මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Tuesday, October 25, 2011

රජ කාලේ කතා - රජතුමා, අවජාතකයා සහ හොරා





මේ ලියන්න යන්නෙත් ඔන්න ඉස්සර කලේ උන කතාවක්. මම ඔය පුරාතන දේවල් වලට කැමති නිසා ඕවා ටිකක් මතක  හිටිනවා. මම විතරක් නෙවේ මේ බ්ලොග් අවකාශයේ ඉන්න ගොඩක් අය කැමති පුරාතන දේවල් වලට කියල කතන්දර ලියල තියෙන මේ බ්ලොග් එකෙන් සහ කොමෙන්ට් වලින් පේන්නැද්ද බලන්න. මේක මේ අපේ රජ කෙනෙකුට උන වැඩක්. ඔන්න එහෙනම් එදා ඔය රාජ සබාවේ මම ඉන්නකොට ඇහෙන් දැකපු, කනෙන් අහපු  විදිහටම ඔන්න ලියනවා සිද්දිය. 

රජ පුරුෂයා :- අවසර පස්වාන් දහසකට බුදුවන්න දේවයන් වහන්ස.
රජ :- එහෙමයි. ! මොකාද යකෝ උඹ මේ කුදලලා අරන් ඇවිත් තියෙන්නේ.
ර.පු :- දේවයන් වහන්ස මේකා තමයි මේ ගම නියම්ගම්  පාලු කරමින් සොරකම්කරපු සොර දෙටුවා. මු මහා දවාලේනේව හොරකම් හැම එකක්ම සිද්ද කරලා තිබුනේ. සමහර දේවල් වලට හොරකම්ම කියන්නත් අමාරුයි දේවයන් වහන්ස. මු වැඩි හරියක් මිනිසුන් මුලා කරලා තමයි මේ සොරකම් සිද්ද කරලා තියෙන්නේ. වැඩේ කියන්නේ දේවයන් වහන්ස මු අතට  අහු උනත් මුගේ කපටිකමින්   අල්ල ගත්ත මිනිහගේත් ඉන ඉහ අතගාගෙන මරුවෙනාවනොව. 
හොරා :- ම්හු ...ම්මු ....ම්හු .......
ර :- මොකෝ බෝල මුගේ කටේ මේ රෙදි ගුලියක් හිර කරලා. මු හොරෙක් උනාට සරපයෙක් වගේ දස්ට කොරනවාය. ගලවපිය ඔය කටේ ඔබලා තියන රෙදි ගුලිය. 
ර.පු :- පස්වාන්දහසකට බුදුවන්න දේවයන් වහන්ස එකනම් කරන්න එපා ඔං.
ර :- ඒ මොකෑ බන් ඒ. 
ර.පු :- අවසර ..! ඕකගේ කට තමයි දේවයන්වහන්ස ඕකට තියන ලොකුම ආයුදේ. ඕක කට ඇරියත් ඕනෑම මිනිහෙක් ඕකගේ වචන වලට රැවටිලා ඕකා දෙන ලනු ගිලිනවා. ඒ හින්දම මම අල්ල ගත්තු ගමං වචනයක් වත් කතා කරන්න කලින් තමයි ඔය රෙදි ගුලිය කටේ එබුවේ. බැරිවෙලාවත් ඕක එබුවේ නැත්නම් ඕකා අනිවාරේයෙන් මාව ගොනාට අන්දලා මගේ ආයුද වලටත් ඇරලා තමයි මාරු වෙන්නේ. ගලවන්නනම් එපා දේවයන් වහන්ස. ගලෙවූවොත් ඕකා ඔබ වහන්සේගේ කනින් රිංගලා රාජ සබහවම ගොනාට අන්දලා මාරු වෙයි.
ර :- රජ පුරුෂය...! මොකක්ද තා කීවේ. මාව ගොනාට අන්දන්න. හිතුවා මදි තෝ  දන්නවාද   මගේ නුවන ගැන මුළු ලංකාද්වීපයේම ඇති ප්‍රසිද්දිය. වහාම ඔකාගේ   අත, පය  ලිහා ඔය මුකයේ ඔබා ඇති රෙදි ගුලිය ඉවත් කරනු. 
 ර.පු :-එහෙමයි දේවයන් වහන්ස ...එහෙමයි.
ර :- එම්බා සොර දෙටුව තා මේ කර ඇති අපරාද වලට තා නිවැරදි කරුද වැරදි කරුද.... ? 
හො :- පස්වාන්දහසකට  බුදුවන්න දේවයන් වහන්ස    නිවැරදි කරු වෙමි.
ර :- එම්බල රාජ පුරුෂය තෝ මෙම සොරාට විරුද්දව සාක්ෂි රැගෙන අවේද .? 
ර.පු :- එහෙමයි දේවයන් වහන්ස බොහොම අමාරුවෙන් පිරිසක් කැදවාගෙන අවා. බොහෝ දෙනෙක් තමාට උන සිදුවීම් කියන්නත් ලජ්ජාවෙන් ඉදිරිපත් වෙන්නේ නැ දේවයන් වහන්ස. ඔය ඉන්නේ ඒ කැදවාගෙන අපු පිරිසයි දේවයන්වහන්ස. 
ර. :- එම්බල නරයිනි මේ රජ පුරුෂයා කියන්නේ සැබෑවක්ද ?
පිරිස. :- ප. බු. දේ . එහෙමයි මු අපේ බොහෝ සම්පත් අපි බලාගෙන ඉංදීම කොල්ල කෑවා අපිව ගොනාට අන්දලා.
ර . :- එම්බල සොර දෙටුව තා මේ කර ඇති අපරාද සැකයක් නොමැතිව ඔප්පු වන හෙයින් තොපට මරණීය දණ්ඩනය නියම කරමි. නිදහසට කාරනා ඇතොත් වහාම ඉදිරිපත් කරනු.
හො. :- පෙනුමෙන්නම් එහෙම නැ එත් ඉතින් කාටද කියන්න පුළුවන්.
ර. :- කුමක්ද සොර දෙටුව තා මුනු මුනු ගාන්නේ. කියන දෙයක් සියලු දෙනාට ඇසෙන ලෙස කියව. කිමද තා මරණ බයින් තැති ගත්තේද ?
හො. :- අවසර රජතුමනි මේ පිරිස ඉදිරියේ කීවාට කමක් නැතිද. 
ර. :- මේ රාජ සබහවේ කිසිදු රහසක් නැති වහා කියපිය තෝ මුනු මනු ගමින් කිවූ දෙය.
හො. :- අවසර රජතුමනි මම පැවසුවේ       පෙනුමෙන්නම් එහෙම නැ එත් ඉතින් කාටද කියන්න පුළුවන්. කියලා දේවයන් වහන්ස .
ර. :-  මොකක්ද යකෝ එකේ තේරුම. කියන දෙයක් තේරුම් ඇතුව කියපිය. 
හො. :- එහෙමයි දේවයන් වහන්ස එහෙමයි. මම ඉපදුනු විගස මගේ  මෑණියන් නැකත් කරුවෙකු ලවා මගේ කේන්ද්‍රය සාදා ඇත. ඔහු කේන්ද්‍රය සදා දී පලාපල ද මෑණියන්ට පවසා ඇත. එම පලාපල වලින් කියැවුණු සෑම දෙයක්ම මේ වනවිට සත්‍ය වී ඇත. නමුත් ඔහුගේ අන්තිම පලාපල ය . ගැන මට අවිශ්වාස නිසා එලෙස ප්‍රකාශ කෙරුවෙමි.
ර. :- කුමක්ද ඔහුගේ අන්තිම පලා පලය. වහා කියපිය. 
හො. :- ඔහු මා සොර දෙටුවකු වනබවත් කවදා හො මිය යන්නේ අවජාතකයකු අතින් බවත් අවසානයේ කියා ඇත. මා සොරකු වූ බවනම් සත්‍ය වී ඇත. නමුත්  අව්ජාතකයකු  අතින් මැරෙන බව කීම නිසයි    පෙනුමෙන්නම් එහෙම නැ එත් ඉතින් කාටද කියන්න පුළුවන්. යයි කියා සිටියේ දේවයන් වහන්ස.

