
මේ කියන සිද්දිය වෙනකොට ඔන්න අපේ ලොකු අක්ක ඒ කියන්නේ අම්මගේ අක්කගේ ලොකුම කෙල්ල කොළඹ රස්සාවක් කරමින් ඉඳලා එහෙදීම හොයාගත්ත එකෙක් කසාද බැඳපු අලුත. ඒ මස්සිනාත් ඉතින් එළකිරි ඩයල් එකක් අදටත් උ පිටින් අපේ පවුලට බැඳිච්චි එකෙක් කියලා හිතන්නවත් බැ. හරියට එකා උපන් දවසේ ඉඳන් අපිත් එක්ක හිටියා වගේ.
මගේ මෝඩකම්, මරිකම්, අමනකම්, මෝල්කම් වල උපරිම කාලේ තමයි ඔය. දන්නවනේ O /L කාලේ කියන්නේ ග්‍රහ අපල ඔක්කොම බලපාන කාලේ කියලා. කොහොම හරි මගේම අවාසනාවට ඔය වෙනකොට රට ගිහින් හිටිය අපේ තාත්තා නිවාඩු ඇවිත් හිට්යේ. දැන් ඉතින් කාල වරෙන්කො. උදේ ඉඳන් එයාගේ වැඩ වලට කඩේ යන එකයි එයාගේ පහිතිකාර කරන එකයි මට එපා වෙලා තිබුනේ. මොනවා කරන්නද නයා මැරිචිචි අහුකුන්ථිකයා වගේ මමත් ඉතින් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා.
ඔන්න ඔහොම ඉන්නකොට තමයි දෙයියෙක් වගේ අපේ අලුත් මස්සින වැඩියේ අපේ ගෙදරට. පොරයි අක්කයි බැඳලා කිරිබත්ගොඩ පදිංචි වෙලා හිටියට පොරගේ මහගෙවල් තියෙන්නේ මැදිරිගිරියේ. මහ ගෙදර පිරිතක් තියනවා කියලා පොර ආවේ එහෙ යන්න. අක්කා ඒ දවස්වල බඩින් හින්දා එක්ක යන්න බැරි නිසා අපේ ගෙදර නවත්තලා පොර එහෙ යන්න ලෑස්ති. මමත් ඉතින් ගෙදරින් මාරු වෙන්නේ කොයි වෙළෙද කියලා බලාගෙන ඉන්න එකේ ටක් ගාලා ස්වේච්චාවෙන්ම ඉදිරිපත් උනා පොරගේ අතවැසියා ලෙස ගමනට එක් වෙන්න.
තාත්තා නම් කිවේ "බණ්ඩාර පුතේ ඕකා එක්ක ගිහින් උඹට උඹේ වැඩක් වත් කරගන්න නැති වෙනවා. ඔයිට වැඩිය හොඳයි අන්න අර සිරිසේන ගුරාට කියලා පිල්ලියක් බන්දගනින්" කියලා.
අම්මා කෙලින්ම කැමැත්ත දුන්නා මොකද මේ නිවාඩු කාලේ තමයි අම්මට වැසිකිලි යන්නවත් කුස්සියෙන් එලියට එන්න බැරිව තිබ්බ කාලේ. මල්ලිනම් ඒ දවස් වල හාල්මැස්ස වගේ හින්දා උට කෑම බීම ගානක් නැ. තාත්තාටත් පාන් තියනවනම් තුන්වේලම හරි කයි. මට ඉතින් බත්,ඉඳිආප්ප වගේ දේවල් නැතිව බැ. අනික ඉතින් දන්නවනේ කෑම. ( ඒ දවස් වල අම්ම බත් මුට්ටිය හෝදන්නේ පිට මිනිස්සුන්ට පෙන්නේ නැති වෙන්න මොකද එක දවසක් සාන්ති නැන්දා බත් මුට්ටිය දැකලා ඇහුවලු නැයෝ කට්ටියක් වත් ගෙදර ආවද කියලා ) තාත්තා උනත් පාන් පෙති 3යි කන්නේ. මං කීවේ පාන්ගෙඩිය පෙති දෙකට කපලා.
හැබයි අම්මා චක්‍රලේඛයට අලුත් වගන්ති වගයක් එකතු කරා. බණ්ඩාර අයියා නැතිව වත්තේ හතර මායිමෙන් පිට යාම තහනම්, වැවු වල ඔරු පැදීම්, නෑම,....,......බ්ලා ,බ්ලා තහනම් ආදී ලෙස. කොහොම හරි ඔය නීති ටික පරිස්සං කරනවට වැඩිය ලෙසියි මහන වෙලා කෝටියක් සංවර සීලය ආරක්ෂා කරන එක.
