මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Saturday, August 24, 2013

ශ්‍රී ලාංකීක සංගීතයට මා කල අමරණීය සේවය.

ශ්‍රී ලාංකීක සංගීතයට මා කල අමරණීය සේවය.



හැමෝම දන්නවනේ මේක කිසිම චාරයක් ඇතිව පොස්ට් දාන බ්ලොග් එකක් නෙවේ කියලා. එකට ප්‍රධාන හේතුව මගේ තියන කම්මැලි කම කියන්න පුළුවන්. අනික කියවන්න තරම් ලියන්න ආසා නොවීම. අර කියමනක් තියනවනේ එක කටකුයි කන් දෙකකුයි තියෙන්නේ අඩුවෙන් කතා කරලා වැඩියෙන් අහන්න කියලා මම නම් කන් දෙකටත් වැඩිය පාවිච්චි කරන්නේ ඇස් දෙක කීවොත් හරි. පොඩි කාලේ ඉඳන් ඇබ්බැහි උන කියවීමේ පුරුද්ද තවම අතහැර ගන්න බැරි උනා. දැන් ඉතින් කවුරු හරි කියයි ඉතින් යකෝ ඇස් දෙකක් වගේම අත්  දෙකකුත් තියෙන්නේ. උඹ කියවනවා වගේම ලියපංකෝ කියලා. ඒ උනාට ඇස්  දෙකම කියවන්න පාවිච්චි කරාට අත් දෙකම් ලියන්න පාවිච්චි කරන්න බැ නොවැ.

හරි ඉතින් අද මේ ලියන්න හේතුව උනේ අද දවසටම මෙලෝ වැඩක් නැතිව ඉන්නකොට  සිංදුවාගේ බොග  පැත්තේ ගියපු එකෙන් මගේ පාසල් කාලය මතක් වීම. හරි ඔන්න එහෙනම් රියල් ෂිද්දිය ...හරිය.



මං තුමා 1 වසරේ ඉඳන් 5 වසරට වෙනකන් කනිෂ්ඨ ඉස්කෝලෙකට ගිහින් සිස්සත්තෙන් ඇනගෙන ඉන්නකොට ඒ දවස් වල සිස්සත්තෙට අමතරව ඇතුලත්වීමේ විභාගේ කියලා එකක් ඔය ජනප්‍රිය පාසල් වල තිබුන එකෙන් කොහොම හරි ඔන්න මාධ්‍යමහා   විද්‍යාලයකට ඇතුලත් උනා කියමුකෝ. ඕකට ගිහින් ඔන්න ටික දවසකින් අපේ පන්තිභාර ටිචර්  කීවේ නැතැ "දැන් ළමයි ඔය ගොල්ලෝ හැමෝම සෞන්දර්ය විෂයට තමන් කැමති දෙයක් තෝරා ගන්න ඕන" කියලා. අනේ ඉතින් කවදා කාපු සුනාමි ටකරන්ද? මම ඉතින් කොයි පැත්තට යන්නද කියලා හිතා ගන්න බැරිව වට පිට බල බල ඉන්නකොට මෙන්න බොලේ මට අලුතෙන් සෙට් වෙච්චි අපතයෝ වැඩි හරියක් සංගීත පංතියට යන්න අත උස්සගෙන ඉන්නවා. මමත් ඉතින් මෙලෝ දෙමළයක් දන්නා එකක්ය. මමත් අත ඉස්සුවා ඔන්න සංගීතය  කොරන්න කියලා.   

දැන් ඉතින් ටික කලක් යනකම්  මෙලෝ මඟුලක් නැ සංගීත පන්තියට යනවා මැඩම් කියන ටික ලියා ගන්නවා එනවා. ඔච්චර තමයි. කොහොම කොහොම හරි ටික ටික ඉහලට එනකොට ඔය පීරියඩ් එකේ බොහොම කළාතුරකින් දවසක තමයි සංගීත කාමරේට යන්නේ. වැඩි හරියක් අපි අපතයෝ ටික පිට්ටනියේ හරි කැන්ටින් එකේ හරි තමයි. අපේ සංගීත මැඩම්ටත්  අපි පන්තියට එන්නේ නැත්තන් ඉතින් කියලවත් කර ගන්න බැරි වැඩක් හින්දා කවදාවත් හොයන්නේ නැ. ඇවිත් ඉන්න එවුන් ටිකට දෙයියනේ කියලා උගන්නනවා. කොහොමින් කොහොමින් හරි ඔන්න අ.පො.ස. (සා.පෙ) අවා කියමුකෝ. දැන් ඉතින් විභාගෙට ලියන්න අහවල් එකය කොහේන්  හරි ඔය කෙල්ලෝ දෙන්නෙක්  තුන්දෙනෙක් ගේ පොත් ටිකක් බලලා එහෙන් මෙහන් ඇහුන ධාධරා,ත්‍රිතාල්, රාග, ආලප. ස්වර ප්‍රස්තාර අරවා මේවා කියන වචන කැලි  ටික   අල්ලාගෙන හිත හදා ගත්තා කොහොම හරි සංගීත පෙපොරේ ලියන්න.

