මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Friday, May 10, 2013

පොලිස් කරුවෝද මනුෂ්‍යයෝය





ඔන්න අවුරුදු එක හමාරකින් විතර පොස්ට් එකක් දාන්නයි ලැස්ති වෙන්නේ. මකුළුදැල් බැඳිලා දුවිලි වහලා තියන මේක සුද්ද කරන්නම සැහෙන වෙලාවක් යයි වගේ.
මේ කාලයටම නොකඩවා බ්ලොග් කියවන එකනම් කරා.
හරි ආඩම්බරයි අප්පා දැන් තමයි සිංහල බ්ලොග් ලෝකේ නියම ආරිය සිංහල ගති ලක්ෂණ පෙන්නන්නේ. මුල් කාලේ තිබ්බ බ්ලොග් ලෝකේ නිකන් ජිල්බෝල හොද්දක් වගේ මෙලෝ රහක් නැ. කබ්බොත් නැ ටෝයියොත් නැ.



ෂාහ් ....දැන් ඒ වගේද ගඳ විතරක් බ්‍රහ්ම ලෝකේ දක්වාම විහිදෙනවා මයේ හිතේ. හඬ ඇහුවොත් මාර සෙනග උනත් කලන්තේ දාල වැටෙන්නේ.
එල..එල..
විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ. දැන් ඔන් මොකා ඇහුවත් බය නැතිව කටක් ඇරලා කියන්න පුළුවන් සිංහල බ්ලොගර් කෙනෙක් කියලා. ඒ හින්දමයි මේ වෙලාවක් හම්බුන ගමන් ලියන්න ගත්තේ ජාති ආලයෙන් ඔද වැඩිලා අප්පා.
හරි ආඩම්බරයි හසන්ත මගේ ඇඟේ ලේ කකියනවා මේ අපේ සිංහල සලකුණ නේද මේ ලෝකයටම පේන්න එලි කරන්නේ කියලා. බලන්ඩ හසන්ත මහත්තයෝ මේ අපේ සිංහල කම නේද මේ කොමෙන්ට් වලින් පෙන්නුම් කරන්නේ. දැන් මට මලත් කමක් නැ හසන්ත මහත්තයෝ අන්තර්ජාලයේ එන ඕන කෙනෙක්ට සිංහලයා කවුද කියලා බලා ගන්න ඕන තරම් දේවල් තියනවා අපේ රටේ අපේ ජාතියේ සලකුණු අන්තර්ජාලය පුරාම තියනවා. රටක් හැටියට මෙය්ටත් වඩා මොනවද හසන්ත.
අප්පට සිරි මේ මොනවද යකෝ මේ ලියල තියෙන්නේ සමාවෙන්න ITN බලන ගමන් මේක ලියන්න ගත්තේ. හා ..හා ඒවා වැඩක් නැ දැන්.
ඔන්න අද ලියන්නේ ගු කේස් නෙවේ රියල්ම රියල් සිද්දි හරිය. මේක ලියන්න ඔන්න අපහාස උපහාස කිරීමේ අරමුණින් එහෙම නෙවේ. "පොලිස් කරුවෝද මනුස්සයෝය" හදුන්වලා දෙන්න. හැබැයි ඉතින් මට පෙන්නම බැරි එවුන් තමයි ඔය. ප්‍රධාන හේතුවක් නම් මුන් කවදාවත් කාටවත් ඇහුන් කන් දෙන්න කැමති එවුන් නෙවේ.මොනවා කියන්න ගත්තත් වචනයක් දෙකක් කියනකොට මුන් එකට උඩින් පැනලා මොනවා හරි ලොකු ටෝකක් දෙන එකතමයි මට පෙන්නම බැරි.
මම මේ ලියන්න යන එකා ගැන තියෙන විශේෂත්වය තමයි මු පොලිස් කාරයෙක් උනාට හොඳ ඇහුන් කන් දෙන්නෙක්. රාජකාරි වෙලාව තුලත් අනිත් වෙලාවටත් ඕනෑම තරම් වෙලාවක් මු සද්ද නැතිව අහගෙන ඉන්නවා කියන ඕන දෙයක්.(ඔය පුරුද්ද වෙන මොකුත් නෙවේ ගෙදර ගැනි හින්දා ) හැබැයි ඉතින් ඔක්කොම අහලත් මු දෙන උත්තරයි විසඳුමයි අනිත් පොලිස් කාරයන්ට දෙවැනි වෙන්නේ නැ එමම තමා.
මන් හිතන්නේ මේ පොලිස් කාරයන්ටත් පොලිස් උන හැදෙන්න ඉන්ජෙස්සන් එකක් ගහනවද කොහේදෝ අර රට යන එවුන්ට වගේ. (දන්නවනේ ඔය රට යන එවුන්ට ගහන රථ ගාය ඉන්ජෙස්සෝන් එක. අනිවා රට ඉඳන් ආපුගමන් කරන්නේ කොහේ හරි ඉන්න බ්‍රෝකර් කෙනෙක් සෙට්වෙලා උට කන්න බොන්න අරන්දීලා ලොකු ගානකුත් කපා ගන්න දීලා, ගෙදර ගැණිත් එක්ක රණ්ඩු වෙලා කොහෙන් හරි ලදරම් වාහනයක් අරන් කුජීත වෙලා හම්බකරපු එක නැති කරගෙන වාහනෙත් නැතිකරගෙන ආපහු රට යන එකනේ. )
හරි ඔන්න මිනිහා කාලයක් වැඩකරේ සුද්දා ගල විද්ද තැන තියන පොලෝසියක. පොලෝසියේ තියන වාසනාවන්තම අංශයේ ස්ථානාධිපති. ඒ හැටි වයසක් නැ 30ට අඩුයි ඔං. මිනිහා හොඳට ඉගනගත් ගත්ත මනුස්සයා. හැබයි ඔය අංශ ස්ථානාධිපති වෙනකොට සාජන්. රථවාහන අංශයටම හිටියේ 3-4 දෙනෙක් නිසා මිනිහා තමයි section head. ඒ හින්දා ඉතින් ලොක්කා උනත් පාරේ තමයි හිටියේ. ( දන්නවනේ පාර තමයි හොඳම තැන ) .
ඔන් සිද්දි අංක 1
ඔන්න අප ට්‍රැපික් සාජන් මහත්තයා ඉන්නවා ආසන්න කුඩා නගරයක රාජකාරි කරමින්. හැමදාම එකෙක් බයික් එකක එනවා අංක තහඩු මොනවත් නැ. අල්ලන්ත් බැ මු වැඩ කරන්නේ ළඟ ගරාජ් එකක. එක දවසක් ඇල්ලුවා මු කියන්නේ ට්‍රැල් බලන්න පදිනවා කියලා. සාජන් මහත්තයාටත් ඉන්න බැ මු හැමදාම කරන මේ වැඩේ දිහා බලාගෙන. ලියන්නත් බැ ලීවොත් කොහොමෙයි මුගෙන් බයිසිකලයක්වත් හදා ගන්නේ. නිකන් හදලා දුන්නොත් නේ නඩත්තුවට දෙන ගාන වමට ගහන්නවත් පුළුවන් ඉතින් කොහොමද තරහා කරගෙන. මේ මඟුලෙන් වෙන්නේ වෙන එවුනුත් ලියන්න බැරි එකයි. එක දවසක් ඔන්න මු එනවා ටවුමට තේ එකක් බොන්න අර බයිසිකලේ. අත දාලා සාජන් මහත්තයා නැවැත්තුවා බයිසිකලේ.
මල්ලි අතේ සල්ලි එහෙම තියනවද ?
ඇයි සර්
නැ මගේ අතේ කීයක්වත් නැ පොඩි බඩුවක් ගන්න තියනවා එකයි ඇහුවේ.
ලොකු ගානක් නම් නැ සර් තේ එකක් බොන්න ආවේ පොඩි ගානක් තමා අතේ තියෙන්නේ.
අප්පේ ඒ ඇති මල්ලි. තරහානැතිව අර කඩෙන් බ්‍රිසිල් බෝඩ් එකක් අරන් වරෙන් මල්ලි. නයිලෝ නුල් අඩි 3ක විතර කෑල්ලකුත් අරන් වරෙන් මල්ලි.
හරි සර් (කොල්ල දුවනවා කඩේට )
ස් .....ස් .... මල්ලි මට අමතක උණා මතක් කරලා අර ලොකුවගෙන් මාර්කර් පෑනක් අරන් වරෙන්. මේ ...වතුරට හේදෙන්නේ නැති එක........
හරි සර් මෙන්න බඩු ටික.
හා ..හා යමන් අර තේ කඩේට උඹ තේ බොන්නනේ ආවේ.
(තේ කඩේ ඇතුලේ පුටුවක ඉඳගෙන, කොල්ලා ෂෝර්ට්ඊට්ස් ගෙන්න කියමින් )
මල්ලි උඹේ බයිසිකලේ නොම්මරේ මොකක්ද
දන්නැ සර් මේක ගරාජ් එකේ බසිකලයක්නේ ලොක්කාගෙන් තමයි අහන්න ඕන.
අනේ මල්ලි කෝල් එකක් දාල අහපන්. ( කොල්ලා බයිසිකලේ නොම්මරේ ලබා ගනී)
බ්‍රිසිල් බෝඩ් එක දෙකට ඉරා කොල්ලා කියපු අංකය පොල්ගෙඩි සයිස් එකෙන් බ්‍රිසිල් බෝඩ් එකේ අඳි
හරි මල්ලි එහෙනම් මේකේ පොඩි හිල් දෙකක් විදලා මේ නුල් කැල්ලෙන් ඕක ඉසරහයි පස්සෙයි බැඳ ගනින්. බලපන් අදින් පස්සේ මටත් කලිසමක් ඇඳන් මෙතැන ඉන්න පුළවන් උඹටත් නම්බුකාර විදිහට බයිසිකලේ පදින්න පුළුවන්. රුපියල් 60යි නේ වියදම් උනේ. මතක ඇතිව හෙල්මට් දාල ට්‍රැල් බලපන් නැත්තන් වටේ එවුන් ඔක්කොම උන්ගේ බයිසිකල් වලත් ට්‍රැල් බලයි. එහෙනම් මම යනවා.


