මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Saturday, April 16, 2016

පාට කරන්න දන්නේ නැත්තන් ඕන් විස්තරේ.

යාන්තන් ඉහට වහලයක් අටවගත්තට පස්සේ හැමෝටම එන ප්‍රශ්නයක් තමා ඕක පාට කරගන්න එක, කාල වෙලාව තියේනම් අත්දැකීම් ගන්නත් එක්ක  කැමති කැමති පාට ගෙනල්ලා උලන්න පුළුවන්. ඒ උනත් අපි වගේ උන්ට ගෙවල් Paint කර කර ඉන්න උනොත් පස්ස පැත්තේ මකුළුදැල් බැඳෙන  හින්දා. අලුත් අවුරුද්දට බ්ලොග් එකෙත් මකුළු දැල් ටික කැඩෙන්න ඔන්න දානවා ගෙයක් Paint කර ගන්න විදිහ, කාට හරි වැඩක් වෙයි කියලා.  
           කාමර දෙකයි, කුස්සියයි, සාලෙයි තියන   ගේ Paint කරගන්න කියලා කීප  දෙනෙකුටම කීවාම මුන් ඇවිත් බලලා කෙලින්ම ඉලක්කම් හයක ගානක් කියලා කොන්ත්‍රාත් ඉල්ලන්නේ. අට අනුවක් ජාති කියලා අපිව අන්දගෙන කන්න බලන හිංදා හෙවුවා හෙවුවා නෙට් එක පුරාම කොහොමද වැඩේ කොරන්නේ කියලා. ම්හ් ...කොහෙවත් සෙට් උනේ නැ මුල ඉඳන් වැඩේ කොරන විදිහ ගැන විස්තරයක්. ඔහොම හොයා හොයා ඉද්දි මතක් උනේ "Multitasking අටමව". පොඩි මැසේජ් එකයි දුන්නේ. ආය මොනවද Online Course එකක් කරා වගේ තමා. දැන් ඉතින් ඕනනම් Paint බාසලාට මම උගන්නන්නම් Paint  කරන  විදිහ. :D අටමෝ උඹට ගොඩක් පිං. උට විතරක් පිං දීලා හරියන්නේ නැති හිංදා මාත් යන එන තැනකට වැඩක් කරගන්න. ඔන්න එදා ගිය සංවාදේ ගෙඩි පිටින්ම දානවා. කාට හරි වැඩක් වෙන්නැතැ.  

මචං ගෙයක් paint කරනකොට කරන පිළිවෙල ගැන මොනවා හරි දන්නවද? මම ඒ ගැන මෙලෝ දෙයක් දන්නේ නැ. පුලුවනන්ම් පොඩි විස්තරයක් දෙන්න. ජනෙල් දොරවල් එහෙමත් පින්ට් කරන්න ඕන. ඒ ගැනත් එක්ක . ගාන්න ඕන මොනවද ඉස්සොරොම කරන්න ඕන මොනවද ජනෙල් වල ලී පෙනුම තිඅගෙන වාර්නිෂ් කරන්නේ කොහොමද වගේ දේවල්

