මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Thursday, June 13, 2013

ටිකට් නැතිව, වීසා නැතිව රට යන හැටි


සිරා සිද්දියක් මේක. 

වීරේ මාමා වැඩ කලේ මිනින්දෝරු දෙපාර්තුමේන්තුවේ උදේම කන සාකුවේ දමා ගන්න මුන්දා රස්සාවට ගියේ හවා හඳ  දකිනවා වගේ. හැබැයි පඩියනම් වෙලාවට හම්බෙනවා දෙයියෝ තමයි දන්නේ ඒ කොහොමද කියලා. මෝනින් ෂොට් එක ඇඳේ ඉඳලම දා ගත්තට පස්සේ උන්දැට මෙලෝ සිහියක් නැ. 


ඔන්න දවසක් ඩයල් එක එනවා අපේ ගේ ළඟ තියන අතුරු පාරෙන් උදේම ගහලා. උදේ කොහේ හරි යන්න ඇවිත් හිටපු කිරි මල්ලි පොරව දැකලා දැන් බයිට් එකට ගන්න ටෝක් කරනවා. විරේ මාමත් කොච්චර බීවත් සංගීතය කාල දානවා මිසක් ආය කුණුහරපයක් වත් කියන්නේ නැති ආතල් ඩයල් එක. ඔන්න කතාව මට ඇහෙනවා මෙහෙම 

ආ ..විරේ මාමේ මොකෝ අද වැඩට යන්නේ නැද්ද ?

නැ බන් කිරි පුතේ අද නිවාඩු දවසක්නේ.

අද කොහෙද නිවාඩු අද සතියේ දවසක්නේ මාමට කොයිල් වගේ උදේම ගහල

අනේ පලයන් යන්ඩ මට හොඳට මතකයි බන්

හා එහෙනම් අද මොකක්ද දවස

අද අගහරුවාදා නේ බන්

හරි එහෙනම් අද මොකක්ද නිවාඩුව

අනේ කිරියෝ තෝ එකවත් දන්නේ නැද්ද අද බන් අර ක්‍රිස්තියානි මිනිස්සුන්ගේ නිවාඩු දවසක්නේ.

මාමාට කොයිල් මේ දෙසැම්බර් නෙවේ.

අනේ බුරුවො තෝ හිතන්නේ ක්‍රිස්තියානි මිනිස්සුන්ට දෙසැම්බර් විතරද නිවාඩු තියෙන්නේ. බුරුවො අද මහ සිකුරාදා good friday.









කැප්ටන් 

ඔන්න එක අයියා කෙනෙකුයි මල්ලි කෙනෙකුයි ආමි එකට බැඳුනලු. අයියා කලින්ම ආමි එකට ආවා උනාට අවුරුදු ගානකට පස්සේ කොහොම හරි කෝප්‍රල් මට්ටමට උසස් උනාලු. මල්ලි හොඳට ඉගනගෙන එහෙම කෙලින්ම තරු පන්තියටමලු බැඳුනේ. දැන් මල්ලි ටික කාලෙකින් කැප්ටන් කෙනෙක් උනාලු. ඔය කාලේ අයියා බැඳලා කැම්ප් එක කිට්ටුව ගෙයක් අරන් පවුලත් එක්ක පොඩි කොලු පැටියෙක් එහෙම හදාගෙන ජීවත් උනාලු. මල්ලිත් තැන් තැන්  වල ඉඳලා අන්තිමට මේ අයියා ඉන්න කැම්ප් එකේ දෙවැනි නිලධාරියා වෙලා ආවලු. 

දන්නවනේ ආමි එකේ ඉතින් වයස මොකක් උනත් ඉහල නිලයට ගරු කරන්න ඕනනේ. දැන් ඉතින් මල්ලිට වෙනම ඔපිස් එකක් වාහනයක්  එහෙම දීලා පොර ඉතින් ආතල් එකේ ඉන්නවලු. බැඳලත් නැති හින්දා පොර කන පැලෙන්න බොනවලු.

කොහොම හරි මල්ලි මේ කැම්ප්  එකට ආවට පස්සේ අයියා කීවලු මල්ලිට ගෙදර ඇවිත් නතර වෙන්න කියලා. පොර ඉතින් අකැමති උනත් අයියගේ හිත රිදෙයි කියලා දැන් අයියලාගේ ගෙදරම නතර උනාලු. හැබැයි පොර ඩියුටි ශීට් එක හදනකොට හදන්නේ පොර කැම්ප් එකේ ඉන්න කොට අයියා ගෙදර ඉන්නත් පොර ගෙදර ඉන්නකොට අයියා කැම්ප් එකේ ඉන්නත් වෙන විදිහටලු. (ශික් ...යකෝ වනචර විදිහට හිතන්න එපා )

නැ .. නැ මෙතන සීන් එක වෙනස්. පොර ඉතින් අයියගේ ගැනිට තමන්ගේ අක්කට වගේලු සලකන්නේ. පොර කුණු වෙන්න බොන හින්දා අයියා ගෙදර නැති වෙලාවට ටැප් වෙන්න ගහලා ගෙදර  එන්න ඕන හින්දලු  අර විදිහට ඩියුටි සෙට් කරන්නේ. මොනවා උනත්
 පොරට ඉගන ගන්න එහෙම වියදම් කලේ අයියා හින්දා පොර අයියට හෙන භක්තියලු. කාලයක් ඔහොම යනකොට දවසක් අයියට අයියගේ ගැනී කියනවලු 


මේ ඔයාලගේ මල්ලිට ඉක්මනට කසාදයක් වත් කරලා දෙන්න. මම මේ කියන්න හිටියේ මිනිහා හැමදාම කරටි කැඩෙන්න ගහලා ගෙදර එන්නේ මම කිවා කිවා අහන්නේ නැ. ඔවා නතර වෙයි මිනිහා බැන්දොත් කියලා.

අයියට හෙන මළලු. ගැනිටත් බැනලා මොකද මෙච්චර දවසක් කීවේ නැත්තේ කියලා. එදත් හවස ඩියුටි ගියාලු දැන් හවස මල්ලි ඩියුටි ඔෆ් වෙන වෙලාවට ටිකකට කලින් මල්ලිගේ ඔෆිස් එක ලඟට ගිහින් 


"මේ අයි කමින් සර් ...." කියලා ඇහුවලු. මල්ලි ටක් ගාලා "කමින් කමින් " කිවලු. ඇතුලට යනකොට මල්ලිගේ බඩීයයි තව ක්ලාර්ක් කෙල්ලෙකුයි ඉන්නවලු.

කාමරේට ගිය ගමන් අඩිය පොලවේ ගහලා සැලුට් එකක් එහෙම ගහලා.

"ගුඩ් ඊවිනින්ග් සර්"

අද එහෙම හවස ක්ලබ් ගානේ ගිහින් කරටි කැඩෙන්න ගහලා ගෙදර එහෙම ගියොත් කකුල් දෙකෙන් අල්ලලා ගහනවා කැ*යා පොලවේ.

කෝපල් තෝ මු අද ගෙදර ගිහින් දාන්නැතිව  ක්ලබ් එහෙම එක්ක ගියොත් තොටත් හු* වනවා හු**** පුතා."

කියලා සීරුවෙන් ඉඳලා කියලා ආයෙත් අඩිය පොළොවේ ගහලා සැලුට් කරලා ගියාලු හැරිලා 






ටිකට් නැතිව වීසා නැතිව රට යන හැටි 


ඔන්න දවසක් මුල්ලේරියාවේ පොරක් දොස්තර මහත්තයා ලඟට ගිහින් අහනවලු 

"ඇ මහත්තයෝ ඇත්තද මේ ලෝකේ කැරකෙනවා කියන්නේ කියලා"


දොස්තරටත් මුන් එක්කම ඉඳලා පොඩ්ඩක් විතර අවුල් ලු. ඒ හින්දා දොස්තර මුව කාමරේට එක්ක ගිහින් ලෝක ගෝලයක් එහෙම පෙන්නලා ලෝකේ කැරකෙන විදිහ විස්තර කරාලු. 


පහුවදා දොස්තර එනකොට අර ඩයල් එක ඉස්පිරිතාලේ පිට්ටනියට වෙලා උඩ  පැන පැන ඉන්නවලු. දොස්තර ඇහුවලු පොරගෙන්
"ආ පුතා මොකද අද උදේම ව්‍යායාම කරනවා වගේ " කියලා එතකොට පොර කියනවලු 


"අනේ නැ මහත්තයෝ මම මේ අප්‍රිකාවට  යන්න "





ඇයි අවුල්ද



 මේ ටික සැරින් සැරේ https://www.facebook.com/groups/hilariousstories එකට ලියපුවා. මට හිතුනා මෙතනත් දාන්න.   






Sunday, May 26, 2013

මගේ හරක් මස් කෑමේ අයිතිය තහවුරු කරනු !

වෙසක් දවසට පස්සේ දවසේ මෙහෙම ලියන්න වෙන්නේ මගේම කරුමෙකටද නැත්තන් අවාසනාවකටද කියලා හිතා ගන්න බැරි උනත් මට හිතෙන හැටි  ලියන්නම ඕන. අද දවසම කරේ සිවුරක් දාගත්ත මෝඩයෙකුගේ  සිද්දියක් ගැන විස්තර කියවපු එකත් කොමෙන්ට් කරපු එකත්.  ඒ කරපු වැඩේට පක්ෂව විපක්ෂව දාල තිබ්බ අදහස් කියවනකොට මට හිතුනේ ඇත්තටම ලංකාව ගැන මම හිතාගෙන හිටිය චිත්‍රය මොන තරම් වැරදිද කියලා.

බුද්ධාගම, හින්දු ,මුස්ලිම් කතෝලික තව දන්නා නොදන්නා ඔක්කොම මික්ස් කරලා පත අට එක පතට හින්දා පෙරා දෙන මේ කසාය ගැහුවනම් ආය මේ ආත්මයේම නිවන් හරි ,ස්වර්ගයට හරි මොක්ෂයට හරි කොහෙට හරි යන්න තිබ්බා හිටගෙන තනි කකුලෙන්. මෙහෙමත් මිනිස්සු ඉන්න රටක් මේ තත්වයෙන් තියනවා කියලා දකින කොට අනේ අම්මපා බෝම්බයක් බැඳන් ගිහින් පනින හිතෙනවා පෙන්ටගනෙට හරි ධවල මන්දිරේට හරි ( මං  කැමති පාට සුදු පාට නෙවේ හින්දයි දියවන්නාව , අරලිය ගස් තියන ගේදර කියලා ලීවේ නැත්තේ ).

මෙතැනදී මට ලියන්න මොනවත් ඉතිරිවෙලා නැ හැමෝම ලියලා තිබුන නිසා අපුරුවට ආය  මම අහවල් එකක් ලියන්නද? ඒවා හැම එකක්ම කියවූවා විතරක් නෙවේ පුළු පුළුවන් විදිහට කොමෙන්ට් කරලත් ආවා. එත් ඉතින් මටත් ඔය කොච්චර කරත් හිල පොඩ්ඩක් ලොකු කරගත්තේ නැත්තන් නින්ද යන්නැති හින්දා ඕන්  මෙතනත් ලියලා දානවා. ඊට කලින් මෙන්න අද මගේ හිත ගත්ත පොස්ට් කීපයක් කියවපු නැති අයට  කියවන්න

රාජ්ගේ නවාතැන    ඉන්ද්‍රසාර ගිනි සහ ස්වර්ණවාහිනී 

w3ලංකා   හාමුදුරුවන්ගේ ගිනි තබා ගැනීම හා ස්වර්ණවාහිනිය රට ගිනි තැබීම

තහනම් වචනය අහෝ ඉන්දසාර හිමියනි! | The monk who burnt himself

සමකය වටේ ගව ඝාතනය නතරකරන ලෙස ඉල්ලා දළදා මැදුර අබියස දී හිමි නම සිරුරට ගිනි තියාගනි

මේ කිසිම ලිපියක් සමග මට ඇති ප්‍රශ්නයක් නැත නමුත් මේවාට දමා තිබු කොමෙන්ට් ගැන නම් ප්‍රශ්න ගොඩක් ඇති වූ නිසාමයි  මෙහෙම ලියන්න හිතුනේ. සමහර කොමෙන්ට් බොහොම ශිෂ්ටවත් සමහර කොමෙන්ට් බොහොම අශිෂ්ට විදිහටත් දාලා තිබුනේ තමාගේ මතය නිවැරදිම මතය කියලා තර්ක කරන්න. මට ඒ එක මඟුලකින්වත් වැඩක් නැත හාමුදුරුනමක් බැරිනම් පාදිලි කෙනෙක් ලෙබ්බේ කෙනෙක් පුසාරි කෙනෙක් ගිනිතියා ගත්තත් මට මොකෝ.  දැන් එතකොට අහයි එහෙනම් අහවල් මන්ගුලකටද යකෝ මේ පොස්ට් එකක් දාන්නේ කියලා. නෑ ..නැ  මේ මඟුල් ගිනි තියා  ගැනිල්ලත් එක්ක මටත්  ලොකු ප්‍රශ්නයක් තියනවා.    


ඒ තමයි ආගමික කරුණු කාරනා කෙසේ වෙතත් මස් කන්න කැමති සහ මස් කන්න අකැමති අය කියන මාතෘකා දෙක හින්දා ඇති වෙන ප්‍රශ්නය.  මොකද මම එකෙන්ම ඔය මස් කන්න කැමති කියන ගොඩට වැටෙන නිසා  මේක මට ලොකු ප්‍රශ්නයක්. බැලුවා බැලුවා හැම තැනම මොකෙක්වත් මේ ගැන කතා කරන්නේ නැති හින්දා ඔන්න මම තනියම සටනේ.


