මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Sunday, May 26, 2013

මගේ හරක් මස් කෑමේ අයිතිය තහවුරු කරනු !

වෙසක් දවසට පස්සේ දවසේ මෙහෙම ලියන්න වෙන්නේ මගේම කරුමෙකටද නැත්තන් අවාසනාවකටද කියලා හිතා ගන්න බැරි උනත් මට හිතෙන හැටි  ලියන්නම ඕන. අද දවසම කරේ සිවුරක් දාගත්ත මෝඩයෙකුගේ  සිද්දියක් ගැන විස්තර කියවපු එකත් කොමෙන්ට් කරපු එකත්.  ඒ කරපු වැඩේට පක්ෂව විපක්ෂව දාල තිබ්බ අදහස් කියවනකොට මට හිතුනේ ඇත්තටම ලංකාව ගැන මම හිතාගෙන හිටිය චිත්‍රය මොන තරම් වැරදිද කියලා.

බුද්ධාගම, හින්දු ,මුස්ලිම් කතෝලික තව දන්නා නොදන්නා ඔක්කොම මික්ස් කරලා පත අට එක පතට හින්දා පෙරා දෙන මේ කසාය ගැහුවනම් ආය මේ ආත්මයේම නිවන් හරි ,ස්වර්ගයට හරි මොක්ෂයට හරි කොහෙට හරි යන්න තිබ්බා හිටගෙන තනි කකුලෙන්. මෙහෙමත් මිනිස්සු ඉන්න රටක් මේ තත්වයෙන් තියනවා කියලා දකින කොට අනේ අම්මපා බෝම්බයක් බැඳන් ගිහින් පනින හිතෙනවා පෙන්ටගනෙට හරි ධවල මන්දිරේට හරි ( මං  කැමති පාට සුදු පාට නෙවේ හින්දයි දියවන්නාව , අරලිය ගස් තියන ගේදර කියලා ලීවේ නැත්තේ ).

මෙතැනදී මට ලියන්න මොනවත් ඉතිරිවෙලා නැ හැමෝම ලියලා තිබුන නිසා අපුරුවට ආය  මම අහවල් එකක් ලියන්නද? ඒවා හැම එකක්ම කියවූවා විතරක් නෙවේ පුළු පුළුවන් විදිහට කොමෙන්ට් කරලත් ආවා. එත් ඉතින් මටත් ඔය කොච්චර කරත් හිල පොඩ්ඩක් ලොකු කරගත්තේ නැත්තන් නින්ද යන්නැති හින්දා ඕන්  මෙතනත් ලියලා දානවා. ඊට කලින් මෙන්න අද මගේ හිත ගත්ත පොස්ට් කීපයක් කියවපු නැති අයට  කියවන්න

රාජ්ගේ නවාතැන    ඉන්ද්‍රසාර ගිනි සහ ස්වර්ණවාහිනී 

w3ලංකා   හාමුදුරුවන්ගේ ගිනි තබා ගැනීම හා ස්වර්ණවාහිනිය රට ගිනි තැබීම

තහනම් වචනය අහෝ ඉන්දසාර හිමියනි! | The monk who burnt himself

සමකය වටේ ගව ඝාතනය නතරකරන ලෙස ඉල්ලා දළදා මැදුර අබියස දී හිමි නම සිරුරට ගිනි තියාගනි