ඉස්සෙල්ලම ජනෙල් දොරවල් හොදින් සූරන්න , ලී වල තියන පරන වාර්නිස් , කුනු එහෙම ගැලවිලා ලීය සුදු පාට වෙනකං , තදින් ගෑවුන දේවල් තියනවානං , ග්‍රයින්ඩරයකට වැලිකඩදාසි අලවලා කපන්න , ඊට පස්සේ ඒවා එහෙම්ම තියල , ග්‍රීල් ගහල තියනවානං ඒවා සුද්ද කරල යකඩ වලට ගාන තීන්ත ගානන් , ස්පේ ගන් එකකින් වාහනවලට ගාන cic තීන්ත වගේ හොද එකක් ගානවනං වඩා හොදයි , ඊලගට උලුවහු ජනෙල් දොරවල් වල ගාන දැව ආරක්සක තියනවා , ඒවා ගාන්න පුලුවන් ( සත්තුන්ගෙන් ආරක්ෂාකරගන්න සහ හිරිකඩෙන් ආරක්ෂාකරගන්න වෙන වෙනම ජාති තියනවා ) ඒවා විනිවිද පේනවා , ගෑවද කියලත් නැ , ඊලගට ලී වල හොද පෙනුමක් නැත්තං ඩයි වර්ගයක් ආලේප කරන්න පුලුවන් , ඒක ඕන වෙන්නේ නැ ලී වල හොද පෙනුමක් වයිරං එහෙම තියනවා නං , ඊලගට හොද වර්ගයක ක්ලියර් වානිස් එකක් ගාන්ඩ , ඒකත් ස්පේ කරනවානං වඩා හොදයි ඊලගට ඔය දොර ජනෙල් ටික කඩදාසි සහ මාස්කිම් ටේප් වලින් ආවරනය කරල බහින්ඩ බිත්තියේ වැඩේට , බිත්ති හොදින් පිරිසිදු කරල , වල ගොඩැලි කැඩුන තැන් සහ බිත්ති මුළු කොන්වල තියන ඇද පලුදු වහන්න වෝල් පොඩි වලින් , ඊගට ඒවා වේලුනහම මුළු බිත්තිය සුමටවෙනකං මදින්න වැලි කඩදාසිවලින් , ඊලගට බිත්තිවලට ගාන්න පිලර් ඒවා තියනවා ඇතුලට සහ පිටත බිත්ති වලට වෙන වෙනම , පිට බිත්ති වලට තියනවා පින්නට එහෙම ඔරොත්තු දෙන ඒවා , ඊලගට ඔයා ගාන්ඩ බලා පොරොත්තු වෙන ඉමල්ෂන් තීන්ත ගාන්න , ඒවත් තියනවා ඇතුලට සහ පිටතට වෙන වෙනම ජාති , බිත්ති සහ සිවිලිමට තීන්ත ගාන්න රෝලර් එකක් පාවිච්චි කරන්න , රෝලර් එකෙන් ගාන්න බැරි තැන්වලට විතරක් පින්සල් වලින් ගාන්න ඔය ටික ඔලුවේ තියාගන ගියහම තීන්ත කඩයෙන් ඔයාට අවශ්‍ය හොදම ඒවා සහ හොද උපදෙස් ගන්න පුලුවන් , උන්ට කියන්ඩ ගණන් අඩු බාල ඒවා එපා හොදම එකෙන් දෙන්ඩ කියල ,
ගනන් අඩු බාල තීන්ත තියනවා අහු වෙන්ඩ එපා , සමහරක් වෙලාවට හොද ලිටර් හතරක් හාරදාහක් වෙනකොට බාල එකක් දාහට ගත්තහැකි , ඒවා ගාන්ඩ එපා , හොදම එකෙන් ගෑවොත් පරිස්සං කරල තියාගත්තෝ උඹට ආයේ තීන්ත ගාන්ඩ වෙන්නේ ලමයගේ මගුල් ගෙදරට තමා
අනික මචං හරියට පිලර් කරල තියන බිත්තියක හොද ඉමල්සන් එකක් හරි එනැමල් එකක් හරි ගාන්න ඕන එකපාරයි , අපේ අක්කලගේ ගෙදර බාල තීන්තයක් හතරපාරක් ගාලත් නියම පාට ආවේ නැ , වතුර වැටෙන පින්න වැටෙන හිරිකඩ වැටෙන තැන් ඉර එලිය වැටෙන තැන්වලට ලී වාගේම බිත්ති වලටත් විශේසයෙන් හදපු ආලේප තියනවා , උබේ අවශ්‍ය තා එක්ක කඩේ එකාගෙන් ඒවා අහල දැන ගිනින් , තීන්ත ගන්ඩ හදිස්සියේ යන්ඩ එපා නිවාඩු පාඩුවේ කරහං ඒක ,
අනික තමයි පේන්ට් කරන උන් ලක්ස ගනන් අයකරනවා , තනියම කරගන්ඩ බලහං වැඩටික
ඕන වට වඩා ලා පාට වලට සහ එලිය වැඩි දිලිසෙන පාට වලට යන්ඩ එපා , ඉක්මනට ජරා වෙනවා ( ඇස්වලටත් අමාරුයි)

