මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Wednesday, September 25, 2013

ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු (2)

පලමු ලිපියට මෙතනින් 
ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු (1)


හරි එහෙනම් වොරන්ටි, ගැරන්ටි කියන්නේ මොකක්ද වගේම වොරන්ටි නැති වෙන්න පුළුවන් කාරනා කීපයකුත් අපි කලින් කතා කළා. ආෆ්ටර් සේර්විස් කියන්නේ මොකක්ද කියලත් තරමක්  කතා කලා. අද එහෙනම් කියන්න යන්නේ වොරන්ටිය නැති වෙන්න පුළුවන් තවත් හේතු කීපයක් සහ තවත් ලට්ට ලොට්ට ගොඩක් මේ සම්භන්දව.

ගොඩක් වර්ග වල  භාණ්ඩ මිලදී ගත්තට පස්සේ  කල යුතු අනිවාර්ය සේවා කිරීම් තියනවා වගේම සමහර භාණ්ඩ තියනවා ඔය මොන මඟුලක්වත්  නොකර දිගටම පාවිචි කිරීම විතරක් කරන්න පුළුවන් (උදා : ශීතකරණ, ඔරලෝසු, ජංගම දුරකථන).  එවැනි භාණ්ඩ අනවශ්‍ය විදිහට් සේවා(service) කරන්න ගිල්ලත් වොරන්ට්යිය නැති කරන්
 
ඉල්ලගෙන කන්න සිද්ද වෙන්න පුළුවන්. මම දැකලා තියන ගොඩක් පාරිභෝගිකයෝ ප්‍රධාන කොටස් තුනකට බෙදන්න පුළුවන්. (මේක සම්මත බෙදීමක් නෙවේ මගේ මතය අනුව කල වර්ග කිරීමක් විතරයි.)

1. මිලදීගත් භාණ්ඩය ගැන කිසිම සැලකිල්ලක් නැතිව තමන්ගේ අවශ්‍යතාව  සපුරා ගන්න පමණක් කටයුතු කරන පාරිභෝගිකයින්.

2. භාණ්ඩය පිලිබඳ හොඳ දැනුමකින් භාණ්ඩයේ නඩත්තු නිසි පරිදි කරමින් භාණ්ඩය භාවිතා කරන පාරිභෝගිකයින්.

3. භාණ්ඩය පිලිබඳ ඕනවට වඩා සොයා බලමින් අනවශ්‍ය පරිදි සේවා(service) කරමින් භාණ්ඩය භාවිතා කරන පාරිභෝගිකයින්.          

ඔතනින් මං වැටෙන්නේ එකෙන්ම ඔය අංක 1 කියන ගොඩට. හෙහ් ..දැන් ඉතින් හැමෝම දන්නවනේ මේ කියන්නේ වැදී  බන තමයි කියලා. මේ කණ්ඩායමේ පාරිභෝගිකයින් බලන්නේ නැ  භාණ්ඩය හදලා තියෙන්නේ මොකටද ?. මොනවද එකෙන් කරගන්න පුළුවන් වගේ දේවල්. තමන්ට ඕන කරන ඕනෑම දෙකට මේ ගොල්ලෝ මේ භාණ්ඩය පාවිච්චි කරනවා. තමන්ගේ අවශ්‍යතාවය ඉටු වෙනවනම් ඒ ඇති. අහන්න දෙයක් නැ මේ වගේ පාවිච්චි කරන භාණ්ඩයකට වොරන්ටි හම්බෙයිද කියලා. හැබයි මේ අයත් වොරන්ටි කාලය ඇතුලත භාණ්ඩයේ දෝෂයක් ඇති උනොත් උස්සගෙන යනවා භාණ්ඩය මිලදී ගත ආයතනයට. එතන ඉන්නේ ඔය වගේ පාරිභෝගිකයින් ඉහේ කෙස් ගානට දැකපු මුදලාලිලා සහ නඩත්තු ශිල්පීන්. ගිහින් පුක්  මුනකුත් දාගෙන, සද්දෙකුත් දාල තමයි භාණ්ඩය දෙන්නේ. එතකොට අනේ කොහොම හරි මේ ගොල්ලෝ මේ භාණ්ඩයේ වගකීම් සහතිකයේ ඇති කොන්දේසියක් කැඩිලා කියලා පෙන්නලා දීලා. භාණ්ඩයේ වගකීම අවසන් කියල කියනවා. එතකොට ඉතින් සද්දේ දාල ආපහු හැරිලා එනවට වඩා දෙයක් කරගන්න බැරි වෙනවා. හැබයි මම දැකලා තියන විදිහට මේ අය වැඩි දුර පන්නන්නේ නැ භාණ්ඩයට වගකීම ගන්න මොකද මේ අය දන්නවා තමන් භාණ්ඩය භාවිතා කල විදිහ. ගොඩක් වෙලාවට ඉක්මනින් හිත හදාගෙන  වෙන භාණ්ඩයක් මිලදී ගන්නවා.    