මම මට තේරෙන කාලේ ඉඳන් එක එක  ජාති වල යාළුවො ආශ්‍රය කළා. අපි ලෝකය මවපු එකක් ලෝකය ඉබේ හැදුනු දෙයක්  කියන මත දෙක වෙනුවෙන් කෙස් පැලෙන තර්ක කරා මරා ගත්තා එත් කවදාවත් හිතේ තරහක් තියා ගත්තේ නැ හැමදේම  එතනින් ඉවර කරලා එකට ප්ලේන්ටියයි බටෙකුයි ගහල විසිරිලා ගියා. කොහොම උනත් මම අදටත් ලෝකය කාගෙවත් මැවීමක් කියන එක පිළිගන්නේ නැ. ඒ හින්දා මේ තියන දේවල් වලට  අයිතිකාරයෙක් පාලකයෙක් කොහේ හරි අපිට පෙන්නේ නැති තැනකට වෙලා බලාගෙන ඉන්නවා කියන එක මට අදාළ දෙයක් නෙවේ.

ඒ වගේම කියන්න ඕන මගේ පොඩි කාලේ ඉඳන් මම සාමාන්‍යන්  මස් මාළු  ආහාරයට ගත්තා. ඒ වගේම මට කවදාවත් කිසිම මස් මාළුවක් නිසා වත් වෙනත් කෑමක් නිසා වත්  කිසිම ඇලජික් එකක් තිබුනේ නැ. දරුවන්ට තියන ආදරේ නිසාම  අපිව උස්මහත් කරන්න පුළු පුළුවන් හැම වෙලාවකම මස් මාළු පලතුරු වගේ දේවල් අපේ තාත්ත අපිට ගෙනත් දුන්න. ඒ හින්දමද මන්දා ප්‍රදාන ආහාර වෙල් වලට මොනවා හරි මසක් මාළුවක් ගන්න  එක පුරුද්දක් හැටියට අදත් මට තියෙන්නේ. මගේ මේ තොරා  බේරා ආහාර නොගැනීමේ පුරුද්ද හින්දා ගොඩක් අවස්ථාවල මගේ සමහර යාළුවො අපහසුතාවයට පත් වෙන තැන්  වලදීත් මට කිසි අපහසුවක් නැතිව ඉන්න පුළුවන් උනා වගේම මට බඩගින්නේ ඉන්න උනේ නැ. කොටින්ම මම කන විදිහට උයලා පිහලා දෙනවනම් මම ඕවගේ වන්සයක් වර්ගයක් හොයන්නේ නැ. මිනිස්සු කන මට හානියක් නොවෙන ඕන දෙයක් මමත් කනවා. 

එත් යකෝ මෙන්න මට මගේ ගැනවත් නොතිබුන ප්‍රශ්නයක් මේ මස් කන්නේ නැති එවුන් හදලා. ඒ විතරක් නෙවේ එක සභාසම්මත කරන්න තර්ක විතර්ක ඕන තරම්. ඔය ඉහල තියන පොස්ට් වල කොමෙන්ට් බැලුවනම් තේරෙයි මොනතරම් නම් ට්‍රයි එකක් දෙනවද කියලා.

මම කියන්නේ නැ  නිර්මාංශවාදීන්ට   අයිතියක් නැ  කියලා තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න. මට මස් මාංස  කන්න   තියන අයිතියම තව කෙනෙකුට එක නොකා ඉන්න තියෙනවා.

 එහෙනම් මොන මඟුලක්ද?.

මඟුල තමයි  අර ගිනි තියා ගත්ත හරකා වගේ  බලහත් කාරෙන් තර්ජනාත්මකව තමන්ගේ මතය සමාජ ගත කරන්න හදන එක. ඒක  තමයි මට තියන ප්‍රශ්නය. ඔය වගේම එකෙක් කොළඹට ආසන්නයේ සියලු මස් වෙලඳ  සැලවල් වල ගව මස් වෙළඳාම තහනම් කරා කියලා ආරංචි තිබ්බ. ඇත්තද බොරුද දැනගන්න හම්බුනේ නැ.  නමුත් මට තියෙන ප්‍රශ්නේ එහෙම කරන්නේ කොහොමද මිනිසුන්ගේ සිතුම් පැතුම් ආශාවන් උන්ගේ අම්මගේ අප්පාගේ බුදලේ වගේ ඕන ඕන විදහට වෙනස් කරන්න පුලුවන්ද ?.

 මෙතැනදී මට ආගමික කාරනා වැඩක් නැ. මොකද මම ඉපදුනේ ආගමක් එක්ක නෙවේ අනික මම දැනට අදහන ආගමත් මම හොයා ගත්ත, මට ඕනවට ගත්ත දෙයක් නෙවේ.  දෙමවුපියන්ගේන් ලැබුන අනිත් දේවල් වගේම එකත් මම පිලිගන්නවා මට පුළුවන් තරමින් ආරක්ෂා කරනවා. පරම්පරවෙන් ලැබුනා කියලා මට පිළිගන්න බැරි දෙයක් නම් මම එක   උස්සගෙන ඉන්න යන්නේ නැ. ලෝකෙටම වැරදි උනත් මගේ හිතට හරි කියනදේ කරන්න හැම වෙලාවේම මම උත්සාහා ගන්නවා. හලාල් ප්‍රශ්නෙදි හලාල් අනවශ්‍යයි කියන මතය වෙනුවෙන් මම පෙනී හිටියා.  මට තිබ්බ ප්‍රශ්නේ ජාති, ආගම්   හෝ වෙන මඟුලක් නෙවේ.  හලාල් සඳහා මිලක් ගෙවන්න වීමත් යම්කිසි ආගමානුකුල ක්‍රියාවකට යටත් කර තිබීමත් කියන දෙක විතරයි.  උගේ ආගම උට මගේ ආගම මට කාගේවත් ආගමික කරුණු කාරනා මගේ පිට බලෙන් පටවන්න යන එක මට ප්‍රශ්නයක්.

මේ කාරනේදී වෙන්නෙත් එකම තමයි. හරක් මරණ එකත්  මස් කන එකත්  තහනම් කරන්න කියලා ඉල්ලනේ මොන පදනමකින්ද කියලා මට හිතා ගන්න බැ. සමහරක් කියනවා ජාතියේ කිරි අම්ම බේරා ගමු කියලා. ඔවු ඉතින් නෑදෑයන් වෙනුවෙන් පෙනී ඉන්න ඒ ය ගැන නම් මටත් වරදක් කියන්න බැ. හැබැයි හරක් කියන්නේ මගේ නෑයෝ නම් නෙවේ. ඒ හින්දා අනිත් කොයි මසත් වගේ හරක් මසුත් මම කනවා. තවත් සමහරුන්ගේ තර්ක අහපුවා මට හිතා ගන්න බැරි අඩන්නද හිනා වෙන්නද කියලා. හිනා වෙනවනම් කොයි පැත්තෙන්ද කියලා. ඒ තමයි මස් කනවාට විරුද්ද නැ හැබැයි සත්තු මරනවාට විරුද්දයි. මට දන්නා කෙනෙක් පුලුවන්නම් කියලා දෙන්න මරන්නේ නැතිව මස් කන්න පුළුවන් විදිහක්.   


සමහර විට මෙහෙම වෙන්න ඇති 

මට  අහන්න තියෙන්නේ ඇයි ඔහේලාගේ මහා සත්ව කරුණාව අනිත් සත්තු ගැන නැත්තේ කියලා. 100% ශාක ආහාර විතරක් කන්න කාටවත් පුළුවන් කියලා මටනම් හිතා ගන්නවත් බැ. කොච්චර කැ  ගැහුවත්   ඇත්ත එක තමයි. මොකෝ ඔහෙලා හිතාගෙන ඉන්නේ  එහෙමයි කියලද?. කේක් ,වටලප්පන්,ජෙලි වගේ කෑම  වලත් සත්ව කොටස් නැ  කියලද හිතාගෙනද ඉන්නේ. ඒ තියා ඔහෙලා කඩේට ගිහින් මස් කැලි  කන්නේ නැතිව පරිප්පු හොද්දට කලවන් කරලා කන මස් හොද්ද. ඇයි  එත් එක්ක කන ආප්පේ එකෙත් බිත්තර තියෙන්නේ. නැ ..නැ  බිත්තර ආප්ප නෙවේ ආප්පේ කබලේ ඇලවෙනවට  පිටි වලට මික්ස්  කරන බිත්තර දෙක. තව ගෙදර කොකිස් බදිනකොට  පහසුවෙන් ගැලවෙන්න දාන බිත්තරේ.

දැන් ඉතින් හරකුන්ගේ නායකයා වෙච්චි හරක් නාම්බා මල හින්දා. ඒ තනතුරට වෙනත් එකෙක් පත් කරගන්න හරක් අතරේ චන්දයක් තියන්න තියෙන්නේ. සමහරු කරන තර්කය තමයි මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියනවා කියන එක. ඉතින් දෙයියනේ ඔය මස් කන කොයි එකාද කිවේ එහෙම නැ  කියලා. ඒ හින්දා තමයි සත්තු ඇති කරලා මරාගෙන කන්නේ නැතිව දකින දකින වෙලාවට කැලෙට පැනලා සත්තු දඩයම් කරන්නේ නැ  නොව.  තව සමහරු  කියන්නේ  සතුන්ට අදික වේදනාවක් දැනෙනවාලු මරණ කොට. ඔවු ඉතින් එක එහෙම  තමයි  හැබයි මම ගාව ඕකට හොඳ යෝජනාවක් තියනවා ඔය වේදනාව වැඩි වෙන්න එක හේතුවක් වෙන්නේ උන් මරණ ක්‍රමය හින්දා ඒ ක්‍රමයට නැතිව ඉක්මන් වේදනාව අඩු ක්‍රමයක් යොදා ගන්න ඕන. ලංකාවේ ගව  ගාතන කරන වැඩි දෙනෙක් මම හිතන්නේ මුස්ලිම් ජාතිකයින්   ඒ හින්දා එක්වරම බෙල්ල කැපීම වගේ ක්‍රම පාවිච්චි කරන්න ටිකක් ප්‍රයෝගික ගැටළු ඇති වෙයි.   
        

දැන් ඉතින් කට්ටිය රෙදි ගලවලා කතා කරයි හාමුදුරු කෙනෙකුට  අපහාස කරමින් කතා කරා කියලා. මටනම් සිවුරක් ඇඳන් ඉන්න හැමෝම හාමුදුරුවෝ නෙවෙයි. හාමුදුරු නමක් වෙන්න සිවුර ඇතිව හෝ නැතිව ඊට වඩා ගොඩක් දේවල් සම්පුර්ණ කරපු කෙනෙක් වෙන්න ඕන.  සාමාන්‍ය මිනිස්සු  කරන හැමදේම කරමින්  (සමහර විට ඊටත් අන්ත ලෙස) සිවුරක් ඇඳන් හිටිය පලියට මටනම් හාමුදුරු කෙනෙක් නෙවේ. අපි දුක්මහන්සියෙන් හම්බ කරන දෙයින් සිවුපසය ලබා දීලා වන්දනාමාන කරන්නේ අන්න ඒ උතුම් ගුණධර්ම  දරාගෙන ඉන්න කෙනෙක්ටය කියන දේ අපේ හිතට දැනෙන්නේ නැත්නම් උට මොන කෙහෙල් මලකට පුජකයෙක් කියලා කියන්නද ?. ධර්ම රාජ්‍ය  බිහි කරන්නවත් බෙදුම් වාදය පෝෂණය කරන්නවත් වෙන වෙන මඟුල් වලටවත් නෙවේ මේ පුජාවන්  කරන්නේ තමනුත් සසරින් ගැලවිලා අනිත් සත්වයන්ටත් එයින් ගැලවෙන්න දරන උත්සාහයට. 

හරි .. දැන් ඉතින් ඕන කෙනෙකුට කියන්න පුළුවන් මු සිංහල නෙවේ අවජාතක පරයෙක් අරකෙක්  මෙකෙක් ඕන මඟුලක් කීවට මයේ මොකෝ. ඔය කියන එවුන්ට මට කියන්න තියෙන්නේ මෙච්චරයි 

"මහත්වරුණේ    කරුණා කරලා බලහත්කාරකම් කරන්න එපා. ඔහෙට මස් නොකා ඉන්න තියන අයිතියම මට මස් කන්නත් තියනවා. මමත් රජයට බදු ගෙවන පුරවැසියෙක්. මම කන්නේ බොන්නේ රජයෙන් අනුමත සමාජ සම්මත දේවල්. දැනට තියන සම්මතේ මොනවා හරි ප්‍රශනයක් නම් කඩු, පොලු, බෝම්බ, පැට්‍රල් අතට ගන්නේ නැතිව මතවාදයකින් අවශ්‍ය වෙනස්කම කරගන්න. එදාට මමත් හිස නමලා ඒ දේවල් පිලි ගන්නම්. එතෙක් සතෙක් වෙන්නැතිව ජීවත් වෙන්න බලන්න "       

"මනුසත් බව දුර්ලබයි, ධර්මය ඇති කාලයක ඉපදීම ඊටත් වඩා දුර්ලබයි. නොපමාව කුසල් රැස් කර ගන්න"    බුදුන් වහන්සේ 




ප.ලි .
මං වගේ මස් මාංස  ආහාරයට ගන්න සාමානය මිනිස්සුන්ට මෙන්න තියනවා හරක් මස් වලින් සෑදිය හැකි රසවත් කෑමක්. ඔන්න ලින්ක් එක දැම්ම යන්න, බලන්න, හදලා කන්න, රස විඳින්න. ඒ වගේම ගංජා, අරක්කු  වගේ දේවල් වෙනුවෙන් බය නැතිව පෙනී ඉන්න බ්ලොග් ලෝකයට  ඔන්න මගෙන් මස්.    

http://kamubomu.blogspot.com/2010/12/blog-post.html

Monday, May 20, 2013

දත් කඩන යන්තරේ

අ.පො.ස  සාපෙ ඉවර වෙලා ගෙදර ඉන්න  කාලේ මහ එපා කරපු කාලයක්. මුල් දවස් ටිකේ නම් ට්‍රිප් ද අරවද මේවද ගමන් කෝටියයි. එත් මාසයක් විතර යනකොට ගෙදරින් ලැබෙන සහනාධාර කප්පාදු  වෙලා අලුත් චක්‍රලේඛ ඇවිත් තනිකර පුද්ගලික ආයතනයක පියන් කෙනෙක් ගානට වැටෙනවා. ඔන්න ඔය වෙලාවට තමයි ජොබක් කරන අයියලා අක්කලා ඉන්නවනම් පිහිටට එන වෙලාව. අවාසනාවට  ගෙදරම අයියා මම වෙච්චි කොට මොකා ඉතින් මට පිහිට වෙන්නද?.   