සිද්ද අංක 2
ඇන්කර් කිරිපිටි ලොරියක් පාරේ අයිනේ නවත්තලා සේල්ස් මන් කඩේකට ගිහින් ඕඩර් එකක් ලියමින් සිටි.
ලොරියේ රියදුරා පමණි. අපේ සාජන් මහත්තයා පාරේ අනිත් පැත්තේ වාහන නිරීක්ෂණය කරමින් සිට පාර පැන ලොරිය ලඟට එමින්.
මේ අංකල් කැලන්ඩර් නැද්ද ?
ඇයි සර් කැලන්ඩර්. මේ අවුරුදේ මැදනේ මේ කාලේ කැලන්ඩර් නැනේ සර්.
කමක් නැ අයිසේ. පරණ එව්වත් නැද්ද ?
අනේ නැ සර්
එහෙනම් පෝස්ටර් ?
පෝස්ටර් නම් ඇති සර් එත් එච්චර ලොකුවා නැ. ඇයි සර් බබාලට පොත් වලට කවර දාන්නද ?
නැ අය්සේ එච්චර ලොකු ඒවා ඕන නැ . ආන්න අර "නැවත්වීම තහනම්" කියලා ගහලා තියන බෝර්ඩ් එක වැහෙන්න තිබ්බොත් ඇති.
හෙමීහිට බිම බලා ගත්ත ඩ්‍රයිවර් වාහනේ අරන් ගියා.
සිද්දි අංක 3