දෙවැනි කණ්ඩායමේ පාරිභෝගිකයින් තමා නිවැරදිම කට්ටිය. මේ අය භාණ්ඩය නිවැරදිව භාවිතා කරනවා පමණක් නෙවේ ඒ අය එහි වගකීම ආදී සැම දෙයක් ගැනම ගොඩක් විට දැනුවත්. මේ අයත් වගකීම් කාලය ඇතලත භාණ්ඩ රැගෙන යනවා. අවංක ආයතනයක් නම් අනිවාර්යෙන් මේ අයට වගකීම් සහතිකයේ කොන්දේසි වලට අනුව වගකීම ලබා දෙනවා. සමහර විට පාරිභෝගිකයා නොදැනුවත්ව වගකීමේ කොන්දේසියක් උල්ලන්ගනය වෙලා තියෙන්න පුළුවන් (උදා : ජංගම දුරකතනයක් තුලට පාරිභෝගිකයා නොදැනුවත්ව ජලය යාම-කුඩා දරුවෙකු අතින්, නාන කාමරයේදී )  නමුත් එහිදී ඔබ හොඳ මහත්මයකු ලෙස හැසිරුනොත් බොහෝ විට මෙම ආයතනයෙන් ඔබට සහනයක් ලබා දෙනවාමයි. ඒ වගේම මේ අය රැගෙන එන භාණ්ඩය සමහර විත ඉතා සුළු අලුත් වැඩියාවකින් නැවත මුල් තත්වයට ගන්න පුළුවන්.           



