මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Showing posts with label මඩ වගේ. Show all posts
Showing posts with label මඩ වගේ. Show all posts

Saturday, August 24, 2013

ශ්‍රී ලාංකීක සංගීතයට මා කල අමරණීය සේවය.

ශ්‍රී ලාංකීක සංගීතයට මා කල අමරණීය සේවය.



හැමෝම දන්නවනේ මේක කිසිම චාරයක් ඇතිව පොස්ට් දාන බ්ලොග් එකක් නෙවේ කියලා. එකට ප්‍රධාන හේතුව මගේ තියන කම්මැලි කම කියන්න පුළුවන්. අනික කියවන්න තරම් ලියන්න ආසා නොවීම. අර කියමනක් තියනවනේ එක කටකුයි කන් දෙකකුයි තියෙන්නේ අඩුවෙන් කතා කරලා වැඩියෙන් අහන්න කියලා මම නම් කන් දෙකටත් වැඩිය පාවිච්චි කරන්නේ ඇස් දෙක කීවොත් හරි. පොඩි කාලේ ඉඳන් ඇබ්බැහි උන කියවීමේ පුරුද්ද තවම අතහැර ගන්න බැරි උනා. දැන් ඉතින් කවුරු හරි කියයි ඉතින් යකෝ ඇස් දෙකක් වගේම අත්  දෙකකුත් තියෙන්නේ. උඹ කියවනවා වගේම ලියපංකෝ කියලා. ඒ උනාට ඇස්  දෙකම කියවන්න පාවිච්චි කරාට අත් දෙකම් ලියන්න පාවිච්චි කරන්න බැ නොවැ.

හරි ඉතින් අද මේ ලියන්න හේතුව උනේ අද දවසටම මෙලෝ වැඩක් නැතිව ඉන්නකොට  සිංදුවාගේ බොග  පැත්තේ ගියපු එකෙන් මගේ පාසල් කාලය මතක් වීම. හරි ඔන්න එහෙනම් රියල් ෂිද්දිය ...හරිය.



මං තුමා 1 වසරේ ඉඳන් 5 වසරට වෙනකන් කනිෂ්ඨ ඉස්කෝලෙකට ගිහින් සිස්සත්තෙන් ඇනගෙන ඉන්නකොට ඒ දවස් වල සිස්සත්තෙට අමතරව ඇතුලත්වීමේ විභාගේ කියලා එකක් ඔය ජනප්‍රිය පාසල් වල තිබුන එකෙන් කොහොම හරි ඔන්න මාධ්‍යමහා   විද්‍යාලයකට ඇතුලත් උනා කියමුකෝ. ඕකට ගිහින් ඔන්න ටික දවසකින් අපේ පන්තිභාර ටිචර්  කීවේ නැතැ "දැන් ළමයි ඔය ගොල්ලෝ හැමෝම සෞන්දර්ය විෂයට තමන් කැමති දෙයක් තෝරා ගන්න ඕන" කියලා. අනේ ඉතින් කවදා කාපු සුනාමි ටකරන්ද? මම ඉතින් කොයි පැත්තට යන්නද කියලා හිතා ගන්න බැරිව වට පිට බල බල ඉන්නකොට මෙන්න බොලේ මට අලුතෙන් සෙට් වෙච්චි අපතයෝ වැඩි හරියක් සංගීත පංතියට යන්න අත උස්සගෙන ඉන්නවා. මමත් ඉතින් මෙලෝ දෙමළයක් දන්නා එකක්ය. මමත් අත ඉස්සුවා ඔන්න සංගීතය  කොරන්න කියලා.   

දැන් ඉතින් ටික කලක් යනකම්  මෙලෝ මඟුලක් නැ සංගීත පන්තියට යනවා මැඩම් කියන ටික ලියා ගන්නවා එනවා. ඔච්චර තමයි. කොහොම කොහොම හරි ටික ටික ඉහලට එනකොට ඔය පීරියඩ් එකේ බොහොම කළාතුරකින් දවසක තමයි සංගීත කාමරේට යන්නේ. වැඩි හරියක් අපි අපතයෝ ටික පිට්ටනියේ හරි කැන්ටින් එකේ හරි තමයි. අපේ සංගීත මැඩම්ටත්  අපි පන්තියට එන්නේ නැත්තන් ඉතින් කියලවත් කර ගන්න බැරි වැඩක් හින්දා කවදාවත් හොයන්නේ නැ. ඇවිත් ඉන්න එවුන් ටිකට දෙයියනේ කියලා උගන්නනවා. කොහොමින් කොහොමින් හරි ඔන්න අ.පො.ස. (සා.පෙ) අවා කියමුකෝ. දැන් ඉතින් විභාගෙට ලියන්න අහවල් එකය කොහේන්  හරි ඔය කෙල්ලෝ දෙන්නෙක්  තුන්දෙනෙක් ගේ පොත් ටිකක් බලලා එහෙන් මෙහන් ඇහුන ධාධරා,ත්‍රිතාල්, රාග, ආලප. ස්වර ප්‍රස්තාර අරවා මේවා කියන වචන කැලි  ටික   අල්ලාගෙන හිත හදා ගත්තා කොහොම හරි සංගීත පෙපොරේ ලියන්න.