මේක නම් නාට්‍ය වගේ ලියන්න බැ . ඔන්න සිද්දිය උනේ මෙහෙම. ඔය කියන සාජන් මහත්තයයි මමයි තව පොරගේ මස්‌සිනා කෙනෙක් වෙන මගේ අතිජාත මිත්තර කිරි මල්ලියි තව දෙන්නකුයි සෙට් වෙලා පොඩි අඩියක් ගැහුවා ඔය සාජන් මහත්තයාගේ බල ප්‍රදේශයේ තියන රෙස්ටුරන්ට් එකක. ඔන්න දැන් රැ 9 විතර ඇති. හැමෝම විසිරිලා යන්න තමයි ලෑස්ති. අපි තුන්දෙනාගේ එක ළඟ ගෙවල් තියෙන්නේ. ඔය කියපු තැන ඉඳන් 15km විතර යන්න ඕන අපේ ගෙවල් වලට. දැන් තුන් දෙනාම තම තමන්ගේ අස්සයෝ පිට නැගල ගෙදර යන්න එනවා. සාජන් මහත්තයත් සිවිල් ඇඳුමින්. අර කලින් කියපු නගරේ මැද හරියෙන් තියනවා පාරක් ප්‍රසිද්ද කන්දක් හරහා යන. ඔය පාරේ තමයි අපි යන්න ඕන.ට්‍රැපික් සාජන් උනත් හෙල්මට් දාලා නියම විදිහට තමයි මෙයා ආණ්ඩුවේ අස්සයා පදින්නේ. එදත් පාර මාරු වෙන්න කියලා අපි ආපු බයිසිකල් හෙම්හිට පාර අයිනේ නවත්තලා සිග්නල් දාල වට පිට බලලා තමයි දකුණු හරස් මාර්ගයට දාන්න ලෑස්ති උනේ. මොකද මෙතන මර කපොල්ලක්. මේ හරස් පාර පටන් ගන්නකොටම එක හරහට යන්නේ කොළඹ නුවර රේල් පාර. එදත් ඔය විදිහට හරවන්න එනකොටම නුවර පැත්තේ ඉඳන් ආපු ඩොල්පින් එකක් විදුලිය වගේ අපිව පහු කරලා ගියේ නැද්ද.
හැබැයි 100m විතර යනකොට බස් එකක් පාරේ නවත්තලා සෙනග ගොඩ කරගන්න. මුන් ආපු වේගෙටම බස් එක ඔල්ටෙක් කරන්න ගිහින් ඉස්සෙරහින් ආපු බයික් කාරයෙක් හැප්පුවා. හැප්පුන විදිහට බයික් කාරයා කෙලින්ම එතන තිබුන කාණුවට තමයි වැටුනේ. අපි ටක් ගාල දුවලා ගිහින් බැලුවා ගන්න දෙයක් නැ එකම ලේ ගුලියක්. කොල්ලට හොඳටම අමාරුයි සිහියක් පතක් නැ අපි හිතුවේ මැරිලා කියලා. කොහොම හරි කට්ටිය එකතු වෙලා ටක් ගාල කොල්ලව අරන් ගියා ඉස්පිරිතාලේ.
ඩොල්පින් එක නිකමටවත් ස්ලෝ කරලවත් බැලුවේ නැ. එහෙමම ගියා. අපිට කන්න කේන්ති වෙරිත් බැස්ස මේ සිද්දිය දැක්කට පස්සේ. අපේ සාජන් මහත්තයා ටක් ගාල ගත්තා කෝල් එකක් පොලිසියට අරන් කීවා දැන් එන ඩොල්පින් එක නවත්වන්න. හරියටම පොලිසිය ලගම තියනවා බැරියර් එකක් මෙතනින් වැන් එක නවත්වලා මුන් ඔක්කොම අරන් ගිහින් පොලිසියට. දැන් අපි සෙට් එකම ගෙදර යන එක පැත්තකින් තියලා පොලිසියට යන්න ලෑස්ති. වෙරිත් හිඳිලා. පොඩ්ඩ දුරක් ඇවිත් පොඩි වඩේ කරත්තයක් ළඟ නැවැත්තුවා අපේ රාලහාමිගේ බයික් එක අපිත් එතන බයිසිකල් ටික නවත්වලා ගියා වඩේ කාරයා ලඟට. වඩයක් හපන ගමන් අපේ සාජන් මහත්තයා අහනවා " බලපන් මල්ලි අරු දැක්කට පස්සේ මගේ වෙරිත් හිඳුනා. දාමුද තව පොඩි ෂොට් එකක් " මම කීවා ආය යන්න එපාය අර බාර් එකටම අනික දැන් මේ යන්නේ පොලිසියටනේ. එහෙනම් පොලිසියට ගිහින් යන ගමන් දෙකක් දාගෙන යමන් කියලා. "නැ බන් ආය කොහෙවත් යන්න ඕන නැ මෙතන ඉඳන්ම දාගමු මම ළඟ කුරු මිට්ටෙක් ඉන්නවා " කියලා ඇදලා ගත්තේ නැද්ද කනෙන් අල්ලලා අර බයිසිකලේ දෙපැත්තේ තියෙන්නේ සුදු පාට පෙට්ටි දෙකක් අන්න එකක තිබිලා ගල් බාගයක්. දැන් ඉතින් වඩේ කාරයාගෙන් වඩේ ටිකකුත් අරන් පොඩි වීදුරුවකුත් ඉල්ලගෙන පාර අයිනේම තියන් අනුමත වෙනවා. ආය මොකාට බය වෙන්නද ? මොකෝ පොලිසියෙන් අල්ලයි කියලය.
කොහොම හරි ඔය ටික බොනකනුත් අපේ කතාව අර බයිසිකලේ ආපු කොල්ලා ගැන. එක පාරට අපේ සාජන් මහතයාට ආවා මාර අයිඩියා එකක්.පට්ටම අයිඩියා එක. අපිටත් කාලෙකින් අත පයේ හිරි අරගන්න නැතිව හිටි එකේ ආය මොනවද එක පයින් වැඩේට. ගත්තා කෝල් එකක් පොලිසියට ඇහුවා කී දෙනෙක් ඉන්නවද කියලා වැන් එකේ. ඔක්කොම 8 දෙනයි.