තුන් වැනි කණ්ඩායම් තමයි හොඳටම ඉල්ලගෙන කන කට්ටිය. මේ අය භාණ්ඩය ගැන අනවශ්‍ය තරම් සැලකිල්ලක් දක්වනවා. ඒක භාණ්ඩයකට සැලකිල්ලක් නොදක්වා ඉන්නවටත් වැඩිය අනා ගන්න වැඩක් වෙනවා. අදික සැලකිල්ල නිසා බොහෝ විට නැති දෝෂ පවා පෙනෙන්න ගන්නවා. අලුත් ගොඩක් උපකරණ මෘදුකාංග මගින් ක්‍රියාත්මක වන දේවල් හින්දා ගොඩක් වෙලාවල් වලට තාවකාලික දෝෂ ඇති වෙන්න පුළුවන්. සමහර අවස්ථා වල නැවත පන ගැන්වීමක්(restart) හෝ ප්‍රාථමික ප්‍රතිපිහිටුමක් (factory reset) මගින් දෝෂය ඉවත් කර ගන්න පුළුවන්. නමුත් මේ අය දෝෂය තහවුරු කර ගන්න නැවත නැවත දෝෂය ක්‍රියාත්මක කර බැලීම තුලින් විශාල දෝෂයක් නිර්මාණය කර ගන්නවා. ඒ විතරක් නෙවේ භාණ්ඩය හොඳින් පවත්වාගෙන යාමට සිතා නුසුදුසු සැලකිලි දක්වනවා(උදා: TV,කැසට් වැනි දේවල් මත රෙදි වැනි ආවරණයක් යෙදීම, ජංගම දුරකථන සුවඳ විලවුන්, සර්ජිකල් ඉස්පිරිතු, ෂැම්පු වගේ දේවල් වලින් පිස දැමීම- එවිට මතු පිට ඇති ආරක්ෂක තීන්ත ආවරණය බිඳ වැටේ, නිතර නිතර බ්‍රෂ් කිරීම, පරිගණක වැනි දැ වඩා හොඳ සිසිල් කිරීමක් යයි සිතා  පියන ඇර තැබීම, යාන්ත්‍රික කොටස් වල ඇති ඇන නිතර නිතර බුරුල් වී ඇතැයි සිතා තද කිරීම). මේ අයගෙන් තමයි වෙළඳ ආයතන වලට බේරෙන්නම බැරි. මේ අයගේ කන්දොස්කිරියාව හින්දම මේ අයට වගකීම ලබා ගන්න බැරි වෙන වෙලාවල් බොහොමයි. අනිත් එක මේ අය සුළු සුළු දෝෂ කියමින් වට පිටේ ඉන්න මක බාස්ලා  වෙත පෙන්වීමෙන් හෝ තමන් විසින් බොහෝ විට වගකීමේ මුද්‍රා කඩා ගන්නවා. දන්නවනේ ඉතින් ඔය මුද්‍රාව කඩා ගත්තොත්  ආය නෝ වොරන්ටි. මොකෙක්වත් ගන්න  කැමති නැ ගත්තත් ඉතින් කොන්ඩම් කරලා දෙකේ කොලේට තමා ඉල්ලන්නේ. ඇත්තටම මේ අයගේ භාණ්ඩ ගොඩක් වෙලාවට ස්භාවිකව ලෙඩ වෙච්චි ඒවා නෙවේ මේවා හදා ගත්ත ලෙඩ. එතැනින්ම වගකීම අහෝසි වෙනවා. ඒ වගේම මේ අය සැහෙන්න බොරුත් කියනවා භාණ්ඩය සඳහා වගකීම ගන්න. හැබයි ඉතින් ඔය භාණ්ඩය විකුනපු මුදලාලි මේ වගේ කට්ටිය කඩේ දොරෙන් ඇතුලට එද්දිම අඳුනා ගන්නවා.

                    හරි මේ කතා කලේ භාණ්ඩ භාවිතා කරන පාරිභෝගිකයින් ගැන. යකෝ මාතෘකාවේ  තියෙන්නේ  "ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ දැන සිටිය යුතු කරුණු" කියලා එහෙනම් මොන මඟුලක්ද මේ ගන්න එවුන් ගැන ලියන්නේ කියලා හිතයි. නැ  මේ ගැනත් ඔබ දැන ගන්න ඕන මොකද  භාණ්ඩය මිලදී ගන්න ඔබ ගැනත් විකුණුම් කරුවෝ දන්නවා කියලා හිතාගෙන ඉන්න එක හොඳයි නොවැ.      

                         අනිත් දේ තමයි භාණ්ඩයේ මිල. ගොඩක් වෙලාවට  බොහොමයක් පාරිභෝගිකයෝ කැමති තමන්ට වඩා වැඩි ලාබයක් ලැබෙන මිල අඩුම තැනින් භාණ්ඩ මිලදී ගන්න. නමුත් මේ වෙලාවේදී ඔබ පොඩ්ඩක් කල්පනා කාරී වෙන්න ඕන. භාණ්ඩයක් වෙළඳ පොලේ විකුනන්න පුළුවන් අවම මිලක් පවතිනවා සමහර භාණ්ඩ වල එය සටහන් කර තිබුනත් ගොඩක් භාණ්ඩ වලට තියෙන්නේ වෙළඳ පොලෙන් තීරනය උන මිලක් ඒ මිලටත් වඩා  අනවශ්‍ය පමනට මිල අඩු කරන භාණ්ඩ මිලදී ගැනීමේදී ඔබ අනිවාර්යෙන් සැලකිලිමත් වෙන්න ඕන. මොකද භාණ්ඩය එම මිලට විකිණිය හැකි වෙන්නේ සමහර විට එහි පවතින දෝෂයක් නිසා විය හැකියි. නැත්නම් නීතිමය  ප්‍රශ්නයක් විය හැකියි.(උදා : මැරුණු පික්සල් ඇති TV , LCD, කැමරා. නිසි වේගයක් නැති පරිගණක,දුරකථන,සුළු අලුත් වැඩියාවකින් පසු  විකිණීමට  ඒවා ඇති භාණ්ඩ, බදු හෝ ලියාපදිංචියෙන් තොර හොරෙන් ගෙන්වූ භාණ්ඩ, නියමිත ප්‍රමිතිය සම්පුර්ණ කිරීමට අපොහොසත් වූ භාණ්ඩ )  දන්නවනේ කියමනක් තියනවා "ලාභ බඩුවේ හිලක් ඇත " කියලා. 