            කොහොමින් කොහොම හරි ඕන බොරුවක් ඇත්ත වගේ ලියන්න පුළුවන් කොමටයි කොපි කිරීමේ විශේෂ දක්ෂතාවයටයි පින් සිද්ද වෙන්න මෙන්න යකෝ සංගීත විෂයට තියන ප්‍රයෝගික පරික්ෂනේට යන්න තරම් ලියපු පේපොරෙන් අපි ඔක්කොම ගොඩ ගිහින්. 

දැන් ඉතින් ඔන්න ටික කාලෙකින් ප්‍රායෝගික පරීක්සනේ. තිබ්බේ කොහෙද කෑගල්ල රංවල කියන තැන තියන රංවල මහා විද්‍යාලේ. එදත් ඉතින් සුපුරුදු විදිහට සියලු කාඩයෝ  ටික කෑගල්ල නගරයට  එකතුවෙලා කරන්න පුළුවන් ඔක්කොම නසරානි වැඩ කරලා ඔන්න යන්තන් උදේ 10 විතර වෙනකොට ඔය කියන තැනට ගියා. 

අප්පට පුතේ මෙන්න මෙතන ඉන්න සෙනග ගොඩ අපේ ඉස්කෝලේ එවුන් විතරක් නෙවේ තව ගොඩක් ඉස්කෝල වල එවුනුත් මෙතැන. අපි ඉතින් ඔය මොනවා කරත් ලජ්ජා භයට හැදිච්චි කොල්ලෝ හින්දා හෙන ලැජ්ජයි මුන් ඔක්කොම ඉස්සරහා සිංදු  කියන්න.  කෙල්ලොත් ඉන්නවා දැන් ඉතින් මොකෝ කරන්නේ.  මුන් ටික  ඔක්කොම ප්‍රැක්ටිකල් දීලා  ඉවර වෙනකන් අපේ එවුන් ටික පොඩි බෝලයක් හොයාගෙන දැන්  පිට්ටනියේ.

 හවස 3 විතර වෙනකොට අනිත් උන් ඔක්කොම ගියා දැන් ඉතිරි අපි සෙට් එක විතරයි. දැන් කට්ටියම ඔන්න ප්‍රැක්ටිකල් ටෙස්ට් එක තියන කාමරේ ළඟ. මේ කාමරේ  කොට බිත්ති බැඳලා උඩට යකඩ  දැල් ගහපු කාමරයක් දැන් ඔන්න විභාග අංකේ  පිලිවලට කට්ටිය සිංදු  කියන්න ඇතුලට යනවා.

ඔන්න එකෙක් ගියා ඉස්සරෝම. පේපර් දෙකක් තියනවා කැමති එකක් තෝරා ගන්න.  ගත්තා  එක පේපර් එකක්. දැන් මෙතැන ඉන්නේ මැඩම්ලා දෙන්නයි, සර්ලා  දෙන්නයි තව අර සරපිනාව වගේ තියන බටන් ටික නැති ශෘති පෙට්ටිය කියන එක වාදනේ කොරන කෙල්ලෙකුයි.   

දැන් ඉතින් මේකේ තියන්  දේවල් මු කොරන්න එපැය. අනිත් එවුන් වටේ එල්ලිලා හිනාවෙවී බලාගෙන ඉන්නවා. කොහොමින් කොහම හරි මු   අපිට වැඩිය ටිකක් හොඳ එකෙක් හින්දා  අරකේ තිබ්බ ඒවගෙන් 2/3 විතර යන්තම් ගොඩ දාගත්තා. දැන් ඊළඟ එකා මුත් ඇතුලට ගිහින් මොන මොනවද  කොරා ඔන්න ඌත්  එලියට. 

දැන් ඉතින් මෙතුමාගේ වාරේ. ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට හිටපු මැඩම්ලගේ    සර්ලගෙ මුනවල් දැන් ඉතින් බෙරි  වෙලා එක දිගට පැය ගණනක් වැඩ කරලාම මහන්සියට. ලේසි කෙලියක්ය ළමයි හාර  පන්සීයකගේ  ප්‍රැක්ටිකල් බලනවා  කියන්නේ.  
ඔන්න ඔවැනි තත්ත්වක් උඩ  තමා මෙතුමා හදිසියේම  ඒ සියලු ගුරුවරුන්ගේත් අනිත් ඉතිරි සිසුවන්ගේත්  ගැලවුම් කාරයා වෙන්නේ. 

ඔන්න සිද්දිය මෙහෙමයි.
මෙතුමා යනවා දැන් ප්‍රැක්ටිකල් දෙන රුම් එකට ඔන්න පුරුදු විදිහටම සර් දෙනවා පේපර් දෙක කැමති එකක් එකක් තෝරා ගන්න. ඔන්න මං තුමා ගත්තා පේපොරයක්.    හි ..හි කියන්න සන්තෝසයි එකේ තියන ඔක්කොම දේවල් එදාම තමා මං ඇහුවෙත්. කෙලින්ම මං  තුමා  කියපි "මම මේකේ තියන මොකුත් දන්නැ  සර් "  කියලා. 
මෙතුමාගේ අවංක කමට පැහැදුනු  එක සර් කෙනෙක් දෙනවා දැන් අනිත් පෙපොර් එක. එකටත් ඉතින් කියන්න සංතොසේ  බැ  2/3 වැඩිය දන්නේ නැත. දැන් ඉතින් මෙතුමා දහර මණ්ඩිය ගොතාගෙන පැදුරේ ඉඳගෙන වටේම සංගීත භාණ්ඩ පිරිවරා මහා සංගීත සමාධියකට සම වැදෙන්න තමා ලෑස්ති.