හරි මෙහෙමයි සිද්දිය අපි දැන් එනවා පොලිසියට. අපි එන්නේ අර හැප්පුන කොල්ලගේ නෑදෑයෝ වගේ. උඹලට තියෙන්නේ දැක්කේ නැ වගේ ඉන්න එක. දැන් ආපහු චන්ඩියා බඩේ හින්දා අත පය ගැලෙවුවත් දැනෙන නැති ගාන. තුන් දෙනාම ගියා පොලිසියට යනකොට මේ ඉන්න අරු හප්පපු අවජාතකොයෝ ටික ඔක්කොම තම්බි. තම්බි එක්ක විශේෂ තරහක් නැතත් මට උන්ගේ කපටි කම පෙන්න බැ. මුන් ඒ අතරෙත් උන්ගේ ලොකු ලොකු එවුන්ට කෝල් ගන්නවා. දැක්ක විතරයි මල කියන්නේ කෝමද එකසිය ගානට.
අනේ සර් අපේ මල්ලි වැන් එකකින් හප්පලා සර් කියාගෙන ගියේ. එතකොටම පොලිසියේ පොරක් අරුන් පෙන්නලා කීවා "ඔය ඉන්නේ ඒ කණ්ඩායම තමයි අපි අත් අඩංගුවට ගත්තා" කියලා. "මල්ලිට අන්තිමයි සර් මුන් පර වෙසිගේ පුතාලා " කීවා දුන්න මුකුත් නැ අරුන් සෙට් එකට කොහොමද ? දුවනවා පොලිසියේ මේස වටේ. "අයියෝ ෂර් එපා කියන්ට ෂර් "කිය කියා. දුන්න මුකුත් නැ උන්ටත් ඉස්පිරිතාලේම යන ගානට පොලිසියේ අනිත් රාලහාමිලත් දැක්කේ නැ වගේ අහක බලන් හිටියේ. ගම්බටු ඩයල් දෙකක් හිටිය උන් දෙන්නත් අපිට සෙට් වෙලා දුන්න අරුන්ට රෙවෙන්න. උන්ගේ ෂර්ට් ඉරිලා, ෆෝන් කුඩු වෙලා නන්නත්තාරයි.
හොඳම සීන් එක මුන් ටික තවම කුඩුවට දාල තිබ්බෙ නැති නිසා එළියේ බංකුවේ ඉඳගෙන සමහර එවුන් අඬනවා. සමහර එවුන් කැඩුණු ෆෝන් වල කැලි හොයනවා. එත් එක්කම් අවා ලොරියක් පුරවලා සෙනග අර කොල්ලගේ ඇත්තම නෑයෝ. කොල්ලට හොඳටම අමාරුයි කෙලින්ම ICU දාල තියෙන්නේ. උනුත් ආපු ගමන් දෙන්න පටන් ගත්තේ නැද්ද අරුන්ට ගහෙන් වැටිච්චි එකාට ගොනා ඇන්න වගේ . බොහොම අමාරුවෙන් අරුන් ටික අල්ලලා කුඩුවකට දාල බේරා ගත්තේ. නැත්තන් උන් උසාවි නෙවෙයි ගෙනියන්න වෙන්නේ මෝචරියට.
කොහොම හරි අර කොල්ලගේ දෙමවුපියෝ සහෝදරයෝ අපිට වැදලත් එක්ක ගියේ. ටික වෙලාවකින් අපි ගෙදර එන්න ආවා. පස්සේ මම හොයලා බැලුවා විස්තරේ. රෑම අරුන්ගේ දෙසපාලුවෙක් කතා කරලා අරුන් බේරාගෙන අරන් ගිහින්. අර කොල්ලා මාසයක් විතර ICU ලැගලා කිහිලි කරුවෙන් ගෙදර ආවා.
ඉතින් කියන්න තියෙන්නේ ඔන්න ඔහොම පොලිස් කාරයොත් ඉන්නවා. හැබයි උ අපේ යාලුවා උනත් කියන්න ඕන පොලිස් කාරයා පොලිස් කාරයාමයි උ වෙනස් වෙන්නේ නැ. හේතුව පොලිස් කාරයෝ කියන්නේ අත පය බැඳලා පීනන්න දාපු ඒවුන් වගේ නොගිලී ඉන්න උන් ඕන දෙයක් කරනවා. අපි බනින කියන කරන හැමදේම උන් දන්නවා ඒ දැනගෙනත් උන් අපිත් එක්ක ජීවත් වෙනවා කියන්නෙත් පුදුම හිතෙන දෙයක්.
ප.ලි  මේකේ තියන අක්ෂර වින්‍යාසය, ව්‍යාකරණ අරවා මේවා නම් චැක් කොරන්න යන්න එපා ඕන්  මෙහෙම හරි ලියපු එක ගැන කියන දෙයක් කියපල්ලා. මෙහෙම හරි ලියන්න වෙලාව හොයා ගත්ත එක ගැනයි මට සතුටු .  ප.ප. ලි අනේ මචන්ලා උඹලට කියන්න මේ bloger සැහෙන්න අරියාදු කරනවා මට. එක දිගට ලියාගෙන ආව දවස් වල කිසි කචල් එකක් තිබ්බේ නැ. දැන් ටික දවසක ඉඳන් අය පොස්ට් දෙක තුනක් දාන්න ගන්නකොට එක එක එක මඟුල් කියලා වැඩේ කනවා. මට මල පැනලා ලියපු පොස්ට් දෙකක්ම දැම්ම අන්තිම පේලියේ. ඊයෙත් මේකේ නම වෙනස් කරලා සෑහෙන කට්ටක් කාල දැම්මේ.
       ස්තුති අටෝ උඹ හිටියේ නැත්තන් මම ඊයෙත් මේක අන්තිම පේලියට යවලා නිකන් ඉන්නවා.
       දන්නා එකෙක් කියපල්ලා කොහොමද අකුරු වල පසුබිම් වර්ණය වෙනස් උනොත් ආපහු එක සම්මත වර්ණයට ගන්නේ බ්ලොගේර් තුලදී.
අනේ බන් බලපන් අනිත් පොස්ට් වල අකුරු ලොකුවට දාල  මේ blogger මඟුල මේකේ අකුරු  ලොකු කරන්න දෙන්නේ නැනේ බන්.
ඔන්න බලපන් මෙන්න මේ error එක තමයි එන්නේ මොන මඟුල කරන්න ගියත්