       ඒ වගේම ඉලෙක්ට්‍රොනික් භාණ්ඩ මිලදී ගැනීමේදී බලන්න ඕන වැදගත්ම දෙයක් තමයි මෙය නිෂ්පාදනය කර තිබෙන්නේ කුමන කලාපයක භාවිතා කිරීමටද කියන එක. ගොඩක් අය මේ   ගැන ඇත්තෙන්ම දන්නෙත් නැ. නමුත් මේක ඉතාම වැදගත් දෙයක්. නිෂ්පාදන ආයතන සමහර භාණ්ඩ නිපදවන්නේ සමහර රටවල් වල හෝ යම් කලාපයක්  විකිණීම සඳහා  විශේෂීකරණයක් සහිතව(උදා : යුරෝපා රටවල පමණක් විකිණිය හැකි භාණ්ඩ, ඇමරිකාවේ පමණක් විකිණිය හැකි භාණ්ඩ). එකට හේතු වෙලා තියෙන්නේ එක එක රටවල භාවිතා කරන විදුලි සැපයුම, ඩිජිටල් හෝ ඇනලොග් තරංග, සේවා සපයන්නන් ලබා දෙන විවිද පහසුකම්, දේශගුණික තත්වය වැනි දෑ එකිනෙකට වෙනස් වීමත් එවැනි දේ මත යන්ත්‍රයේ ක්‍රියා කාරිත්වය වෙනස් වීමත් යන කරුණු නිසයි. හැමෝම දන්නා ප්‍රසිද්දම උදාහරණය  වන්නේ විදුලිබල සැපයුමේ වෙනසයි. ජපානය වැනි රට වල 110v  භාවිත කරන අතර   ලංකාවේ අපි 230V විදුලි සැපයුමක් භාවිතා ක‍රනවා. ජපානයේ  භාවිතය සඳහා  වෙන් කෙරුණු විදුලි උපකරනයක් අපගේ විදුලියට සම්බන්ද කලොත් අනිවාර්යෙන් එහි පරිපත කොටස් දැවී යනවා.  ඒ වගේම ජංගම් දුරකතන  වැනි  තරංග භාවිතා කරන උපකරණ වල තරංග  පරාසයන්  රටින් රට වෙනස් වෙන්න පුළුවන් උදාහරණයක් ලෙස කොරියාව,ජපානය, ඇමරිකාව,ඔස්ට්‍රේලියාව වැනි රටවල් බහුලව ජංගම් දුරකථන වැනි උප කරන සඳහා CDMA,WCDMA තරංග භාවිතා කරන නමුත් ලංකාව තුල භාවිතා වෙන්නේ GSM තරංගයි. ඒ වගේම සේවා සපයන්නා විසින් ලබා දෙන සමහර විශේෂ සේවා ලබා ගැනීම  සඳහා  සකස් කල software සහ hardware කොටස්  තියෙන්න පුළුවන්. මෙවැනි උපකරණ මිලදී ගත විට එයින් ලබා ගත හැකි උපරිම භාවිතය ලබා ගන්න බැ(උදා : කොරියන් version දුරක්තන වල SMS එකක දිග අපේ දුරකතනයක SMS 4ක පමණ දිගට සමාන වීම, රේඩියෝ පහසුකම භාවිත කල නොහැකි වීම, අලුත් වැඩියාවක් කිරීමට උවහොත් අමතර කොටස් සොයා ගැනීමේ දුෂ්කරතාව. BlackBerry/Nokia  වර්ගයේ විශේෂිත network එකකට lock කරන ලද දුරකථනයක් Unlock කල පසුව 3G signal නොලැබීම, BlackBerry සේවා ලබා ගත නොහැකි වීම, Android දුරකථන මගින් Apps Download කිරීමට   යාමේදී එම කලාපයේ Apps පමණක් Download කිරීමට අවසර ලබා දීම)  