            කොහොමින් කොහොම හරි ඕන බොරුවක් ඇත්ත වගේ ලියන්න පුළුවන් කොමටයි කොපි කිරීමේ විශේෂ දක්ෂතාවයටයි පින් සිද්ද වෙන්න මෙන්න යකෝ සංගීත විෂයට තියන ප්‍රයෝගික පරික්ෂනේට යන්න තරම් ලියපු පේපොරෙන් අපි ඔක්කොම ගොඩ ගිහින්. 

දැන් ඉතින් ඔන්න ටික කාලෙකින් ප්‍රායෝගික පරීක්සනේ. තිබ්බේ කොහෙද කෑගල්ල රංවල කියන තැන තියන රංවල මහා විද්‍යාලේ. එදත් ඉතින් සුපුරුදු විදිහට සියලු කාඩයෝ  ටික කෑගල්ල නගරයට  එකතුවෙලා කරන්න පුළුවන් ඔක්කොම නසරානි වැඩ කරලා ඔන්න යන්තන් උදේ 10 විතර වෙනකොට ඔය කියන තැනට ගියා. 

අප්පට පුතේ මෙන්න මෙතන ඉන්න සෙනග ගොඩ අපේ ඉස්කෝලේ එවුන් විතරක් නෙවේ තව ගොඩක් ඉස්කෝල වල එවුනුත් මෙතැන. අපි ඉතින් ඔය මොනවා කරත් ලජ්ජා භයට හැදිච්චි කොල්ලෝ හින්දා හෙන ලැජ්ජයි මුන් ඔක්කොම ඉස්සරහා සිංදු  කියන්න.  කෙල්ලොත් ඉන්නවා දැන් ඉතින් මොකෝ කරන්නේ.  මුන් ටික  ඔක්කොම ප්‍රැක්ටිකල් දීලා  ඉවර වෙනකන් අපේ එවුන් ටික පොඩි බෝලයක් හොයාගෙන දැන්  පිට්ටනියේ.

 හවස 3 විතර වෙනකොට අනිත් උන් ඔක්කොම ගියා දැන් ඉතිරි අපි සෙට් එක විතරයි. දැන් කට්ටියම ඔන්න ප්‍රැක්ටිකල් ටෙස්ට් එක තියන කාමරේ ළඟ. මේ කාමරේ  කොට බිත්ති බැඳලා උඩට යකඩ  දැල් ගහපු කාමරයක් දැන් ඔන්න විභාග අංකේ  පිලිවලට කට්ටිය සිංදු  කියන්න ඇතුලට යනවා.

ඔන්න එකෙක් ගියා ඉස්සරෝම. පේපර් දෙකක් තියනවා කැමති එකක් තෝරා ගන්න.  ගත්තා  එක පේපර් එකක්. දැන් මෙතැන ඉන්නේ මැඩම්ලා දෙන්නයි, සර්ලා  දෙන්නයි තව අර සරපිනාව වගේ තියන බටන් ටික නැති ශෘති පෙට්ටිය කියන එක වාදනේ කොරන කෙල්ලෙකුයි.   

දැන් ඉතින් මේකේ තියන්  දේවල් මු කොරන්න එපැය. අනිත් එවුන් වටේ එල්ලිලා හිනාවෙවී බලාගෙන ඉන්නවා. කොහොමින් කොහම හරි මු   අපිට වැඩිය ටිකක් හොඳ එකෙක් හින්දා  අරකේ තිබ්බ ඒවගෙන් 2/3 විතර යන්තම් ගොඩ දාගත්තා. දැන් ඊළඟ එකා මුත් ඇතුලට ගිහින් මොන මොනවද  කොරා ඔන්න ඌත්  එලියට. 