එහෙම කීවට මොකද මට අයියලා අක්කලා හැත්ත බුරුත්තක්ම ඉන්නවා. එක කුස ඉපදුනේ නැතත් ලොකු අම්මගේ දරුවෝ ඔක්කොම මගේ අයියලා අක්කලා තමයි. පොඩි කාලේ ඉඳන්ම අපි එකට හැදුනේ වැඩුනේ ඒ හින්දා අපි අතරේ තිබ්බේ එක බඩවැල කඩන ආපු සහෝදර කමක්. කවදාවත් අයියලා අක්කලා නැති පාඩුව දැනුනේම නැ.

    මේ කියන සිද්දිය වෙනකොට  ඔන්න අපේ ලොකු අක්ක ඒ කියන්නේ අම්මගේ අක්කගේ ලොකුම කෙල්ල කොළඹ රස්සාවක් කරමින් ඉඳලා එහෙදීම හොයාගත්ත එකෙක් කසාද බැඳපු අලුත. ඒ මස්සිනාත් ඉතින් එළකිරි ඩයල් එකක් අදටත් උ පිටින් අපේ පවුලට බැඳිච්චි  එකෙක් කියලා  හිතන්නවත් බැ. හරියට එකා උපන් දවසේ ඉඳන් අපිත් එක්ක හිටියා වගේ.

මගේ මෝඩකම්, මරිකම්, අමනකම්, මෝල්කම් වල උපරිම කාලේ තමයි ඔය. දන්නවනේ O /L  කාලේ කියන්නේ ග්‍රහ අපල ඔක්කොම බලපාන කාලේ කියලා. කොහොම හරි මගේම අවාසනාවට ඔය වෙනකොට රට ගිහින් හිටිය අපේ තාත්තා නිවාඩු ඇවිත් හිට්යේ. දැන් ඉතින් කාල වරෙන්කො. උදේ ඉඳන් එයාගේ වැඩ වලට කඩේ යන එකයි එයාගේ පහිතිකාර කරන එකයි මට එපා වෙලා තිබුනේ. මොනවා කරන්නද නයා මැරිචිචි අහුකුන්ථිකයා වගේ මමත් ඉතින් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා.

ඔන්න ඔහොම ඉන්නකොට තමයි දෙයියෙක් වගේ අපේ අලුත් මස්සින වැඩියේ අපේ ගෙදරට. පොරයි අක්කයි බැඳලා කිරිබත්ගොඩ පදිංචි වෙලා හිටියට පොරගේ මහගෙවල් තියෙන්නේ මැදිරිගිරියේ. මහ ගෙදර පිරිතක් තියනවා කියලා පොර ආවේ එහෙ යන්න. අක්කා ඒ දවස්වල බඩින් හින්දා එක්ක යන්න බැරි නිසා අපේ ගෙදර නවත්තලා පොර එහෙ යන්න ලෑස්ති. මමත් ඉතින් ගෙදරින් මාරු වෙන්නේ කොයි වෙළෙද කියලා බලාගෙන ඉන්න එකේ ටක් ගාලා ස්වේච්චාවෙන්ම ඉදිරිපත් උනා පොරගේ අතවැසියා ලෙස ගමනට එක් වෙන්න.

                          තාත්තා නම් කිවේ  "බණ්ඩාර පුතේ ඕකා එක්ක ගිහින් උඹට උඹේ වැඩක් වත් කරගන්න නැති වෙනවා. ඔයිට වැඩිය හොඳයි අන්න අර සිරිසේන ගුරාට කියලා පිල්ලියක්  බන්දගනින්" කියලා.

          අම්මා කෙලින්ම කැමැත්ත දුන්නා මොකද මේ නිවාඩු කාලේ තමයි අම්මට වැසිකිලි යන්නවත් කුස්සියෙන් එලියට එන්න බැරිව තිබ්බ කාලේ. මල්ලිනම් ඒ දවස් වල හාල්මැස්ස වගේ හින්දා උට කෑම බීම ගානක් නැ. තාත්තාටත් පාන් තියනවනම් තුන්වේලම හරි කයි. මට ඉතින් බත්,ඉඳිආප්ප   වගේ දේවල් නැතිව බැ. අනික ඉතින් දන්නවනේ කෑම. ( ඒ දවස් වල අම්ම බත් මුට්ටිය හෝදන්නේ පිට මිනිස්සුන්ට පෙන්නේ නැති වෙන්න මොකද එක දවසක් සාන්ති නැන්දා  බත් මුට්ටිය දැකලා ඇහුවලු නැයෝ කට්ටියක් වත් ගෙදර ආවද කියලා )    තාත්තා උනත් පාන් පෙති 3යි කන්නේ. මං  කීවේ  පාන්ගෙඩිය පෙති දෙකට කපලා.

හැබයි අම්මා චක්‍රලේඛයට අලුත් වගන්ති වගයක් එකතු කරා. බණ්ඩාර අයියා නැතිව වත්තේ හතර මායිමෙන් පිට යාම තහනම්, වැවු වල ඔරු පැදීම්, නෑම,....,......බ්ලා ,බ්ලා  තහනම් ආදී ලෙස. කොහොම හරි ඔය නීති ටික පරිස්සං  කරනවට වැඩිය ලෙසියි මහන වෙලා කෝටියක් සංවර සීලය ආරක්ෂා කරන එක.

ඔන්න ඉතින් දෙන්න හවස 5 ට 6 ට  විතර බණ්ඩාර අයියගේ ජීප් එකේ ගමන ආරම්භ  කරා දැන් ඉතින් යනවා යනවා එපා වෙන ගමන පැය 5ක් විතර යන්න එපාය. දැන් වගේ පාරවල් කාපට් කරලය. අලි ඉන්න කැලේ මැදින් ගමන. දෙන්න කොහොම හරි ටික දුරක් ගිහින් රැට  කන්න කියලා නතර කළා පොඩි   ටවුන් එකක. දැන් දෙන්නා කන්න කලින් පොඩ්ඩක් අනුමත  වෙන්න ලෑස්ති. " මල්ලි උඹ බොනවද ?" මම ඉතින් හි ..හි.. ගෑවට  වැඩි දෙයක් කරේ නැ. පොර ඔන්න ළඟ බාර් එකකින් බ්‍රැන්ඩි භාගයයි බියර් එකයි ගෙනාවා. දැන් දෙන්න ඕකත් අරන් චයිනීස් රෙස්ටෝරන්ට් කියලා ගහලා තිබ්බ එකකට රිංගුවා.  (රජයේ මත්ද්‍රවය ප්‍රතිපත්තිය අනුව මෙම කොටස ඉවත් කර ඇත )     
        
මද පවනේ දෙන්න දැන් ඉතින් යනවා ගමනාන්තය දක්වා ඔං. බණ්ඩාර අයියලාගේ ගෙදරට  යද්දී  මහා රැ. ගෙදර ඔක්කොම නිදි. අපිත් ගිය ගමන් ආය මුන කට වත් හේදුවේ නැ  කෙලින්ම බයියම්මා කීවා.

පහුවදා මම නැගිටිනකොට උදේ 10 විතර වෙලා තව දවස් දෙකකින් තියන පින්කමට කට්ටියම එක සීරුවට වැඩ. මමත් ඉතින් පුළුවන් පුළුවන් වැඩ කරලා දුන්නා. නොදන්නා මඟුල් වලට අත දාන්න ගියේ නැ. නිකන් මොකටද අර ඉරුම් පට්ටලේට  නැග්ග වඳුරා වගේ වෙන්නේ. හරියටම දන්නා දේ තමයි ඇද කුද හෙවිල්ල. එක තිතටම කරලා දුන්නා.

ඔන්න වැඩ ටික ඉවර කරලා හවස අපි දෙන්නම් වත්ත පහළ තියන ඇනිකට් එකෙන් නාලා එහෙම අවා ගෙදර. ඇවිත් තේ එකක් එහෙම බීලා වටේ ඉන්න පොඩි එවුන් දෙන්න තුන්දෙනෙක් සෙට් කරගෙන අලි කරන වැඩේ කරා. ඔවු යකෝ ...අලි කරන්නේ කොට කෑලි තල්ලු කරන එක අන්න එක. මම ඉතින් අලියා වගේ උනාට මට පෙන්නම බැරි සෙල්ලමක් තමා ඕක. කවදාවත් එක පාරින් ඔය හිලකට ඔය කොට කාලක් දා ගන්න බැරි හින්දා ඔය මඟුල් සෙල්ලම පටන් ගත්ත ගමන් වන්නේ මට යකා නගින එක. එදා ඉතින් කරන්න දෙයක් නැති හින්දා කරන්න ගත්තා මිසක්. කොහොම හරි පැය දෙකක් විතර පොඩි එවුන් ඉස්සරා නොන්ඩි වේවි ඉන්නකොට බණ්ඩාර අයියා කතා කළා මල ගෙදරක් තියනවා ළඟ පාත ගෙදරක එහෙ යන කියල. පොඩි එවුන් ඉස්සරහා රෙද්දේ රෙවිලා හිටිය මම ටක් ගාල නැගිටලා ගියා.    

අම්මේ.... ළඟ පාත කීවට මේ පැත්තේ දුර මනින්නේ රබර් හැතැම්ම වලින් හින්දා පැය බාගයක් විතර පයින් ගිහින් ඔන්න මල ගෙදරට ගියා. කෙලින්ම ගියපු ගමන් ගේ ඇතුලට ගිහින් මිනිය බලලා එතැනින්ම ගියා තේ දෙන තැනට. පොර නම් ඉතින් දකින දකින කෙනත් එක්ක කතාව "නැන්දේ"  කියයි "මාමේ" කියයි "අයියේ" කියයි, "නංගියේ" කියයි   මම ඉතින් මොනවා කියන්නද මල ගෙදර කියලා බලන්නේ නැතිව දත් 32ම එළියේ දාල විරිත්තපු එක තමයි ඉතින්.
                                කොහොම හරි තේ බීලා  එලියට ඇවිත් මම කෙලින්ම ගියේ විට තට්ටුව තියන තැනට          
විටක් කටේ ඔබාගෙන අනිත් පැත්ත හැරෙනකොටම මෙන්න බණ්ඩාර අයියා මට වැඩිය ටිකක් වැඩිමල් කොල්ලෙක්ගේ අතින් අල්ලාගෙන මට අඳුන්නලා දුන්න එයාගේ නැඟී බන්දලා ඉන්න කෙනාගේ මල්ලි කියලා පොරක්. පොරත් ඉතින් හිනා උනා මමත් හිනා උනා එතකොටම මට මීටර් උනා යකො මගේ ඉස්සරහා පොල්දතක් කැඩිලා වගේම මුගේත් දතක් කැඩීලානේ කියලා.

මගේ ඔය ඉස්සරහා උඩ ඇන්දේ තියන මහා විසාල දත් දෙකෙන් එකක් මගේ කිරි දත් වැටිලා අලුත් දත් ආපු දවස්වලම මගේ නොසන්ඩාල වැඩ හින්දා කඩා ගත්තා නොවැ  අම්මගෙන් ගුටිත් කැවා  ඕකට. ඒ දවස්වල පොඩි එකා හින්දා ගානක් නැති උනාට ලොකු උනාට පස්සේ විරිත්තලා හිනා වෙන එකත් අඩු කරන්න උනා මද සිනාවකට ඔය දත දුඹුරු පාට වෙලා සවුත්තු වෙච්චි හින්දා. දැන් නම් එක හදලා තියෙන්නේ එත් ඉතින් එක පුරුද්දකට ගිහින් හිනා වෙන එක අඩු හින්දා ගොඩක් අය හිතන්නේ මම මහා නපුරු ඩයල් එකක් කියලා.    

ඔහොම කොහොම හරි ඉතින් වට පිටේ ඇවිදලා කාර්ඩ් අතක් වත් ගහන්න සෙට් වෙන්න බලනකොට ගමේ කොල්ලෝ මනුස්ස කමට මට හිනා වෙනවා (හිනා වෙනවට වැඩිය එක කිට්ටු විරිත්තන එකට). ටිකක් අධ්‍යාපන අඩු අහිංසක මිනිස්සු හින්දා පොඩි නොන්ජල් හිනාවක් තමයි.
                          යකෝ මුන් නිකන් මට ඔලොක්කුවට හිනා වෙනවා වගේ  හිනා වෙන එකෙක් ඇත්තන් උගේ ඉස්සරහා  දත මගේ වගේම බාගයයි එක්කෝ සංපූර්නයෙන්ම නැ. මට නිකන් කොයිල් වගේ මේක. මට හිතෙනවා යකො හැමදාම බීල නනත්තාර වෙලා මල  ගෙවල් වල යන්නේ අද මේ කැකුලෙන් හින්දා මට මොන්ගල්වත්ද ?. මම දැන් වට පිට බලනවා මොකක්ද යකෝ මේ වෙන්නේ කියලා බලන බලන පැත්තෙන් මොකෙක් හරි හිනා වෙනවා  වයසක ඩයල් එකක් නම් අප්සැට් එකක් නැ  කොල්ලෙක් නම්  එක්කෝ දතක් නැ  එක්කෝ දත් දෙකම නැ නැත්තන් බාගයයි. මට නිකන් පුල් අප්සට් මම හිතනවා මේ පැත්තේ අර අප්‍රිකාවේ ගෝත්‍රිකයෝ   වගේ මුන්ගේ දත් කඩන චාරිත්‍රයක් වත් තියනවද දන්නැ කියලා.  අහන්නත් කවුරුත් නැ  බණ්ඩාර අයියත් පෙන්න  නැ. කොහොම හරි පැයක් විතර වටේ කරකැවී හිටියා කාලතුරකින්  එකෙක් දෙන්නෙක්ගේ විතරයි එහෙම අප්සට් එකක් නැත්තේ 95%ම ඉස්සරහා  දතේ අර කේස් එක.

