මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Thursday, September 1, 2011

නම බලපුවාම මට හිතෙන දේ



නම කියන්නේ ඕනෑම දෙයක් හරියටම හදුනා ගන්න ඒ ඒ වස්තුන් වලට අනන්‍යව ලබා දීල තියන දෙයක්නේ. එත් ඉතින් සමහර නම් බලපුවම මට නම් ටිකක් මොකක්දෝ  වගේ. මිනිස්සුන්ට දීල තියන නම් ගැන කතා කොරොත් නම් කියල වැඩක් නැ.මම කතා කරන්නේ මිනුස්සුන්ගේ නම් ගැන නෙවේ. නිතරම බයිසිකලේක නැගල දුර ගමන් යන මගේ එක විනෝදාංශයක් තමයි එක එක වියාපාර, ආයතන වලට දාලා  තියන නම බලලා එක ඒ තැනට ගැලපෙනවද කියල බලන එක. ඔන්න මට මතක තැන් කීපයක් 

රශ්මි බේකරිය සහ හෝටලය  - හරියටම හරි කවුද අකැමති රස්නේ පිට පාන් බනිස් කන්න ගැලපෙන නම 
කනක ගෝල්ඩ් හවුස් - කනක කියන්නේ රත්තරන් වලට කියන ටවත් නමක් නිසා හරියටම හරි.


සුමුදු හාඩිවියාර් - හාඩිවියාර් වල කොහෙද අප්පා සුමුදු දේවල්.
නිලන්ත පොල්තෙල් හිඳින ස්ථානය - නිලන්ත බැරිනම් කවුරු හරි  කමක් නැ පොල්තෙල් "සිඳල" දෙනවනම්. නමුත් ප්‍රශ්නේ තියෙන්නේ නිලන්ත පොල්තෙල් "හිඳින" එකෙයි. පොල්තෙල් හින්දුනහම මොනවත් ඉතිරි   වෙන්නේ නැ මම හිතන්නේ. 
බීරළු ලියවනු ලැබේ - මම හිතන්නේ බීරළු ලියවපුවම මොනවත් ඉතිරිවෙන්නේ නැ කියලයි. මොකද ලී කෑල්ලක් ලියවල තමයි බීරළු හදා ගන්නේ. ඉතින් බීරළු ලියවපුවම ආපහු ලී කෑල්ලක් තමයි ලැබෙන්නේ.
අභය ෆාම් හවුස් - හැබැයි විකුනන්නේ කුකුල් මස්, බිත්තර වගේ දේවල්. ශිහ් .. නියමෙට ගැලපෙනවා නේද.
අසේල ඩ්‍රෙස් පොයින්ට් - මම හිතන්නේ සීතාම්බර පට වෙන්න ඇති විකුනන්නේ. මට මතක විදිහට නිගණ්ඨයන්ටත් අසේල කියනවා (අ + සේල ) නිගණ්ඨයෝ ඇඳුම් ගන්නේ මෙතනින් වෙන්න ඇති.
අරුණ නයිට්  කඩේ - වැඩක් නැ කියල පාන්දරම කඩේ අරිනවා.
සහන උගස් කරුවෝ - උපරිම සහනය. මාසෙට 13% සිට  20%

2 comments:

  1. අම්මපා අදයි දන්නේ මේ බ්ලොගය ගැන!

    ReplyDelete
  2. කකා කලිනුත් කොමෙන්ටුවක් දාලා තියනවා මෙන්න මෙතැන http://www.blogger.com/profile/16335149222379060633

    ReplyDelete