දැන් ඉතින් මෙතුමාගේ වාරේ. ප්‍රැක්ටිකල් ටෙස්ට් එකට හිටපු මැඩම්ලගේ    සර්ලගෙ මුනවල් දැන් ඉතින් බෙරි  වෙලා එක දිගට පැය ගණනක් වැඩ කරලාම මහන්සියට. ලේසි කෙලියක්ය ළමයි හාර  පන්සීයකගේ  ප්‍රැක්ටිකල් බලනවා  කියන්නේ.  
ඔන්න ඔවැනි තත්ත්වක් උඩ  තමා මෙතුමා හදිසියේම  ඒ සියලු ගුරුවරුන්ගේත් අනිත් ඉතිරි සිසුවන්ගේත්  ගැලවුම් කාරයා වෙන්නේ. 

ඔන්න සිද්දිය මෙහෙමයි.
මෙතුමා යනවා දැන් ප්‍රැක්ටිකල් දෙන රුම් එකට ඔන්න පුරුදු විදිහටම සර් දෙනවා පේපර් දෙක කැමති එකක් එකක් තෝරා ගන්න. ඔන්න මං තුමා ගත්තා පේපොරයක්.    හි ..හි කියන්න සන්තෝසයි එකේ තියන ඔක්කොම දේවල් එදාම තමා මං ඇහුවෙත්. කෙලින්ම මං  තුමා  කියපි "මම මේකේ තියන මොකුත් දන්නැ  සර් "  කියලා. 
මෙතුමාගේ අවංක කමට පැහැදුනු  එක සර් කෙනෙක් දෙනවා දැන් අනිත් පෙපොර් එක. එකටත් ඉතින් කියන්න සංතොසේ  බැ  2/3 වැඩිය දන්නේ නැත. දැන් ඉතින් මෙතුමා දහර මණ්ඩිය ගොතාගෙන පැදුරේ ඉඳගෙන වටේම සංගීත භාණ්ඩ පිරිවරා මහා සංගීත සමාධියකට සම වැදෙන්න තමා ලෑස්ති.

දැන් අර සර් කෙනෙක් ඉස්සරලම  කියපි "පුතා ත්‍රිතාල් එක දාලා පෙන්නවන්න" කියලා අනේ වාසනාවට මම දන්නෙම ඔය "ත්‍රීතාල්"  එකයි "ධාධරා" කියන එකයි විතරමයි. කිසි කෙස් එකක් නැ දැම්ම තාලේ වැඩේ ගොඩ. 
ඊළඟට අහපි තව මොකක්ද එකක් මං කොහොමෙයි ඉගන ගන්නේ නැතිව ඕවා දන්නේ. 
ඔහොම අර පේපොරේ  තිබ්බ ප්‍රශ්න ගොඩක්  අහලා බැරිම තැන සර් තිබ්බා ප්‍රස්න පත්තරේ අහක. තියලා මෙතුමා වාදනය කරා ස්වර කීපයක් දැන් මගෙන් අහනවා ඒ මොන රාගයද කියලා. 
නැට්ටට කිරි උනන කාලේ අපි දන්නේ ඉතින් එක රාගේ නොවැ. මම ඉතින් ගත් කටටම් කීවා "මන් දන්නේ නැ" කියන ලෝකේ තියන ලේසිම වචන තුන. 
පස්සේ දැන් මේ සර් අහනවා "මේ රාගේ දන්නවද" මගේ උත්තරේ "නැ සර්" "මේ රාගේ දන්නවද" "නැ  සර්". බැරිම තැන සර් කිවා හරි පුතා ඔයා දන්නා කැමති නුර්ති ගීතයක් කියන්න කියලා. 

හෙහ් ..අපි නොදන්න නුර්ති ගී. පටාර් ගාල මෙතුමා පටන් ගත්තා වෙස්සන්තර නාටකයේ එන 
"අද වෙස්සන්තර රාජ පුතා මන්ද්‍රි කුමාරි බඳී - දෙවොපකාර වේවා සැදී සෙත්.. " 
කියන සිංදුව. 