77 comments:

  1. අකුරු ටිකක් ලොකු කරහං

    ReplyDelete
  2. මේ අර හෙන්රි අයියගේ එකත් එක්ක මේක පැටලෙනවා

    ReplyDelete
    Replies
    1. ටැපලෙන්න දෙයක් නෑ බං. මගේ එක වර්ඩ්ප්‍රෙස්. මේක බ්ලොගර්. මම හිතන්නේ මේකා මේක ලිව්වේ නැතුවට මේ බ්ලොග මගේ බ්ලොගටත් කලින්ද කොහෙද පටන් ගත්තේ.
      අනික පැටලුනත් මොකෝ බං. අලුත් පෝස්ට් එකක් දැක්කාම නිශාන්තයා වේවා, ඩූඩා වේවා, ගිහින් කියවලා කමෙන්ට් එකකුත් දලා යන එකනේ.

      ඇත්තට අකුරු ලොකු කරහං නිශාන්ත.

      Delete
    2. @ අටමා බලහන් දැන් හරිද කියලා
      @ dude මාලේ ආවොත් හම්බෙයන් හරිය

      Delete
  3. ලියපන් පුතේ... පට්ට රහයි.. දිගටම ලියපන්.. මේක ලියන ගමන් අනිත් වැඩවලට වෙලාවක් හොයා ගනින්.. අර හසන්ත මහත්තයා ඉට්ටයිල් එකට මම පට්ට මනාපයි.... "සිංහල ළකුණ".... හෙහ් හෙහ්....

    ReplyDelete
    Replies
    1. සමාවෙන්න ඕන.... අටමා පාර කිව්වේ

      Delete
    2. මාතලන් අනේ පුලුවන්නම් මේක උඹගේ සින්ඩියේ එල්ලාපන්. සිංහල බ්ලොගර් එකෙන් මාව එළවලා ඉන්නේ මාස 3 කට වැඩිය මුකුත් ලීවේ නැ කියලා

      Delete
    3. ඇත්තනේ කතාව.. උඹ කියන්න ඕන නෑ... මම එල්ලලා ඉවරයි...

      Delete
  4. මම නම් මේකාගේ බ්ලොග් වලට ඉස්සර එනවා, ඕන්නම් බලාපල්ලා මීට කලින් ලියාපු සවුදම් ජෙමාගේ මල්ලිගේ කතාව. ඒකනේ මූ මෙච්චර විශාල ඩයල් එකක් වුනේ.

    දැන් එන්නේ නැත්තේ උඹ ලියන්නේ නැති නිසානේ බං. ලියන්නේ නැති බ්ලොග් එකකට මොන මගුලට එනවද. උඹ ආයේ ලියන්නද යන්නේ මල්ලියෝ? එහෙනම් මේ ගැම්මටම ඔහොමම යං.

    කතාව ගැන. කතා සෙට් එක නම් සුපිරියි, ඈ. අර කුරුමිට්ටගේ කතාව අපේ අයියා කෙනෙක් වන පොලිස් බුවේකුත් නිතර කියන එකක් තමයි.

    ReplyDelete
    Replies
    1. draft වල සැහෙන්න කතා ගොඩක් තියනවා බාගෙට ලියපු බලමු ගොඩ දාන්න

      Delete
  5. අටමගෙ පාරෙන් තමයි ආවෙ. කතා සෙට් එකනං නියමයි. දිගටම ලියමු.