දැන් අර සර් කෙනෙක් ඉස්සරලම  කියපි "පුතා ත්‍රිතාල් එක දාලා පෙන්නවන්න" කියලා අනේ වාසනාවට මම දන්නෙම ඔය "ත්‍රීතාල්"  එකයි "ධාධරා" කියන එකයි විතරමයි. කිසි කෙස් එකක් නැ දැම්ම තාලේ වැඩේ ගොඩ. 
ඊළඟට අහපි තව මොකක්ද එකක් මං කොහොමෙයි ඉගන ගන්නේ නැතිව ඕවා දන්නේ. 
ඔහොම අර පේපොරේ  තිබ්බ ප්‍රශ්න ගොඩක්  අහලා බැරිම තැන සර් තිබ්බා ප්‍රස්න පත්තරේ අහක. තියලා මෙතුමා වාදනය කරා ස්වර කීපයක් දැන් මගෙන් අහනවා ඒ මොන රාගයද කියලා. 
නැට්ටට කිරි උනන කාලේ අපි දන්නේ ඉතින් එක රාගේ නොවැ. මම ඉතින් ගත් කටටම් කීවා "මන් දන්නේ නැ" කියන ලෝකේ තියන ලේසිම වචන තුන. 
පස්සේ දැන් මේ සර් අහනවා "මේ රාගේ දන්නවද" මගේ උත්තරේ "නැ සර්" "මේ රාගේ දන්නවද" "නැ  සර්". බැරිම තැන සර් කිවා හරි පුතා ඔයා දන්නා කැමති නුර්ති ගීතයක් කියන්න කියලා. 

හෙහ් ..අපි නොදන්න නුර්ති ගී. පටාර් ගාල මෙතුමා පටන් ගත්තා වෙස්සන්තර නාටකයේ එන 
"අද වෙස්සන්තර රාජ පුතා මන්ද්‍රි කුමාරි බඳී - දෙවොපකාර වේවා සැදී සෙත්.. " 
කියන සිංදුව. 

අම්මට සිරි යකෝ මෙන්න අර එලියෙ ඉන්න අපේ ගොබිලෝ ටික යකඩ දැලට තට්ටුවක් දදා සෙට් වෙනවා සිංදුවට. මේක දැක්ක විතරයි අර සර් කීවා "නවත්තන්න... නවත්තන්න  ඔහොම නෙවේ පුතා මේ සංගීත භාන්ඩත් එක්ක ශ්‍රතියට  ඕක ගායනා කරන්න" කියලා. 
දැන් ඉතින් අනිත් ගුරුවරු කට්ටිය වයලීනය, තබ්ලාව, සරපිනාව ගහනවා මෙතුමා ඉතින් ලෙසටම ගායනා කරනවා. ඔං  විනාඩියක් වත් ගියේ නැ  අර සර්  අතින් සංඤා කරලා  කීවා ඔය තබ්ලාව පොඩ්ඩක් නවත්වන්න කියලා. තබ්ලාව නැවතුවා  විතරයි මෙතුමාත් සිංදුව  නැවැත්තුවා. 
"නැ ..නැ  ඔය පුතා දිගටම සින්දුව කියන්න" කියලා කියපි. 
දැන් මෙතුමා ආයෙත් මුල ඉඳන් ගායනා කොරනවා. ඔන්න පේලි දෙක තුනක් කියනකොට සංඤා කොරා වයලීන් එක නවත්තන්න. 
ආයෙත් මෙතුමා සින්දුව නැවැත්තුවා.  
"නැ ..නැ   පුතා දිගටම සින්දුව කියන්න" කියලා අයෙත් කියපි. 
මෙන්න යකෝ ආයෙත් පේලි දෙක තුනක් කියනකොට සරපිනාවත් නැවැත්තුවා. මෙතුමාත් පුරුදු විදහට සිංදුව නැවැත්තුවා. 
දැන් මේ පොර කියනවා. "   නැ ..නැ   මේවා නැවැත්තුවා කියලා පුතා සින්දුව නවත්තන්න එපා  දිගටම සින්දුව කියන්න. මොකද ඔය පුතා කියන තාලෙට කවදාවත් මේ භාණ්ඩ වාදනය කරන්න බැ. ඒ හින්දා ඔයා කැමතිම තාලෙකින් සින්දුව කියලා දාන්න කියලා." 
ඉවරයිනේ........... කලිසම බිම. 

