මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Monday, September 5, 2011

දුම්රිය වගේ වෙලාවට


සුද්දෝ අපේ රටට‍ කෝච්චිය අරගෙන ආවේ අපිට තියන ආදරේකට නෙවේ කියල අපි හැමෝම දන්නවා. ඒ උනාට උන් යනකොට එක අරගෙන ගියේ නැ. එහෙම දුන්න කෝච්චිය සුද්ද දුවපු ක්‍රමයට  දුවා ගන්නවත් අපේ රටේ හිටපු කිසි කෙනෙකුට බැරි උනා. හැම දම  ඉස්ටෙෂන් එකට ගියහම අහන්න තිබුනේ " ස්වල්ප වෙලාවක් ප්‍රමාද වී ධාවනය වන බව මගීන් කරුණාවෙන් සලකන්න " කියන එක විතරයි. එක හින්දකිසිම දවසක වෙලාව ගැන හිතල, වෙලාව බලලා වෙලාවට මම  ඉස්ටෙෂන් එකට ගියේ නැ. දෙඉයෝ සාක්කි ඒ පුරුද්දට ඉස්ටෙෂන් එකට ගිය මට අදනම් ඇන ගන්න උනා. දැන් කොච්චි වෙලාවට දුවනවා. මොන ආණ්ඩුව ආවත් විපක්සෙ හිටපු මට මේ සැරේ දුම්රිය දෙපාර්තුමේන්තුව පතුරු ගහන්න බැරි වෙයි  වගේ. මොනවා උනත් එල එල කුමාර වෙල්ගම මෙචර එල පොරක් කියල මම නම් හිතුවේ නැ.    
දැන් ඉතින් අපිට අපේ විනය හදා ගන්න වෙයි වගේ. කමක් නැ හෙට උදේම නැගිටින්නම්කො.


2 comments: