිරීම විතරක් කරන්න පුළුවන් (උදා : ශීතකරණ, ඔරලෝසු, ජංගම දුරකථන).  එවැනි භාණ්ඩ අනවශ්‍ය විදිහට් සේවා(service) කරන්න ගිල්ලත් වොරන්ට්යිය නැති කරන්
 
ඉල්ලගෙන කන්න සිද්ද වෙන්න පුළුවන්. මම දැකලා තියන ගොඩක් පාරිභෝගිකයෝ ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. (මේක සම්මත බෙදීමක් නෙවේ මගේ මතය අනුව කල වර්ග කිරීමක් විතරයි.)

1. මිලදීගත් භාණ්ඩය ගැන කිසිම සැලකිල්ලක් නැතිව තමන්ගේ අවශ්‍යතාව  සපුරා ගන්න පමණක් කටයුතු කරන පාරිභෝගිකයින්.

2. භාණ්ඩය පිලිබඳ හොඳ දැනුමකින් භාණ්ඩයේ නඩත්තු නිසි පරිදි කරමින් භාණ්ඩය භාවිතා කරන පාරිභෝගිකයින්.

3. භාණ්ඩය පිලිබඳ ඕනවට වඩා සොයා බලමින් අනවශ්‍ය පරිදි සේවා(service) කරමින් භාණ්ඩය භාවිතා කරන පාරිභෝගිකයින්.          

ඔතනින් මං වැටෙන්නේ එකෙන්ම ඔය අංක 1 කියන ගොඩට. හෙහ් ..දැන් ඉතින් හැමෝම දන්නවනේ මේ කියන්නේ වැදී  බන තමයි කියලා. මේ කණ්ඩායමේ පාරිභෝගිකයින් බලන්නේ නැ  භාණ්ඩය හදලා තියෙන්නේ මොකටද ?. මොනවද එකෙන් කරගන්න පුළුවන් වගේ දේවල්. තමන්ට ඕන කරන ඕනෑම දෙකට මේ ගොල්ලෝ මේ භාණ්ඩය පාවිච්චි කරනවා. තමන්ගේ අවශ්‍යතාවය ඉටු වෙනවනම් ඒ ඇති. අහන්න දෙයක් නැ මේ වගේ පාවිච්චි කරන භාණ්ඩයකට වොරන්ටි හම්බෙයිද කියලා. හැබයි මේ අයත් වොරන්ටි කාලය ඇතුලත භාණ්ඩයේ දෝෂයක් ඇති උනොත් උස්සගෙන යනවා භාණ්ඩය මිලදී ගත ආයතනයට. එතන ඉන්නේ ඔය වගේ පාරිභෝගිකයින් ඉහේ කෙස් ගානට දැකපු මුදලාලිලා සහ නඩත්තු ශිල්පීන්. ගිහින් පුක්  මුනකුත් දාගෙන, සද්දෙකුත් දාල තමයි භාණ්ඩය දෙන්නේ. එතකොට අනේ කොහොම හරි මේ ගොල්ලෝ මේ භාණ්ඩයේ වගකීම් සහතිකයේ ඇති කොන්දේසියක් කැඩිලා කියලා පෙන්නලා දීලා. භාණ්ඩයේ වගකීම අවසන් කියල කියනවා. එතකොට ඉතින් සද්දේ දාල ආපහු හැරිලා එනවට වඩා දෙයක් කරගන්න බැරි වෙනවා. හැබයි මම දැකලා තියන විදිහට මේ අය වැඩි දුර පන්නන්නේ නැ භාණ්ඩයට වගකීම ගන්න මොකද මේ අය දන්නවා තමන් භාණ්ඩය භාවිතා කල විදිහ. ගොඩක් වෙලාවට ඉක්මනින් හිත හදාගෙන  වෙන භාණ්ඩයක් මිලදී ගන්නවා.    