තවත් මම ප්‍රයෝගිකව දැක   තියන දෙයක් තමා සමහර රටවල් හෝ කලාප සඳහා නිෂ්පාදනය කරන භාණ්ඩ වල Hardware කොටස් වල තියන වෙනස් කම්. මේවා සැලසුම් කර තියෙන්නේ ඒ ඒ දේශගුණ තත්වයන්ට ගැලපෙන ලෙස. ඔබ මිලදී ගන්නා භාණ්ඩය සමහර විට සීත රටක භාවිතා කිරීමට සැලසුම් කර ඇත්නම් එහි සිසිලන පද්දතිය එයට ගැලපෙන ලෙස සකස් කර ඇති නිසා අපේ රටේදී භාවිතා කරන විට අදිකව රත් වීම නිසා විවිද දෝෂ පැන නැගිය හැක(උදා : ප්‍රසිද්ද ලෙඩක් වන HP Pavilion වර්ගයේ Laptop පරිගණක වල Graphic IC පෑස්සීමට භාවිතා කරන ඊයම් වියලීම නිසා ඇති වන Display නොලැබීමේ දෝෂය,).        


(හරි යන්නේ නැ වැඩේ තවත් එකක් ලියන්න වෙයි වගේ. එහෙනම් මතු සම්බන්දයි ඇ ..) 


26 comments:

  1. \\Redio පහසුකම භාවිත කල නොහැකි වීම\\\

    මෙන්න මේක ගැන පොඩ්ඩක් කිව්වා නම්.. අකුරු එහෙ මෙහෙ වීමක්ද නැත්නම් ගැජමැටික්ස් එකක්ද බන්...?

    රයිට් ok ඊළඟ එකත් දාන්න නිශාන්ත.. වැදගත් සටහනක් ...අනිවාර්යෙන් ගූගල් හරහා කට්ටිය එනවා මේවා බලන්න...


    ReplyDelete
    Replies
    1. හුටා. වැරදිලානේ බොලේ

      තැන්කු තැන්කු ඔන්න හැදුවා.

      Delete
    2. ඒකනේ බන් මන් බැලුවා අලුත් ගැජට් එකක් ඇවිල්ලා කියලා.. උඹ මගේ ආතල් එක කෑවා ..:(

      Delete
  2. මගෙත් තියෙන්නේ HP Pavilion ලැප්ටොප් එකක්. ඒකෙ තියෙන වරද මාර විදියට රත් වෙන එකයි. මම කූලර් එකක් උඩ තියලා තමයි සමහර වෙලාවට පාවිච්චි කරන්නේ. අනික අවුරුද්දක් යනකොට ඩස්ට් එක ග්‍රෑම් පන්සීයක් විතර ඇතුලේ එකතු වෙනවා. අර හීට් සින්ක් එක අපිට සුද්ද කරන්න පුලුවන් නම් තරමක් ගොඩ. නමුත් ඒක කරන්න කී බෝඩ් එකේ ඉඳලා පහලට ගලවගෙන එන්න ඕනේ. ඒක නිසා අවුරුද්දකට සැරයක් සර්විස් කරලා තර්මල් පේස්ට් හෙම අලුතින් දානවා.