මේ කිසිම ලිපියක් සමග මට ඇති ප්‍රශ්නයක් නැත නමුත් මේවාට දමා තිබු කොමෙන්ට් ගැන නම් ප්‍රශ්න ගොඩක් ඇති වූ නිසාමයි  මෙහෙම ලියන්න හිතුනේ. සමහර කොමෙන්ට් බොහොම ශිෂ්ටවත් සමහර කොමෙන්ට් බොහොම අශිෂ්ට විදිහටත් දාලා තිබුනේ තමාගේ මතය නිවැරදිම මතය කියලා තර්ක කරන්න. මට ඒ එක මඟුලකින්වත් වැඩක් නැත හාමුදුරුනමක් බැරිනම් පාදිලි කෙනෙක් ලෙබ්බේ කෙනෙක් පුසාරි කෙනෙක් ගිනිතියා ගත්තත් මට මොකෝ.  දැන් එතකොට අහයි එහෙනම් අහවල් මන්ගුලකටද යකෝ මේ පොස්ට් එකක් දාන්නේ කියලා. නෑ ..නැ  මේ මඟුල් ගිනි තියා  ගැනිල්ලත් එක්ක මටත්  ලොකු ප්‍රශ්නයක් තියනවා.    


ඒ තමයි ආගමික කරුණු කාරනා කෙසේ වෙතත් මස් කන්න කැමති සහ මස් කන්න අකැමති අය කියන මාතෘකා දෙක හින්දා ඇති වෙන ප්‍රශ්නය.  මොකද මම එකෙන්ම ඔය මස් කන්න කැමති කියන ගොඩට වැටෙන නිසා  මේක මට ලොකු ප්‍රශ්නයක්. බැලුවා බැලුවා හැම තැනම මොකෙක්වත් මේ ගැන කතා කරන්නේ නැති හින්දා ඔන්න මම තනියම සටනේ.


මම මට තේරෙන කාලේ ඉඳන් එක එක  ජාති වල යාළුවො ආශ්‍රය කළා. අපි ලෝකය මවපු එකක් ලෝකය ඉබේ හැදුනු දෙයක්  කියන මත දෙක වෙනුවෙන් කෙස් පැලෙන තර්ක කරා මරා ගත්තා එත් කවදාවත් හිතේ තරහක් තියා ගත්තේ නැ හැමදේම  එතනින් ඉවර කරලා එකට ප්ලේන්ටියයි බටෙකුයි ගහල විසිරිලා ගියා. කොහොම උනත් මම අදටත් ලෝකය කාගෙවත් මැවීමක් කියන එක පිළිගන්නේ නැ. ඒ හින්දා මේ තියන දේවල් වලට  අයිතිකාරයෙක් පාලකයෙක් කොහේ හරි අපිට පෙන්නේ නැති තැනකට වෙලා බලාගෙන ඉන්නවා කියන එක මට අදාළ දෙයක් නෙවේ.

ඒ වගේම කියන්න ඕන මගේ පොඩි කාලේ ඉඳන් මම සාමාන්‍යන්  මස් මාළු  ආහාරයට ගත්තා. ඒ වගේම මට කවදාවත් කිසිම මස් මාළුවක් නිසා වත් වෙනත් කෑමක් නිසා වත්  කිසිම ඇලජික් එකක් තිබුනේ නැ. දරුවන්ට තියන ආදරේ නිසාම  අපිව උස්මහත් කරන්න පුළු පුළුවන් හැම වෙලාවකම මස් මාළු පලතුරු වගේ දේවල් අපේ තාත්ත අපිට ගෙනත් දුන්න. ඒ හින්දමද මන්දා ප්‍රදාන ආහාර වෙල් වලට මොනවා හරි මසක් මාළුවක් ගන්න  එක පුරුද්දක් හැටියට අදත් මට තියෙන්නේ. මගේ මේ තොරා  බේරා ආහාර නොගැනීමේ පුරුද්ද හින්දා ගොඩක් අවස්ථාවල මගේ සමහර යාළුවො අපහසුතාවයට පත් වෙන තැන්  වලදීත් මට කිසි අපහසුවක් නැතිව ඉන්න පුළුවන් උනා වගේම මට බඩගින්නේ ඉන්න උනේ නැ. කොටින්ම මම කන විදිහට උයලා පිහලා දෙනවනම් මම ඕවගේ වන්සයක් වර්ගයක් හොයන්නේ නැ. මිනිස්සු කන මට හානියක් නොවෙන ඕන දෙයක් මමත් කනවා. 