ඔන්න ඉතින් දෙන්න හවස 5 ට 6 ට විතර බණ්ඩාර අයියගේ ජීප් එකේ ගමන ආරම්භ කරා දැන් ඉතින් යනවා යනවා එපා වෙන ගමන පැය 5ක් විතර යන්න එපාය. දැන් වගේ පාරවල් කාපට් කරලය. අලි ඉන්න කැලේ මැදින් ගමන. දෙන්න කොහොම හරි ටික දුරක් ගිහින් රැට කන්න කියලා නතර කළා පොඩි ටවුන් එකක. දැන් දෙන්නා කන්න කලින් පොඩ්ඩක් අනුමත වෙන්න ලෑස්ති. " මල්ලි උඹ බොනවද ?" මම ඉතින් හි ..හි.. ගෑවට වැඩි දෙයක් කරේ නැ. පොර ඔන්න ළඟ බාර් එකකින් බ්‍රැන්ඩි භාගයයි බියර් එකයි ගෙනාවා. දැන් දෙන්න ඕකත් අරන් චයිනීස් රෙස්ටෝරන්ට් කියලා ගහලා තිබ්බ එකකට රිංගුවා. (රජයේ මත්ද්‍රවය ප්‍රතිපත්තිය අනුව මෙම කොටස ඉවත් කර ඇත )
මද පවනේ දෙන්න දැන් ඉතින් යනවා ගමනාන්තය දක්වා ඔං. බණ්ඩාර අයියලාගේ ගෙදරට යද්දී මහා රැ. ගෙදර ඔක්කොම නිදි. අපිත් ගිය ගමන් ආය මුන කට වත් හේදුවේ නැ කෙලින්ම බයියම්මා කීවා.
පහුවදා මම නැගිටිනකොට උදේ 10 විතර වෙලා තව දවස් දෙකකින් තියන පින්කමට කට්ටියම එක සීරුවට වැඩ. මමත් ඉතින් පුළුවන් පුළුවන් වැඩ කරලා දුන්නා. නොදන්නා මඟුල් වලට අත දාන්න ගියේ නැ. නිකන් මොකටද අර ඉරුම් පට්ටලේට නැග්ග වඳුරා වගේ වෙන්නේ. හරියටම දන්නා දේ තමයි ඇද කුද හෙවිල්ල. එක තිතටම කරලා දුන්නා.
ඔන්න වැඩ ටික ඉවර කරලා හවස අපි දෙන්නම් වත්ත පහළ තියන ඇනිකට් එකෙන් නාලා එහෙම අවා ගෙදර. ඇවිත් තේ එකක් එහෙම බීලා වටේ ඉන්න පොඩි එවුන් දෙන්න තුන්දෙනෙක් සෙට් කරගෙන අලි කරන වැඩේ කරා. ඔවු යකෝ ...අලි කරන්නේ කොට කෑලි තල්ලු කරන එක අන්න එක. මම ඉතින් අලියා වගේ උනාට මට පෙන්නම බැරි සෙල්ලමක් තමා ඕක. කවදාවත් එක පාරින් ඔය හිලකට ඔය කොට කාලක් දා ගන්න බැරි හින්දා ඔය මඟුල් සෙල්ලම පටන් ගත්ත ගමන් වන්නේ මට යකා නගින එක. එදා ඉතින් කරන්න දෙයක් නැති හින්දා කරන්න ගත්තා මිසක්. කොහොම හරි පැය දෙකක් විතර පොඩි එවුන් ඉස්සරා නොන්ඩි වේවි ඉන්නකොට බණ්ඩාර අයියා කතා කළා මල ගෙදරක් තියනවා ළඟ පාත ගෙදරක එහෙ යන කියල. පොඩි එවුන් ඉස්සරහා රෙද්දේ රෙවිලා හිටිය මම ටක් ගාල නැගිටලා ගියා.
අම්මේ.... ළඟ පාත කීවට මේ පැත්තේ දුර මනින්නේ රබර් හැතැම්ම වලින් හින්දා පැය බාගයක් විතර පයින් ගිහින් ඔන්න මල ගෙදරට ගියා. කෙලින්ම ගියපු ගමන් ගේ ඇතුලට ගිහින් මිනිය බලලා එතැනින්ම ගියා තේ දෙන තැනට. පොර නම් ඉතින් දකින දකින කෙනත් එක්ක කතාව "නැන්දේ" කියයි "මාමේ" කියයි "අයියේ" කියයි, "නංගියේ" කියයි මම ඉතින් මොනවා කියන්නද මල ගෙදර කියලා බලන්නේ නැතිව දත් 32ම එළියේ දාල විරිත්තපු එක තමයි ඉතින්.