දෙවැනි කණ්ඩායමේ පාරිභෝගිකයින් තමා නිවැරදිම කට්ටිය. මේ අය භාණ්ඩය නිවැරදිව භාවිතා කරනවා පමණක් නෙවේ ඒ අය එහි වගකීම ආදී සැම දෙයක් ගැනම ගොඩක් විට දැනුවත්. මේ අයත් වගකීම් කාලය ඇතලත භාණ්ඩ රැගෙන යනවා. අවංක ආයතනයක් නම් අනිවාර්යෙන් මේ අයට වගකීම් සහතිකයේ කොන්දේසි වලට අනුව වගකීම ලබා දෙනවා. සමහර විට පාරිභෝගිකයා නොදැනුවත්ව වගකීමේ කොන්දේසියක් උල්ලන්ගනය වෙලා තියෙන්න පුළුවන් (උදා : ජංගම දුරකතනයක් තුලට පාරිභෝගිකයා නොදැනුවත්ව ජලය යාම-කුඩා දරුවෙකු අතින්, නාන කාමරයේදී )  නමුත් එහිදී ඔබ හොඳ මහත්මයකු ලෙස හැසිරුනොත් බොහෝ විට මෙම ආයතනයෙන් ඔබට සහනයක් ලබා දෙනවාමයි. ඒ වගේම මේ අය රැගෙන එන භාණ්ඩය සමහර විත ඉතා සුළු අලුත් වැඩියාවකින් නැවත මුල් තත්වයට ගන්න පුළුවන්.           



තුන් වැනි කණ්ඩායම් තමයි හොඳටම ඉල්ලගෙන කන කට්ටිය. මේ අය භාණ්ඩය ගැන අනවශ්‍ය තරම් සැලකිල්ලක් දක්වනවා. ඒක භාණ්ඩයකට සැලකිල්ලක් නොදක්වා ඉන්නවටත් වැඩිය අනා ගන්න වැඩක් වෙනවා. අදික සැලකිල්ල නිසා බොහෝ විට නැති දෝෂ පවා පෙනෙන්න ගන්නවා. අලුත් ගොඩක් උපකරණ මෘදුකාංග මගින් ක්‍රියාත්මක වන දේවල් හින්දා ගොඩක් වෙලාවල් වලට තාවකාලික දෝෂ ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථා වල නැවත පන ගැන්වීමක්(restart) හෝ ප්‍රාථමික ප්‍රතිපිහිටුමක් (factory reset) මගින් දෝෂය ඉවත් කර ගන්න පුළුවන්. නමුත් මේ අය දෝෂය තහවුරු කර ගන්න නැවත නැවත දෝෂය ක්‍රියාත්මක කර බැලීම තුලින් විශාල දෝෂයක් නිර්මාණය කර ගන්නවා. ඒ විතරක් නෙවේ භාණ්ඩය හොඳින් පවත්වාගෙන යාමට සිතා නුසුදුසු සැලකිලි දක්වනවා(උදා: TV,කැසට් වැනි දේවල් මත රෙදි වැනි ආවරණයක් යෙදීම, ජංගම දුරකථන සුවඳ විලවුන්, සර්ජිකල් ඉස්පිරිතු, ෂැම්පු වගේ දේවල් වලින් පිස දැමීම- එවිට මතු පිට ඇති ආරක්ෂක තීන්ත ආවරණය බිඳ වැටේ, නිතර නිතර බ්‍රෂ් කිරීම, පරිගණක වැනි දැ වඩා හොඳ සිසිල් කිරීමක් යයි සිතා  පියන ඇර තැබීම, යාන්ත්‍රික කොටස් වල ඇති ඇන නිතර නිතර බුරුල් වී ඇතැයි සිතා තද කිරීම). මේ අයගෙන් තමයි වෙළඳ ආයතන වලට බේරෙන්නම බැරි. මේ අයගේ කන්දොස්කිරියාව හින්දම මේ අයට වගකීම ලබා ගන්න බැරි වෙන වෙලාවල් බොහොමයි. අනිත් එක මේ අය සුළු සුළු දෝෂ කියමින් වට පිටේ ඉන්න මක බාස්ලා  වෙත පෙන්වීමෙන් හෝ තමන් විසින් බොහෝ විට වගකීමේ මුද්‍රා කඩා ගන්නවා. දන්නවනේ ඉතින් ඔය මුද්‍රාව කඩා ගත්තොත්  ආය නෝ වොරන්ටි. මොකෙක්වත් ගන්න  කැමති නැ ගත්තත් ඉතින් කොන්ඩම් කරලා දෙකේ කොලේට තමා ඉල්ලන්නේ. ඇත්තටම මේ අයගේ භාණ්ඩ ගොඩක් වෙලාවට ස්භාවිකව ලෙඩ වෙච්චි ඒවා නෙවේ මේවා හදා ගත්ත ලෙඩ. එතැනින්ම වගකීම අහෝසි වෙනවා. ඒ වගේම මේ අය සැහෙන්න බොරුත් කියනවා භාණ්ඩය සඳහා වගකීම ගන්න. හැබයි ඉතින් ඔය භාණ්ඩය විකුනපු මුදලාලි මේ වගේ කට්ටිය කඩේ දොරෙන් ඇතුලට එද්දිම අඳුනා ගන්නවා.