පට්ට පට්ට මචං අඩේ මේක පොස්ට් එකක් විදිහට හරි දාපන්. අපි වගේ සබ්ජෙච්ට් එක ගැන මෙලෝ හසරක් නොදන්නා උන්ට මාර වටිනවා.
මචන් සීලර් කියන්නේ මොනවද ? මොකටද පාවිච්චි කරන්නේ

සීලර් කියන්නේ මුලින්ම ගාන බේස් එකට , අර මම කලින් කියුවේ දැව ආරක්සක කියල ඒකත් ඔය සීලර් වගේ තමා , තව බිත්තිවලට තියනවා වෝටර් ප්‍රපින් සීලර් , ලීවලට ඒවා තියනවා , තව තියනවා අල්ටා වයලට් සීලර් ( ඉරඑලියෙන් ආරක්ෂා කරගන්න ) , ඔය වගේ එක එක සීලර් වර්ග තියනවා , එක එක නම් තියනවා .සමහරක් විට එකම ආලේපයට නම් කිහිපයක් තියනවා , ඔ්‍ය තියන තරං ජාති ගාන්න ඕන නැ , ඔයා ගන්න පේන්ට් එකත් එක්ක මැච්වෙන එක , ඔයාගේ වැඩේට හරියන එක කඩේ එකා දෙනවා , නෝමල් ෆෝසිඩි එක තමයි , මොනවාහරි ගන්න වෙළද නාමයෙන්ම සියළු දේ ගන්න එක , එතකොට තමයි හරියටම සෙට් වෙන්නේ , ( ඒක ආට් එකක් ) අපිහිතමු සී අයි සී තින්ත ගත්තා කියල , පිලර් ගන්නෙත් සී අයි සී වලින්මයි , තිනර් ගන්නෙත් එව්වමයි , අවශ්‍ය තාවයක් තියනවනං , වේලෙන එක පරක්කු කරන්න රිටාඩර් , ඉක්මනින් වේලන්න හාඩ්නර් , හෙන කෙලකෝටියක් තියනවා බං , හැබැයි මිනිස්සු ඔව්වා පාවිච්චි කරන්නේ වැරදියට ,
මට එකක් අමතක උනා කලින් උඹට කියන්න , ජනෙල්වල ග්‍රීල් වල සහ ජනෙල් පියන් උළුඅහු වල එහෙම පරණ තීන්ත තියනවනං , ඔයා ඒවට තීන්ත ස්පේ කරනවනං අනිවාර්යෙන් පේන්ට් රීමු ගලා ඒ පරන ඒවා සම්පුර්නයෙන් අයින් කරන්න
සීලර් කියන්නේ මුලින්ම ගාන බේස් එකට , අර මම කලින් කියුවේ දැව ආරක්සක කියල ඒකත් ඔය සීලර් වගේ තමා , තව බිත්තිවලට තියනවා වෝටර් ප්‍රපින් සීලර් , ලීවලට ඒවා තියනවා , තව තියනවා අල්ටා වයලට් සීලර් ( ඉරඑලියෙන් ආරක්ෂා කරගන්න ) , ඔය වගේ එක එක සීලර් වර්ග තියනවා , එක එක නම් තියනවා .සමහරක් විට එකම ආලේපයට නම් කිහිපයක් තියනවා , ඔ්‍ය තියන තරං ජාති ගාන්න ඕන නැ , ඔයා ගන්න පේන්ට් එකත් එක්ක මැච්වෙන එක , ඔයාගේ වැඩේට හරියන එක කඩේ එකා දෙනවා , නෝමල් ෆෝසිඩි එක තමයි , මොනවාහරි ගන්න වෙළද නාමයෙන්ම සියළු දේ ගන්න එක , එතකොට තමයි හරියටම සෙට් වෙන්නේ , ( ඒක ආට් එකක් ) අපිහිතමු සී අයි සී තින්ත ගත්තා කියල , පිලර් ගන්නෙත් සී අයි සී වලින්මයි , තිනර් ගන්නෙත් එව්වමයි , අවශ්‍ය තාවයක් තියනවනං , වේලෙන එක පරක්කු කරන්න රිටාඩර් , ඉක්මනින් වේලන්න හාඩ්නර් , හෙන කෙලකෝටියක් තියනවා බං , හැබැයි මිනිස්සු ඔව්වා පාවිච්චි කරන්නේ වැරදියට , මට එකක් අමතක උනා කලින් උඹට කියන්න , ජනෙල්වල ග්‍රීල් වල සහ ජනෙල් පියන් උළුඅහු වල එහෙම පරණ තීන්ත තියනවනං , ඔයා ඒවට තීන්ත ස්පේ කරනවනං අනිවාර්යෙන් පේන්ට් රීමු ගලා ඒ පරන ඒවා සම්පුර්නයෙන් අයින් කරන්න