ර. :- එම්බා රාජ පුරුෂය වහාම මේ බල්ලා මේ නුවරින් පිටුවහල් කරව. තොපි ගෙනාවොත් ගේන්නේ මේ වගේ දහාපදුරාවක් තමයි.

කතාව නිමි 

ප. ලි 
මෙම වෙබ් අඩවියේ කොමෙන්ට් වැටීම 1,110 :  10 අනුපාතයට සිටින ලෙස සකසා ඇති බැවින් කරුණාකර එම අනුපාතය කැඩීමෙන් වලකින්න.    

Saturday, October 22, 2011

පාසල් සමයේ සුන්දර සිදුවීම් - සිකුරිටි මාමල ඇන්දීම සහ සංවරව ප්‍රේම කිරීම

ඔන්න අද මම කියන්න යන්නේ සිකුරුට්ටෙක් සිරාවටම ගොනාට අන්දපු සිද්දියක් ගැන. මේක සිද්ද උනේ ඉස්කෝලේ යන කාලේ. මම ඉස්කෝලේ ගියේ මාලිගාව තියන නගරයේ ප්‍රසිද්දම  පාසලකට ඔං.


හැබැයි  ඉතින් ඉස්කෝලේ  ගියා කීවට සතියට දවස් 3 විතර තමයි ගියේ. අද ගියොත් හෙට බෑ ක්‍රමයට තමයි. ඉස්කෝලේ නොගියත් මොන හේතුවකටවත් පන්ති යන එකනම් නැවැත්තුවේ නැ . මොකද මම ගියේ පිරිමි ඉස්කොලේකට   නිසා කෑල්ල හම්බෙන්න අනිවා class යන්නම වෙනවා.
             ඉඳල හිටලා ඉතින් ඔය කොහේ හරි ට්‍රිප් එකක් ගියොත් මිසක් අපිට සති අන්තේ කතා කරන්න යන්න තිබ්බ ලේසිම, ලාබම තැන  තමයි මහ රැජිනගේ මල් වත්ත. සමහර දවස් වලට උදේ   8-10 class ඉවර උනාම ආය class හවස 2-4 තමයි තියෙන්නේ. එතකන් දවල්ට ගේන කෑම එක කාල Chat එකක දාගෙන ඉන්න හොඳම තැන තමයි ඔතන. ඒ දවස් වල ඕක ඇතුලට යන්න ගන්න තිබ්බ ටිකට් එක රු 5/= යි. ටිකට් එකත් අරන් එළියේ කඩේකින් කඩල, ටිපි ටිප්, අයිස් ක්‍රීම් වගේ දෙයකුත් අරන් ඇතුලට යනවා. ඒ කරලා කොහේ හරි මුල්ලක තියන බංකුවක හරි බැම්මක හරි ඉඳගෙන කයිය ගහන එක තමයි වැඩේ ඔය අතරේ ඔය පොඩි පොඩි උම්මා එහෙමත් හුවමාරු වෙනවා.


ඔය පාර්ක් එකේ හිටියා සිකුරිටි සෙට් එකක්  මහ එපා කරපු එවුන් ටිකක් මුන් විසිල් එකකුත් අතේ තියාගෙන පාර්ක් එක පුරාම ඇවිදින එක තමයි වැඩේ බැරි වෙලාවත් කපල් එකක් කරට අතදාගෙන තුරුළු වෙලා හිටියොත් ඉවරම තමා. විසිල් එක ගහලා අනිත් අය ගෙන්නලා ජෝඩුව කොහොම හරි එලියට දානවා.
          උන් නිකන් හිටියේ ඒ වයස උන් පහුකරලා අපු නැති එවුන් වගේ. මට මේකට මල පැනලා හිටියේ එත් කරන්න දෙයක් නෑ යන්න තියන එකම තැන මෙතන විතරනේ. ඔය Park එකේ මම හැමදාම ගියොත් ඉන්න තැනක් තියනවා  එතන වෙන කවුරුත් හිටියේ නැත්නම්  මම එතනම තමයි ඉන්නේ.