එත් යකෝ මෙන්න මට මගේ ගැනවත් නොතිබුන ප්‍රශ්නයක් මේ මස් කන්නේ නැති එවුන් හදලා. ඒ විතරක් නෙවේ එක සභාසම්මත කරන්න තර්ක විතර්ක ඕන තරම්. ඔය ඉහල තියන පොස්ට් වල කොමෙන්ට් බැලුවනම් තේරෙයි මොනතරම් නම් ට්‍රයි එකක් දෙනවද කියලා.

මම කියන්නේ නැ  නිර්මාංශවාදීන්ට   අයිතියක් නැ  කියලා තමන්ගේ මතය වෙනුවෙන් පෙනී ඉන්න. මට මස් මාංස  කන්න   තියන අයිතියම තව කෙනෙකුට එක නොකා ඉන්න තියෙනවා.

 එහෙනම් මොන මඟුලක්ද?.

මඟුල තමයි  අර ගිනි තියා ගත්ත හරකා වගේ  බලහත් කාරෙන් තර්ජනාත්මකව තමන්ගේ මතය සමාජ ගත කරන්න හදන එක. ඒක  තමයි මට තියන ප්‍රශ්නය. ඔය වගේම එකෙක් කොළඹට ආසන්නයේ සියලු මස් වෙලඳ  සැලවල් වල ගව මස් වෙළඳාම තහනම් කරා කියලා ආරංචි තිබ්බ. ඇත්තද බොරුද දැනගන්න හම්බුනේ නැ.  නමුත් මට තියෙන ප්‍රශ්නේ එහෙම කරන්නේ කොහොමද මිනිසුන්ගේ සිතුම් පැතුම් ආශාවන් උන්ගේ අම්මගේ අප්පාගේ බුදලේ වගේ ඕන ඕන විදහට වෙනස් කරන්න පුලුවන්ද ?.

 මෙතැනදී මට ආගමික කාරනා වැඩක් නැ. මොකද මම ඉපදුනේ ආගමක් එක්ක නෙවේ අනික මම දැනට අදහන ආගමත් මම හොයා ගත්ත, මට ඕනවට ගත්ත දෙයක් නෙවේ.  දෙමවුපියන්ගේන් ලැබුන අනිත් දේවල් වගේම එකත් මම පිලිගන්නවා මට පුළුවන් තරමින් ආරක්ෂා කරනවා. පරම්පරවෙන් ලැබුනා කියලා මට පිළිගන්න බැරි දෙයක් නම් මම එක   උස්සගෙන ඉන්න යන්නේ නැ. ලෝකෙටම වැරදි උනත් මගේ හිතට හරි කියනදේ කරන්න හැම වෙලාවේම මම උත්සාහා ගන්නවා. හලාල් ප්‍රශ්නෙදි හලාල් අනවශ්‍යයි කියන මතය වෙනුවෙන් මම පෙනී හිටියා.  මට තිබ්බ ප්‍රශ්නේ ජාති, ආගම්   හෝ වෙන මඟුලක් නෙවේ.  හලාල් සඳහා මිලක් ගෙවන්න වීමත් යම්කිසි ආගමානුකුල ක්‍රියාවකට යටත් කර තිබීමත් කියන දෙක විතරයි.  උගේ ආගම උට මගේ ආගම මට කාගේවත් ආගමික කරුණු කාරනා මගේ පිට බලෙන් පටවන්න යන එක මට ප්‍රශ්නයක්.