නැ මචන් අලුත්ම ජනෙල කොස් ලී වලින් හදලා තියෙන්නේ. ඒ හින්දා ලියේ වටිනාකම පේන්නත් එක්ක වාර්නිෂ් කරන්න ඉන්නේ
දැන් හරි මචං නැත්තන් බාසලාට ඕන විදිහට වැඩේ කෙරෙන්නේ. තවම ගරිල් හයි කරලා නැ. ඒ හින්දා වැඩේ ලේසියි. මචන් ලීය හොඳට පොලිෂ් කරගන්න ග්රින්දෙර් එකෙන් පුලුවන්ද ?
ග්රින්දෙර් කියුවේ
සොරි grinder
ගයින්ඩරෙන් කරන්නේ ලීය සුමට කරගන්න එක , අළුත් ලී වලට ඒක ඒන නැ , අතින් කරහං , නැත්තං ලීය විනාසවෙනවා , කොස් ඩයිපාරක් ගහල , ක්ලියර් ලැකර් පාරක් දාහං.
උඹ ලංකාවෙද
නැ මචං එන්න ඉන්නේ තව මාස දෙකකින් විතර ගේ බාගෙට හදාගෙන කුලී ගෙවා ගෙවා හිටියා ඇති. දැන් වැඩ ඉවරයි. මගේ සති 2 නිවාඩුවට ඕවා කර කර ඉන්න බැ බං. හැම සැරේම ඇවිත් පොඩි එකත් එක්ක කොහේ හරි යන්න හිටියත් ගෙදර වැඩට යට උනාම ඔක්කොම කම්බස්. මේ සැරේ වත් අලුත් ගෙට පදිංචියට යන්න ඕන බං.
මට ඕවා කරන්න කාලයක් නැ. ගනිටත් ඕවා බලන්න තේරෙන්නේ නැ. කොල්ලෝ දෙන්නෙක් අල්ලලා දවස්කුලියට වැඩේ කර ගන්නවා. ඔක්කොටම කලින් උන් මොනවද කරන්නේ කියලා subject එක දැනගෙන ඉන්න එපැය
වාර්නිෂ් ගාන්න එපා ,පැණි පාටට දිලිසෙනවා , කොස් ඩයිපාරක් දාල ක්ලියර් ලැකර් මැට් පිනිස් එක ගාපං , දිලිසෙන්නේ නැතුව අළුත් ලීයක් වගේ තියනවා සැහෙන කාලයක් , ව්ක පට්ට
හරි පිලර් code දෙකක් ගාන්න ඕනද ? අනික මචං එළියේ තියලා තියෙන්නේ මැදපු බිත්ති නෙවේ. හදපු ගෙයක් අරං modifi කරලා ගත්තේ. එළියේ බිත්ති වල පින්ට් එකක් ගාල තියෙන්නේ. එක උඩින් pilar පාරක් ගාල පින්ට් කරාම අවුලක්,නැ නේද ?
ඔව් මැදල නැති බිත්තියට හරියන වෙනම තීන්ත වර්ග තියනවා
පිලර් කෝඩ් දෙකක් ඕන වෙන්නේ නැ හොදට කපපු සුමට බිත්ති වලට
ඒක මචං roler එකෙන් ගාන්න පුලුවන්ද ? මම කිවේ එළියේ මැදපු නැති බිත්ති වල
එකක් උනත් හොදටම ඇති , සමහරක් XXXXX පොටි දාල වලවල් හදල පිලර් ගාල ආයෙත් කපල ආයෙත් ගානව පිලර් . එහෙම කරන්න ඒන නැ හැමතැනම , හරියට වලවල් ටික වහල , පිලර් ගාල 800 වගේ තුනි කොලයකින් ලාවට කැපුවහම ඇති
//ඒක මචං roler එකෙන් ගාන්න පුලුවන්ද ? මම කිවේ එළියේ මැදපු නැති බිත්ති වල // ඔව් පට්ට ලස්සනයි , ඒකටම එන රෝලර් හිටං තියනවා
ඕක තමා එකෙක් මට දුන්න බදු ලිස්ට් එක
එකෙන්නං අයිඩියා එකක් ගන්න අමාරුයි , ෆෝපෙෂන් නැ කියල නං පේනවා
න මචං ඕකම කරන එකෙකුට පෙන්නුවා උ ලක්ෂයක් ඉල්ලුව. මට තව ක්කමරය්ක් හද ගන්න පුළුවන් ඒ ගානට grin emoticon. ඒ හින්දා කොල්ලෝ දෙන්නෙක් සෙට් කර ගත්තා උන් දෙන්න දවස් පඩියට වැඩේ කරලා දෙන්නම් කිවා. ඒ උනත් වැඩේ අපිත් දැනගෙන ඉන්න ඕන හින්දා තමයි උඹෙන් ඇහුවේ. එල එල දැන් ඉතින් cource එකක් කරා වගේ තමා