කොහොම හරි තේ බීලා එලියට ඇවිත් මම කෙලින්ම ගියේ විට තට්ටුව තියන තැනට
විටක් කටේ ඔබාගෙන අනිත් පැත්ත හැරෙනකොටම මෙන්න බණ්ඩාර අයියා මට වැඩිය ටිකක් වැඩිමල් කොල්ලෙක්ගේ අතින් අල්ලාගෙන මට අඳුන්නලා දුන්න එයාගේ නැඟී බන්දලා ඉන්න කෙනාගේ මල්ලි කියලා පොරක්. පොරත් ඉතින් හිනා උනා මමත් හිනා උනා එතකොටම මට මීටර් උනා යකො මගේ ඉස්සරහා පොල්දතක් කැඩිලා වගේම මුගේත් දතක් කැඩීලානේ කියලා.
මගේ ඔය ඉස්සරහා උඩ ඇන්දේ තියන මහා විසාල දත් දෙකෙන් එකක් මගේ කිරි දත් වැටිලා අලුත් දත් ආපු දවස්වලම මගේ නොසන්ඩාල වැඩ හින්දා කඩා ගත්තා නොවැ අම්මගෙන් ගුටිත් කැවා ඕකට. ඒ දවස්වල පොඩි එකා හින්දා ගානක් නැති උනාට ලොකු උනාට පස්සේ විරිත්තලා හිනා වෙන එකත් අඩු කරන්න උනා මද සිනාවකට ඔය දත දුඹුරු පාට වෙලා සවුත්තු වෙච්චි හින්දා. දැන් නම් එක හදලා තියෙන්නේ එත් ඉතින් එක පුරුද්දකට ගිහින් හිනා වෙන එක අඩු හින්දා ගොඩක් අය හිතන්නේ මම මහා නපුරු ඩයල් එකක් කියලා.
ඔහොම කොහොම හරි ඉතින් වට පිටේ ඇවිදලා කාර්ඩ් අතක් වත් ගහන්න සෙට් වෙන්න බලනකොට ගමේ කොල්ලෝ මනුස්ස කමට මට හිනා වෙනවා (හිනා වෙනවට වැඩිය එක කිට්ටු විරිත්තන එකට). ටිකක් අධ්‍යාපන අඩු අහිංසක මිනිස්සු හින්දා පොඩි නොන්ජල් හිනාවක් තමයි.
යකෝ මුන් නිකන් මට ඔලොක්කුවට හිනා වෙනවා වගේ හිනා වෙන එකෙක් ඇත්තන් උගේ ඉස්සරහා දත මගේ වගේම බාගයයි එක්කෝ සංපූර්නයෙන්ම නැ. මට නිකන් කොයිල් වගේ මේක. මට හිතෙනවා යකො හැමදාම බීල නනත්තාර වෙලා මල ගෙවල් වල යන්නේ අද මේ කැකුලෙන් හින්දා මට මොන්ගල්වත්ද ?. මම දැන් වට පිට බලනවා මොකක්ද යකෝ මේ වෙන්නේ කියලා බලන බලන පැත්තෙන් මොකෙක් හරි හිනා වෙනවා වයසක ඩයල් එකක් නම් අප්සැට් එකක් නැ කොල්ලෙක් නම් එක්කෝ දතක් නැ එක්කෝ දත් දෙකම නැ නැත්තන් බාගයයි. මට නිකන් පුල් අප්සට් මම හිතනවා මේ පැත්තේ අර අප්‍රිකාවේ ගෝත්‍රිකයෝ වගේ මුන්ගේ දත් කඩන චාරිත්‍රයක් වත් තියනවද දන්නැ කියලා. අහන්නත් කවුරුත් නැ බණ්ඩාර අයියත් පෙන්න නැ. කොහොම හරි පැයක් විතර වටේ කරකැවී හිටියා කාලතුරකින් එකෙක් දෙන්නෙක්ගේ විතරයි එහෙම අප්සට් එකක් නැත්තේ 95%ම ඉස්සරහා දතේ අර කේස් එක.
කොහොම හරි ඔන්න අපි දෙන්න ගෙදර එන්න අවා පොඩ්ඩක් දුර එනකොට මම ඇහුවා මොකෝ බණ්ඩාර අයියේ මේ හැම කොල්ලෙක්ම දත් කඩාගෙන ඉන්නේ මොනවත් කෙමක් වත්ද කියලා. එතකොට තමයි ඔන්න සිද්දිය කීවේ. මේ තියෙන්නේ බඩුව මේක තමයි දත් කඩන යන්තරේ
දන්නවනේ ස්ටාර්ට් කරන්නේ කොහොමද කියලා ඕක හොඳ කල්පනාවෙන් කරන්න ඕන වැඩක් වෙලාවට අර කරකවන පොලු කෑල්ල අහකට ගත්තේ නැත්තං ඉන්න වෙන්නේ මෙන්න මෙහෙමයි