    ReplyDelete
  3. කොච්චර කාලයක් වෙනවද ඩුඩ් ඕක අරන්. ඊළඟ පොස්ට් එකෙන් කියන්නේ ගන්න කලින් කරන්න ඕන වැඩ ටික. හි ..දැන් ඉතින් කියලා වැඩක් නැ. පුළුවන් තරම් සිසිල් වෙන විදිහකට තියා ගන්න. නැත්තන් දීලා දාන්න. ඔය රත් වීම නිසා ඊයම් වල පිපිරුම් ඇතිවෙනවා ඊට පස්සේ Display එන්නේ නැතිව යනවා. Graphic IC එක එක ගලවලා ආපහු පාස්සන්න පුළුවන් දෙවැනි වතාවේදී සොරි. අලුත් සිරිස් වල HP ලැප් ගන්නවට වැඩිය හොඳයි සල්ලි දීලා හුනියමක් කර ගන්න එක.

    ReplyDelete
  4. මාත් ඉන්නෙ අර පළවෙනි ගොඩේ තමයි.
    හැබැයි සමහර වෙලාවට තුන්වෙනි ගොඩට වැටිල මකබාස් වැඩ කරන වෙලාවලුත් නැතුව නෙමෙයි.

    ReplyDelete
    Replies
    1. මම නම් එකේ තමයි. දෙකට එන්න දත කැවට උනන්දුව දවස් දෙක තුනකට වඩා තියෙන්නේ නැ.

      Delete
  5. මම ඉන්නෙත් අර පළවැනි ගොඩේ තමයි.
    එකනිසා වෙන්න ඇති ඔය විදුලි උපකරන විකුණන ඈයෝ මහා පරිමාණ ලාභ ලබන්නේ.
    ජංගම දුරකතන ගැන පැහැදිලි කිරීමනම් සැහෙන්න වටිනවා.හුගක් අය ඕකට හසුවෙන නිසා.(මමත් හවූ වෙන්න ගියේ වෙලාවට බේරුනා)

    ReplyDelete
    Replies
    1. ඇයි බං මම. කෙලඋනොත් ගත්ත මිල පාවිච්චි කරපු දින ගානෙන් බෙදලා හිත හදා ගන්නවා.

      Delete
  6. මොනා උනත් කමක් නෑ LG කාරයන්ගෙන් වොෂින් මැෂින් නම් ගන්ඩ එපා සර්විස් එක අන්තිම හොඳයි මෙන්න අද්දැකීම

    අපේ ගෙදර තිබුන LG වොෂින් මැෂින් එකේ වොරන්ටි එක අවුරුද්දයි අවුරුද්ද පැන්න ගමන් එක කැඩුනා ඉටපස්සේ උන්ට කොල් කරල ජොබක් දැම්ම ඇවිල්ල බලලා යන්න 1500/- ඉටපස්සේ සර්කිට් බොඩ් එක ගලවගෙන ගියා මාස 1 1/2 ගියාට පස්සේ කියපි බොඩ් එක මාරු කරන්න ඔනේ එකට 25 000 කියල නැත්නම් වොෂින් මැසින් එක එයාලට දෙන්නලු 10% ඩිස්කවුන්ට් එකකට වෙන මැසිමක් දෙන්නම් ලු. උන්ගේ අම්මලාට හොඳටම කිවිසුම් යන්න ඇති ඇයි යකෝ ඒ මැසිම 99 999/- වෙනව. පස්සේ මම බොඩ් එක ඉල්ලුවා උන් එක එව්වේ සර්කිට් එකේ ඔන් ඔෆ් සුවිච්ච් එකත් ගලොගෙන. පස්සේ මම දන්න කියන අයියා කෙනෙකුට දිලා මැෂිම ආපහු හදාගත්තා වැඩේට ගියේ 8000 යි තාම දෙයියනේ කියල වැඩ ඔන්න LG කාරයන්ගේ වැඩ.