අම්මට සිරි යකෝ මෙන්න අර එලියෙ ඉන්න අපේ ගොබිලෝ ටික යකඩ දැලට තට්ටුවක් දදා සෙට් වෙනවා සිංදුවට. මේක දැක්ක විතරයි අර සර් කීවා "නවත්තන්න... නවත්තන්න  ඔහොම නෙවේ පුතා මේ සංගීත භාන්ඩත් එක්ක ශ්‍රතියට  ඕක ගායනා කරන්න" කියලා. 
දැන් ඉතින් අනිත් ගුරුවරු කට්ටිය වයලීනය, තබ්ලාව, සරපිනාව ගහනවා මෙතුමා ඉතින් ලෙසටම ගායනා කරනවා. ඔං  විනාඩියක් වත් ගියේ නැ  අර සර්  අතින් සංඤා කරලා  කීවා ඔය තබ්ලාව පොඩ්ඩක් නවත්වන්න කියලා. තබ්ලාව නැවතුවා  විතරයි මෙතුමාත් සිංදුව  නැවැත්තුවා. 
"නැ ..නැ  ඔය පුතා දිගටම සින්දුව කියන්න" කියලා කියපි. 
දැන් මෙතුමා ආයෙත් මුල ඉඳන් ගායනා කොරනවා. ඔන්න පේලි දෙක තුනක් කියනකොට සංඤා කොරා වයලීන් එක නවත්තන්න. 
ආයෙත් මෙතුමා සින්දුව නැවැත්තුවා.  
"නැ ..නැ   පුතා දිගටම සින්දුව කියන්න" කියලා අයෙත් කියපි. 
මෙන්න යකෝ ආයෙත් පේලි දෙක තුනක් කියනකොට සරපිනාවත් නැවැත්තුවා. මෙතුමාත් පුරුදු විදහට සිංදුව නැවැත්තුවා. 
දැන් මේ පොර කියනවා. "   නැ ..නැ   මේවා නැවැත්තුවා කියලා පුතා සින්දුව නවත්තන්න එපා  දිගටම සින්දුව කියන්න. මොකද ඔය පුතා කියන තාලෙට කවදාවත් මේ භාණ්ඩ වාදනය කරන්න බැ. ඒ හින්දා ඔයා කැමතිම තාලෙකින් සින්දුව කියලා දාන්න කියලා." 
ඉවරයිනේ........... කලිසම බිම. 

පස්සේ ඔක්කොම නවත්තලා පොර ඇහුවා මෙන්න මෙහෙම ප්‍රශ්න ටිකක්.
සර් :- දැන් පුතා O / L පාස් උනොත් A /L වලට මොනවද කරන්නේ.
මං  :- හොඳට පාස් උනොත් නම් ඕන එකක් කරනවා සර් නැත්තන් ඉතින් කොමස් හරි ආර්ට් හරි තමා.
සර් :- පුතා ආර්ට් කරොත් සංගීතය විෂයක් විදිහට කරනවද ?.
මං  :- නැ  සර් 
සර්  :- දැන් මේ අනිත් ඔක්කොම පුතාගේ ක්ලාස් එකේ කට්ටියද ?.
මං  :- ඔවු  සර්.
සර් :- මේ ගොල්ලොත්   ආර්ට් කරොත් සංගීතය විෂයක් විදිහට කරයිද ?.
මං  :- මං  හිතන්නෑ සර්.
සර් :- හරි එහනම් මේ පුතාල ඔක්කොම දැන් ගෙදර යන්න. විභාගේ පාස් වෙන්න ඕන හින්දා හැමෝටම "S " එක ගානේ දෙන්නම්. හැබයි කවුරුත් මතක තියා ගන්න උසස් පෙලට සංගීතය විෂයක් විදිහට නොකරන්න. මොකද අපිට මේ සංගීතය  තව දුරටත් ඉස්කෝල වල උගන්නන්න ඉතිරි වෙන්න ඕන.                  
සියලු පිරිස එක හඬින් "හුරේ ........."

ඔන්න ඔහොමයි මම එදා සියලු දෙනා නිරුපද්‍රිතව සංගීත වගේ ගැඹුරු විෂයකින් ලේසියෙන්  ගොඩදාගෙන අරන් ආවේ. එදා ඉඳන් අද වෙනකන් අපි හැමෝම වෙච්චි පොරොන්දුව අකුරටම රැක්කා. ඉඳලා හිටලා පොඩි ෂොට් එකක් දාපුවාම සින්දුවක් දෙකක් බයිට් එකට ගත්තට කවදාවත් අපි සිංහල සංගීතයට කුරා කුහුඹුවෙක් තරම් වරදක් කරලා නැ  ඔං. 