කොහොම හරි ඔන්න අපි දෙන්න ගෙදර එන්න අවා පොඩ්ඩක් දුර එනකොට මම ඇහුවා මොකෝ බණ්ඩාර අයියේ  මේ හැම කොල්ලෙක්ම දත් කඩාගෙන ඉන්නේ මොනවත් කෙමක් වත්ද කියලා. එතකොට තමයි ඔන්න   සිද්දිය කීවේ. මේ තියෙන්නේ බඩුව මේක තමයි දත් කඩන යන්තරේ


දන්නවනේ ස්ටාර්ට්   කරන්නේ  කොහොමද  කියලා ඕක හොඳ කල්පනාවෙන් කරන්න ඕන වැඩක් වෙලාවට අර කරකවන පොලු කෑල්ල අහකට ගත්තේ නැත්තං  ඉන්න වෙන්නේ මෙන්න මෙහෙමයි



Friday, May 10, 2013

පොලිස් කරුවෝද මනුෂ්‍යයෝය





ඔන්න අවුරුදු එක හමාරකින් විතර පොස්ට් එකක් දාන්නයි ලැස්ති වෙන්නේ. මකුළුදැල් බැඳිලා දුවිලි වහලා තියන මේක සුද්ද කරන්නම සැහෙන වෙලාවක් යයි වගේ.
මේ කාලයටම නොකඩවා බ්ලොග් කියවන එකනම් කරා.
හරි ආඩම්බරයි අප්පා දැන් තමයි සිංහල බ්ලොග් ලෝකේ නියම ආරිය සිංහල ගති ලක්ෂණ පෙන්නන්නේ. මුල් කාලේ තිබ්බ බ්ලොග් ලෝකේ නිකන් ජිල්බෝල හොද්දක් වගේ මෙලෝ රහක් නැ. කබ්බොත් නැ ටෝයියොත් නැ.



ෂාහ් ....දැන් ඒ වගේද ගඳ විතරක් බ්‍රහ්ම ලෝකේ දක්වාම විහිදෙනවා මයේ හිතේ. හඬ ඇහුවොත් මාර සෙනග උනත් කලන්තේ දාල වැටෙන්නේ.
එල..එල..
විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ. දැන් ඔන් මොකා ඇහුවත් බය නැතිව කටක් ඇරලා කියන්න පුළුවන් සිංහල බ්ලොගර් කෙනෙක් කියලා. ඒ හින්දමයි මේ වෙලාවක් හම්බුන ගමන් ලියන්න ගත්තේ ජාති ආලයෙන් ඔද වැඩිලා අප්පා.
හරි ආඩම්බරයි හසන්ත මගේ ඇඟේ ලේ කකියනවා මේ අපේ සිංහල සලකුණ නේද මේ ලෝකයටම පේන්න එලි කරන්නේ කියලා. බලන්ඩ හසන්ත මහත්තයෝ මේ අපේ සිංහල කම නේද මේ කොමෙන්ට් වලින් පෙන්නුම් කරන්නේ. දැන් මට මලත් කමක් නැ හසන්ත මහත්තයෝ අන්තර්ජාලයේ එන ඕන කෙනෙක්ට සිංහලයා කවුද කියලා බලා ගන්න ඕන තරම් දේවල් තියනවා අපේ රටේ අපේ ජාතියේ සලකුණු අන්තර්ජාලය පුරාම තියනවා. රටක් හැටියට මෙය්ටත් වඩා මොනවද හසන්ත.
අප්පට සිරි මේ මොනවද යකෝ මේ ලියල තියෙන්නේ සමාවෙන්න ITN බලන ගමන් මේක ලියන්න ගත්තේ. හා ..හා ඒවා වැඩක් නැ දැන්.
ඔන්න අද ලියන්නේ ගු කේස් නෙවේ රියල්ම රියල් සිද්දි හරිය. මේක ලියන්න ඔන්න අපහාස උපහාස කිරීමේ අරමුණින් එහෙම නෙවේ. "පොලිස් කරුවෝද මනුස්සයෝය" හදුන්වලා දෙන්න. හැබැයි ඉතින් මට පෙන්නම බැරි එවුන් තමයි ඔය. ප්‍රධාන හේතුවක් නම් මුන් කවදාවත් කාටවත් ඇහුන් කන් දෙන්න කැමති එවුන් නෙවේ.මොනවා කියන්න ගත්තත් වචනයක් දෙකක් කියනකොට මුන් එකට උඩින් පැනලා මොනවා හරි ලොකු ටෝකක් දෙන එකතමයි මට පෙන්නම බැරි.
මම මේ ලියන්න යන එකා ගැන තියෙන විශේෂත්වය තමයි මු පොලිස් කාරයෙක් උනාට හොඳ ඇහුන් කන් දෙන්නෙක්. රාජකාරි වෙලාව තුලත් අනිත් වෙලාවටත් ඕනෑම තරම් වෙලාවක් මු සද්ද නැතිව අහගෙන ඉන්නවා කියන ඕන දෙයක්.(ඔය පුරුද්ද වෙන මොකුත් නෙවේ ගෙදර ගැනි හින්දා ) හැබැයි ඉතින් ඔක්කොම අහලත් මු දෙන උත්තරයි විසඳුමයි අනිත් පොලිස් කාරයන්ට දෙවැනි වෙන්නේ නැ එමම තමා.
මන් හිතන්නේ මේ පොලිස් කාරයන්ටත් පොලිස් උන හැදෙන්න ඉන්ජෙස්සන් එකක් ගහනවද කොහේදෝ අර රට යන එවුන්ට වගේ. (දන්නවනේ ඔය රට යන එවුන්ට ගහන රථ ගාය ඉන්ජෙස්සෝන් එක. අනිවා රට ඉඳන් ආපුගමන් කරන්නේ කොහේ හරි ඉන්න බ්‍රෝකර් කෙනෙක් සෙට්වෙලා උට කන්න බොන්න අරන්දීලා ලොකු ගානකුත් කපා ගන්න දීලා, ගෙදර ගැණිත් එක්ක රණ්ඩු වෙලා කොහෙන් හරි ලදරම් වාහනයක් අරන් කුජීත වෙලා හම්බකරපු එක නැති කරගෙන වාහනෙත් නැතිකරගෙන ආපහු රට යන එකනේ. )
හරි ඔන්න මිනිහා කාලයක් වැඩකරේ සුද්දා ගල විද්ද තැන තියන පොලෝසියක. පොලෝසියේ තියන වාසනාවන්තම අංශයේ ස්ථානාධිපති. ඒ හැටි වයසක් නැ 30ට අඩුයි ඔං. මිනිහා හොඳට ඉගනගත් ගත්ත මනුස්සයා. හැබයි ඔය අංශ ස්ථානාධිපති වෙනකොට සාජන්. රථවාහන අංශයටම හිටියේ 3-4 දෙනෙක් නිසා මිනිහා තමයි section head. ඒ හින්දා ඉතින් ලොක්කා උනත් පාරේ තමයි හිටියේ. ( දන්නවනේ පාර තමයි හොඳම තැන ) .
ඔන් සිද්දි අංක 1
ඔන්න අප ට්‍රැපික් සාජන් මහත්තයා ඉන්නවා ආසන්න කුඩා නගරයක රාජකාරි කරමින්. හැමදාම එකෙක් බයික් එකක එනවා අංක තහඩු මොනවත් නැ. අල්ලන්ත් බැ මු වැඩ කරන්නේ ළඟ ගරාජ් එකක. එක දවසක් ඇල්ලුවා මු කියන්නේ ට්‍රැල් බලන්න පදිනවා කියලා. සාජන් මහත්තයාටත් ඉන්න බැ මු හැමදාම කරන මේ වැඩේ දිහා බලාගෙන. ලියන්නත් බැ ලීවොත් කොහොමෙයි මුගෙන් බයිසිකලයක්වත් හදා ගන්නේ. නිකන් හදලා දුන්නොත් නේ නඩත්තුවට දෙන ගාන වමට ගහන්නවත් පුළුවන් ඉතින් කොහොමද තරහා කරගෙන. මේ මඟුලෙන් වෙන්නේ වෙන එවුනුත් ලියන්න බැරි එකයි. එක දවසක් ඔන්න මු එනවා ටවුමට තේ එකක් බොන්න අර බයිසිකලේ. අත දාලා සාජන් මහත්තයා නැවැත්තුවා බයිසිකලේ.
මල්ලි අතේ සල්ලි එහෙම තියනවද ?
ඇයි සර්
නැ මගේ අතේ කීයක්වත් නැ පොඩි බඩුවක් ගන්න තියනවා එකයි ඇහුවේ.
ලොකු ගානක් නම් නැ සර් තේ එකක් බොන්න ආවේ පොඩි ගානක් තමා අතේ තියෙන්නේ.
අප්පේ ඒ ඇති මල්ලි. තරහානැතිව අර කඩෙන් බ්‍රිසිල් බෝඩ් එකක් අරන් වරෙන් මල්ලි. නයිලෝ නුල් අඩි 3ක විතර කෑල්ලකුත් අරන් වරෙන් මල්ලි.
හරි සර් (කොල්ල දුවනවා කඩේට )
ස් .....ස් .... මල්ලි මට අමතක උණා මතක් කරලා අර ලොකුවගෙන් මාර්කර් පෑනක් අරන් වරෙන්. මේ ...වතුරට හේදෙන්නේ නැති එක........
හරි සර් මෙන්න බඩු ටික.
හා ..හා යමන් අර තේ කඩේට උඹ තේ බොන්නනේ ආවේ.
(තේ කඩේ ඇතුලේ පුටුවක ඉඳගෙන, කොල්ලා ෂෝර්ට්ඊට්ස් ගෙන්න කියමින් )
මල්ලි උඹේ බයිසිකලේ නොම්මරේ මොකක්ද
දන්නැ සර් මේක ගරාජ් එකේ බසිකලයක්නේ ලොක්කාගෙන් තමයි අහන්න ඕන.
අනේ මල්ලි කෝල් එකක් දාල අහපන්. ( කොල්ලා බයිසිකලේ නොම්මරේ ලබා ගනී)
බ්‍රිසිල් බෝඩ් එක දෙකට ඉරා කොල්ලා කියපු අංකය පොල්ගෙඩි සයිස් එකෙන් බ්‍රිසිල් බෝඩ් එකේ අඳි
හරි මල්ලි එහෙනම් මේකේ පොඩි හිල් දෙකක් විදලා මේ නුල් කැල්ලෙන් ඕක ඉසරහයි පස්සෙයි බැඳ ගනින්. බලපන් අදින් පස්සේ මටත් කලිසමක් ඇඳන් මෙතැන ඉන්න පුළවන් උඹටත් නම්බුකාර විදිහට බයිසිකලේ පදින්න පුළුවන්. රුපියල් 60යි නේ වියදම් උනේ. මතක ඇතිව හෙල්මට් දාල ට්‍රැල් බලපන් නැත්තන් වටේ එවුන් ඔක්කොම උන්ගේ බයිසිකල් වලත් ට්‍රැල් බලයි. එහෙනම් මම යනවා.


සිද්ද අංක 2
ඇන්කර් කිරිපිටි ලොරියක් පාරේ අයිනේ නවත්තලා සේල්ස් මන් කඩේකට ගිහින් ඕඩර් එකක් ලියමින් සිටි.
ලොරියේ රියදුරා පමණි. අපේ සාජන් මහත්තයා පාරේ අනිත් පැත්තේ වාහන නිරීක්ෂණය කරමින් සිට පාර පැන ලොරිය ලඟට එමින්.
මේ අංකල් කැලන්ඩර් නැද්ද ?
ඇයි සර් කැලන්ඩර්. මේ අවුරුදේ මැදනේ මේ කාලේ කැලන්ඩර් නැනේ සර්.
කමක් නැ අයිසේ. පරණ එව්වත් නැද්ද ?
අනේ නැ සර්
එහෙනම් පෝස්ටර් ?
පෝස්ටර් නම් ඇති සර් එත් එච්චර ලොකුවා නැ. ඇයි සර් බබාලට පොත් වලට කවර දාන්නද ?
නැ අය්සේ එච්චර ලොකු ඒවා ඕන නැ . ආන්න අර "නැවත්වීම තහනම්" කියලා ගහලා තියන බෝර්ඩ් එක වැහෙන්න තිබ්බොත් ඇති.
හෙමීහිට බිම බලා ගත්ත ඩ්‍රයිවර් වාහනේ අරන් ගියා.
සිද්දි අංක 3