දවසක් අපි දෙන්න කුඩේකුත් ඉහලාගෙන ඔතන ඉඳගෙන ඉද්දි මට ඇහුන විසිල් සද්දයක් මම ගණන් ගත්තේ නැ.  මෙන්න බොලේ මේ මීහරකෙක් එකපාරට මෙතනට කඩා පැනලා කුඩෙත් ඇදලා විසිකරලා මට ලෙඩේ අදිනවා. මට මල පැන්නේ පොකුරු පොකුරු. අන්තිමට මුන් පොලිසියට call කරන්න ලැස්ති. පොලිසි  ගියත් වැඩේ ලෙඩේ වන නිසා මම උපක්‍රම ශීලීව පසු බැස්ස. හිටපන් දෙන්නම් ජම්බු කියල හිත හද්දගෙන කෙන්න්තියෙන් පුපුරා   පුපුරා   අවා එලියට.


මම දැන් කල්පනා කරන්නෙම මුන් කරපු මේ වැඩේට ගේමක් දෙන්නේ කොහොමද කියලා. නින්ද යන්නෙත් නැ කන දෙයක් ඇඟට අල්ලන්නෙත්  නැ මට කරපු අපහසෙමයි මතක් වෙන්නේ. ඒ මදිවට කෙල්ල එන්නෙත් නැ කොහෙවත් යන්න. අයි අප්පා විලිලජ්ජහවේ පන ගියානේ එදා. කොහොම හරි මාස දෙකක් විතර ගියා මොනවත් කරන්න හම්බුනේ නැ. දැන් ආපහු ඔක්කොම කූල් . අයෙත් අපි දෙන්න පාර්ක් එකට යන්න ගත්තා. කොහොම උනත් ඇම්ගේ තරහ අඩු වෙලා තිබුනේ නෑ. ඔහොම ඉන්නකොට එක දවසක් අවා මරු අයිඩියා එකක්.


එක දවසක් පන්තියේ කොල්ලෝ සෙට් එකටම මම කීව අද මම ගානේ පොඩි පාර්ටි  එකක් දෙනවා ඔක්කොම වරෙල්ල පාර්ක් එකට කියල. අපේ එවුනුත් කන්න දෙනවනම් කොන්ක්‍රීට් හරි කන එවුන්නේ සෙට් එකම ආවේ නැතැ පාර්ක් එකට


 මම හෙමීට කෑල්ලත්  එක්ක වෙනදා වගේම ආව පාර්ක් එකට. ඇවිත් පුරුදු තැනම ඉඳගත්ත. මගෙත් එක්ක බෝඩිමේ එකට ඉන්න එකාට සල්ලි දීල කොල්ලන්ට කන්න අරන් දීල කරන්න ඕන වැඩේ කියලා තිබ්බේ.


උන් දැන් ඇවිත් එක එක තැන් වල සෙට් වෙලා ඉන්නවා.
මම හෙමීට මගේ කෙල්ලව මගේ රූමාගේ  කෙල්ල ඉන්න තැනට යවලා රූමා මම ඉන්න තැනට ගෙන්න ගත්ත.


දැන් අපි දෙන්න වෙනද අපි කපල් එක ඉන්න තැන ඉඳගෙන ඉන්නවා කරට අත දාගෙන කුඩේකුත් ඉහලාගෙන හොඳටම ගුලි වෙලා.


හිතුව  හරි මෙන්න බොලේ අර සිකුරුට්ටා කෙළගෙන එනවා අපි ඉන්න තැනට ඒ විතරක්නම් මදැ     මු විසිල් එකත් ගහගෙන ඇත ඉඳලම කැ ගහගෙන එනවා " මම එදත් කීවනේ තමුසෙලා දෙන්නට මේක මඟුල් නටන තැනක් නෙවේ කියලා. අදනම් තමුසෙලා දෙන්න යවනවා පොලීසියටම. තමුසෙලාට සැරයක් කීවහම සිංහල තේරෙන්නේ නැනේ. " කියල.


අපි දෙන්න කිසි සද්දයක් නැ කරට අත දාගෙන පාඩුවේ ඉඳගෙන ඉන්නවා. මෙන්න බොලේ මු අපු ගමන් කුඩේ ඇදල විසි කරා. මලා යකෝ කුඩේ ඇතුලේ කොල්ලෝ දෙන්නෙක් මුට කට උත්තර නැ. අපි දෙන්නත් ඒ දවස්වල ඉඳන් යෝදයෝ වගේ තමා පෙනුම. දෙන්නම නැගිට්ට නැගිටලා දැන් ගේම ඉල්ලනවා. අපි අහනව අයි කොල්ලෝ දෙන්නෙකුට එක ළඟ ඉඳගෙන ඉන්න බැරිද.


සික්කට කරගන්න දෙයක් නැ.
උගේ සපෝර්ට් එකට අපු අනිත් එවුන්ටත් කට උත්තර නැ. මෙන්න බොලේ එතකොටම හතර වටෙන්ම එනවා එල හූ වක්. අප දෙන්නටත් ෆිට්. අපි ඉතින් දැන් කොක්කටම ටම සෙට් වෙන්නේ. ඒ දවස්වල තිබුන උනේ හැටියට ගහගන්නවා ගුටිකනව කියන්නේ මේ කනවා නිදාගන්නවා වගේ සරල දේවල්නේ.


කොහොමහරි එදා මුළු පාර්ක්  එකේම හිටපු ඔක්කොම ඇවිත් මෙතනට. හැමෝම බනිනවා සික්කන්ට මොකද ඔක්කොම කොල්ලෝ කෙල්ලෝ තමයි හිටියේ. (ඇත්තටම මේ පාර්ක් එකට කපල් ඇරෙන්න නිකන් මිනිස්සු   එනවා හරිම අඩුයි.)   සික්කෝ ටික කරබාගෙන අකුලාගෙන ගියා. අපිත් ඉතින් වීරයෝ වගේ පොඩි සද්ද ටිකක් දාල අපහු calss  ගියා. හැබැයි එදා ඉඳල පාර්ක් එකට ගියහම ටිකක් පිළිවෙලට තමයි හිටියේ. ඒ වගේම සික්කන්ගේ තිබුන කරදරෙත් ටිකක් විතර අඩු උනා. දැන්නම් මතක් වෙනකොටත් හිනා.