මේ කාරනේදී වෙන්නෙත් එකම තමයි. හරක් මරණ එකත්  මස් කන එකත්  තහනම් කරන්න කියලා ඉල්ලනේ මොන පදනමකින්ද කියලා මට හිතා ගන්න බැ. සමහරක් කියනවා ජාතියේ කිරි අම්ම බේරා ගමු කියලා. ඔවු ඉතින් නෑදෑයන් වෙනුවෙන් පෙනී ඉන්න ඒ ය ගැන නම් මටත් වරදක් කියන්න බැ. හැබැයි හරක් කියන්නේ මගේ නෑයෝ නම් නෙවේ. ඒ හින්දා අනිත් කොයි මසත් වගේ හරක් මසුත් මම කනවා. තවත් සමහරුන්ගේ තර්ක අහපුවා මට හිතා ගන්න බැරි අඩන්නද හිනා වෙන්නද කියලා. හිනා වෙනවනම් කොයි පැත්තෙන්ද කියලා. ඒ තමයි මස් කනවාට විරුද්ද නැ හැබැයි සත්තු මරනවාට විරුද්දයි. මට දන්නා කෙනෙක් පුලුවන්නම් කියලා දෙන්න මරන්නේ නැතිව මස් කන්න පුළුවන් විදිහක්.   


සමහර විට මෙහෙම වෙන්න ඇති 

මට  අහන්න තියෙන්නේ ඇයි ඔහේලාගේ මහා සත්ව කරුණාව අනිත් සත්තු ගැන නැත්තේ කියලා. 100% ශාක ආහාර විතරක් කන්න කාටවත් පුළුවන් කියලා මටනම් හිතා ගන්නවත් බැ. කොච්චර කැ  ගැහුවත්   ඇත්ත එක තමයි. මොකෝ ඔහෙලා හිතාගෙන ඉන්නේ  එහෙමයි කියලද?. කේක් ,වටලප්පන්,ජෙලි වගේ කෑම  වලත් සත්ව කොටස් නැ  කියලද හිතාගෙනද ඉන්නේ. ඒ තියා ඔහෙලා කඩේට ගිහින් මස් කැලි  කන්නේ නැතිව පරිප්පු හොද්දට කලවන් කරලා කන මස් හොද්ද. ඇයි  එත් එක්ක කන ආප්පේ එකෙත් බිත්තර තියෙන්නේ. නැ ..නැ  බිත්තර ආප්ප නෙවේ ආප්පේ කබලේ ඇලවෙනවට  පිටි වලට මික්ස්  කරන බිත්තර දෙක. තව ගෙදර කොකිස් බදිනකොට  පහසුවෙන් ගැලවෙන්න දාන බිත්තරේ.

දැන් ඉතින් හරකුන්ගේ නායකයා වෙච්චි හරක් නාම්බා මල හින්දා. ඒ තනතුරට වෙනත් එකෙක් පත් කරගන්න හරක් අතරේ චන්දයක් තියන්න තියෙන්නේ. සමහරු කරන තර්කය තමයි මිනිස්සුන්ට වගේම සත්තුන්ටත් ජීවත් වෙන්න අයිතියක් තියනවා කියන එක. ඉතින් දෙයියනේ ඔය මස් කන කොයි එකාද කිවේ එහෙම නැ  කියලා. ඒ හින්දා තමයි සත්තු ඇති කරලා මරාගෙන කන්නේ නැතිව දකින දකින වෙලාවට කැලෙට පැනලා සත්තු දඩයම් කරන්නේ නැ  නොව.  තව සමහරු  කියන්නේ  සතුන්ට අදික වේදනාවක් දැනෙනවාලු මරණ කොට. ඔවු ඉතින් එක එහෙම  තමයි  හැබයි මම ගාව ඕකට හොඳ යෝජනාවක් තියනවා ඔය වේදනාව වැඩි වෙන්න එක හේතුවක් වෙන්නේ උන් මරණ ක්‍රමය හින්දා ඒ ක්‍රමයට නැතිව ඉක්මන් වේදනාව අඩු ක්‍රමයක් යොදා ගන්න ඕන. ලංකාවේ ගව  ගාතන කරන වැඩි දෙනෙක් මම හිතන්නේ මුස්ලිම් ජාතිකයින්   ඒ හින්දා එක්වරම බෙල්ල කැපීම වගේ ක්‍රම පාවිච්චි කරන්න ටිකක් ප්‍රයෝගික ගැටළු ඇති වෙයි.   
        