පස්සේ ඔක්කොම නවත්තලා පොර ඇහුවා මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක්.
සර් :- දැන් පුතා O / L පාස් උනොත් A /L වලට මොනවද කරන්නේ.
මං  :- හොඳට පාස් උනොත් නම් ඕන එකක් කරනවා සර් නැත්තන් ඉතින් කොමස් හරි ආර්ට් හරි තමා.
සර් :- පුතා ආර්ට් කරොත් සංගීතය විෂයක් විදිහට කරනවද ?.
මං  :- නැ  සර් 
සර්  :- දැන් මේ අනිත් ඔක්කොම පුතාගේ ක්ලාස් එකේ කට්ටියද ?.
මං  :- ඔවු  සර්.
සර් :- මේ ගොල්ලොත්   ආර්ට් කරොත් සංගීතය විෂයක් විදිහට කරයිද ?.
මං  :- මං  හිතන්නෑ සර්.
සර් :- හරි එහනම් මේ පුතාල ඔක්කොම දැන් ගෙදර යන්න. විභාගේ පාස් වෙන්න ඕන හින්දා හැමෝටම "S " එක ගානේ දෙන්නම්. හැබයි කවුරුත් මතක තියා ගන්න උසස් පෙලට සංගීතය විෂයක් විදිහට නොකරන්න. මොකද අපිට මේ සංගීතය  තව දුරටත් ඉස්කෝල වල උගන්නන්න ඉතිරි වෙන්න ඕන.                  
සියලු පිරිස එක හඬින් "හුරේ ........."

ඔන්න ඔහොමයි මම එදා සියලු දෙනා නිරුපද්‍රිතව සංගීත වගේ ගැඹුරු විෂයකින් ලේසියෙන්  ගොඩදාගෙන අරන් ආවේ. එදා ඉඳන් අද වෙනකන් අපි හැමෝම වෙච්චි පොරොන්දුව අකුරටම රැක්කා. ඉඳලා හිටලා පොඩි ෂොට් එකක් දාපුවාම සින්දුවක් දෙකක් බයිට් එකට ගත්තට කවදාවත් අපි සිංහල සංගීතයට කුරා කුහුඹුවෙක් තරම් වරදක් කරලා නැ  ඔං. 

Friday, May 10, 2013

පොලිස් කරුවෝද මනුෂ්‍යයෝය





ඔන්න අවුරුදු එක හමාරකින් විතර පොස්ට් එකක් දාන්නයි ලැස්ති වෙන්නේ. මකුළුදැල් බැඳිලා දුවිලි වහලා තියන මේක සුද්ද කරන්නම සැහෙන වෙලාවක් යයි වගේ.
මේ කාලයටම නොකඩවා බ්ලොග් කියවන එකනම් කරා.
හරි ආඩම්බරයි අප්පා දැන් තමයි සිංහල බ්ලොග් ලෝකේ නියම ආරිය සිංහල ගති ලක්ෂණ පෙන්නන්නේ. මුල් කාලේ තිබ්බ බ්ලොග් ලෝකේ නිකන් ජිල්බෝල හොද්දක් වගේ මෙලෝ රහක් නැ. කබ්බොත් නැ ටෝයියොත් නැ.