Monday, October 17, 2011

නොබැඳි ජාතීන්ගේ දැනගැනීම සඳහායි





මිනිසෙකු පරිපුරන මිනිසෙකු වීමට නම් ගසක් සිටු වීමත් ,දරුවකු හැදීමත්, පොතක් ලිවීමත් කලයුතු යයි චීන කියමනක් ඇත. නමුත් කසාද බැඳිය යුතුයැයි කියා නැත. එක පාරට මෙහෙම හිතුනේ මට පොඩි නිවාඩුවක් ලැබුණු නිසාය. කොලේ බැන්ද හරකා සේ උදේ වැඩටත් හවස ගෙදරටත් දින චරියාවේ එල්ලී සිටි මට එක  දිනක් සම්පුර්ණ යෙන් නිදහසේ ගත කිරීම‍ට ලැබුණු සතුටෙන් උද්දාමය ට පත් වී  මෙසේ ලිවීමට සිතුනේ. එදින ඇසුව සින්දුවක් නිසාමය. බොහෝ වාර ගණනක් මේ ය මීට පෙර අසා ඇති නමුත් එහි අර්ථය පිලිබඳ මා එතරම් සැලකිලිමත් නොවුනෙමි. නමුත් අද දිනයේ මනෝ පාරක් ගහගෙන ඉන්න විට මෙය ඇසීමේදී මට නැවත අතීතයට යාමට පුළුවන් වූ නිසා නොබැඳි ජාතින් කෙරේ අනුකම්පාවෙන් මෙසේ ලියා සිටිමි. සමහරුන්ට ඇසීමේ දෝෂ ඇති නිසා,  කියවා බැලීමටත්, නොතේරෙන යමක් ඇත්නම් එය තේරුම් කර ගැනීමටත් මට ඇසුණු ලෙස සින්දුව ඔන්න පහලින් ලීවෙමි. කසාද නොබැන්දෝ වෙත ඊරිසියා කිරීමෙන් පලක් නැත.( වාසනාවට ගෙදර උන්දෑට කොම්පීතරේ ගැන මල පොතේ අකුරක් බැරිය).   සෙනසුරු අපලය ලැබුවදා විෂ්ණු දෙවියොත් බට කොළ කෑවානම් අපි වැනි නරයන් ගැන කවර කතාද. (ඇඩෙනවා අප්පා)

සින්දුව ගන්න මෙතනින්





එක යායේ කකාවැටි- එකා වගේ එකට හිටී 
එක පවුලේ උපන් ලෙසේ කල ආරක්සා ...
නාස් ලනුව දමනවාලු - කරත්තයක බදිනවාලු 
අපට හිටිය ලපටි කැකුළු නාඹර වස්සා....

ගෙට ආ කල ටිකිරිලියා - නුඹ වේවිලු කබර ගොයා
ලිඳට ගියත් අවසරයක් ගන්නට වෙවී 
දල ගලවා අතේ තියා - නුඹ නටවයි ඒ ළමයා 
පනවාලා දරුණු දණ්ඩ බන්ධන නීති .......

වලට වැටුණු එකා යකා - වලටම ඇද ගනු මිසකා 
වලෙන් උඩට එන්නට ඇත දෙන්නට කැමති 
නැදැ හිතවතෙකු නැති - ඒ ගැන හිතුවොත් යෙහෙකි 
කසාදෙනම් කසාය  හරි තිත්ත බෙහෙතකී ....

(ගායනය : සුනිල් එදිරිසිංහ සමග බන්දුල විජේවීර )

පළමු කොටසින් කියන හරිය ඕනෑම කෙනෙකුට තේරුම් ගත හැකිය. එතනදී  නාඹර වස්සා.... යයි කීවේ කරන්න යන හරක් වැඩේ ගැන හිතා නොවන බව දැනගත යුතුය. තරුණ වස්සෙක් යනු නිදහස උපරිමයට බුක්ති විඳින්නෙකි ඕනෑම හුඹහකට ඇනිමටත්, ඕනෑම වත්තකට පැනීමටත් දෙවරක් හිතන්නේ  නැත. සියලු සෙල්ලම් ඉවර වන්නේ ටිකිරිලියා  ගෙට ආ පසුය එතෙක් ගෙදර සියලු දෙනාට තරුණ කමේ දල පෙන්වමින් නයකු සේ සිටින්නා නිකම්ම නිකම් කබරයකු බවට පත්වේ. මෙතනදී කබරයා කිවේ ඕනෑම දෙයකට ඔරොත්තු දෙන විදිහට හැදෙන බව කීමටය. කබරයාගේ හම රළුය ඕනෑම ජරාවක් කෑමට හැකිය, කොච්චර ගැහුවත් නොදැනෙන ලෙසට මාරු වී යාමේ හැකියාව හොඳින්  ඇත.  නැ හිත මිතුරන් කොපමණ මේ වලේ වැටුනත් උඩ ඉන්න අය‍ට කිසිදින වලට පනින්න  එපා යයි කියන්නේ නැත        
එකට හේතුව මේකය කසාදෙ තිත්ත උනත් කසාය වැනි බෙහෙතකි. අමාරුවෙන් හරි බී ඉවසා සිටින්නෝ අවසානයේ සුවපත් වෙන්නෝය. 

තව දෙයක් කිව යුතුය සාර්ථක විවාහ ජීවිතයකට මා දෙන උපදෙසනම් එක්කෝ ඔබ බිහිරි විය යුතුය නැතිනම් බිරිඳ ගොළු විය යුතුය.  