    ReplyDelete
    Replies
    1. කෝ බන් කැමරාව

      Delete
    2. මොකක්ද කැමරාව.

      Delete
    3. වෙනියත් එක්ක පටලවා ගෙනද මන්දා

      Delete
    4. ගම කැවා පැටලිලා නේන්නම්. ශාහ් විලිලජ්ජාවයි

      Delete
  6. අද මේ පැත්තේ ආවේ අටමා කියපු නිසයි. ඒත් දැන් ටික දොහකට කලිනුත් ඇවිත් ගියා.

    අනතුරක් උණාම ගහන එකට එච්චර කැමති නැති උණත් එහෙම දෙයක් කරලා පැනලා යන උන්ටනම් පොරි හැලෙන්න දෙන්න ඕනි.. අනික තමයි උඹලා ගියෙ නැත්නම් අරුන් ටික දෙස්පාලුවාගේ පිහිටෙන් ගින්නක් නැතුවම නිදොස් කොට නිදහස් වෙනවා. එතකොට කරපු දේ බර පතලක් උන්ට දැනෙන්නෑ වගේම ආයේ ඔය වගේ දෙයක් කරන්න බය වෙන්නෙත් නෑ.

    නීතියක් නැත්නම් ඔහොමවත් සාධාරණයක් වෙන්න ඕනි.

    පොලිස් කාරයෝ ගැන හොඳම නිර්වචනය තමයි මේ. ..//හේතුව පොලිස් කාරයෝ කියන්නේ අත පය බැඳලා පීනන්න දාපු ඒවුන් වගේ නොගිලී ඉන්න උන් ඕන දෙයක් කරනවා. //.....

    ReplyDelete
    Replies
    1. මම සැහෙන්න පොලිස් කාරයෝ ආශ්‍රය කරනවා. හේතුව අපේ ගමට අල්ලපු ගමේ හැම පවුලකම එකෙක් දෙන්නෙක් පොලිස්යේ. වෙලාවකට පවු කියලත් හිතෙනවා උන්ගේ කතා අහපුවාම.
      හැබැයි එක දෙයක් මගේ තාත්තා උනත් පොලිසියේ නම් මම විස්වාස කරන්නේ නැ සත පහකට.

      Delete
    2. විස්වාස කරන්ඩ බැ තමා බං

      Delete
  7. Niyamai..ela..Digatama liyana. (mage salute eka).
    Jayawewa.

    ReplyDelete
    Replies
    1. බලමු මචන් ට්‍රයි එකක් දෙන්නම්

      Delete
  8. හරිම ක්‍රියේටිව් පොලිස් කාරයෙක් නොවැ.. :D

    මිනිස්සු නීතිය අතට ගන්නෙ, තමන්ට නීතිය රකින උන්ගෙන් සාධාරණයක් වෙන්නෑ කියලා පේන හින්දා තමා. දැන් අර කොල්ලා මලත් හප්පපු එකාට අවුලක් නෑනෙ.. ඌට තියනවා දේසපාලු හයිය..අනේ මංදා..

    ReplyDelete
  9. අටමා තමා මකුළු දැල් කඩපු ඔත්තුව දුන්නෙ..

    ReplyDelete
    Replies
    1. කලින් දෙක තුනක් ලීවා බන්. මේ මඟුලේ error එක හින්දා එහෙ මෙහෙ දැම්මා

      Delete
    2. මචන්, ඔය එරර් එක මටත් එනවා, අදත් ආවා.. මමනම් ඌව සත පහකට ගනන් නොගෙන ආයෙ ආයෙ Save හරි Update හරි බටන් ඔබනවා. ටිකකින් ඌ සරෙන්ඩර් වෙනවා.. උඹත් එහෙම කරලා බලපන්.. මට තාක්ශණික උපදෙසක් දෙන්න දැනුමක් නෑ..

      Delete
    3. මටත් එහෙම දැනුමක්නැ . මමත් කරන්නේ , ඔය වාගේ එලෝ විකාරෙන් මෙලෝ පොල් අතගාන එක , කොහොමද මන්දා හරි යනවා බං

      Delete
    4. සෙන්නගේ තියරිය තමයි මාත් කොරන්නේ. ඕක එන්නේ පේජ් එක ඕපන් කරලා ගොඩක් වෙලා හිටියම. ඒ හින්දා මං දැන් කරන්නේ වර්ඩ් වල ටයිප් කරලා ගෙනත් අලෝන එක. එතකොට අලයිමන්ට් උණත් හොඳට එනවා.

      Delete
  10. පොලිසියේ හොඳ උන් ඉන්නවා ඕනි තරම්..බහුතරයකගේ සවුත්තු වැඩ නිසා තමයි හැමෝම එහෙම බලන්නෙ ..

    ReplyDelete
    Replies
    1. ඒ අර ඉන්ජෙක්සන් එක හින්දා

      Delete
    2. අඹ පුසන්නව පටලා ගත්තේ මූට නේද

      Delete
    3. නියම මනුස්සය එක්ක පටලවල තියෙන්නෙ. :D

      Delete
  11. හොද උන් ඉන්නවා බං.. ඒත අති බහුතරය උන්වත් විනාස කරනවා. මට මොක කිව්වත් අප්පිරියම ජාතියක්..

    බ්ලොග ලෝඩ් වෙද්දි නිල්පාට බැක් ග්‍රවුන්ඩ් එකක් එන්නෙ. ඒක අපැහැදිලි. පොඩි වෙනසක් කරල අකුරු ලොකු කරල වෙනසක් කරපං.

    ජයම වේවා. !