36 comments:

  1. පුදුම සේවයක්නෙ කොරලා තියෙන්නෙ... :D

    ReplyDelete
    Replies
    1. ඇයි බන් මම කට වහගෙන ඉන්න එකම කොච්චර ලොකු සේවයක්ද

      Delete
  2. අනේ උඹලා ඉදලා හිටලා බීපු වෙලාවටවත සින්දුවක් කියන්න එපා

    ReplyDelete
    Replies
    1. එහෙම කියන්න එපා යකෝ. අර ඇක්ස් එලියන්ස් නංගිලාත් සින්දු කියන එකේ අපි පොඩ්ඩක් දාගත්තම සිංදුවක් කීවහම මොකෝ.

      Delete
  3. ඒකත් මරු සේවයක්. මමත් සෞන්දර්ය විෂයට කරේ සංගීතය. මම 6 පන්තියෙදි මුලින්ම තෝර ගත්තෙ චිත්‍ර. 6 වසරෙදිත් මට තරමක හැකියාවක් තිබුනා චිත්‍ර අඳින්න. ඒත් මම ඉක්මනින්ම සංගීත විෂයට මාරු උනා. 9 පන්තියෙදිද කොහෙද අපිට ගායනය හරි වාදනය හරි කැමති එකක් තෝර ගන්න කියව්වා. අපේ පන්තියෙ වාදනය තෝරගත්තෙ මම විතරයි. ඒකෙන් තිබුනු ලොකුම වාසිය ගායනය කරපු අනිත් එවුන් ස්වර ප්‍රස්තාර කට පාඩම් කරන් පේපර් එකට ලියද්දි මට ඒව නිකන්ම ලියන්න පුළුවන් උනා. අපිට නම් සංගීත ප්‍රැක්ටිකල් එක තිබ්බෙ ඕලෙවල් විභාගෙට මාසෙකට විතර කලින්. පේපර් තිබුනෙ නෑ තෝරගන්න. ආපු පරීක්‍ෂකයා අහන දේවල් අනිත් අය තමන්ගෙ වාරෙදි ගායනා කරල පෙන්නුව, මම මගේ වාරෙදි වාදනය කරා. මට වාදනයට ලිවීමට දෙකටම D දෙකක් තිබුනා, අන්තිමට රිසාල්ට් ෂීට් එකේ තියෙන්නෙ පෙරදිග සංගීතය D කියල. හැබැයි ඉතිං සංගීතෙ එතනින් ඉවරයි.

    ReplyDelete
    Replies
    1. ආ... ඔන්න මම 75. :)

      Delete
    2. මේකයි බන් ඔය කාලේ අපි කොහෙද දන්නේ අපිට මොනවද පුළුවන් කියලා. යාලුවෝ ටික කරන එක තමයි හැමෝම කරන්නේ. ගුරුවරු ටිකක් හොයලා බලලා දෙමවුපියන්ගෙන් එහෙම විස්තර අරන් හොඳ තේරීමකට මග පෙන්වනවානම් තමයි හොඳ.

      මොකක්ද බන් 75. මම ට්යුබ්ලයිට්වත්ද?

      Delete
    3. ෆලෝ කරන ගාණද ....?

      Delete
    4. අම්මට.. පුතේ ඒ ගැන මීටර් නැතුව ගියා නොවැ. මම මගේ බ්ලොගේට සලකන්නේ බන් අර කුඩම්මාගේ සැලකිලි. මේක නිකන් අර ආර්ට් සෙක්ෂන් එකක් කළු ලැල්ලක් වගේ.

      Delete
  4. මට දුක එහෙව් සේවයක් කළ එකාව නිසි ඇගයීමකට ලක් නොවිච්ච එකයි.

    මමත් ඔය සෙතේම තමා.. රැල්ලට ගිහින් සංගීතය කළා. යාන්තම් ලියන එක ගොඩ දා ගත්තා. ප්‍රැක්ටිකල් ගිහින් ඔය සෙතේම තමා. ඒත් අපිට පිනට S දෙන්න තරම ඒ උතුමන් කාරුණික වුනේ නෑ. අන්තිමට ලයිට් කණු.