Sunday, October 9, 2011

රජ කාලේ sex කතා - අතිශයින්ම වැඩිහිටියන්ට පමණයි

වයස හරිනම් කියවලාම යන්න 






ඔන්න හැමදාම එක එක්කනාට මඩ ගහ ගහ ඉන්නේ නැතුව හිනාවෙන්න පුළුවන් දෙයක් ගෙනාවා . මට නම් මේක අහනකොට හිනා ගියා එත් කියවනකොට හිනා යයිද කියල මම දන්නේ නෑ. හිනා යන්නේ නැත්නම් ඉතින් විලාප දීල අඬන්න වෙන ඉතින් අහවල් දෙයක් කරන්නද ?

මේක මේ රජ කාලේ කතන්දරයක්. බනින නම් එපා කුණුහරුප කියනවා කියල මේකෙන් කියන දේ හරියට තේරුම් ගන්න බලන්න. සමහරු නම් දැනටමත් අහල ඇති.  ඔන්න එහෙනම් මේකයි කතාව. 

හැමෝම දන්නවනේ අද වගේම එදා හිටිය රජවරුන්නටත් හිටිය කවටයෙක් කියල කෙනෙක් . හැබයි අද වගේ නෙවේ එදා හිටිය රජවරුන්න්ට හිටියේ එක කවටයි. අර හැම කතාවකම හිටිය බ්‍රහ්මදත්ත රජතුමා වගේ හැම රජතුමෙකුටම හිටිය මේ කවටයට කිවේ අන්දරේ කියල.මම හිතන්නේ මේ අන්දරේ කියන්නේ තනතුරක් කියලයි. කොහොම උනත් අන්දරේගේ ප්‍රධාන  ඩියුටි එක තමයි රජතුමා අන්දන එක. රජ තුමාත් ඉතින් ඇඳගන්න බලා ගෙන හිටියේ. ඔන්න දවස රජ තුමත් අන්න්දරෙත් අතර මෙන්න මෙහෙම කතා බහක් ඇතිවෙනවා. 