වාර්නිෂ් ගාන්න එපා ,පැණි පාටට දිලිසෙනවා , කොස් ඩයිපාරක් දාල ක්ලියර් ලැකර් මැට් පිනිස් එක ගාපං , දිලිසෙන්නේ නැතුව අළුත් ලීයක් වගේ තියනවා සැහෙන කාලයක් , ව්ක පට්ට
ඔය බඩු ටික ගන්න පවුලව අරින්න , ලොකුම හොදම කඩයට , අරුන් දෙන්නව අරින්ඩ එපා , පන්දාහක විතර ඩිස්කවුන්ට් එකක් ගත්තහැකි , නැත්තං කඩෙන් ඒක දෙන්නේ උන් දෙන්නට ,
හරි මචන් ඔය ගමං කියපං බිමට මොකද කරන්න පුළුවන් කියලා. එලියට දාල තියෙන්නේ රතු සිමෙන්ති. ගේ ඇතුලෙනම් සාමාන්‍ය විදිහට සිමෙන්ති දාලා තියෙන්නේ.
උඹ ටයිල් වලට ආසද
න බං එච්චර වියදම් කරන්න බැ දැන්. ඒ හින්දා ඕක පොලිෂ් කරන්න හිතාගෙන ඉන්නේ
හොඳ shine එකක් ගන්න මොනවත් ට්‍රික්ස් තියනවද ?
පස්සේ කාලෙකවත් ටයිල් කරන්න එපා හෙන ගොං පාට් එකක් , ටයිටේනියම් ඩයොක්සයිඩ් එක්ක කැමති කලර් එකක් දාල සිමෙන්ති දාල ටෙරාසෝ මැසිමෙන් කපහං , පොලිෂ් කරාට වැඩක් නැ බැ , බිමට තින්ත ගාල වැඩකුත් නැ
මාත් එක ගැන හොයලා බැලුවා. කරන පොරක් සෙට් උනේ නැ.
ලොකු සීන් එකක් නෙමෙයි , හරියට කරන එකෙක් හොයාගන්න ඕන , ටයි ටේනියම් නැතුව ඔය පොලව උනත් කපන්න පුලුවන් , ටෙරාසෝ කරන පොරක් හොයහං
ඩයි නැතුව , ටයිටේනියම් නැතුව නිකං සිමෙන්ති දාපු පොලවත් මැෂිමෙන් කපන්න පුලුවන්
නෑ බන් අපේ පැත්තේ උං ඔය ගැන අහලවත් නැ. එක දෙවනුව කරනවා මචං. ආතක් පාඨක නැතිව හිටපු එකේ ඉන්න හරි තැනක් තියන එක මැදා. grin emoticon
මෙහෙ ඉඳන් හම්බ කරපු ඔක්කොම ඕකට තමා යට කරේ.
මටත් ඉතින් එහෙමනේ
එකනේ තොට ඒ දවස් වල කිවේ වරෙන් කියලා.
දැන්නං එපාවෙලා බං
දැන් ඉතින් පරක්කුයි. බලමු උඹ all rounder කෙනෙක් හිංදා මොනවා හරි සෙට් කරගන්න බැරි වෙන එකක් නැ
බලමුකෝ බලමුකෝ
උඹේ දැන් mobile වැඩේ මොකද ?
මචන් එහෙනම් මම යනවා thank u නැත්නම් මම හොඳටම ඇන ගන්නවා