ෂාහ් ....දැන් ඒ වගේද ගඳ විතරක් බ්‍රහ්ම ලෝකේ දක්වාම විහිදෙනවා මයේ හිතේ. හඬ ඇහුවොත් මාර සෙනග උනත් කලන්තේ දාල වැටෙන්නේ.
එල..එල..
විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ. දැන් ඔන් මොකා ඇහුවත් බය නැතිව කටක් ඇරලා කියන්න පුළුවන් සිංහල බ්ලොගර් කෙනෙක් කියලා. ඒ හින්දමයි මේ වෙලාවක් හම්බුන ගමන් ලියන්න ගත්තේ ජාති ආලයෙන් ඔද වැඩිලා අප්පා.
හරි ආඩම්බරයි හසන්ත මගේ ඇඟේ ලේ කකියනවා මේ අපේ සිංහල සලකුණ නේද මේ ලෝකයටම පේන්න එලි කරන්නේ කියලා. බලන්ඩ හසන්ත මහත්තයෝ මේ අපේ සිංහල කම නේද මේ කොමෙන්ට් වලින් පෙන්නුම් කරන්නේ. දැන් මට මලත් කමක් නැ හසන්ත මහත්තයෝ අන්තර්ජාලයේ එන ඕන කෙනෙක්ට සිංහලයා කවුද කියලා බලා ගන්න ඕන තරම් දේවල් තියනවා අපේ රටේ අපේ ජාතියේ සලකුණු අන්තර්ජාලය පුරාම තියනවා. රටක් හැටියට මෙය්ටත් වඩා මොනවද හසන්ත.
අප්පට සිරි මේ මොනවද යකෝ මේ ලියල තියෙන්නේ සමාවෙන්න ITN බලන ගමන් මේක ලියන්න ගත්තේ. හා ..හා ඒවා වැඩක් නැ දැන්.
ඔන්න අද ලියන්නේ ගු කේස් නෙවේ රියල්ම රියල් සිද්දි හරිය. මේක ලියන්න ඔන්න අපහාස උපහාස කිරීමේ අරමුණින් එහෙම නෙවේ. "පොලිස් කරුවෝද මනුස්සයෝය" හදුන්වලා දෙන්න. හැබැයි ඉතින් මට පෙන්නම බැරි එවුන් තමයි ඔය. ප්‍රධාන හේතුවක් නම් මුන් කවදාවත් කාටවත් ඇහුන් කන් දෙන්න කැමති එවුන් නෙවේ.මොනවා කියන්න ගත්තත් වචනයක් දෙකක් කියනකොට මුන් එකට උඩින් පැනලා මොනවා හරි ලොකු ටෝකක් දෙන එකතමයි මට පෙන්නම බැරි.
මම මේ ලියන්න යන එකා ගැන තියෙන විශේෂත්වය තමයි මු පොලිස් කාරයෙක් උනාට හොඳ ඇහුන් කන් දෙන්නෙක්. රාජකාරි වෙලාව තුලත් අනිත් වෙලාවටත් ඕනෑම තරම් වෙලාවක් මු සද්ද නැතිව අහගෙන ඉන්නවා කියන ඕන දෙයක්.(ඔය පුරුද්ද වෙන මොකුත් නෙවේ ගෙදර ගැනි හින්දා ) හැබැයි ඉතින් ඔක්කොම අහලත් මු දෙන උත්තරයි විසඳුමයි අනිත් පොලිස් කාරයන්ට දෙවැනි වෙන්නේ නැ එමම තමා.
මන් හිතන්නේ මේ පොලිස් කාරයන්ටත් පොලිස් උන හැදෙන්න ඉන්ජෙස්සන් එකක් ගහනවද කොහේදෝ අර රට යන එවුන්ට වගේ. (දන්නවනේ ඔය රට යන එවුන්ට ගහන රථ ගාය ඉන්ජෙස්සෝන් එක. අනිවා රට ඉඳන් ආපුගමන් කරන්නේ කොහේ හරි ඉන්න බ්‍රෝකර් කෙනෙක් සෙට්වෙලා උට කන්න බොන්න අරන්දීලා ලොකු ගානකුත් කපා ගන්න දීලා, ගෙදර ගැණිත් එක්ක රණ්ඩු වෙලා කොහෙන් හරි ලදරම් වාහනයක් අරන් කුජීත වෙලා හම්බකරපු එක නැති කරගෙන වාහනෙත් නැතිකරගෙන ආපහු රට යන එකනේ. )
හරි ඔන්න මිනිහා කාලයක් වැඩකරේ සුද්දා ගල විද්ද තැන තියන පොලෝසියක. පොලෝසියේ තියන වාසනාවන්තම අංශයේ ස්ථානාධිපති. ඒ හැටි වයසක් නැ 30ට අඩුයි ඔං. මිනිහා හොඳට ඉගනගත් ගත්ත මනුස්සයා. හැබයි ඔය අංශ ස්ථානාධිපති වෙනකොට සාජන්. රථවාහන අංශයටම හිටියේ 3-4 දෙනෙක් නිසා මිනිහා තමයි section head. ඒ හින්දා ඉතින් ලොක්කා උනත් පාරේ තමයි හිටියේ. ( දන්නවනේ පාර තමයි හොඳම තැන ) .
ඔන් සිද්දි අංක 1
ඔන්න අප ට්‍රැපික් සාජන් මහත්තයා ඉන්නවා ආසන්න කුඩා නගරයක රාජකාරි කරමින්. හැමදාම එකෙක් බයික් එකක එනවා අංක තහඩු මොනවත් නැ. අල්ලන්ත් බැ මු වැඩ කරන්නේ ළඟ ගරාජ් එකක. එක දවසක් ඇල්ලුවා මු කියන්නේ ට්‍රැල් බලන්න පදිනවා කියලා. සාජන් මහත්තයාටත් ඉන්න බැ මු හැමදාම කරන මේ වැඩේ දිහා බලාගෙන. ලියන්නත් බැ ලීවොත් කොහොමෙයි මුගෙන් බයිසිකලයක්වත් හදා ගන්නේ. නිකන් හදලා දුන්නොත් නේ නඩත්තුවට දෙන ගාන වමට ගහන්නවත් පුළුවන් ඉතින් කොහොමද තරහා කරගෙන. මේ මඟුලෙන් වෙන්නේ වෙන එවුනුත් ලියන්න බැරි එකයි. එක දවසක් ඔන්න මු එනවා ටවුමට තේ එකක් බොන්න අර බයිසිකලේ. අත දාලා සාජන් මහත්තයා නැවැත්තුවා බයිසිකලේ.
මල්ලි අතේ සල්ලි එහෙම තියනවද ?
ඇයි සර්
නැ මගේ අතේ කීයක්වත් නැ පොඩි බඩුවක් ගන්න තියනවා එකයි ඇහුවේ.
ලොකු ගානක් නම් නැ සර් තේ එකක් බොන්න ආවේ පොඩි ගානක් තමා අතේ තියෙන්නේ.
අප්පේ ඒ ඇති මල්ලි. තරහානැතිව අර කඩෙන් බ්‍රිසිල් බෝඩ් එකක් අරන් වරෙන් මල්ලි. නයිලෝ නුල් අඩි 3ක විතර කෑල්ලකුත් අරන් වරෙන් මල්ලි.
හරි සර් (කොල්ල දුවනවා කඩේට )
ස් .....ස් .... මල්ලි මට අමතක උණා මතක් කරලා අර ලොකුවගෙන් මාර්කර් පෑනක් අරන් වරෙන්. මේ ...වතුරට හේදෙන්නේ නැති එක........
හරි සර් මෙන්න බඩු ටික.
හා ..හා යමන් අර තේ කඩේට උඹ තේ බොන්නනේ ආවේ.
(තේ කඩේ ඇතුලේ පුටුවක ඉඳගෙන, කොල්ලා ෂෝර්ට්ඊට්ස් ගෙන්න කියමින් )
මල්ලි උඹේ බයිසිකලේ නොම්මරේ මොකක්ද
දන්නැ සර් මේක ගරාජ් එකේ බසිකලයක්නේ ලොක්කාගෙන් තමයි අහන්න ඕන.
අනේ මල්ලි කෝල් එකක් දාල අහපන්. ( කොල්ලා බයිසිකලේ නොම්මරේ ලබා ගනී)
බ්‍රිසිල් බෝඩ් එක දෙකට ඉරා කොල්ලා කියපු අංකය පොල්ගෙඩි සයිස් එකෙන් බ්‍රිසිල් බෝඩ් එකේ අඳි
හරි මල්ලි එහෙනම් මේකේ පොඩි හිල් දෙකක් විදලා මේ නුල් කැල්ලෙන් ඕක ඉසරහයි පස්සෙයි බැඳ ගනින්. බලපන් අදින් පස්සේ මටත් කලිසමක් ඇඳන් මෙතැන ඉන්න පුළවන් උඹටත් නම්බුකාර විදිහට බයිසිකලේ පදින්න පුළුවන්. රුපියල් 60යි නේ වියදම් උනේ. මතක ඇතිව හෙල්මට් දාල ට්‍රැල් බලපන් නැත්තන් වටේ එවුන් ඔක්කොම උන්ගේ බයිසිකල් වලත් ට්‍රැල් බලයි. එහෙනම් මම යනවා.