ර :- අන්දරේ මම හිතා ගෙන ඉන්නේ අද නිවාඩු දවසක් නිසා පොඩ්ඩක් ඇවිදින්න යන්න. අපේ බිසවුන් වහන්සේත් මට ටික දවසක ඉඳලා කරදර කරනවා නගරය පැත්තේ  යන්න ඕන කියලා. අද මම හිතාගෙන ඉන්නේ රාජකීය උයන මැදින් නගරයට යනකම් ඇවිදගෙන යන්න ඒ හැටි දුරකුත්  නැ නොවැ.
අ :- එහෙමයිදෙවයන් වහන්ස. ඉඳල හිටලා හරි ඔබතුමා  ඔය විදිහට ඇවිදින්න යන එකනම් ඔබ තුමාගේ සරීර සනීපයට ඉතාම යහපත්. එහෙනම් ඔබ වහන්සේ අද දේවියත් එක්ක ඇවිදින්න යන්න. මමත් ගෙදර ගිහින් නිවාඩු දවසේ නාල කාල ටිකක් විවේකිව ඉන්නම්.
ර :- හොඳයි අන්දරේ අපිත්  දැන් පිටත් වෙනවා අන්දරේටත් අපිත්  එක්කම ගියහැකි. ඔය එන්නේ දේවියත් ලැස්ති වෙලා. 
අ :- (ශා.. අදනම් දේවිය නිකන් ගින්දර වගේ. මේ යකා ඕක මම ගන්න යනකොටම පැහැර ගත්තනේ. තාමත් ඔකිගේ හිතේ තියෙන්නේ මම ගැනම තමයි. දවස් කීයක් මම එනකොට  අන්තහ්පුරේ කවුළුවෙන් බලාගෙන හිටියද ? කොහෙද කුඹයෙකුටවත් ඕකට රිංගන්න පුළුවන්ය යන්න එන්න තියන එකම පාර තියෙන්නෙත් මේ යකාගේ කාමරේ ලගින්. නාකි වෙලත් තාම කාම තණ්හාව නම් අඩු නැ. )
දේ :- (මේ නාකියත් එක්ක දීග යන්න උනේ මගේ කරුමෙටද කොහෙද ? අන්දරේ මොන තරම් හැඩද ?මේ මෝඩයත් ටැක් ගැහි ගැහී හිටිය නේ ඉක්මන් උනානම් මෙලහටත් මම අන්දරෙගේනේ . මගේම කරුමේ )
..........
ර :- අන්දරේ මම හිතාගෙන ඉන්නේ මේ උයනට තව පොකුණක් ඉදි කරන්න අර කෙලවරේ තියන කොස්  ගස් ටික කපලා එතන හැදුවොත් හොඳයි  කියල හිතෙනවා. ඒ හරිය හොඳටම කැලා වෙලා. කෝ මේ උයන් පල්ලෝ .
අ :- අද නිවාඩු දවස හින්ඳ උයන් පල්ලෝ නැ රජතුමනි . කොහොමටත් මුන්ගෙන් වැඩක් හරියට කරගන්න නම් හැම වෙලේම හොයලා බලන්න ඕන.
..........
දේ :- අප්පේ මොකක්ද මේ එන සුවඳ ?
ර :- මටත් දැනුන. හැබැටම අන්දරේ මොකක්ද මේ සුවඳ ?
අ :- මේකනම් වරකා ගෙඩියක සුවඳ. අනිවාර්යෙන් අර පැණි වරකා ගහේ  ගෙඩියක් ඉදිලා සතෙක් කනවා ඇති. මම හිතන්නේ අපේ කිරිඅත්ත මැරුම් කන්න ගියේ ඔය ඔය ගහේ වරකා කලා වෙන්න ඕන.
අ :- අර තියෙන්නේ මම කිවේ මේ ගහේ වරකා තරම් රස වරකා මම හිතන්නේ රටේ වෙන කොහෙවත් නැ කියල. මේ වරකා පැල ටික ඔබ තුමාගේ මී මුත්තට බ්‍රහ්මදත්ත රජතුමනේ එවුවේ. අපේ කරුමෙට ඒ ගෙඩිය තියෙන්නේ ලේසියෙන් කඩන්න පුළුවන් තැනක නෙවේ. ඒ මදිවට මොකෙක් හරි සතෙක් එක කන්න අරන් වගේ.
ර :- අන්දරේ කොහොමද මේ වරකා ගෙඩිය කඩන්නේ . අපි නගරයට ගිහින් එනකොට මේක සත්තු කාල තියෙයි . බලන්න ලඟපාත කවුරු හරි ඉන්නවද කියලා. 
අ:- ඔහේ නෑ රජතුමනි අද නිවාඩු දවස හින්දා කිසිම කෙනෙක් පෙන්න නැ . හිටියත් ගහකට යවන්න තිය පයින් යන්නවත් පුළුවන් විදිහට අද ඉන්නේ නැ.ඔක්කොම එවුන් කන සාක්කුවේ දමාගෙන ඇති. 
දේ :- අපරාදේ මගේ කටට කෙලත් ඉනුවා මේ සුවඳට. රස දෙයක් කන්න පින නැ නේ මට. 
අ :- දේවිය මේ කියන්නේ වරකා ගැනද ? නත්නම්ම්ම්ම්ම් ....
අ :- කමක් නැ රජතුමනි දේවියත් කියන නිසා මම කොහොම හරි වරකා ගෙඩිය කඩලා දෙන්න බලන්නම්. කාලෙකින් ගහකට නැග්ගේත් නැ.දැන් පුරුදුත් නැ වගේ. 
..........
දේ :-  අනේ අන්දරේ පරෙස්සමෙන්.
..........
අ:- හී.. හී ... හී .........හු ....හ .....හ ....හ @ ...!
ර :- මොකද අන්දරේ පිස්සු හැදිලා වගේ හිනාවෙන්නේ. ගහට නැග්ගම තමුසෙට මොකක්ද හැදුන පිස්සුව.
අ:- හී.. හී ... හී .........හු ....හ .....හ ....හ @ ...!
ර :- කතා  කරනවා මිනිහෝ.
අ:- රජතුමනි ...හී.. හී ... හී .........හු ....හ .....හ ....හ @ ...!
ර:- පිස්සුද ඔයි මොකද තමුසෙට උනේ කතා කරනවා මගේ යකා අවුස්සන්නේ  නැතිව.
අ:- රජතුමනි හී.. හී ... හී .........හු ....හ .....හ ....හ කියන්නේ කොහොමද අප්පා. හි ..හී මට ලැජ්ජයි හි හි 
ර :- අන්දරේ මට යකා නග්ගවන්නේ නැතිව කියනවා මොකද උනේ කියල.
අ :- රජ තුමනි
ර :- ඔවු ඉතින් 
අ:- රජතුමනි හි.. හී .අනේ මන්ද කොහොම කියන්නද අප්පා හි .....හී .....
අ :- රජතුමනි මට පේනවා ..හි...හී.. මට පේනවා ඔබතුමා.....
ර :- ඔවු ඉතින් මම 
අ:- ඔබතුමා .....ඔබතුමා හි..හි.. සිරියහන් ගබඩාවේ කරන වැඩ දේවියත් එක්ක මෙතන කරනවා .....හී හී .........
ර:- අන්දරේ තමුසෙට ඔල්මාදෙද. මම මේ හිටිය වගේ ඉන්නේ. මේ උයන මැද. පිස්සුද තමුසෙට. 
අ:- දෙයියම් පල්ලා රජතුමනි මෙතනට ආපුවම මට පේනවා හි..හී හී .........
ර:- මොකාක්ද තමුසේ කියන්නේ . බහිනවා ඉක්මනට . බහිනවා ... මට බලන්න ඕන මේ කියන එකේ ඇත්ත නැත්ත. හැබයි බොරුවක් කියල තිබුනොත් ....දන්නවනේ රාජ උදහස.
අ :- හා ඔබතුමාම  නැගල බලන්න හි හී 
...........
ර:- හි...හී ...හූ ....හූ ...හී ..හී @....# ...!
අ:- ඇයි රජතුමනි ඔබතුමා හිනාවෙන්නේ 
ර:- හි...හී ...හූ ....හූ ...හී ..හී @....# ...! මාරයි බන් හි.. හී 
අ:- ඇයි රජතුමනි මොකාක්ද ඔබතුමා දැක්කේ 
ර :- හි..හී අනේ බන් උඹ ....උඹ අපේ දේවියත් එක්ක හී ...හී 
අ :- ඉතින් මොකක්ද මම දේවියත් එක්ක..
ර :-හී...හී...හි උඹ දේවියත් එක්ක ....හි ...හි....හීඉ මට ලැජ්ජයි බන්...හි...හී .. උඹ දැකපු දේම තමයි 

ඉතුරු ටික කිවන්නා සතුය. 
ඇනුම් බැනුම් ගල් මල් පහතින්  දමල යන්න තව මොනවා හරි ලියන්න හිතෙන්නේ එතකොට  තමයි.

Thursday, October 6, 2011

ශ්‍රී ලංකාවේ පිහිටි ලොව ලොකුම හෝරාස්ථම්භය


මේ කතාව කිවුව ගමන් හැමෝම පිළිගන්න එකක් නැ මේක ඇත්ත කියල. නමුත් ළමයිනේ අපි නොදන්නා කොච්චර දේවල් තියනවද ? අපේ මේ සිරි ලංකාවේ .
                              මේක පිහිටලා තිබුනේ මම මේ දවස් ටිකේම පොස්ට් ලියල විස්තර කරන, මම නිතරම ඉන්න රම්‍ය පුරවරය වන රඹුක්කනම තමයි. මේක හැදුවේ අපේ රටේ හැම නගරයකම ස්ථම්භ කෙලින් කරපු ආර්. ප්‍රේමදාස මැතිතුමාම තමයි. හැබැයි එයා හැදුවෙනම් මේක ලෝකේ ලොකුම එක වෙයි කියල හිතල නෙවෙයි. එයා ජීවත්ව ඉන්න කාලේ මේක එච්චර ලොකුවට තිබුනේ නැ. නමුත් එතුමා නැති උනා විතරයි මේක ටික ටික ලොකුවෙන්න ගත්තා. මේක ලෝක පුදුම වලට එකතු නොවුණු එකත් පුදුමයක් තමයි. නැත්තම් මොන රටේද ඉබේම ලොකුවෙන ඔරලෝසු කණුවක් තිබ්බේ මම අහන්නේ.  මම දන්නවා තවම  ඔහේලා හිතන්නේ මම මුසාවාදයක් කියනව කියලනේ. 