8 comments:

  1. හැක්... අටමට කිවුවොත් ඕක මහන මැෂිමෙන් හරි පොලොව කපල දෙයි. ඒ ජාතියෙ බුවා ඕකා.
    දැනට පොලොවට කරගන්න පුලුවන්නං ලංකෙම් එකේ තියෙනව රෙසින් එකක් එක්ක ගාන තීන්ත එකක්. ඒක ගන්න. හොඳට පොලොව හෝදල පරණ තීන්ත තියෙනවනං යවල පිලර් එක ගාල අර තීන්ත එක ගාපුවව අවුරුදු හය හතක් යනකල් අවුලක් වෙන්නෙ නෑ.
    පිට උං දාල තීන්ත ගාවනව කියන්නෙ හොඳ ගානක් යන වැඩක්. අපේ ගෙදර දානෙකට ඔහොම දෙන්නෙක් දාල දවස් 10 ක් විතරම උං කලේ බිත්ති කපන එක විතරයි. අන්තිමට උංට යන්න කියල මම දවස් දෙකෙන් තීන්ත ටික ගාල ඉවර කරගත්ත.

    ReplyDelete
    Replies
    1. ඔය තීන්ත එක නිතර පෑගෙන තැන් වලට අවුලක් නැද්ද?

      Delete
    2. නෑ කොටිංම අර වලං කටර් එකකින් ඇල්ලල හේදුවත් යන්නෙ නෑ. හැබැයි ගෑවට පස්සෙ දවසක් විතර ගෙයින් එළියට වෙලා ඉන්න වෙනව අර රෙසින් එකේ සැර යනකල්.

      Delete
  2. මාත් හරියට දන්නේ නැ ඔය දන්න විදිහ තමා

    ReplyDelete
  3. මම මේක දැකලා හුටාස් ගාලා ගියා මූනු පොතේ චැට් හිස්ටරියට. ගිහින් බැලුවා මේ ලඟදි එකෙක් මගෙන් ඇහුව නේද ඔය වැඩේ කරන්න බාස් කෙනෙක් ඉන්නවද කියලා. මේ බ්ලොගේ URL එක කොපි කරගෙන මයි ගියේ. ගිහින් බැලින්නම් ඒ උඹමනෙ යකෝ. පස්සෙ ලැජ්ජ වෙලා ආපහු ආවා මෙතෙන්ටම.

    ඈ බං, මම එදා ඕක DIY කරන්න කියනකොට පොළොවෙ හැපි හැපි මට වෙලාවක් නෑ කිව්ව එකාට කොහෙන්ද මේවා කරන්න වෙලාව හම්බවුනේ කියලා මම කල්පනා කලේ

    ReplyDelete
    Replies
    1. :D මම තාම මෙහේ. වැඩේ කරගෙන යනවා එහේ. කෝකටත් කලින් මුන් අහවල් මගුලක්ද මේ හැටි සල්ලි ඉල්ලා ඉල්ලා කරන්නේ කියලා දැනගෙන ඉන්න එපැය.

      Delete
  4. කවුරු හරි කෙනෙක් මට කියනවාද වෝටර්බේස් කරද්ද් එක පාරක් තුනියට ගාපු සෑන්ඩින් සීලර් තියෙද්දි වෝටර්බේස් කරන්න පුලුවන්ද කියලා

    ReplyDelete