සිද්ද අංක 2
ඇන්කර් කිරිපිටි ලොරියක් පාරේ අයිනේ නවත්තලා සේල්ස් මන් කඩේකට ගිහින් ඕඩර් එකක් ලියමින් සිටි.
ලොරියේ රියදුරා පමණි. අපේ සාජන් මහත්තයා පාරේ අනිත් පැත්තේ වාහන නිරීක්ෂණය කරමින් සිට පාර පැන ලොරිය ලඟට එමින්.
මේ අංකල් කැලන්ඩර් නැද්ද ?
ඇයි සර් කැලන්ඩර්. මේ අවුරුදේ මැදනේ මේ කාලේ කැලන්ඩර් නැනේ සර්.
කමක් නැ අයිසේ. පරණ එව්වත් නැද්ද ?
අනේ නැ සර්
එහෙනම් පෝස්ටර් ?
පෝස්ටර් නම් ඇති සර් එත් එච්චර ලොකුවා නැ. ඇයි සර් බබාලට පොත් වලට කවර දාන්නද ?
නැ අය්සේ එච්චර ලොකු ඒවා ඕන නැ . ආන්න අර "නැවත්වීම තහනම්" කියලා ගහලා තියන බෝර්ඩ් එක වැහෙන්න තිබ්බොත් ඇති.
හෙමීහිට බිම බලා ගත්ත ඩ්‍රයිවර් වාහනේ අරන් ගියා.
සිද්දි අංක 3

මේක නම් නාට්‍ය වගේ ලියන්න බැ . ඔන්න සිද්දිය උනේ මෙහෙම. ඔය කියන සාජන් මහත්තයයි මමයි තව පොරගේ මස්‌සිනා කෙනෙක් වෙන මගේ අතිජාත මිත්තර කිරි මල්ලියි තව දෙන්නකුයි සෙට් වෙලා පොඩි අඩියක් ගැහුවා ඔය සාජන් මහත්තයාගේ බල ප්‍රදේශයේ තියන රෙස්ටුරන්ට් එකක. ඔන්න දැන් රැ 9 විතර ඇති. හැමෝම විසිරිලා යන්න තමයි ලෑස්ති. අපි තුන්දෙනාගේ එක ළඟ ගෙවල් තියෙන්නේ. ඔය කියපු තැන ඉඳන් 15km විතර යන්න ඕන අපේ ගෙවල් වලට. දැන් තුන් දෙනාම තම තමන්ගේ අස්සයෝ පිට නැගල ගෙදර යන්න එනවා. සාජන් මහත්තයත් සිවිල් ඇඳුමින්. අර කලින් කියපු නගරේ මැද හරියෙන් තියනවා පාරක් ප්‍රසිද්ද කන්දක් හරහා යන. ඔය පාරේ තමයි අපි යන්න ඕන.ට්‍රැපික් සාජන් උනත් හෙල්මට් දාලා නියම විදිහට තමයි මෙයා ආණ්ඩුවේ අස්සයා පදින්නේ. එදත් පාර මාරු වෙන්න කියලා අපි ආපු බයිසිකල් හෙම්හිට පාර අයිනේ නවත්තලා සිග්නල් දාල වට පිට බලලා තමයි දකුණු හරස් මාර්ගයට දාන්න ලෑස්ති උනේ. මොකද මෙතන මර කපොල්ලක්. මේ හරස් පාර පටන් ගන්නකොටම එක හරහට යන්නේ කොළඹ නුවර රේල් පාර. එදත් ඔය විදිහට හරවන්න එනකොටම නුවර පැත්තේ ඉඳන් ආපු ඩොල්පින් එකක් විදුලිය වගේ අපිව පහු කරලා ගියේ නැද්ද.
හැබැයි 100m විතර යනකොට බස් එකක් පාරේ නවත්තලා සෙනග ගොඩ කරගන්න. මුන් ආපු වේගෙටම බස් එක ඔල්ටෙක් කරන්න ගිහින් ඉස්සෙරහින් ආපු බයික් කාරයෙක් හැප්පුවා. හැප්පුන විදිහට බයික් කාරයා කෙලින්ම එතන තිබුන කාණුවට තමයි වැටුනේ. අපි ටක් ගාල දුවලා ගිහින් බැලුවා ගන්න දෙයක් නැ එකම ලේ ගුලියක්. කොල්ලට හොඳටම අමාරුයි සිහියක් පතක් නැ අපි හිතුවේ මැරිලා කියලා. කොහොම හරි කට්ටිය එකතු වෙලා ටක් ගාල කොල්ලව අරන් ගියා ඉස්පිරිතාලේ.
ඩොල්පින් එක නිකමටවත් ස්ලෝ කරලවත් බැලුවේ නැ. එහෙමම ගියා. අපිට කන්න කේන්ති වෙරිත් බැස්ස මේ සිද්දිය දැක්කට පස්සේ. අපේ සාජන් මහත්තයා ටක් ගාල ගත්තා කෝල් එකක් පොලිසියට අරන් කීවා දැන් එන ඩොල්පින් එක නවත්වන්න. හරියටම පොලිසිය ලගම තියනවා බැරියර් එකක් මෙතනින් වැන් එක නවත්වලා මුන් ඔක්කොම අරන් ගිහින් පොලිසියට. දැන් අපි සෙට් එකම ගෙදර යන එක පැත්තකින් තියලා පොලිසියට යන්න ලෑස්ති. වෙරිත් හිඳිලා. පොඩ්ඩ දුරක් ඇවිත් පොඩි වඩේ කරත්තයක් ළඟ නැවැත්තුවා අපේ රාලහාමිගේ බයික් එක අපිත් එතන බයිසිකල් ටික නවත්වලා ගියා වඩේ කාරයා ලඟට. වඩයක් හපන ගමන් අපේ සාජන් මහත්තයා අහනවා " බලපන් මල්ලි අරු දැක්කට පස්සේ මගේ වෙරිත් හිඳුනා. දාමුද තව පොඩි ෂොට් එකක් " මම කීවා ආය යන්න එපාය අර බාර් එකටම අනික දැන් මේ යන්නේ පොලිසියටනේ. එහෙනම් පොලිසියට ගිහින් යන ගමන් දෙකක් දාගෙන යමන් කියලා. "නැ බන් ආය කොහෙවත් යන්න ඕන නැ මෙතන ඉඳන්ම දාගමු මම ළඟ කුරු මිට්ටෙක් ඉන්නවා " කියලා ඇදලා ගත්තේ නැද්ද කනෙන් අල්ලලා අර බයිසිකලේ දෙපැත්තේ තියෙන්නේ සුදු පාට පෙට්ටි දෙකක් අන්න එකක තිබිලා ගල් බාගයක්. දැන් ඉතින් වඩේ කාරයාගෙන් වඩේ ටිකකුත් අරන් පොඩි වීදුරුවකුත් ඉල්ලගෙන පාර අයිනේම තියන් අනුමත වෙනවා. ආය මොකාට බය වෙන්නද ? මොකෝ පොලිසියෙන් අල්ලයි කියලය.
කොහොම හරි ඔය ටික බොනකනුත් අපේ කතාව අර බයිසිකලේ ආපු කොල්ලා ගැන. එක පාරට අපේ සාජන් මහතයාට ආවා මාර අයිඩියා එකක්.පට්ටම අයිඩියා එක. අපිටත් කාලෙකින් අත පයේ හිරි අරගන්න නැතිව හිටි එකේ ආය මොනවද එක පයින් වැඩේට. ගත්තා කෝල් එකක් පොලිසියට ඇහුවා කී දෙනෙක් ඉන්නවද කියලා වැන් එකේ. ඔක්කොම 8 දෙනයි.