    යකෝ තනි අතින් ලියන්නෙ කොහොමද ?

    ReplyDelete
    Replies
    1. අපේ රටේ හැටි බන්. අපිනම් සැලෙයි ඕවාට.

      Delete
  5. අර උඩින් DDT කියලා තියනවා වගේ මාත් තොර ගත්තා වාදනය වයලීන්. මොකද හිතුවා පාඩම් කරන්න වැඩි දෙයක් නැතුව ඇති කියලා. practical තිබ්බේ විභාගයට පස්සේ වගේ මතක.වාදනය කොච්චර හොඳයිද කියලා කියනවනම් විභාගේ දවසේ ඕක හිරමනේ වගේ උස්සන් ගිහින් පැත්තකින් තියලා ගායනය කරලා ජාමේ බේරාගෙන පැන්නා.පරීක්ෂණය කරපු උත්තමයට අන්තිමට වැඳලා ආපු පිහිටෙන්ද කොහේදෝ S එකක් තිබ්බා.
    පරණ මතකයක් අලුත් කලාට ස්තුතියි

    ReplyDelete
    Replies
    1. ඉතින් උඹ දැන්වත් ඔය හිරමනෙන් වැඩක් ගන්නවයි?. ඕක හරියට ටියුන් කර ගත්තොත් උඹටත් මම වගේ විශාල සේවයක් කොරන්න පුළුවන් සමාජයට. වට පිටේ ගෙවල්වල මීයෝ එලෙවුවත් මදිද.

      Delete

  6. මටත් සින්දු කියන්න නම් අබමල් රේණුවක් බැහැ. ( සීමිත සින්දු ගණනක් තියෙනවා කියන්න පුළුවන් ) වයලීන් කට්ටක් නම් තාම ගෙදර තියෙනවා. ඒත් ඒ කෙහෙල්මල් ගහන්න මට බැහැ. කිසිම ආතල් එකක් නැති දෙයක්. මීයෝ කෑගහනවා වගේ එෆෙක්ට් නම් දානවා ස්ට්‍රින්ග් එක අල්ලන්. ඔච්චරයි මගේ සින්දු කීම සහ වාදනය ගැන කියන්න තියෙන්නේ.

    ( තව දෙයක් නම් වයස 14 වගේ ඉඳන් කරා . ඒක ගැන කියන එක හරි නැහැ ) නිශාන්ත පුළුවන් වෙලාවට මේක බලන්න අපේ පැත්තේ ඇවිත්. උපාලි මැස්ඩා වර්ගයේ එකක් .. එදිනෙදා ජීවිතය | Trance : ශ්‍රී ලංකාවේ ආර්ථිකයට අනාගතයේදී විය හැකි දේ. ( පළමු කොටස ) what is happening to Sri Lanka's economy

    ReplyDelete
    Replies
    1. කොමෙන්ට් එකක් නොදා ආවට සහන් මම වෙන්න ඇති 4 වෙනිට ඕක කියවපු එකා. මොකද මම කියවනකොට කොමෙන්ට් 3යි තිබුනේ. හැබැයි සම්පුර්ණයෙන් කියවන්න බැරි උනා මොකද මම වැඩ ඉවර වෙලා යන්න ඔන්න මෙන්න කියවන්න ගන්නකොට. කොමෙන්ට් එකක් නොදැම්මේ හරියට කියවන්නේ නැතිව අදහසක් දෙන්න බැරි හින්දා. හැබැයි මම එවෙලේම පොස්ට් එකේ ලින්ක් එක මුනුපොතේ share කරා. වේද මහත්තයයි, තව බ්ලොගර්ලා කීප දෙනෙකුයි ඒ ලින්ක් එක share කරලා තිබ්බ දැක්කා. පස්සේ කොහොම හරි ඕක කියවන්න අමතක උනා.

      මොකෝ සහන් හිටි ගමන් මේ අතුරුදහන් වෙන්නේ යන මඟුලක එකෙකුට හරි කියලා යන එක නෙවේද හොඳ. මම skype request එකකුත් දැම්මා.