                    හරි මේ කතා කලේ භාණ්ඩ භාවිතා කරන පාරිභෝගිකයින් ගැන. යකෝ මාතෘකාවේ  තියෙන්නේ  "ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු" කියලා එහෙනම් මොන මඟුලක්ද මේ ගන්න එවුන් ගැන ලියන්නේ කියලා හිතයි. නැ  මේ ගැනත් ඔබ දැන ගන්න ඕන මොකද  භාණ්ඩය මිලදී ගන්න ඔබ ගැනත් විකුණුම් කරුවෝ දන්නවා කියලා හිතාගෙන ඉන්න එක හොඳයි නොවැ.      

                         අනිත් දේ තමයි භාණ්ඩයේ මිල. ගොඩක් වෙලාවට  බොහොමයක් පාරිභෝගිකයෝ කැමති තමන්ට වඩා වැඩි ලාබයක් ලැබෙන මිල අඩුම තැනින් භාණ්ඩ මිලදී ගන්න. නමුත් මේ වෙලාවේදී ඔබ පොඩ්ඩක් කල්පනා කාරී වෙන්න ඕන. භාණ්ඩයක් වෙළඳ පොලේ විකුනන්න පුළුවන් අවම මිලක් පවතිනවා සමහර භාණ්ඩ වල එය සටහන් කර තිබුනත් ගොඩක් භාණ්ඩ වලට තියෙන්නේ වෙළඳ පොලෙන් තීරනය උන මිලක් ඒ මිලටත් වඩා  අනවශ්‍ය පමනට මිල අඩු කරන භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. මොකද භාණ්ඩය එම මිලට විකිණිය හැකි වෙන්නේ සමහර විට එහි පවතින දෝෂයක් නිසා විය හැකියි. නැත්නම් නීතිමය  ප්‍රශ්නයක් විය හැකියි.(උදා : මැරුණු පික්සල් ඇති TV , LCD, කැමරා. නිසි වේගයක් නැති පරිගණක,දුරකථන,සුළු අලුත් වැඩියාවකින් පසු  විකිණීමට  ඒවා ඇති භාණ්ඩ, බදු හෝ ලියාපදිංචියෙන් තොර හොරෙන් ගෙන්වූ භාණ්ඩ, නියමිත ප්‍රමිතිය සම්පුර්ණ කිරීමට අපොහොසත් වූ භාණ්ඩ )  දන්නවනේ කියමනක් තියනවා "ලාභ බඩුවේ හිලක් ඇත " කියලා. 