හරි මෙහෙමයි සිද්දිය අපි දැන් එනවා පොලිසියට. අපි එන්නේ අර හැප්පුන කොල්ලගේ නෑදෑයෝ වගේ. උඹලට තියෙන්නේ දැක්කේ නැ වගේ ඉන්න එක. දැන් ආපහු චන්ඩියා බඩේ හින්දා අත පය ගැලෙවුවත් දැනෙන නැති ගාන. තුන් දෙනාම ගියා පොලිසියට යනකොට මේ ඉන්න අරු හප්පපු අවජාතකොයෝ ටික ඔක්කොම තම්බි. තම්බි එක්ක විශේෂ තරහක් නැතත් මට උන්ගේ කපටි කම පෙන්න බැ. මුන් ඒ අතරෙත් උන්ගේ ලොකු ලොකු එවුන්ට කෝල් ගන්නවා. දැක්ක විතරයි මල කියන්නේ කෝමද එකසිය ගානට.
අනේ සර් අපේ මල්ලි වැන් එකකින් හප්පලා සර් කියාගෙන ගියේ. එතකොටම පොලිසියේ පොරක් අරුන් පෙන්නලා කීවා "ඔය ඉන්නේ ඒ කණ්ඩායම තමයි අපි අත් අඩංගුවට ගත්තා" කියලා. "මල්ලිට අන්තිමයි සර් මුන් පර වෙසිගේ පුතාලා " කීවා දුන්න මුකුත් නැ අරුන් සෙට් එකට කොහොමද ? දුවනවා පොලිසියේ මේස වටේ. "අයියෝ ෂර් එපා කියන්ට ෂර් "කිය කියා. දුන්න මුකුත් නැ උන්ටත් ඉස්පිරිතාලේම යන ගානට පොලිසියේ අනිත් රාලහාමිලත් දැක්කේ නැ වගේ අහක බලන් හිටියේ. ගම්බටු ඩයල් දෙකක් හිටිය උන් දෙන්නත් අපිට සෙට් වෙලා දුන්න අරුන්ට රෙවෙන්න. උන්ගේ ෂර්ට් ඉරිලා, ෆෝන් කුඩු වෙලා නන්නත්තාරයි.
හොඳම සීන් එක මුන් ටික තවම කුඩුවට දාල තිබ්බෙ නැති නිසා එළියේ බංකුවේ ඉඳගෙන සමහර එවුන් අඬනවා. සමහර එවුන් කැඩුණු ෆෝන් වල කැලි හොයනවා. එත් එක්කම් අවා ලොරියක් පුරවලා සෙනග අර කොල්ලගේ ඇත්තම නෑයෝ. කොල්ලට හොඳටම අමාරුයි කෙලින්ම ICU දාල තියෙන්නේ. උනුත් ආපු ගමන් දෙන්න පටන් ගත්තේ නැද්ද අරුන්ට ගහෙන් වැටිච්චි එකාට ගොනා ඇන්න වගේ . බොහොම අමාරුවෙන් අරුන් ටික අල්ලලා කුඩුවකට දාල බේරා ගත්තේ. නැත්තන් උන් උසාවි නෙවෙයි ගෙනියන්න වෙන්නේ මෝචරියට.
කොහොම හරි අර කොල්ලගේ දෙමවුපියෝ සහෝදරයෝ අපිට වැදලත් එක්ක ගියේ. ටික වෙලාවකින් අපි ගෙදර එන්න ආවා. පස්සේ මම හොයලා බැලුවා විස්තරේ. රෑම අරුන්ගේ දෙසපාලුවෙක් කතා කරලා අරුන් බේරාගෙන අරන් ගිහින්. අර කොල්ලා මාසයක් විතර ICU ලැගලා කිහිලි කරුවෙන් ගෙදර ආවා.
ඉතින් කියන්න තියෙන්නේ ඔන්න ඔහොම පොලිස් කාරයොත් ඉන්නවා. හැබයි උ අපේ යාලුවා උනත් කියන්න ඕන පොලිස් කාරයා පොලිස් කාරයාමයි උ වෙනස් වෙන්නේ නැ. හේතුව පොලිස් කාරයෝ කියන්නේ අත පය බැඳලා පීනන්න දාපු ඒවුන් වගේ නොගිලී ඉන්න උන් ඕන දෙයක් කරනවා. අපි බනින කියන කරන හැමදේම උන් දන්නවා ඒ දැනගෙනත් උන් අපිත් එක්ක ජීවත් වෙනවා කියන්නෙත් පුදුම හිතෙන දෙයක්.
ප.ලි  මේකේ තියන අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ අරවා මේවා නම් චැක් කොරන්න යන්න එපා ඕන්  මෙහෙම හරි ලියපු එක ගැන කියන දෙයක් කියපල්ලා. මෙහෙම හරි ලියන්න වෙලාව හොයා ගත්ත එක ගැනයි මට සතුටු .  ප.ප. ලි අනේ මචන්ලා උඹලට කියන්න මේ bloger සැහෙන්න අරියාදු කරනවා මට. එක දිගට ලියාගෙන ආව දවස් වල කිසි කචල් එකක් තිබ්බේ නැ. දැන් ටික දවසක ඉඳන් අය පොස්ට් දෙක තුනක් දාන්න ගන්නකොට එක එක එක මඟුල් කියලා වැඩේ කනවා. මට මල පැනලා ලියපු පොස්ට් දෙකක්ම දැම්ම අන්තිම පේලියේ. ඊයෙත් මේකේ නම වෙනස් කරලා සෑහෙන කට්ටක් කාල දැම්මේ.
       ස්තුති අටෝ උඹ හිටියේ නැත්තන් මම ඊයෙත් මේක අන්තිම පේලියට යවලා නිකන් ඉන්නවා.
       දන්නා එකෙක් කියපල්ලා කොහොමද අකුරු වල පසුබිම් වර්ණය වෙනස් උනොත් ආපහු එක සම්මත වර්ණයට ගන්නේ බ්ලොගේර් තුලදී.
අනේ බන් බලපන් අනිත් පොස්ට් වල අකුරු ලොකුවට දාල  මේ blogger මඟුල මේකේ අකුරු  ලොකු කරන්න දෙන්නේ නැනේ බන්.
ඔන්න බලපන් මෙන්න මේ error එක තමයි එන්නේ මොන මඟුල කරන්න ගියත්