මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Saturday, September 10, 2011

DIALOG නම් එල අප්පා


අනේ මන්ද එක එක එවුන්ට කඩේ යනවා කියල කියිද මන්ද. එත් ඉතින් කියන්න ඕන එක පැත්ත ගියත් කියන්න එපාය. ඔන්න මම කියන්නම් මුල ඉඳලම සිද්දිය. මම අන්තර්ජාලය හා හා පුරා කියල පාවිචිචි  කරන්න ගත්තේ 1998 ඉඳල. ඒ දවස්වල කොහෙද බ්‍රෝඩ් බ්‍රෑන්ඩ්. නාකි බල්ලෝ කොළඹ යනවා වගේ තමයි ඉන්ටෙර්නෙට් ගියේ. තිබුනෙත් 386, 486, P1 computer   පස්සේ ඉතින්  රස්සා , පරස්තා හින්දා ජාලයෙන් එලියට විසි උනා කියමුකෝ. 

කොහොම හරි ඔන්න 2007 අවුරුද්දේ මමත් ගත්ත ගෙදරටම ගෙනත් දුන්නු ADSL LINE එකක් . අපරාදේ කියන්න බෑ ගත්තු දවසේ ඉඳල වැඩිපුරම කෝල් කරේ SRI LANKA TELICOM   එකටම තමයි. එනවා හදනවා යනවා. ටික දවසක් පාවිච්චි කරන කොට මට හිතුන මම දැන් ඉන්නේ 1998 කියල. LINE එක ගත්තු දවසේ හිටවපු මල් ගහෙන් මල් පොකුරක් කඩා ගත්තු මම ගෙවුවේ නැ බිල්. අන්තිමට බිල් එකතුවෙලා මට නඩු දානවා  කියල මගෙන් ගිවිසුමේ හැටියට පාවිච්චි කරපු මාස  3 ට අවුරුද්දක සල්ලි පැහැර ගත්ත. එකත් දීල LINE එකත් අයින් කරපු මම ගොනා නම් වික්කේ නැ. අයෙත් ජාල පිස්සුව නිසා ගත්ත ජාතික ජංගම දුරකථන ජාලයෙන් ඩේටා සිම්  එකක්. මම ඉන්න තැනට 3 G සිග්නල් තිබුනේ ඔය ටෙල් එකේ විතරයි. ඒ සිම් එකෙන් ජාල ගත උන මම මාර්ගපල ලබා ගත්ත ඉවසීම පුරුදු කරලා. දැන් මට ඔය සිම් එකෙන් අන්තර් ජාලයට යන අයගේ හිත කියවන්නත් පුළුවන්. ඉස්සර අයිය කියපු අය දැන් මට පුතා කියනවා. අවුරුදු  13 ක් ම වයස අඩු උන නිසා.

ඔය අතරේ සක්කරයාගේ පඬුපුල් අස්නේ උණු උනා මගේ  ඉවසීම නිසා. ඉන්න බැරිම තැන ඇවිත් DIALOG එකේ manegar ට හීනෙන් පෙනිලා කිවා මම ඉන්න පළාතට  3G දෙන්න කියල. ඔන්න ඒ පර තමයි මට DIALOG SIM එකක් ගන්න සිද්ද උනේ. සක්කරයට පින් සිද්ද  වෙන්න මට රැට නිදාගන්න විදිහක් නැ. 

පසුව ලියමි 
මම ගත්තේ රුපියල් 500 මසකට ගෙවන packege එකයි. මේ වෙනකොට මගේ dowinload ලිමිට් එක පැනල දින ගණනාවක් වෙනවා. dialog ල කියනවා Limit එක පනපුවම ස්ලෝව් කරනවා කියල. නමුත් මට නම්.මේ ස්පීඩ් එක කලින් භාවිතා කරපු දෙකේම high Speed එකට වැඩිය වැඩි කියලයි තේරෙන්නේ. කොහොම හරි අද දවල්මම 870MB Torrent එකක Download කර පැය 2 කින්.

 එල DIOLOG   

1 comment:

  1. එළ එළ ..මමත් පාවිච්චි කරේ ඕකමයි..වරදක් නෑ.....

    ReplyDelete