මේක නම් නාට්‍ය වගේ ලියන්න බැ . ඔන්න සිද්දිය උනේ මෙහෙම. ඔය කියන සාජන් මහත්තයයි මමයි තව පොරගේ මස්‌සිනා කෙනෙක් වෙන මගේ අතිජාත මිත්තර කිරි මල්ලියි තව දෙන්නකුයි සෙට් වෙලා පොඩි අඩියක් ගැහුවා ඔය සාජන් මහත්තයාගේ බල ප්‍රදේශයේ තියන රෙස්ටුරන්ට් එකක. ඔන්න දැන් රැ 9 විතර ඇති. හැමෝම විසිරිලා යන්න තමයි ලෑස්ති. අපි තුන්දෙනාගේ එක ළඟ ගෙවල් තියෙන්නේ. ඔය කියපු තැන ඉඳන් 15km විතර යන්න ඕන අපේ ගෙවල් වලට. දැන් තුන් දෙනාම තම තමන්ගේ අස්සයෝ පිට නැගල ගෙදර යන්න එනවා. සාජන් මහත්තයත් සිවිල් ඇඳුමින්. අර කලින් කියපු නගරේ මැද හරියෙන් තියනවා පාරක් ප්‍රසිද්ද කන්දක් හරහා යන. ඔය පාරේ තමයි අපි යන්න ඕන.ට්‍රැපික් සාජන් උනත් හෙල්මට් දාලා නියම විදිහට තමයි මෙයා ආණ්ඩුවේ අස්සයා පදින්නේ. එදත් පාර මාරු වෙන්න කියලා අපි ආපු බයිසිකල් හෙම්හිට පාර අයිනේ නවත්තලා සිග්නල් දාල වට පිට බලලා තමයි දකුණු හරස් මාර්ගයට දාන්න ලෑස්ති උනේ. මොකද මෙතන මර කපොල්ලක්. මේ හරස් පාර පටන් ගන්නකොටම එක හරහට යන්නේ කොළඹ නුවර රේල් පාර. එදත් ඔය විදිහට හරවන්න එනකොටම නුවර පැත්තේ ඉඳන් ආපු ඩොල්පින් එකක් විදුලිය වගේ අපිව පහු කරලා ගියේ නැද්ද.
හැබැයි 100m විතර යනකොට බස් එකක් පාරේ නවත්තලා සෙනග ගොඩ කරගන්න. මුන් ආපු වේගෙටම බස් එක ඔල්ටෙක් කරන්න ගිහින් ඉස්සෙරහින් ආපු බයික් කාරයෙක් හැප්පුවා. හැප්පුන විදිහට බයික් කාරයා කෙලින්ම එතන තිබුන කාණුවට තමයි වැටුනේ. අපි ටක් ගාල දුවලා ගිහින් බැලුවා ගන්න දෙයක් නැ එකම ලේ ගුලියක්. කොල්ලට හොඳටම අමාරුයි සිහියක් පතක් නැ අපි හිතුවේ මැරිලා කියලා. කොහොම හරි කට්ටිය එකතු වෙලා ටක් ගාල කොල්ලව අරන් ගියා ඉස්පිරිතාලේ.
ඩොල්පින් එක නිකමටවත් ස්ලෝ කරලවත් බැලුවේ නැ. එහෙමම ගියා. අපිට කන්න කේන්ති වෙරිත් බැස්ස මේ සිද්දිය දැක්කට පස්සේ. අපේ සාජන් මහත්තයා ටක් ගාල ගත්තා කෝල් එකක් පොලිසියට අරන් කීවා දැන් එන ඩොල්පින් එක නවත්වන්න. හරියටම පොලිසිය ලගම තියනවා බැරියර් එකක් මෙතනින් වැන් එක නවත්වලා මුන් ඔක්කොම අරන් ගිහින් පොලිසියට. දැන් අපි සෙට් එකම ගෙදර යන එක පැත්තකින් තියලා පොලිසියට යන්න ලෑස්ති. වෙරිත් හිඳිලා. පොඩ්ඩ දුරක් ඇවිත් පොඩි වඩේ කරත්තයක් ළඟ නැවැත්තුවා අපේ රාලහාමිගේ බයික් එක අපිත් එතන බයිසිකල් ටික නවත්වලා ගියා වඩේ කාරයා ලඟට. වඩයක් හපන ගමන් අපේ සාජන් මහත්තයා අහනවා " බලපන් මල්ලි අරු දැක්කට පස්සේ මගේ වෙරිත් හිඳුනා. දාමුද තව පොඩි ෂොට් එකක් " මම කීවා ආය යන්න එපාය අර බාර් එකටම අනික දැන් මේ යන්නේ පොලිසියටනේ. එහෙනම් පොලිසියට ගිහින් යන ගමන් දෙකක් දාගෙන යමන් කියලා. "නැ බන් ආය කොහෙවත් යන්න ඕන නැ මෙතන ඉඳන්ම දාගමු මම ළඟ කුරු මිට්ටෙක් ඉන්නවා " කියලා ඇදලා ගත්තේ නැද්ද කනෙන් අල්ලලා අර බයිසිකලේ දෙපැත්තේ තියෙන්නේ සුදු පාට පෙට්ටි දෙකක් අන්න එකක තිබිලා ගල් බාගයක්. දැන් ඉතින් වඩේ කාරයාගෙන් වඩේ ටිකකුත් අරන් පොඩි වීදුරුවකුත් ඉල්ලගෙන පාර අයිනේම තියන් අනුමත වෙනවා. ආය මොකාට බය වෙන්නද ? මොකෝ පොලිසියෙන් අල්ලයි කියලය.
කොහොම හරි ඔය ටික බොනකනුත් අපේ කතාව අර බයිසිකලේ ආපු කොල්ලා ගැන. එක පාරට අපේ සාජන් මහතයාට ආවා මාර අයිඩියා එකක්.පට්ටම අයිඩියා එක. අපිටත් කාලෙකින් අත පයේ හිරි අරගන්න නැතිව හිටි එකේ ආය මොනවද එක පයින් වැඩේට. ගත්තා කෝල් එකක් පොලිසියට ඇහුවා කී දෙනෙක් ඉන්නවද කියලා වැන් එකේ. ඔක්කොම 8 දෙනයි.
හරි මෙහෙමයි සිද්දිය අපි දැන් එනවා පොලිසියට. අපි එන්නේ අර හැප්පුන කොල්ලගේ නෑදෑයෝ වගේ. උඹලට තියෙන්නේ දැක්කේ නැ වගේ ඉන්න එක. දැන් ආපහු චන්ඩියා බඩේ හින්දා අත පය ගැලෙවුවත් දැනෙන නැති ගාන. තුන් දෙනාම ගියා පොලිසියට යනකොට මේ ඉන්න අරු හප්පපු අවජාතකොයෝ ටික ඔක්කොම තම්බි. තම්බි එක්ක විශේෂ තරහක් නැතත් මට උන්ගේ කපටි කම පෙන්න බැ. මුන් ඒ අතරෙත් උන්ගේ ලොකු ලොකු එවුන්ට කෝල් ගන්නවා. දැක්ක විතරයි මල කියන්නේ කෝමද එකසිය ගානට.
අනේ සර් අපේ මල්ලි වැන් එකකින් හප්පලා සර් කියාගෙන ගියේ. එතකොටම පොලිසියේ පොරක් අරුන් පෙන්නලා කීවා "ඔය ඉන්නේ ඒ කණ්ඩායම තමයි අපි අත් අඩංගුවට ගත්තා" කියලා. "මල්ලිට අන්තිමයි සර් මුන් පර වෙසිගේ පුතාලා " කීවා දුන්න මුකුත් නැ අරුන් සෙට් එකට කොහොමද ? දුවනවා පොලිසියේ මේස වටේ. "අයියෝ ෂර් එපා කියන්ට ෂර් "කිය කියා. දුන්න මුකුත් නැ උන්ටත් ඉස්පිරිතාලේම යන ගානට පොලිසියේ අනිත් රාලහාමිලත් දැක්කේ නැ වගේ අහක බලන් හිටියේ. ගම්බටු ඩයල් දෙකක් හිටිය උන් දෙන්නත් අපිට සෙට් වෙලා දුන්න අරුන්ට රෙවෙන්න. උන්ගේ ෂර්ට් ඉරිලා, ෆෝන් කුඩු වෙලා නන්නත්තාරයි.
හොඳම සීන් එක මුන් ටික තවම කුඩුවට දාල තිබ්බෙ නැති නිසා එළියේ බංකුවේ ඉඳගෙන සමහර එවුන් අඬනවා. සමහර එවුන් කැඩුණු ෆෝන් වල කැලි හොයනවා. එත් එක්කම් අවා ලොරියක් පුරවලා සෙනග අර කොල්ලගේ ඇත්තම නෑයෝ. කොල්ලට හොඳටම අමාරුයි කෙලින්ම ICU දාල තියෙන්නේ. උනුත් ආපු ගමන් දෙන්න පටන් ගත්තේ නැද්ද අරුන්ට ගහෙන් වැටිච්චි එකාට ගොනා ඇන්න වගේ . බොහොම අමාරුවෙන් අරුන් ටික අල්ලලා කුඩුවකට දාල බේරා ගත්තේ. නැත්තන් උන් උසාවි නෙවෙයි ගෙනියන්න වෙන්නේ මෝචරියට.
කොහොම හරි අර කොල්ලගේ දෙමවුපියෝ සහෝදරයෝ අපිට වැදලත් එක්ක ගියේ. ටික වෙලාවකින් අපි ගෙදර එන්න ආවා. පස්සේ මම හොයලා බැලුවා විස්තරේ. රෑම අරුන්ගේ දෙසපාලුවෙක් කතා කරලා අරුන් බේරාගෙන අරන් ගිහින්. අර කොල්ලා මාසයක් විතර ICU ලැගලා කිහිලි කරුවෙන් ගෙදර ආවා.
ඉතින් කියන්න තියෙන්නේ ඔන්න ඔහොම පොලිස් කාරයොත් ඉන්නවා. හැබයි උ අපේ යාලුවා උනත් කියන්න ඕන පොලිස් කාරයා පොලිස් කාරයාමයි උ වෙනස් වෙන්නේ නැ. හේතුව පොලිස් කාරයෝ කියන්නේ අත පය බැඳලා පීනන්න දාපු ඒවුන් වගේ නොගිලී ඉන්න උන් ඕන දෙයක් කරනවා. අපි බනින කියන කරන හැමදේම උන් දන්නවා ඒ දැනගෙනත් උන් අපිත් එක්ක ජීවත් වෙනවා කියන්නෙත් පුදුම හිතෙන දෙයක්.
ප.ලි  මේකේ තියන අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ අරවා මේවා නම් චැක් කොරන්න යන්න එපා ඕන්  මෙහෙම හරි ලියපු එක ගැන කියන දෙයක් කියපල්ලා. මෙහෙම හරි ලියන්න වෙලාව හොයා ගත්ත එක ගැනයි මට සතුටු .  ප.ප. ලි අනේ මචන්ලා උඹලට කියන්න මේ bloger සැහෙන්න අරියාදු කරනවා මට. එක දිගට ලියාගෙන ආව දවස් වල කිසි කචල් එකක් තිබ්බේ නැ. දැන් ටික දවසක ඉඳන් අය පොස්ට් දෙක තුනක් දාන්න ගන්නකොට එක එක එක මඟුල් කියලා වැඩේ කනවා. මට මල පැනලා ලියපු පොස්ට් දෙකක්ම දැම්ම අන්තිම පේලියේ. ඊයෙත් මේකේ නම වෙනස් කරලා සෑහෙන කට්ටක් කාල දැම්මේ.
       ස්තුති අටෝ උඹ හිටියේ නැත්තන් මම ඊයෙත් මේක අන්තිම පේලියට යවලා නිකන් ඉන්නවා.
       දන්නා එකෙක් කියපල්ලා කොහොමද අකුරු වල පසුබිම් වර්ණය වෙනස් උනොත් ආපහු එක සම්මත වර්ණයට ගන්නේ බ්ලොගේර් තුලදී.
අනේ බන් බලපන් අනිත් පොස්ට් වල අකුරු ලොකුවට දාල  මේ blogger මඟුල මේකේ අකුරු  ලොකු කරන්න දෙන්නේ නැනේ බන්.
ඔන්න බලපන් මෙන්න මේ error එක තමයි එන්නේ මොන මඟුල කරන්න ගියත්



Saturday, January 28, 2012

සවුදම් ජෙමාගේ මල්ලිගේ කතාව

ඔන්න කාලෙකින් පොස්ට් එකක් දැම්ම. ගෙදර ඉන්න කාලේ වගේ නෙවේ. ඉතින් කල වෙලාව අඩුයි මේ වගේ දෙයක් කරන්න. එත් ඉතින් කොහොම හරි මාසෙකට සැරයක්වත් මොනවා හරි ලියල දාන්නම් පුළු පුළුවන් විදිහට. අද ලියන්න හිතාගෙන ඉන්නේ ඔන්න ඉතිහාස ගත වෙච්චි කතාවක sub කතාව. main කතාවනම් හැමෝම දන්නවා මගේ හිතේ. හත් නමකගේ දන් වේල කිසි ගේමක් නැතුව ගිලපු සවුදන්ජෙමා ගැන ඉතින් අමුතුවෙන් ලියන්න දෙයක් නැ නොව. මේ ලියන්නේ උගේ මල්ලි ගැන ස්ටොරිය. ඔන්න එහෙනම් කිවා.

