මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Monday, October 3, 2011

මාර්ග සැදීමේ අලුත්ම තාක්ෂණය

ලංකාවේ අපි අතිතයේ රජ දරුවන් කල කී  දැ පිළිබඳව පුරාජේරු කියන්නවුන් නොවෙමු. සෑම විටම අලුත් නිර්මාණ බිහි කරමින් ලොව පුරා ජනතාව විශ්මයට පත් කරමින් සිටින රටක් වෙමු. මේ අපගේ අලුත්ම මාර්ග සැදීමේ සහ නඩත්තු කිරීමේ තාක්ෂණයයි. තවම පේටන්ට් අයිතිය ලබා නොමැති නමුත් ලොව කොතනකවත් තවම මෙම  තාක්ෂණයයි බාවිතා කරනු ඇති බවට සාක්ෂි හමුවී නොමැත. අපගේ පැරණි ශිල්ප ක්‍රම බාවිතා කරමින් නුතන ක්‍රමය දිඋනු  කර ඇත. මතුරා ජීවම් කරන ලද වැලි මේ සඳහා යොදාගෙන ඇත. කොපමණ කැඩී බිඳී ගිය මාර්ගයක් උවද කම් නැත. කල යුත්තේ තුනී තාර තට්ටුවක් දමා එය මත මෙම මතුරන ලද වැලි අඟල් 1.5 පමණ තට්ටුවක් දැමීම පමණි. ඉන්පසු සති කීපයකින් වැලි ඉවත්  වී ගිය පසු මාර්ගය සෑදී ඇති අයුරු දැකිය හැක. පහත රුප මගින් ඔබට එය පැහැදිලි වනු ඇති.







 මෙම තාක්ෂණයේ පවතින ප්‍රධාන අවාසිය වන්නේ කොල්ලන්ගේ අතපය කැඩී යාමට ඇති හැකියාවයි. කෙල්ලත්, බල්ලාත්, වැල්ලත් බයිසිකල් පදින කොල්ලන්ට අන්තිම අපල බවත් තුනම එකම තැන හමු උනොත් අතපයක් කැඩීම අනිවාර්ය බවත්  අත්දැකීමෙන් මම දනිමි. මෙම රුප මගින් දැක්වෙන්නේ රඹුක්කන නගරයේ මහා දවල් ගත් චායාරුප  රැසකි. ඉර තදින් පාය ඇති විට සපත්තු සෙරෙප්පු මෙම මාර්ගයේ නිදන් වනු දැකිය හැකි නමුත් වේගයෙන් වාහන ගමන් කිරීමට නොහැකි වීම නිසා මගීන්ගේ ජිවිත සුරැකීම ගැන සිතීමේදී ඉහත අවාසිය නොසලකා හරිය හැක. එමේන්ම මෙහි අතුරු පලයක් ලෙස මාර්ගය සෑදු අයගේත් සබරගමු මහා ඇමති තුමාගේත් මවුපිය නෑද යන් හට නිවන් සුව ලැබෙනු ඇත. දහවල් 11 ත්  2 ත් අතර  මෙම මාර්ගයේ ගමන් කරන සියලු දෙනා  මවුපිය නෑද යන් හට පින් පමුනවනු දැකීම සිත් පහන් කරවන දසුනකි.



6 comments:

  1. "මතුරා ජීවම් කරන ලද වැලි" හි හි ...

    ReplyDelete
  2. මම මොරටවේ අපේ පාරත් ඔහොම හැදුව සහෝ තාර බැරල් 6යි ලු.
    මීටර් 450ක් හදන්න. ගෙවල් හදන්න ගන්න වැලි දැම්මෙ... මේව සහගහන අපරාධ. උපදින උපදින ආත්‍ම වල මේවට වන්දි ගෙවන්න සිද්ධවෙයි මේ අපරාධ කරන කාලකණ්නි දේසපාලුවන්ට..

    ReplyDelete
  3. වැලි මතුරන්නෙත් මහ ඇමතිතුමාමලු නේද? හොඳ කට්ටඩියා..

    (අපොයි මේ Word verification හූනියම අහක් කොරන්ඩ)
    (යකෝ දැනට තුංපාරක් කැප්චා කෙටුවා. මේ පාරත් වැරදිනං අල්ලලා දානවා ඕං)

    ReplyDelete
  4. හා හා තරහ ගන්න ඕනය ඕකට ඔන්න අයින්කරා.

    ReplyDelete
  5. අපේ අප්පේ.........,
    ඒ ඇත්තන්ට වැඩි වැඩියෙන් ලැබෙන්න ඕන,ජනතාව වෙනුවෙන් මේ විදින අපහාස කන්දරාවට

    ReplyDelete
  6. sirawata, aiiage bella paressamin :-p

    ReplyDelete