    ReplyDelete
    Replies
    1. ඉඳපන් නිවාඩු වෙලාවක අලුත් ඇඳුමක් අන්දවන්නම්

      Delete
    2. ඉස්සෙල්ලම සිම්පල් එකක් දාහං , කෙලවාගත්ත දවසට මම කරන්නේ එහෙම

      Delete
  12. අප්පා.... මරු පොලිස්කාරයෙක්නේ...... ඒ වගේ කෙනෙක් ගැන ඇහුවමයි....

    අටම් අයියගේ ලින්කුවෙන් මේ පැත්තට ආවේ.....

    ReplyDelete
    Replies
    1. ටිකක් ලං වෙලා බැලුවොත් සුන්දර මනුස්සයෙක් ඉන්නවා කෝට් එක ඇතුලේ. එත් ඉතින් කෝට් එක හින්දා ලං වෙන්න අමාරුයි

      Delete
  13. ගෆුර් ල VSOA බෝතලේ 504පර්ජෝ කලු කාර් එකෙන් අරගෙන බෙරේ වැව අයිනේ ඔරු පදින සංගම් ක්ලබ් එක ලග තියෙන පොලිස් ඔෆිසර්ස් මෙස් ..>>ඔව් බන්ලා විදුලිය ඉස්සරාපිට මහජන/දේශීය ආ මගුල පිටිපෂ තමා<<හදනවා බලන්න උදේ 11හමාරට එත්දිත් බෝතලයක් ඉවරයි.
    මෙහෙම ලිව්වෙ ඔබලගේ සිදුවීමේදී පොලොසියේදී ගෆුර් ලොක්ක හිටියනම් ඉස්සෙල්ලම නෙලන්නෙ එයා.

    ReplyDelete
    Replies
    1. මේ ඩයල් එකත් ඒ වගේ තමා. උදේ පාන්දර නැගිටින්නේ මෝනින් ෂොට් එක දාගෙන. මම ගෙදරට කියලා තියෙන්නේ උදේම මාව ඇහුවොත් ඊයේ ගිය ගමන් තවම ආවේ නැ කියන්න කියලා. නැත්තන් වෙන්නේ උදේ පාන්දර 4 ට විතර අමුවෙන් ගල් ෂොට් එකක් දගෙන ස්ටාර්ට් වෙන්නේ නැති තඩි බයිසිකලයක් තල්ලු දාන්න.

      Delete
  14. බයිසිකල් කාරයගෙ සීන් එක ඇහුවම ඇග හිරිවැටිලා ගියා. මොකද අද තමයි හා හා පුරා කියල මෝට බයිසිකලයක් අරගත්තෙ.

    මුල්ම පාරට ආවෙ... අටං තමා පාර කිව්වෙ. ජය වේවා!!!!!

    ReplyDelete
    Replies
    1. අඩේ උඹත් de සිල්වා ද ? පරිස්සමින් පැදපන් මගෙත් හන්දියක් හන්දියක් ගානේ තුවාල කැඩුම් බිඳුම් බයිසිකලේ හින්දා. එත් ඉතින් බයිසිකලේ නැත්තන් පිස්සුත් හැදෙයි. මුල් කාලේ ඉතින් ඕවා අනිවාර්ය දේවල්. කීයක් ගියත් ෆුල් ඉන්ෂුවරන්ස් දාපන්. පැට්‍රල් ෆුල් ගහන්න එපා.

      Delete
    2. මොකටද එහෙම කරන්නේ බෑ කියහංකෝ, රෙද්ද

      Delete
    3. ඇයි යකෝ ඕකෙන් දෙරී ගහන වාරයක් ගානේ ඔය කඩෙන කැලි දාල දෙන්නේ තෝද ? පැට්‍රල් ටිකක් ගහන්න කීවේ වැටිලා බයිසිකලේ ඇල වෙනකොට ඕකෙන් බාගයක් පැට්‍රල් බිම. පැට්‍රල් ගැන කියාද තොට සල්ලි තියේනම් ඔය එකක්වත් නොකර හිටු මයේ මොකෝ

      Delete
    4. සන්තෝසයි උඹ බයිසි මොටෝවක් ගත්තට

      Delete
  15. අන්තිම කතාව නම් මරේ මරු. ඔන්න ඔහොම තමයි ඔය වගේ කාලකන්නියන්ට සලකන්න ඕනේ. අපරාදේ ඕකුන් ටික පොලිසියට කලින් කෝච්චියට අහුවෙන්න තිබ්බේ. අදමයි මේ පැත්තේ ආවේ. නියමයි..

    ReplyDelete
    Replies
    1. වරෙන් වරෙන් මල්ලි පුළු පුළුවන් විදිහට මොනවා හරි ලියන්නම්

      Delete
    2. තොට රහට ලිය්ඩ පුළුවන් බොල , ඉතින් ලියාපිය, (ටිකක් තරහින්)

      Delete
  16. පාර කිව්වේ අටමා...කෝක උනත් අන්තිම පේලියේත් මේක දාන්න......පට්ට

    ReplyDelete
    Replies
    1. අන්තිම පේලියට වෙන එකක් ලීවා මචෝ. එල කතාවක් ලියලා තිබ්බ ලුණු මිරිස් වැඩි කියලා ඇඩ්ඩින් අයියා අනුමත කලේ නැ.

      Delete
  17. මාත් මේ අටමගේ පාරදිගේ එන ගමන්, මෙන්න මේවට තමයි නිර්මාණශීලීත්වය කියන්නේ,

    ReplyDelete
    Replies
    1. මගේද ? පොලිස් කාරයගේද?