මේ සිද්දිය උනේ මීට අවුරුදු 12 විතර කලින් ඒ කියන්නේ මෙතුමා පාසල් යන සමය. ඒ දවස්වල මෙතුමා හිටියේ 11 වසරේ. හැබැයි ඉතින් පෙනුමේ හැටියට මෙතුමාට අන්කල් කියලත් කතාකරන වෙලාවල් නැතුවාම නෙවේ.  මෙතුමාත් ඉතින් ඕකට වැඩි අකමැත්තක් පෙන්නුවේ නැත්තේ  ඕන තැනකට ගිහින් ඕන වැඩක් කරගන්න ඔය පෙනුම ගොඩක් උදවු උන නිසාමයි. හා ඒවා වැඩක් නැ කතාව මේකයි. ඔය කියන දවස්වල ජීවිතේ ලස්සනම කාලේ තමයි අපි හැමෝම ගතකරමින් හිටියේ. කිසිම බරක් පතලක් නැතිව හිතට එන දේ කරන්න කියපු කාලේ තමයි ඔය 10 වසර 11 වසර කාලේ. කවුරු හරි මොනවත් කීවොත් එවෙලේම ගේම ඉල්ලන ජීවිතේ පාවෙන ගන්දබ්බ අවදිය තමයි ඔය කාලේ. ඔය කාලේ මෙතුමාට තවත් හොඳ උනේ මෙතුමාගේ පියා විදේශ රැකියාවක් කරමින් හිටිය නිසා. මෙතුමාව ආම් බාන්  කරන්න මෙතුමාගේ මවට සැහෙන මහන්සියක් දරන්න උනා. ඒ දවස්වල මෙතුමා හොඳ උස මහත හාදය කිසිම   ප්‍රශ්නයක් නැතිව පාන් රාත්තල් 1,1/2 විතර බස්සන්න පුළුවන්. ඒ දවස් වල ඉඳලම මෙතුමාට ඔය අනිත් උන්නට වගේ love මාන්දම හැදුනේ නැ මෙතුමාට විතරක් නෙවේ මෙතුමාගේ පන්තියේ ගොඩක් දෙනෙකුට මේ අමාරුව තිබුනෙම නැ. හැමෝටම තිබුන උන තමයි ෆුට්බෝල් ගහන එක , වල බහින එක, බොන එක වගේ දේවල්. ගැනු ප්‍රශ්න නැති නිසා මේ දවස්වල මේ හැමෝගෙම අතේ යහමින් මුදල් ගැවසුනා. ඉතින් කට්ටියම සෙට් උනොත් කිසිම කතාවක් නැතිව රුපියල් 500/= ක් 700/= එකතු කර ගන්න පුළුවන්.   හහ් ........ රුපියල් 500/= ක් කියන්නේ මොකක්ද  කියයි මේක කියවන  පොඩි එවුන් හිටන්. ඒ දවස් වල රුපියල් 500/= ක් කියන්නේ අද රුපියල් 5000/= විතර තමයි. කොටින්ම කියනවනම් ගල්ඔය අරක්කු බෝතලේ රුපියල් 95/= ඔන්න. එතකොට හිතා ගන්න පුළුවන්නේ අනිත් බඩුවල මිල. රුපියල් 700/= තිබුනොත් පන්තියේ කොල්ලෝ 20 ටම වැටෙන්න බොන්න පුළුවන්. අපරාදේ කියන්න බැ ඒ දවස්වල තිබුන අරක්කු වල හොඳ කමද නැත්තන් අපිට පොඩ්ඩ ඇත්නම් වෙරි වෙන නිසාද මන්ද 5 දෙනෙකුට එක ගානේ වැටෙන්න බෝතල් ගත්තහම ඔක්කොම ඩවුන් ඔං.

හා මේ අතුරු කතා නිසා ඔන්න ප්‍රධාන කතාව යට ගියා  නෙව. ඔන්න ඔය කියන දවසේ උදේ මෙතුමා ඉස්කෝලේ යන්න ලෑස්ති වෙනකොට මෙතුමා ගේ  අම්ම ඇවිත් කියපි "ලොකු පුතේ අදනම් උයන්න බැරි උනා ඔයාට කඩෙන් තමයි කන්න වෙන්නේ " කියල. මේක ඇහුනා  විතරයි මෙතුමාට Full Happy මොකද හැමදාම ගෙදරින් බත් අරන් යන මෙතුමාට සල්ලි දෙන දවසට අපරාදේ කියන්න බැ තුන් දෙනෙකුට විතර කන්න පුළුවන් ගානක් අතට දෙනවා.   ඔන්න ඔය කියන දවසෙත් මෙතුමාගේ අතට දුන්න රුපියල් 50 ක්.
            ඒ දවස් වල රුපියල් 50 කියන්න අද රුපියල් 500 ක් වගේ නිසා හිනා වෙන්න එපා රුපියල් 50 දුන්න කියද්දී. ඔන්න ඉතින් ඔය සල්ලි දුන්න දවසේ මෙතුමා ඉස්කෝලෙට අවේ උදේ 9 ත් පහු වෙලා. හෙමිහිට පොත් ටික සිකුරුට්ට අතට දීල මෙතුමා ගියා ඔන්න බර සැහැල්ලු කරන්න. බස් එකේ එද්දී උඩට ඇදුන ෂර්ට් එක යට කරලා අනිත් අඩු පාඩු ටික හදාගෙන ඔන්න දැන් මෙතුමා හෙමිහිට රිංගනවා  පන්තියට  දැන් ඉතින් උගන්න උගන්න ඉන්න මැඩමුත් හෙමිහිට බලල දැක්කේ නැ වගේ අහක බලා ගත්තා. අපි ඉතින් දැන් හදන්න මහන්සි වෙන අය නෙවේ. ඕන නම් හිටු  නැත්නම්  පල  කියල  තමයි අපිට දැන් සලකන්නේ. මෙතුමා ඉතින් ඔය ළඟ ඉන්න එකත් එක්ක හෙමිහිට ආගිය තොරතුරු කතා කර කර ඉන්න කොට ඔන්න ගැහුවේ නැද්ද බෙල් එක. දැන් ඉතින් තුන් වෙනි පීරියඩ් එක ඕක විතරයි මෙතුමා පන්තියේ ඉන්න ඉගන ගන්න එකම පීරියඩ් එක. ඔන්න බොහොම උනන්දුවෙන් මේ පීරියඩ් එක මෙතුමා ඉගන ගත්තා. දැන් ඉතින් හතර වැනි පීරියඩ් එක අතේ  සල්ලිත්  තියනවා කොහොම හිත හදාගෙන පන්තියේ ඉන්නද අප්පා. හෙමිහිට ළඟ හිටිය එකත් ඇදගෙන ගියා කැන්ටිමට. කැන්ටිමට ගියා විතරයි කොහේදෝ නැති බඩ ගින්නක් එක පාරටම කඩාගෙන අවා නොවැ. හේතුව මොකද මේ පීරියඩ් එකෙන් පස්සේ  ඉන්ටවල් හින්ද කැන්ටිමේ ඇතුලේ හෝ ගලා කෑම ලෑස්ති කරනවා. සුවඳේ බැ. දැන් ඉතින් ඔන්න දෙන්න එක්කම බැස්ස වැඩේට. ඔන්න සිද්දිය live උනේ මෙන්න මෙහෙමයි.      

මචන් උඹ මොනවද කන්නේ.
උඹ කන එකක්ම ගනින් හැබැයි පුතෝ මගේ අතේ තියෙන්නේ රුපියල් දහයයි හරීද 
හරි බන් මම සල්ලි ගැන ඇහුවද..........අයිය අපිට දෙන්නකෝ ඉඳිආප්ප
මට 20 ක් දාන්න මෙයාට 10 ක් දාන්න
අනේ මල්ලි තවම ඉන්ටවෙල් එකට බෙල් කරේ නැනේ ප්‍රින්සිපල් අවොත් අපිත්  ඉවරයි 
මේ පිස්සු කෙලින් නැතිව  ඉන්න අයිය ....පිනා අවොත් අපි බල ගන්නම් ඔයා ඉඳිආප්ප ටික දාන්න නැත්තම් ඉතින් හෙට වහලේ නැතිව තමයි කැන්ටිම කරන්න  වෙන්නේ.

ප්‍රින්සිපල් ටත් වැඩිය අපිට බය හින්ද කැන්ටිමේ අයිය වැඩි කතාවට ගියේ නැ ඔන්න බෙදනවා ඉඳිආප්ප. ඔන්න මේ කියන දවස් වල ඉඳිආප්ප 10 ක්  කැන්ටිමේ තියන ඔක්කොම හොදි ජාති වලින් ටික ටික දාල පොල් සම්බෝල  ටිකකුත් එක්ක රුපියල් 6 යි. හෙහ් ..කීවට විශ්වාස නැ නේද? නමුත්  ඕක තමයි මිල. ඔන්න ඉතින් දෙන්නත් එක්ක දැන් වැඩේ පටන් ගත්තා. අනේ ඉතින් මෙතුමාගේ වාසනාව කියන්නේ එක්ක ගිය එකා ඉදිඅප්ප 10 ක් වත් කන්න පුළුවන් එකෙක් නෙවේ ඒ දහය කාල ප්ලේන්ටියක් අරන් දෙන්න ගියහම උට එකත් එපාලු හුස්ම ගන්න බැරි තරමට බඩ පිරිළලු. 

         මෙතුමා ඉතින් සැලෙයිද ඔය ඉඳිඅප්ප 20 කට දුන්න පිගාන කැන්ටිමේ අයියට "දාන්න අයිය තව 20 ක්" අම්මපල්ල අපේ කැන්ටිමේ අයියා හදන හොද්දත් එක්ක ඉඳිඅප්ප නෙවේ කළුගලක් උනත් පොඟවගෙන කන්න පුළුවන් එතරමට සුවඳයි රසයි ඔය හොද්ද. තක්කාලි, හාල්මැස්සෝ, ලීස්, අල   තව ඔය රටේ තියන අඩුම කුඩුම ඔක්කොම දාල තමයි ඔය හොද්ද හදන්නේ. ෂාහ් .. මතක් වෙනකොටත් ඔන්න බඩගිනි එනවා. කොහොම හරි කිසි ගේමක් නැතිව ඒ 20 ත් කාල ඉවර කරා. එත් ඉතින් මෙතුමාට නම් දැනුනෙවත් නැ මොනවා හරි කෑවා කියල තව සල්ලිත් තියන එකේ මොන මඟුලක් හරි කියල දුන්න පිගාන තව සැරයක් "දාන්න අයිය තව විස්සක්" ඔන්න බොලේ කැන්ටිමේ පොරගේ මුණ තමයි ඒ වෙලාවේ බලන්න තිබ්බේ. පොරට දැන් අපි ෂුවර් නැ ඇයි යකෝ කාපුවට සල්ලි දීලත් නැ පොර හිතන්නේ අපි හෙමිහිට මාරු වෙයි කියල. පොර කියනවා 

අනේ මල්ලි අද ඔක්කොම ඉඳිඅප්ප 100 යි ගත්තේ. 
උදේ ඉඳිඅප්ප 20 ක් සර් ල දෙන්නෙක් ඇවිත් කෑවා දැන් ඔය දෙන්න ඉඳිඅප්ප 50 ක් කෑවා. 
තව තියෙන්නේ ඉඳි අප්පා 30 යි. 
හැමදාම සමරතුංග සර් දවල්ට කන්නේ ඉඳිඅප්ප එයාට විස්සක් තියන්න ඕන.
නැත්නම් මට Case ඒ ඉඳිඅප්ප ටිකනම් ය දෙන්න බැ මල්ලි.

අනේ මේ පිස්සු කෙලින් නැතිව ඉන්න අයිය. මොකද අපේ සල්ලි ආණ්ඩුවෙන් අච්චු ගහපුවා නෙවේද? 
ඉස්සරලා ඉල්ලුවේ අපි.
මෙන්න සල්ලි දෙන්න ඉඳිආප්ප ටික. 

අනේ මල්ලි 20 ක් සමරතුංග සර් ට තියන්න ඕන 20 ක් නම් දෙන්න බැ
එහෙම කොහොමද සල්ලි දීල බඩු  ඉල්ලනවානම් ඔය නොදී ඉන්නේ . එයාට ඕනනම් උදේම ඇවිත් අරන් යන්න තිබ්බ. මට ඒවා වැඩක් නැ මෙන්න සල්ලි දෙන්න. දෙන්න ඉඳිආප්ප ටික. 
අනේ මල්ලි 20 ක්  නම් බැ තව 30 යි තියෙන්නේ ඔයාට 10 ක් දෙන්නම්. 

කොච්චර කිවත් පොර නහයෙන් අඬනවා. බැරිම තැන මමත් තව 10 ක් අරන් කාල. ප්ලේන්ටියක් එහෙමත් ගහල දැන් ඉතින් ඔන්න ගියා එලියට. හැබැයි ඉතින් එලියට ගියාට තවම හිත කොහොම හරි ඉතිරි ඉඳිආප්ප ටික ගැනම තමයි. ඔක්කොටම වැඩිය සමරතුංග සර් මගෙත් එක්ක කොක්ක හින්ද කොහොම හරි ඕක ගන්නම තමයි හිතෙන්නේ. 