    ඔය LG කාරයන්ගේ මාකටින් එකේ මම දන්න බුවෙක් වැඩ කරනව මම ඒකාට කිව්වා උබලගේ කොම්පැනිය මරු කියල උත් පිලිගන්නවා උන්ගේ සර්විස් සෙන්ටර් එකේ ජිල්මාට් එමට සිද්ද වෙනවා කියල

    ReplyDelete
    Replies
    1. ඕක ඔහොම තමයි බං ගොඩක් තැන් වල.
      මම අඳුනන පවුලකට අරන් දීපු com එකක් mother board එක ගිහින් warranty ගන්න ගියාම ෂොප් එකේ ටෙකා කිවලු මේක අකුණක් වැදිලා පිච්චිලා තියෙන්නේ ඒ හින්දා warranty දෙන්න විදිහක් නැ කියලා. මම ඒ ගෙදර පොඩි එකාට class එකක් කරකර ඉද්දි com එක නතර උනේ. අකුණක් තියා මාස ගානකින් වැස්සෙවත් නැ. පස්සේ මම කිවා ඔයා මොන මැෂින් එකෙන්ද ඕක හොයා ගත්තේ කියලා. subject එක දන්නා හිංදා talk කරලා අලුත් board එකක් ගත්ත. නොදන්නා අයට sorry

      Delete
    2. මෙන්න මේක තමයි වෙන්න ඕන. මේක දකින එකෙක් ආයෙ lg ගන්නෙ නෑනේ.

      Delete
    3. සහතික ඇත්ත මම ඕක අත්දැකීමෙන් දන්නවා

      Delete
  7. ලාභ බඩුවේ හිලක් ඇත " ඒ උනාට උලුඩු වඩේ එහෙම නැතේ

    ReplyDelete
  8. ලාභ බඩුවේ හිලක් ඇත " ඒ උනාට උලුඩු වඩේ එහෙම නැතේ

    ReplyDelete
    Replies
    1. ඇත්ත ඇත්ත කතාව හරි සමහර බඩු හිලක් නැත්තන් සත 5ක් වත් වටින්නේ නැ. ;)

      Delete
  9. මාත් ඉන්නෙ පලමුවෙනි ගොඩේ. හැබැයි කම්පියුටරයට නම් දෙවෙනි ගොඩට ආවා. ඒ නිසා මදබෝඩ් එකක් නැවත ලබා ගන්න පුලුවන් වුනා. ඉලෙක්ට්‍රොනික් බඩු ගැන මාත් දන්නෙ අල්පයයි. ස්තූතියි ලිපියට. තව ඒ වගේ ලිපි බලාපොරොත්තු වෙනවා. පුලුවන් නම් කැමරාවක් මිලදී ගන්න උපදෙස් ටිකක් දෙන්න. කැමරාව සමග වෙලෙන්ඳා දිය යුතු අනෙක් උපාංග, බෑරිය පිලිබඳ විස්තර වගේ.

    ReplyDelete
    Replies
    1. බලමු ඉදිරියට වෙලාව තිබුනොත් ලියන්නම්. මගේ field එක නොවුනත් දන්නා කෙනෙකුගෙන් අහලා හරි ලියන්න බලන්නම්.

      Delete
    2. ඕක අහන්න නිල් මානෙල් අයිලාෂ් අයියගෙන්

      Delete
  10. නියමයි සහෝ වටිනා කියන පෝස්ටුවක්.........

    ReplyDelete
    Replies
    1. තව එක කොටසක් තියනවා. එකත් බලන්න එන්න

      Delete
  11. මංනං දෙවැනි ගොඩේ.වගකීම් කාලය පහු වෙලා නම් දත කාල තනියෙන්ම ගොඩ දා ගන්නවා වැඩේට ටික කාලයක් ගියත් අත්දැකීම වටිනවා.ආපහු ලෙඩක් අවොත් වැඩේ නතින්ග්.අර phone විස්තරයට ස්තුතියි.

    ReplyDelete
    Replies
    1. එක හොඳයි මම ඔහොම ගොඩ දාපුවාගෙන් අපේ ගෙදර කාමරයක් පිරිලා තියනවා

      Delete
    2. නිකං එල කොල්ලෙක්

      Delete
    3. අඩෝ කින්ඩිය දාන්න එපා හරිය :D

      Delete
  12. //(හරි යන්නේ නැ වැඩේ තවත් එකක් ලියන්න වෙයි වගේ. එහෙනම් මතු සම්බන්දයි ඇ ..)//

    මොන රේදක්ද යකො කරන්නේ

    ReplyDelete