      හෙහ්...හෙහ් ඇත්තම් කීවොත් දෙකක් දාගත්තහම මම තරම් ගායකයෙක් අපේ සෙට් එකේවත් නැ. ඒ උනාට බැරි මොනවද පුළුවන් මොනවද කියලා අපිම තේරුම් ගන්න එපැය නැද්ද. මිනිස්සුන්ට නිකන් මොකටද වද දෙන්නේ බැරි මඟුල් කරලා.

      Delete
  7. බොලා සංගීතයට කල මෙහෙවර සිරාම සිරා ඈ... අප්පා ඔය ප්‍රැක්ටිකල් සීන් එක තිබුනේ අපිට කෑගල්ලේ කොන්වන්ට් එකේ. මම කලේ නැටුම්. අප්පා නටනකොට කෙල්ලෝ උඩින් දැලේ එල්ලිලා බලාගෙන ඉන්නවා.වස නින්ගිරාවයි. මණ්ඩියට ඉන්නත් බෑ ... එදා කියන්න කියපු වන්නම් ජීවිතේට අහලත් නෑ. අඩි දෙක තුනක් නටන්න පුළුවන් වුනාට කවුද බොලේ දන්නේ වන්නම් නටන්න. අපිටත් ඔහොම සීන් එකක්ද කොහෙද කරලා ගොඩින් බේරලා දුන්නා

    ReplyDelete
    Replies
    1. ඇ බොල උබහේ කෑගල්ලේ නම් අපි අසල්වැසි වෙන්න ඕන. මමත් ගොඩක් පොඩි කාලේ නුවර පෙරහරේ නටන්න ඕන කියලා බෙරිහන් දුන්නට පස්සේ අපේ අම්මා මාව යැවුවා ගමේ හිටපු නැටුම් ගුරුන්නාන්සේ කෙනක් ලඟට. මොන නටුන්ද බන් හැමදාම කකුල් උස්ස උස්ස බිම ගහන්න ගත්තට පස්සේ මම ටික දවසකින් නැවතුනා.

      Delete
  8. මැරෙන්න හිනා යකෝ මේක කියවලා . . ඒ සර් නම් දෙයියෙක් . .

    ReplyDelete
    Replies
    1. වැඩක් නැ කියලා දුකෝ. අදට වැඩිය ළමයින්ගේ පැත්තෙන් හිතපු ගුරුවරු ටිකක් එදා හිටියා කියලා හිතෙනවා. හැබයි එදා අපිට ටොකු දිදී හරි උගන්නපුවා ඉගන ගත්තනම් කියලාත් හිතෙනවා. අද ඉතින් මෙතෙන්ට ඇවිත් ආපස්සට බලලා රස විඳින්න ගොඩක් දේවල් අපිට ඉතිරිවෙලා තියනවා.

      Delete
  9. ඔන්න මගේ කමෙන්ට් එක ස්පෑම් එකෙන් අරං ගොඩිං තියාපං මලයා

    ReplyDelete
    Replies
    1. හු..... විලි ලැජ්ජයි අම්මපා. මොකෝ බන් ඕක තවම හදා ගත්තේ නැත්ද?. හැබැට මොක ඔහොම වෙන්නේ google team එකට දෙකක් කියලා යවහන් ඊයක්. සමහර විට උදවු කොරයි.

      Delete
    2. ම්හු.. ස්පෑම් ගොඩේ මොකවත් නැ නොවැ.

      Delete
    3. විස්වාස කරහං නිශාන්ත, මගේම කමෙන්ට් මගේම බ්ලොගේ ස්පෑම් වෙනවා. හු... හොඳ වැඩියි.

      මම කිව්වේ. උඹලා නම් සංගීතයට අමතක නොවෙන සේවයක් කලානේ අර ගුරුතුමා කියපු එක අහලා. නමුත් ඔය අවවාදය පිළිනොගත්ත උන් කී දෙනෙක්නම් ඉන්නවද!