ඔන්න දෙන්නත් එක්කම හෙමිහිට පන්තිය පැත්තට යනවා. අඩේ පන්තියේ කවුරුත් නැ. ඒ කියන්නේ මේ පීරියඩ් එකේ සිංහල මැඩම් ඇවිත් නැ කියන එකයි. සෙට් එකම පිට්ටනියේ. අපිත් හෙමිහිට ඒ පැත්තට ගියා. යනකොට සෙට් එක ක්‍රිකට් ගහනවා. අපි දෙන්නත් දෙපැත්තට ගත්තා. මගේම වෙලාවට මම වැටුනේ බැටින් කරන පැත්තට. දැන් ඉතින් පැවිලියන් එකට වෙලා ඉඳගෙන අපි සෙට් එකම ඉන්නවා. ඔන්න ඒ වෙලාවේ එකෙක් කතා කරා පම්ප් එකක් දාන්න යන්න මටත් ඉතින් පොඩි අමාරුවක්  තිබුන නිසා මාත් උත් එක්ක ගියා. ඔන්න බොලේ වැඩේ කරලා එලියට ඇවිත් ළඟම තියෙන ටැප් එකෙන් ඇත හෝදන්න නැමෙන කොට මෙන්න එතන බිම රුපියල් 20 ක්. ටක් ගාල අහුලා ගත්තා. දැන් ඉතින් කෙලින්ම හිතට අවේ ඉතිරි ඉඳිආප්ප ටික. වෙලාවට මේ සැරේ මමත් එක්ක ගියේ මගේ එල ෆිට් එකක් ඒ හින්දා සමරතුංග සර් ගේ ස්ටොරිය මුටත් කියල දෙන්නම ගියා කෙලින්ම කැන්ටිමට. දැන් ගිහින් මු සල්ලි දීල ඉඳිආප්ප ඉල්ලනවා. කැන්ටිමේ පොර නැ කීවා . මම ටක් ගාල අරුට ඉඳි ආප්ප තියෙන තැන පෙන්නුවා. දැන් කැන්ටිමේ අයිය කියනවා "ඒක දෙන්න බැ මල්ලි ඒක සමරතුංග සර්ට තියල තියෙන්නේ" කියල. අරුයි මායි දෙන්නම දැන් ගේම ඉල්ලනවා කැන්ටිමේ පොරගෙන්. "එහෙම කොහොමද අපිට ඒ ඉඳිආප්ප ටික ඕන අපිත් සල්ලි දීල බඩු ගන්නේ නැත්නම් බලාගමු" කියලා. අන්තිමට බැරිම තැන පොර අපිට ඉඳිආප්ප ටික දුන්න. "හැබැයි මල්ලි සමරතුංග සර් ඇහුවොත් මම කියනවා ඔයගොල්ලෝ තර්ජනය කරලා ඉඳිආප්ප ටික ගත්තා" කියලත් පොර කියපි. අපිත් ඉතින් ගේමක් නැති නිසා. ඔයාට සමරතුංග සර්ට බැරිනම් ගිහින් ප්‍රින්සිපල්ට හරි කියන්න. කියල. ඒ ඉඳිආප්ප 20 ත් මෙතුමම කාපි. මමත් එක්ක ගියා ඒක වැඩිපුර මනාප එළවලු රොටි වලට නිසා මු එළවලු රොටි දෙකක් ගත්තා. මම ඉතින් අද වගේම එදත් speed කන හින්ද මු එළවලු රොටි දෙක කන්නත් කලින් ඉඳිආප්ප 20 කාල ඉවරයි. දෙයියනේ කියල ඔය කාලෙට ගල් කෑවත් දිරවන නිසා මට දැනුනේ ඒ ඉඳි ආප්ප 20 ට කලින් මම මොනවත් කාල හිටියේ නැ වගේ ඔං. ඉතින් මම කාල අරු අර එළවලු රොටිය ලැටි ගානවා බල බලා ඉන්න බැරි තැන ගත්තා තව එළවලු රොටි දෙකකුත්. දැන් ඉතින් එකත් ඔන්න කෑවා. කාල දෙන්න ප්ලේන්ටි 2 කුත් ගහල බිල බැලුව. ඔන්න ඔක්කොම ගාන රුපියල් 18.50 තව 1.50 ඉතිරියි මේක මේ හවුලේ ඇහිඳපු රු 20 හින්ඳා ඒක දීලා තව සත 50 ක් අතින් දාල වඩේ 2 කුත් අරගෙන කකා ගියා ඔන්න පිට්ටනියට. 

දැන් ඉත්න් කිසි කෙස් එකක් නැ. සෙල්ලම් කරලා ඉන්ටවල් එකත් ඉවර වෙලා අපි ගියා පන්තියට. මම හිතුවේ සමරතුංග කාරය මල පැනල මාව හම්බෙන්න එයි කියල. අනේ කිසිම සද්දයක් නැ.  එදා දවස ඉවරයි මමත් ගෙදර ගියා. 
මෙන්න බොලේ පහුවදා ඉස්කෝලේ ආව විතරයි හැමෝම නිකන් මගේ දිහා බලනවා මම මේ එදා අලුතින් ඉස්කෝලෙට අපු එකෙක් වගේ කෙල්ලොයි කොල්ලොයි ගුරුවරුනුයි ඔක්කොම නිකන් සතෙක් දිහා බලනවා වගේ මගේ දිහා බලන්නේ. මම් බැලුව  යකෝ ෂිප් එකවත් අරගෙනද කියලා එහෙමත් නැ. පොඩ්ඩක් කලිසමේ පිටිපස්ස අතගාල බැලුව ඉරිලද කියල එකත් නැ . මෙ මොන මඟුලක්ද යකෝ මේ කියල ගියා පුරුදු විදිහට කෙලින්ම ටොයිලට්. වෙනද විදිහටම ඔක්කොම කරලා පන්තියට එනකොට මෙන්න බොලේ මගදී අපේ සිංහල මැඩම් හම්බුනා.
 මම එනකන්ම යන්න ගියා ගමනත් නවත්තලා බලාගෙන හිටපු මැඩම් කතා කරා ලඟට. මමත් ඉතින් බැලුව මැත ඉතිහාසයේ කිසිම චාටර් වැඩක් කරපු නැති නිසා ඇයි මේ මට කතා කරන්නේ කියල. 
    
           මෙන්න බොලේ ලඟට ගියහම මගෙන් අහනවා පුතා ඔයාගේ තාත්තා කොහෙද වැඩ කරන්නේ කියල.  මම කිව එයා රට ඉන්නේ මැඩම් කියල. දැන් අහනවා  ඔයා විතරද ඔයාලගේ පවුලේ ඉන්නේ කියලා. මම කිවා නැ මැඩම් මල්ලි කෙනෙක් ඉන්නවා කියල. එතකොට අහපි එයත් ඔයා වගේමද කියල. මම කිව ඔවු මැඩම්. මෙන්න බොලේ මේ මනුස්සය කියනවා එහෙනම් ඉතින් ඔයාලගේ  තාත්තට  හැමදාම රට තමා ඉන්න වෙන්නේ කියල.  මට ඒක පාරටම මීටර් උනේ නැ සිද්දිය. මම ඇහුව ඇයි මැඩම් කියල. නැ ඉතින් ඔයාල දෙන්නට කන්න දෙන්න මෙහෙ ඉඳල බැනේ හොඳ වෙලාවට ඔයාල දෙන්නෙක් උනේ තව දෙන්නෙක් උනානම් අම්මටත් රට යන්න වෙයි කියලා.    විලි ලජ්ජහවේ සන්තෝසේ පන ගියා ඒ කතාවට. මම ඉතින් හෙමිහිට ආව පන්තියට. මෙන්න මම එනකන් බලාගෙන ඉන්නවා මුළු පන්තියම. මම ඉතින් කිසිදෙයක් දන්නේ නෑ වගේ ඇවිත් ඉඳගත්ත. එතකොට තමයි ළඟ ඉන්න එකා කිවේ 

"යකෝ තෝ ඉඳිආප්ප 60 ක් කාල කියල දන්නවනම් කීයටවත් මම තොට ඉතිරි ඉඳිආප්ප 20 අරන් දෙන්නේ නැ. බලාපිය තෝ හැමදාම එන්නේ පරක්කු වෙලා අද තෝ වෙනුවට  මමයි අමිලයි  දෙන්නම   ස්ටේජ්   එකට නැග්ග රැස්වීමේදී. ප්‍රින්සිපල් මුළු ඉස්කොලෙටම ඇහෙන්න කතාව කිවා යකෝ. බලාපිය අපි පෙන්නල කිවා මුන් වගේ එවුන්  තමයි අනිත් මිනිස්සුන්ගේ බඩවල් ගැන නොහිත කව  හරි මේ රටම කාල විනාස කරන්නේ කියල.   
කොහොම කටක්  ඇරලා කියන්නද  ආප්ප මේ කතාව
එදා මම කාල තියපු  ඒ record එකා  අදටත්   කඩලා  නැ  ඉස්කෝලෙට ආපු එක  කොල්ලෙක්  වත්  
ඔන්න තියනවා  ටෝටල්  බිල්  ඒක


ඉඳිආප්ප 80                                   රු 48   (මම කෑවේ  70 යි  )         
එළවලු රොටි  4         2.50  4               රු 10   (මම කෑවේ  2 යි  )
ප්ලේන්ටි  3              1.25  3               රු 3.75 (මම බීවේ  2 යි )
වඩේ 2                      1 x 2                      රු 2     (මම කෑවේ  1 යි  )
හැබැයි දැන් නම් ඔයා විදිහට කන්න බැ. 
සිංහල මැඩම් කිව හරි අපේ තාත්තා  වැඩි  හරියක්  හිටියේ රට තමයි.
   
                                                  

Friday, December 16, 2011

රැකියා අවස්තාවක් (විශ්වාස වන්තයකු සඳහා පමණයි )

ඔන්න කාලෙකට පස්සේ අද තමයි පොස්ට් එකක් දාන්න නිවාඩුවක් හම්බ උනේ. මොකද මෙතුමාට  හදිස්සියේ විදේශ රැකියාවක් ලැබිලා යන්න උන නිසා මෙතුමා මේ දවස්වල ඉන්නේ මාල දිවයිනේ. ඉතින් කලින් බාගෙට ලියලා තියන පොස්ට් එකවත් ඉවර කරගන්න හම්බුනේ නැ ඔන්න. හරි කොහොමින් කොහොම හරි ඔන්න අද සිකුරාදා නිවාඩු දවසෙත් වැඩ කරන තැනට රිංගගෙන පොඩියෙන් හරි මොකවත් ලියලා දාන එක තමයි අදහස. මේක ලියන්න ප්‍රධානම හේතුවක් උනේ කාට හරි අත දෙන්න තියෙන කැමැත්තම තමයි. හැබැයි වෙන තරමක් උනේ දුන්නට පස්සේ දීපු අත හපපු එක තමයි. කමක් නැ මේ සැරෙත් එකම උනදෙන් කියලා හිතාගෙන ඔන්න දානවා විස්තරේ පත්තරේ.

මම මේ වැඩ කරන්න අපු තැනට තවත් කෙනෙක් වැඩට ගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඉතින් මෙතන ඉන්න මගේ ලොක්කත්  ලංකාවේ කෙනෙක් නිසා අපි දෙන්නගෙම අදහස ලංකාවේ කෙනෙක්ම මෙතනට ගන්න. මේ ගන්න කෙනාගේ කැපවීම මත තවත් කෙනෙක් මෙතනට ගන්න පුළුවන් වෙයි කියන බලාපොරොත්තුවෙන් තමයි අපි ලංකාවේ කෙනෙක්ම ගෙන්න ගන්න හිතුවේ. හැබැයි ආයතනයේ අදහස ඉන්දියන් ජාතිකයෙක් වැඩට ගන්න මොකද ඉන්දියන් ජාතිකයින් කිසිම කොන්දේසියකින් තොරව අඩු පඩියට වැඩට එන්න සුදානමින් ඉන්නේ.  හරි වැඩි විස්තර ඔන්න මෙහෙමයි. 

මම වැඩ කරන ආයතනය මේ රටේ තියන ප්‍රධාන ආයතන වලින් එකක්. ඉතින් මෙතනට ඕන වෙලා තියනවා Sales manager කෙනෙක්  හෝ Salesgirl කෙනෙක්. මෙතන විකුනන්න තියෙන්නේ Mobile Phones .  බොහොම පහසු වැඩ මුරයක් තමයි තියෙන්නේ කොටින්ම කීවොත් ලංකාවේ අපි වැඩ කරන විදිහට නිකන්ම තමයි ඉන්න තියෙන්නේ. හරියටම පැය 8.00 විතරයි වැඩ. නවාතැන් පහසුකම් ආයතනය විසින් සපයනවා. කෑම බීම වියදමින් 2/3 ක් ආයතනය සපයනවා. ඉතිරි 1/3 ක අපේ පඩියෙන් දෙන්න ඕන. සමහරු නම් ආයතනයෙන් දෙන කෑම වියදමින්ම මාසේ ශේප් කරගන්නවා. "ගල්, පොල්,  මල් " මොනවත් නැති නිසා වෙන කිසි වියදමක් නම් නැ. දෙයියනේ කියල ගන්න පඩිය ඉතිරි කරන්න පුළුවන්.    

සුදුසුකම් වෙන්නේ මෙන්න මේවයි
පිරිමි කෙනෙක් නම් හොඳ English දැනුමකුයි Tamil  ටිකක් හරි කතාකරන්නයි පුළුවන් වෙන්න ඕන. පරිගණක සහ ජංගම දුරකථන පිලිබඳ දැනුමකුත් තියෙන්න ඕන. පොඩි electronic දැනුමකුත් තියෙනවනම් එක ලොකු වාසියක්. Phone ගැන පිස්සුවක් තියනවනම් හොඳටම හොඳයි. අනිත් ඒවා ඉතින් ඔය හැමෝම බලන සුදුසුකම් තමයි.  අලවි කරණය ගැන මහා ලොකු දැනුමක් ඕන නැ නමුත් එන මනුස්සයකුට හොඳින් කතා කරලා අවශ්‍යතාව තේරුම් අරගෙන වැඩ කරන්න පුළුවන් නම් ඒ ඇති. 

ගැහැණු කෙනෙක් නම්   හොඳ English දැනුමක් අනිවා.  Tamil  ටිකක් හරි කතාකරන්න පුළුවන් නම් ගොඩ . පරිගණක  පිලිබඳ දැනුමකුත් තියෙන්න ඕන. අනිත්ව පෙර පරිදිම තමයි. electronic දැනුමක් අවශ්‍ය නැ. දන්නවනම් ගොඩම ගොඩ.  


හොඳින් තේරුම් ගන්න මේක තනතුරු දෙකක් බව. බය වෙන්න දෙයක් නැ හොඳ සාම කාමී පරිසරයක තමයි වැඩ කරන්න තියෙන්නෙත් ඉන්න තියෙන්නෙත්. බොහොම විනෝදයෙන් ඉන්න පුළුවන්. විශ්වාසයෙන් වැඩ කරන්න පුළුවන් කෙනෙක් විතරයි ඕන නැත්නම් ගෙන්න ගත්ත මමයි අපු කෙනයි දෙන්නම pack කරලා ගෙදර ......හරිය.

හැමෝටම දැනගන්න ඕන ඇතිනේ පඩිය. පිරිමි කෙනාට ලක්ෂ බාගෙකට ටිකක් වැඩි පඩියක් ගන්න පුළුවන් වෙයි. ගැහැණු කෙනාට අරට වඩා ටිකක් අඩු පඩියක් තමයි ලැබෙන්නේ ඒවා ගැන වැඩි විස්තර කතා කරන්න පුළුවන්. 