               ඔන්න පිලිගන්නවනම් පිළිගන්න මෙන්න මෙහෙමයි ඕක සිද්ද උනේ. ප්‍රේමදාස මහත්තයා  මැරිලා ටික දවසක් යනකොට ඔන්න ඔය කණුවේ එක මුනතක  ඉඳල අනිකට යන්න  විනාඩි 30 විතර ගත උනා. ඕක දවසින් දවස ටික ටික  වැඩිවෙලා එක මුනත්ක ඉඳලා අනිත් මුනතට යන්න පැය 12 කට වැඩිය ගත උනා. හැබයි කොහොම උනාද මම දන්නේ නැ මේක සමමිතික විදිහකට නෙවේ උනේ ඔන්න. සමහර මුණක ඉඳල අනිකට යනකොට පැය 6 විතර වෙනස් උනත් අනිත් මුනත්ට යනකොට පැය 10 -12 විතර වෙනස් උනා. Big Ben Abraj_Al_Bait_Towers වගේ ඔරලෝසු කණු මොන Big ද . ඔය කොයි කනුව වටේ ගිහින් වෙලාව බැලුවත්  එකම වෙලාවක් තියෙන්නේ .ඕනෑම  කණුවක් වටේ යන්න  විනාඩි 5-10 යයි හෙමින්ම ගියත්. මේ කනුව ඒ වගේද කිසිම ජගතෙකුට බැ මේ කනුව වටේ යන්න විනාඩි 5 -10 කින්. හා ඉතින් ඔහෙලට කියන්න පුලුවන්ද මේක ලෝකේ ලොකුම ඔරලෝසු කනුව නෙවෙයි කියල. 

හැබැයි කණගාටුවෙන් උනත්  කියන්න ඕන ජාත්‍යන්තර  කුමන්ත්‍රණයක් නිසා කොහොම හරි Dialog ආයතනය මේ කනුව Digital කරන්න කියලා භාර අරගෙන මේක අපහු ඉස්සරලම හදල තිබ්බ ගානට පුංචි කරා. ඊට පස්සේ මේක වටේ යන්න තප්පර 2 ක් වත් ගියේ නැ. ඒ දවස් වල කොයි මුහුණත බැලුවත් එකම වෙලාව. (මම නම් කියන්නේ ජාත්‍යන්තර ප්‍රජාව මේ බහුජාතික සමාගම් එක්ක එකතු වෙලා අපේ රටේ කිර්තිය නැති  කරන්න කරන මේ කුමන්ත්‍රණ පරාජය කරන්න ඕන.) ඔන්න බලන්න ඔය වගේ නොහොබිනා වැඩ සොභාව ධර්මයා පවා අනුමත කරන්නේ නැ. Dialog ආයතනය ඕක හදලා මාස 3-4 විතර යනකොට ගැහුවා අකුණක් ඔක්කොම පිච්චිලා යන්න. දැන් එක මුනකවත් කිසිම වෙලාවක් නැ.

මේ  සිදුවීම හින්දා රඹුක්කන නගරයේ ජනගහනය හොඳටම වැඩි උනා. හදිසි අනතුරකින් මිසක් වයසට ගිහින් කිසිම මිනිහෙක් මරුනේ නැ. කොහොම වයසට යන්නද අප්පා වෙලාව යන්නේ නැතුව.  ඔහේලා මගෙන් අහයි " වෙලාව යන්නේ නැතිනම් කොහොමද ඔයි ජනගහනය වැඩි උනේ ළමයි හම්මේබෙන්න විදිහකුත් නැනේ " කියලා. ළමයි හම්බෙලා නෙවෙයි ජනගහනය වැඩි උනේ මේ වයසට නොයන එක ආරංචි උනාට පස්සේ අවට ගම්වල මිනිස්සු ඇවිත් පදිංචි වෙලා. දැන් රඹුක්කන ඉඩම් එහෙම හරි ගනන්. බොරුවක් කියනවනම් ඔන්න පහල තියෙන පොටෝ බලන්නකෝ ඕවා.





ඔන්න වෙලාව ගැන කියනකොට අමතක කරන්නම බැරි කෙනෙක් නිසයි මේ පින්තුරේ  දැම්මේ.පුරුස දහිරිය අතට අරන් ග්‍රීනිච් මද්දයාහන රේකාවටත් මෙතුමිය අභියෝග කළා නොවැ. 





එහෙනම් ඉතින් ඔන්න නැවැත්තුව ඇ ..... 

Tuesday, October 4, 2011

අකුරු බැරිද ? ඇමතිතුමා


වැදූ මවටත් අහසටත් නොමැත නිවනක් කිව වගේ. මොකා මොන වැරැද්ද කරත් බැණුම අහන්න වෙන්නේ විෂය බාර ඇමති තුමාට. එකෙත් වැරද්දක් නෑ ඉතින් මොකද කරන්න පුළුවන් කියලනේ බාර ගන්නේ. 