       ඒ වගේම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී බලන්න ඕන වැදගත්ම දෙයක් තමයි මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ කුමන කලාපයක භාවිතා කිරීමටද කියන එක. ගොඩක් අය මේ   ගැන ඇත්තෙන්ම දන්නෙත් නැ. නමුත් මේක ඉතාම වැදගත් දෙයක්. නිෂ්පාදන ආයතන සමහර භාණ්ඩ නිපදවන්නේ සමහර රටවල් වල හෝ යම් කලාපයක්  විකිණීම සඳහා  විශේෂීකරණයක් සහිතව(උදා : යුරෝපා රටවල පමණක් විකිණිය හැකි භාණ්ඩ, ඇමරිකාවේ පමණක් විකිණිය හැකි භාණ්ඩ). එකට හේතු වෙලා තියෙන්නේ එක එක රටවල භාවිතා කරන විදුලි සැපයුම, ඩිජිටල් හෝ ඇනලොග් තරංග, සේවා සපයන්නන් ලබා දෙන විවිද පහසුකම්, දේශගුණික තත්වය වැනි දෑ එකිනෙකට වෙනස් වීමත් එවැනි දේ මත යන්ත්‍රයේ ක්‍රියා කාරිත්වය වෙනස් වීමත් යන කරුණු නිසයි. හැමෝම දන්නා ප්‍රසිද්දම උදාහරණය  වන්නේ විදුලිබල සැපයුමේ වෙනසයි. ජපානය වැනි රට වල 110v  භාවිත කරන අතර   ලංකාවේ අපි 230V විදුලි සැපයුමක් භාවිතා ක‍රනවා. ජපානයේ  භාවිතය සඳහා  වෙන් කෙරුණු විදුලි උපකරනයක් අපගේ විදුලියට සම්බන්ද කලොත් අනිවාර්යෙන් එහි පරිපත කොටස් දැවී යනවා.  ඒ වගේම ජංගම් දුරකතන  වැනි  තරංග භාවිතා කරන උපකරණ වල තරංග  පරාසයන්  රටින් රට වෙනස් වෙන්න පුළුවන් උදාහරණයක් ලෙස කොරියාව,ජපානය, ඇමරිකාව,ඔස්ට්‍රේලියාව වැනි රටවල් බහුලව ජංගම් දුරකථන වැනි උප කරන සඳහා CDMA,WCDMA තරංග භාවිතා කරන නමුත් ලංකාව තුල භාවිතා වෙන්නේ GSM තරංගයි. ඒ වගේම සේවා සපයන්නා විසින් ලබා දෙන සමහර විශේෂ සේවා ලබා ගැනීම  සඳහා  සකස් කල software සහ hardware කොටස්  තියෙන්න පුළුවන්. මෙවැනි උපකරණ මිලදී ගත විට එයින් ලබා ගත හැකි උපරිම භාවිතය ලබා ගන්න බැ(උදා : කොරියන් version දුරක්තන වල SMS එකක දිග අපේ දුරකතනයක SMS 4ක පමණ දිගට සමාන වීම, රේඩියෝ පහසුකම භාවිත කල නොහැකි වීම, අලුත් වැඩියාවක් කිරීමට උවහොත් අමතර කොටස් සොයා ගැනීමේ දුෂ්කරතාව. BlackBerry/Nokia  වර්ගයේ විශේෂිත network එකකට lock කරන ලද දුරකථනයක් Unlock කල පසුව 3G signal නොලැබීම, BlackBerry සේවා ලබා ගත නොහැකි වීම, Android දුරකථන මගින් Apps Download කිරීමට   යාමේදී එම කලාපයේ Apps පමණක් Download කිරීමට අවසර ලබා දීම)  


තවත් මම ප්‍රයෝගිකව දැක   තියන දෙයක් තමා සමහර රටවල් හෝ කලාප සඳහා නිෂ්පාදනය කරන භාණ්ඩ වල Hardware කොටස් වල තියන වෙනස් කම්. මේවා සැලසුම් කර තියෙන්නේ ඒ ඒ දේශගුණ තත්වයන්ට ගැලපෙන ලෙස. ඔබ මිලදී ගන්නා භාණ්ඩය සමහර විට සීත රටක භාවිතා කිරීමට සැලසුම් කර ඇත්නම් එහි සිසිලන පද්දතිය එයට ගැලපෙන ලෙස සකස් කර ඇති නිසා අපේ රටේදී භාවිතා කරන විට අදිකව රත් වීම නිසා විවිද දෝෂ පැන නැගිය හැක(උදා : ප්‍රසිද්ද ලෙඩක් වන HP Pavilion වර්ගයේ Laptop පරිගණක වල Graphic IC පෑස්සීමට භාවිතා කරන ඊයම් වියලීම නිසා ඇති වන Display නොලැබීමේ දෝෂය,).        


(හරි යන්නේ නැ වැඩේ තවත් එකක් ලියන්න වෙයි වගේ. එහෙනම් මතු සම්බන්දයි ඇ ..)