කැමති කවුරු හරි ඉන්නවනම්   itnishantha@yahoo.com       එකට mail කරන්න පුළුවන් skype id එකකුත් එවන්න අමතක කරන්න එපා. 
  
          

Friday, November 25, 2011

ගැස්ට්‍රික් නම් මෙන්න බෙහෙත ...... අත්දුටුවයි ! සත්තයි !

ඔන්න හැමෝගෙම කෑම හදන බ්ලොග් ටික කියවලා මටත් හිතුනා ඒ වගේ දෙයක් ලියන්න කියලා. මේක  ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඔන්න ඔය මාතෘකාවේ තියන ලෙඩේ තියන අයට නම්. ඕක ලෙඩක් කීවට මට නම් හිතෙන්නේ දාගත්ත ලෙඩක් කියලා ඉබේම ඕක හැදුන අය ඇත්තේ බොහොම ටික දෙනෙක් මගේ හිතේ  හැමෝම කියන්නේ "වැඩ වැඩ  කන්නවත් කෝ වෙලාවක්" කියලා. මෙතන තියන ප්‍රශ්නය කන්න වෙලාවක් නැති එකම  නෙවේ. 
       ගොඩක් වෙලාවට දවල්ට කන්න බැරි උනා කියලා ගැස්ට්‍රික් හැදෙනවට වඩා මේක දරුනුවටම හැදිලා තියෙන්නේ උදේට කන්නැති අයට රෑ එළිවෙනකන් පැය 8 විතර අපි කිසිම ආහාරයක් නොගෙන ඉන්නේ. එහෙම ඉඳලා උදේම 'පුන්නකු බාල්දියක් විතර ගොන් කිරි එකක් බීලා දවල් දහය විතර වෙනකන් මුකුත්ම නොකා ඉන්න තමයි වැඩි දෙනෙක් හුරුවෙලා' තියෙන්නේ.

     මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නේ අපි හරක් පැටවූ නිසා  හරක් කිරි බීපුවාම හරි කියලා. එහෙමනං ඉතින් දහයට විතර කන්න ලපටි තණකොළ ටිකකුත් වැඩට යනකොට ගෙනිච්චට වරදක් නැ. 
මේ ගොන් පුරුදු හින්දා   ඉතින් ගැස්ට්‍රික් හැදෙන එක අරුමයක් නෙවේ. මේකට කරන්න තියන හොඳම දේ  ' උදේම බොන පුන්නක්කු  බාල්දිය නවත්තලා හොඳට කන එක තමයි'. 

"අනේ ඔච්චර උදේ කන්නේ කොහොමද ?  මටනම් උදේම කන්න බැ වමනෙට වගේ එනවා "          ඔන්න ඕව තමයි උදේම කන්න කීවොත් කට්ටිය කියන කතා. 

      මේකට ප්‍රදාන හේතුව තමයි අපි දත් මදින දත් බෙහෙත් හැමෝම දත් මදින්න පාවිච්චි කරන්නේ Mint සහිත ඔය ප්‍රසිද්ද දත් බෙහෙත් වර්ගනේ. හොඳින් මතක තියා ගන්න ඔය Mint  කියන්නේ තාවකාලිකව ස්නායු හිරි වට්ටන දෙයක්  එතකොට දිවට කිසි රසයක් දැනේනේ නැ.  ඒ හින්දා තමයි තිත්ත බෙහෙත් බොන්න කලින් Hax වගේ ටොපියක් කාල ඉන්න කියන්නේ එතකොට තිත්ත  රස දැනෙන්නේ නැ. ඒ විතරක් නෙවේ දත් මැදලා කට හෝදන කොට උදේම  සීතල වතුර පාවිච්චි කරන්න එපා. අයිස් කැටයක් කටේ තියාගෙන හිටියත් වෙන්නේ ඔය දේම තමයි. ඒ හින්දා "සුපිරි විකී" වගේ දත් බෙහෙතක් පාවිච්චි කරන්න. ඒකේ තියන ලුණු ඇඹුල් රස නිසා කටේ ස්නායු සංවේදනය වෙලා කටට කෙල උනන එක වැඩි වෙනවා. දත් මැදලා කට හෝදනකොට මදක් උණුසුම් වතුර පාවිච්චි කරන්න එතකොට දත් බෙහෙත් රසය කටෙන් හොඳට ඉවත් වෙලා ස්නායු හොඳින් Worm-up වෙනවා. එතකොට නිකන්ම උදේම බඩගිනි එනවා. 
           අන්න ඒ වෙලාවට මෙන්න මේ පහලින් තියන කෑම ජාතිය හදාගෙන  කාල යන්න. එක දිගට සතියක් කරලා බලන්න. සාර්ථක නැත්නම් හොදවාගෙන් දෙකක් කියලා  දාන්න කොමෙන්ට් එකක්. කිසි ප්‍රශ්නයක් නැ. හැබැයි ඔං වැඩේ හරියට කරලා බලලා හරිද. 
මගේ දෙමවුපියන්ට පින් සිද්ද වෙන්න මට නම් ඔය කිසි ලෙඩක් හැදුනේ නැ. උදේම කන්න පුරුදු කරා විතරක් නෙවේ ඔය ගෝ කිරි බොන පුරුද්දත් අඩු කරලා උදේම කොළ කැඳ එකක් ඉරමුසු ටිකක් වගේ බොන්න පුරුදු කරා. ඒ මිනිස්සු බුදු වෙන්න ඕන අදත් උණක් හෙම්බිරිස්සාවක්වත්  නැ. ඇත්තම කියනවනම් මට හරි ආසයි ලෙඩක් හැදිලා ඇඳකට වෙලා ගෙදර අයගෙන් පොඩි සැලකිල්ලක් ගන්න. කරුමේ කියන්නේ වැස්සට තෙමුනත්, අවුවට වෙලුනත්, ගලේ ගැහුවත් කිසි ලෙඩක් හැදෙන්නේ නැ නොවැ. ඔහෙලා කීවට පිළිගනීද මන්දා දැනට අවුරුදු 13 කින් මම පැනඩෝල් පෙත්තක් බීල නැ කියපුවහම. 

හා හා ඔය මදැ විස්තරේ. ඔන්න එහෙනම් එදා සිංහලයාගේ ජනප්‍රියතම පාතරාසය "දිය බත් " හදන හැටි.

අවශ්‍ය දෑ :- රාත්‍රියේ උයා ඉතිරි උන බත් ටිකක් 
                  එයට දැමීමට බත් වැසෙන තරමට ජලය 
                  පොල් බෑවක්
                  රතුළුණු ගෙඩි 5-6 ක් හෝ රටලුණු ගෙඩි 1 ක්
                  වියලි මිරිස් කරල් 5-6 ක් 
                  දෙහි ගෙඩියකින් බෑවක් 
                  ලුණු අවශ්‍ය පමණට
                  සුද්ද කරපු පොල් කූරක්                

අපේ ගෙවල් වල සාමානයෙන් කෑම හදන කොට ගෙදර ඉන්න අයට ගානට හදන්නේ නැ නොවැ. හදිසියෙවත් කවුරු  හරි අවොත් කියලා තවත් මනුස්සයකුට ඇති මදි වෙන තරමට ටිකක් වැඩියෙන් තමා උයන්නේ පිහන්නේ. සිංහලයා එදා ඉඳන් ආගන්තුක සත්කාරයට ප්‍රසිද්දයි නොවැ. කන බොන වෙලාවට ගෙදරට එන බලු කුක්කට වත් කෑම කටක් නොදී ගෙදර මිනිස්සු කාපු නැති ජාතියක් උන අපි අද නම් වැඩියෙන්ම කරන්නේ ඉල්ලගෙන කන එක තමා. හා ඒවා ගැන කතා කරන්න ගියොත් කියන්න යන දේ කියන්න බැරි වෙන හින්දා මෙන්න මෙහෙම කරන්න.
 රෑට  කාපුවාම ඉතිරි වෙන බත් ටික දැනට නම් අපි පහුවදා උදේම කන්නේ නැ ඔකේ නිකන් සීතල ගතියක් එක්ක පොඩි පරණ රසක් එන නිසා ඕක එක්කෝ වීසි කරනවා නැත්නම් ඉතින් "හොඳමදේ දරුවන්ට දීලා හැමදාම ඉතිරිවෙන දේ කන අපේ අම්ම කනවා". කරන්න තියෙන්නේ මෙන්න මේ ඉතිරිවෙන බත් ටිකට වතුර ටිකක් වත් කරලා තියන එක විතරයි. හබැයි වතුර දානකොට දාන්න ඕන බත් ටික වැහෙන තරමට විතරයි. මහා ගොඩක් වක්කරනවා එහෙම නෙවෙයි. පොඩි මැටි කොප්පෙකට(කරි මුඩි) බත් ටික දාල වතුර දාල හොඳට වහලා තියන්න. හැදුවට පස්සේ මේගැන මතක් උන නිසා ඔන්න පින්තුරයක් ගන්න නම් බැරි උනා. 
                     පහුවදා උදේ මේ බත් එක අරන් බලන්න අර දාපු වතුර උරාගෙන බත් ඇට ටිකක් පිම්බිලා තියෙනවා වතුරත් අඩුවෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ පොල් ටිකක් ගාන එකයි. පොල් බෑවකින් 1/3 විතර ගාල උණුවතුර ටිකක් වෙන්න දාල හොඳ උකුවට මිටිකිරි තේ කෝප්ප 2/3 විතර හදා ගන්න.දිය කිරි වත් පොල්කිරි ගොඩක් වත් හදා ගන්න එපා එතකොට මේක වතුර ගතිය වැඩි වෙලා රස නැති වෙනවා. රතුළුණු  ගෙඩි 5 -6 ක් සුද්ද කරලා හීනියට ලියා ගන්න. රතුළුණු නැතිනම් රටළුණු ගෙඩියකින් 1/2 හෝ 2/3 හෝ උනත් කමක් නැ. හැබැයි රතුළුණු නම් රස වැඩියි.  

දැන් අර පොල්කූර අරගෙන අර වියලි මිරිස් කරල් ටික ඔය රුපයේ විදිහට අමුනගන්න. අමුණා ගත්ත මිරිස් කරල් ටික ලිපේ ගින්දරට අල්ලා වටේම කරකවමින් පුච්චා ගන්න. ඉස්සරහා ඒවා ඉක්මනට පිච්චෙන නිසා එලෙස පිච්චුන ඒවා ගලවා තියන්න. නැතිනම් ඒ  මිරිස් කරල්ටික අඟුරු වෙයි. මේ මිරිස් අතින් කුඩු කරන්න පුළුවන් ගානටයි පුච්චන්න ඕන. අඟුරු වෙනකන් පුච්චන්න එපා. ඔන්න රුපයේ පැහැදිලිව ඇති. සමහරු ඕකට අමු මිරිස් දානවා මම නම් අමු මිරිස් දානේ නැ අමු මිරිස් දාපුවාම කොළ රස එන නිසා.                    
                                                       

කපා ගත්ත රතුළුණු ටික, පුච්චලා කැබලි කරගත් මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ  තියන වතුර ඉවත් කරන්න එපා. දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. බත් එකටත් ලුණු දාලනම් උයලා තියෙන්නේ ලුණු ටිකක් විතර දාන්න. දැන් මේකට පොල්කිරි ටික එකතුකරන්න සමහරු නම් පොල්කිරි ටිකක් රත් කරලා දානවා එහෙම ඕන නැ. පොල්කිරි නිකම්ම දාන්න. දැන් දෙහි බැව අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව. වැඩේ ඉවරයි. මේක සිම්පල් ප්ලැන් එකක්. දියකිරි, හරි මිටිකිරි, හරි ගොඩක් වැඩි උනොත් රස ටිකක් අඩුවෙයි. එ හින්දා බත් එක වැහෙන ගානට විතරක් දා ගන්න. මොකද රෑ දාපු වතුරත් බත් එකෙ තියනවා කියල අමතක කරන්න එපා. රෑ දාපු වතුර පෙරන්න එපා එතකොට කන්න වෙන්නේ රොඩ්ඩ විතරයි. 

එහෙ නම් කාල බලලා රස කියන්න. නැත්නම් අම්මට කිබුහුම් යන්න මට බනින්න.







 ඔන්න මම හදපු රුප ටික දැම්ම. හැමෝම කෑම හදපු රුප දැම්මට අන්තිමට ඒවාට උනේ  මොකද කියලා රුප දාල තිබුනේ නැති නිසා ඔන්න එකට උන දේ ගැනත් රුපයක් දැම්ම.





ප. ලි.
ඔය මං හදල තියන එකේ ටිකක් මිරිස් වැඩි මොකද මම ටිකක් සැර කෑම කන කෙනෙක් නිසා. ඔය ගැස්ට්‍රික් තියන අය ඔය තරම් මිරිස් දාන්න එපා. මේක සතියකට දවස් තුනක්වත් කන්න. කාල වෙනස බලන්න උගුර පිච්චීගෙන ඇසිඩ් ගතිය උගුරට එන එක මේවා කාල ගිය දවසට නැ කියලා තේරෙයි. ඒ වගේම මේක හොඳ ඇඟ නිවෙන කෑමක් කියලයි අපේ අම්ම මට හදලා දුන්නේ මොකද මම උෂ්ණ කාරයෙක් හින්දා. ඕව ගැන මම වැඩිය දන්නේ නැ හැබැයි කිසිම කෙඳිරියක් නැතිව ඔය වගේ දිය බත් එකක් බස්සන එකනම් මට කිසිම ප්‍රශ්නයක් නැතිව කරන්න පුළුවන්. ඔකේ ගුණ අගුණ ගැන විස්තර "වේද ගෙදර මහා වේදනා" නම් දන්නවා ඇති. උන්නැහ මේ පැත්තේ අවොත් ඔන්න ගුණාගුණ කියලා කොමෙන්ටුවක් දාල යන්න කියලා ඉල්ලනවා.