      Delete
  18. ඔන්න අටමා අයියා පෙන්නපු පාර දිගේ ආවේ. දිගටම කතා තියනවා නම් අපිත් මෙතන වැටිලා ඉන්නවා.

    ReplyDelete
    Replies
    1. මොනවා හරි ආයෙත් ලියන්න තමා හිතාගෙන ඉන්නේ වෙලාව ටිකක් අඩුයි බන්

      Delete
  19. connection එක speed මදි..රජෝ එකයි සින් එක ... ඕක තුන් හතර පාරක් සෙවූ දීලා... බ්‍රවුසරේ ක්ලෝස් කරලා ආයේ ඔප්න කාර්ම ඕක draft වල තියනවා ඊට පස්සේ publish කොරන්න..

    ReplyDelete
    Replies
    1. ඇ ..එහෙනම් මේකයි ප්‍රශ්නේ. තැන්ක්ස් මචෝ. ලයින් එක හොඳයි මගේ කොම් එකේ මොකෙක් හරි ඉන්නවා ඉන්ටර්නෙට් ලයින් එක කන. ආයෙත් ෆොර්මැට් කරන්න වෙයි වගේ

      Delete
  20. කතා ටික රස වින්දා.. :)

    ReplyDelete
    Replies
    1. පුළුවන් වෙලාවට එන්න බලමු මොනවා හරි අලුත් දේවල් ලියන්න.

      Delete
  21. අන්න ඩෑල්... රාලහාමිලා අතර පොලිස් කාරයා

    ReplyDelete
    Replies
    1. පොලිස් උණ නැතිවෙලාවට

      Delete
  22. පොලිසියේ මහත්තයෙක් වගේ!!!! නැත්නම් ඉන්නේ මහත්"හොරු" නේ!

    ReplyDelete
    Replies
    1. මුත් හොරා තමා. මු කියන්නේ සිංහයා කවදාවත් තණකොළ කන්නේ නැ වගේ මම කවදාවත් 1000ට අඩු ජරාව ගන්නේ නැ කියලා.

      Delete
  23. කමිස අතර ෂර්ට් ටයිප් ඩයල් එකක්... සිරාම නෑදෑයෝ ඇවිත් ආපහු අරුන්ට කෙලියා කියලා දැනගත්තාම උන්ට මොනා හිතෙන්න ඇත්ද

    ReplyDelete
    Replies
    1. උන්ට ඒ ගැන සිහියක් නැ. ගුටි කියන්නේ සෙල්ලන්ද?. ඕවා පොලිස් රහස්.

      Delete
  24. මුත් හොරා තමා. මු කියන්නේ සිංහයා කවදාවත් තණකොළ කන්නේ නැ වගේ මම කවදාවත් 1000ට අඩු ජරාව ගන්නේ නැ කියලා.

    අපොයි දෙයියනේ , එයා මේක දැක්කොත් ඉදලා හමාරයි

    ReplyDelete
  25. බයවෙන්න දෙයක් නැ. මු ජීවිතේට බ්ලොග් බලන එකෙක් නෙවේ

    ReplyDelete
  26. ආඩම්බරයි හසන්ත ආඩම්බරයි ,, එක පොලිස් කරයෙක්හරි පිං අතේ වැඩක් කරගෙන, ,මේකට තමයි කියන්නේ ආශ්චර්ය කියල .

    ReplyDelete
    Replies
    1. හා..හා එහෙම කියන්න එපා මලේ. පොලිස් කාරයෝ කියන්නේ පිං කඳවල්නේ. ආශ්චර්ය නෙවේ බන් ඈස්චර්ය සිංහල ක්‍රමේට එහෙමයි උච්චාරණේ.

      Delete
  27. "හැබයි උ අපේ යාලුවා උනත් කියන්න ඕන පොලිස් කාරයා පොලිස් කාරයාමයි උ වෙනස් වෙන්නේ නැ. හේතුව පොලිස් කාරයෝ කියන්නේ අත පය බැඳලා පීනන්න දාපු ඒවුන් වගේ නොගිලී ඉන්න උන් ඕන දෙයක් කරනවා. අපි බනින කියන කරන හැමදේම උන් දන්නවා ඒ දැනගෙනත් උන් අපිත් එක්ක ජීවත් වෙනවා කියන්නෙත් පුදුම හිතෙන දෙයක්."

    මෙන්න මේ ටික තමයි මගේ හිතට අල්ලලා ගිය ටික.. මරු..

    ReplyDelete
    Replies
    1. ඕක තමා ඇත්ත අයියා

      Delete
  28. මෙන්න නියම පොලිස්කාරයෝ. ඉරාජ්ගේ සිංදුවට නියමෙට ගැලපෙනවා :D

    ReplyDelete
    Replies
    1. මොනා කොරන්නද බං උනුත් ජීවත් වෙන්න එපාය

      Delete
  29. අනේ අනේ.. මරු පොලිස්කාරයා.. මෙහෙමත් මිනිස්සු අතරේ ඔය එක දෙන්නෙක් ඉන්නවා අර මකුණෝ වගේ..
    හැමෝම නොවුනත් මේ කතාව එක්ක එකඟයි.. "පොලිස් කාරයෝ කියන්නේ අත පය බැඳලා පීනන්න දාපු ඒවුන් වගේ නොගිලී ඉන්න උන් ඕන දෙයක් කරනවා"

    ReplyDelete
    Replies
    1. ආඩම්බරයි යකෝ පට්ට නළුවෙකුත් මගේ බ්ලොග බලනවනේ :)

      Delete
  30. නියම කතා ටික. ඔහොම මිනිස්සුත් ඉන්නවා.

    ReplyDelete