      Delete
  10. //දැන් මේ පොර කියනවා. " නැ ..නැ මේවා නැවැත්තුවා කියලා පුතා සින්දුව නවත්තන්න එපා දිගටම සින්දුව කියන්න. මොකද ඔය පුතා කියන තාලෙට කවදාවත් මේ භාණ්ඩ වාදනය කරන්න බැ. ඒ හින්දා ඔයා කැමතිම තාලෙකින් සින්දුව කියලා දාන්න කියලා."
    ඉවරයිනේ........... කලිසම බිම.//

    මං හිතුවා උබට අනික් ඒව බැරි උනාට ගායනය ගැන අසීමිත පැදීමක් ඇතිවෙලා සෑර්ට ගායනය විතරක් අහන්ඩ ඕනි වෙලා කියල :D

    හිනා යකෝ :D

    මාත් කොලේ සංගීතය.. යන්තං ගොඩ :) A එකක් තියේ :P

    ReplyDelete
    Replies
    1. පැහැදුනා නේන්නම් නැත්තං කොහෙන්ද බං "s " එකක්වත්.

      Delete
  11. හඃ හඃ හඃ ආතල් ලෝකයයි ! :D අපේ ඔය විභාගේ තියෙද්දී සර්පිනාව ගහන්න මම හිටියා අපේ අනිත් උන් සිංදු කියනකම්.
    මම ඉතින් අරුන් ඊළඟ නෝට් එක කියන්න කලින් සර්පිනාවේ ඕක ගහනවා. ළමයි 10ක් විතර ගොඩ දැම්මට පස්සේ සර් මගෙන් ඇහුවා "ඇති නේද පුතේ දැන් ?" කියලා හිනාවෙලා. හඃ හඃ හැමෝටම හිනා. ඊට පස්සේ උන්ට ඉතින් ඔන්න වැරදුනොත් මම පොඩි සප් එකක් දුන්නා. සර්රුත් අවුලක් නැතුව හිටියා :D
    ..
    මොනවා වුනත් සංගීත ක්ෂේත්‍රයට සුපිරි ගායකයෝ පිරිසක් නැතිවෙලා වගේ. හඃ හඃ අර ෂොට් දෙක තුනක් දාගෙන ආවනම් ත්‍රිතාල් වල ඉඳලා කෙහෙර්වා වෙනකම් ඔක්කම මතක් වෙයි :D හඃ හඃ හඃ
    පට්ට හිනා මේ කතාවට...
    ..
    (ශ්හ් ශ්හ් කන පොඩ්ඩක් ලං කරානම් රාසක් කියන්න: ටැංකු ඈ ;) )

    ReplyDelete
    Replies
    1. මේකනේ බං කලාකාරයෝ කියන්නේ සංවේදී මිනිස්සුනේ. ඒ මිනිස්සුන්ට අපේ දුක තේරෙනවා බං.

      Delete
  12. හුහ් ....උඹලා දන්නැ දැන් මට තියන ඉල්ලුම ඔය කන බොන වෙලාවල් වල. ඔය කුණු වෙන්න බීලා වමනේ දාගන්න බැරිව දඟලන ඕන එකෙක් එකෙන්ම ගොඩ.

    ReplyDelete
  13. බලපුවහම අපි ඔක්කොම සංගීතයට නිහඬ සේවයක් කරපු අයනෙ! :)

    ReplyDelete
    Replies
    1. නැත්තං නැත්තං. වැඩේ තියෙන්නේ කිසිම ඇගයීමක් නැ නොවැ අපි ගැන.

      මේ එක නෙවේ බං කෝ ඔය නමේ අනිත් කෑල්ල. :)

      Delete
  14. එකනම් අම්මපා අමරණීය සේවයක්ම වෙන්න ඇති. ඔය වගේම සේවයක් මම චිත්‍ර විෂයට කරලා තියෙනවා.O / L වල මගේ චිත්‍ර හරියට පිකාසෝ ගේ වගේ.

    ReplyDelete
    Replies
    1. එකනේ බං අපි ගැන කිසිම පිළිගැනීමක් නැ. මේක කෘර ලෝකයක්.

      Delete
  15. අපි ඉතිං නැටුම් කාරයෝ...වෙලාවට අපි යන කාලේ ප්‍රැක්ටිකල් නෑ :D

    ReplyDelete
    Replies
    1. හැ .. ඔය කියන්නේ කොයි කාලේද හැබෑට.

      Delete
  16. හික් හික් අපිනම් චිත්තර කාරයෝ..අපිටනම් ඒ තරම් අවුලක් නෑ...

    ReplyDelete
    Replies
    1. ච්ත්‍ර වලින් කොහෙද ඔහොම සේවයක් කොරන්නේ. සංගීතය හරි නැටුම් හරි වෙන්න එපාය. :)

      Delete