ඔන්න ඔය තියෙන්නේ මේ ඊයේ පෙරේද පීලි උඩට දාපු අලුත් කෝච්චියක ගහල තිබුන ස්ටිකර් එකක තත්වය. මම හිතන්නේ මේවා ප්‍රින්ට් කරන්නේ ල.දු.දේ  නෙවේ. මොකක් හරි printing ෂොප් එකකින් තමයි ප්‍රින්ට් කර ගන්න ඇත්තේ. හැබැයි මේක අලවන්න කලින් කියවල බලන්න අකුරු දන්නා එකෙක් දුම්රිය දෙපාර්තු මෙන්තුවේ හිටියේ නැද්ද කියල හිතෙනවා. ඇමැතිතුමාත් බොහොම ආඩම්බරයෙන් මේ දුම්රියේ මංගල ගමන ගියා කියල අපි දැක්ක. එතුමාටත් මේක කියව ගන්න බැරි උනාද ?.
 සුද්දගේ කාලේ ගෙනාපු කොච්චි වලත් " ල . දු.  දේ " කියල අකුරක් වත් වරද්දන්නෙ නැතුව  හැම කොටසකම ලියලා තිබුණ. ඒ විතරක්ය " හදිසියක් නම් දම්වැල අදිනු නිකරුනේ ඇත්දොත් ශත 20 ක්  දඩ " වගේ බෙලෙක් තහඩුවේ කොටපු දැන්වීම් නියම අක්ෂර වින්‍යාසයෙන් ලස්සන අකුරෙන් කොටලා තිබ්බ හැටි මතකයි.

  හැබැයි මට මතකයි ඔය වගේ පොඩි දේවල් පවා හොඳින් පෙනුණු නායකයෙක් අපිට හිටිය ඒ වෙන කවුරුවත් නෙවේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. මේක නම් පොඩි දෙයක් තමයි  එත් මම හිතන්නේ මේක printing shop එකකින් පරිත්‍යාග කරපු ස්ටිකර් වගයක් නෙවේ. කොච්චි ගොඩක අලවන්න ප්‍රින්ට් කරපු ස්ටිකර් තොගයට ගියා ගාන පොඩි නැතුව ඇති නේද. කොහොම උනත් මේක බාර ගත්ත නිලධාරියා  (ප්‍රින්ට් කරන වැඩේ බාර දුන්නට Printing ෂොප් එකෙන් කොමිස් එකක්වත්  ගත්ත  නැති හි... හි.. )
 තමන්ට මොනවා හරී මිලදී ගත්දිත් මෙහෙමද දන්නේ නැ අරගෙන යන්නේ. අඩුම තරමේ මේක type කරන්න හොඳ Font එකක් වත් මුන්ට තිබුනේ නැද්ද. අකුරු එක එක size ෆොන්ට් එකක් කොහෙන් හොයා ගත්තද මන්දා. අනිත් භෂා ගැන මට ලොකු දැනුමක් නැතිනිසා ඒවගේ මොනවා තියනවද කියල දන්නේ නැ . දන්නා කෙනෙක් ඉන්නවා නම් කොමෙන්ටුවක් දාන්න . කියන්න තියෙන්නේ මෙච්චරයි පුලුවන්නම් හරියට කරපන් බැරිනම් නොකර හිටපන්.  

Monday, October 3, 2011

මාර්ග සැදීමේ අලුත්ම තාක්ෂණය

ලංකාවේ අපි අතිතයේ රජ දරුවන් කල කී  දැ පිළිබඳව පුරාජේරු කියන්නවුන් නොවෙමු. සෑම විටම අලුත් නිර්මාණ බිහි කරමින් ලොව පුරා ජනතාව විශ්මයට පත් කරමින් සිටින රටක් වෙමු. මේ අපගේ අලුත්ම මාර්ග සැදීමේ සහ නඩත්තු කිරීමේ තාක්ෂණයයි. තවම පේටන්ට් අයිතිය ලබා නොමැති නමුත් ලොව කොතනකවත් තවම මෙම  තාක්ෂණයයි බාවිතා කරනු ඇති බවට සාක්ෂි හමුවී නොමැත. අපගේ පැරණි ශිල්ප ක්‍රම බාවිතා කරමින් නුතන ක්‍රමය දිඋනු  කර ඇත. මතුරා ජීවම් කරන ලද වැලි මේ සඳහා යොදාගෙන ඇත. කොපමණ කැඩී බිඳී ගිය මාර්ගයක් උවද කම් නැත. කල යුත්තේ තුනී තාර තට්ටුවක් දමා එය මත මෙම මතුරන ලද වැලි අඟල් 1.5 පමණ තට්ටුවක් දැමීම පමණි. ඉන්පසු සති කීපයකින් වැලි ඉවත්  වී ගිය පසු මාර්ගය සෑදී ඇති අයුරු දැකිය හැක. පහත රුප මගින් ඔබට එය පැහැදිලි වනු ඇති.







 මෙම තාක්ෂණයේ පවතින ප්‍රධාන අවාසිය වන්නේ කොල්ලන්ගේ අතපය කැඩී යාමට ඇති හැකියාවයි. කෙල්ලත්, බල්ලාත්, වැල්ලත් බයිසිකල් පදින කොල්ලන්ට අන්තිම අපල බවත් තුනම එකම තැන හමු උනොත් අතපයක් කැඩීම අනිවාර්ය බවත්  අත්දැකීමෙන් මම දනිමි. මෙම රුප මගින් දැක්වෙන්නේ රඹුක්කන නගරයේ මහා දවල් ගත් චායාරුප  රැසකි. ඉර තදින් පාය ඇති විට සපත්තු සෙරෙප්පු මෙම මාර්ගයේ නිදන් වනු දැකිය හැකි නමුත් වේගයෙන් වාහන ගමන් කිරීමට නොහැකි වීම නිසා මගීන්ගේ ජිවිත සුරැකීම ගැන සිතීමේදී ඉහත අවාසිය නොසලකා හරිය හැක. එමේන්ම මෙහි අතුරු පලයක් ලෙස මාර්ගය සෑදු අයගේත් සබරගමු මහා ඇමති තුමාගේත් මවුපිය නෑද යන් හට නිවන් සුව ලැබෙනු ඇත. දහවල් 11 ත්  2 ත් අතර  මෙම මාර්ගයේ ගමන් කරන සියලු දෙනා  මවුපිය නෑද යන් හට පින් පමුනවනු දැකීම සිත් පහන් කරවන දසුනකි.