දැන් ඉතින් කට්ටිය රෙදි ගලවලා කතා කරයි හාමුදුරු කෙනෙකුට  අපහාස කරමින් කතා කරා කියලා. මටනම් සිවුරක් ඇඳන් ඉන්න හැමෝම හාමුදුරුවෝ නෙවෙයි. හාමුදුරු නමක් වෙන්න සිවුර ඇතිව හෝ නැතිව ඊට වඩා ගොඩක් දේවල් සම්පුර්ණ කරපු කෙනෙක් වෙන්න ඕන.  සාමාන්‍ය මිනිස්සු  කරන හැමදේම කරමින්  (සමහර විට ඊටත් අන්ත ලෙස) සිවුරක් ඇඳන් හිටිය පලියට මටනම් හාමුදුරු කෙනෙක් නෙවේ. අපි දුක්මහන්සියෙන් හම්බ කරන දෙයින් සිවුපසය ලබා දීලා වන්දනාමාන කරන්නේ අන්න ඒ උතුම් ගුණධර්ම  දරාගෙන ඉන්න කෙනෙක්ටය කියන දේ අපේ හිතට දැනෙන්නේ නැත්නම් උට මොන කෙහෙල් මලකට පුජකයෙක් කියලා කියන්නද ?. ධර්ම රාජ්‍ය  බිහි කරන්නවත් බෙදුම් වාදය පෝෂණය කරන්නවත් වෙන වෙන මඟුල් වලටවත් නෙවේ මේ පුජාවන්  කරන්නේ තමනුත් සසරින් ගැලවිලා අනිත් සත්වයන්ටත් එයින් ගැලවෙන්න දරන උත්සාහයට. 

හරි .. දැන් ඉතින් ඕන කෙනෙකුට කියන්න පුළුවන් මු සිංහල නෙවේ අවජාතක පරයෙක් අරකෙක්  මෙකෙක් ඕන මඟුලක් කීවට මයේ මොකෝ. ඔය කියන එවුන්ට මට කියන්න තියෙන්නේ මෙච්චරයි 

"මහත්වරුණේ    කරුණා කරලා බලහත්කාරකම් කරන්න එපා. ඔහෙට මස් නොකා ඉන්න තියන අයිතියම මට මස් කන්නත් තියනවා. මමත් රජයට බදු ගෙවන පුරවැසියෙක්. මම කන්නේ බොන්නේ රජයෙන් අනුමත සමාජ සම්මත දේවල්. දැනට තියන සම්මතේ මොනවා හරි ප්‍රශනයක් නම් කඩු, පොලු, බෝම්බ, පැට්‍රල් අතට ගන්නේ නැතිව මතවාදයකින් අවශ්‍ය වෙනස්කම කරගන්න. එදාට මමත් හිස නමලා ඒ දේවල් පිලි ගන්නම්. එතෙක් සතෙක් වෙන්නැතිව ජීවත් වෙන්න බලන්න "       

"මනුසත් බව දුර්ලබයි, ධර්මය ඇති කාලයක ඉපදීම ඊටත් වඩා දුර්ලබයි. නොපමාව කුසල් රැස් කර ගන්න"    බුදුන් වහන්සේ 




ප.ලි .
මං වගේ මස් මාංස  ආහාරයට ගන්න සාමානය මිනිස්සුන්ට මෙන්න තියනවා හරක් මස් වලින් සෑදිය හැකි රසවත් කෑමක්. ඔන්න ලින්ක් එක දැම්ම යන්න, බලන්න, හදලා කන්න, රස විඳින්න. ඒ වගේම ගංජා, අරක්කු  වගේ දේවල් වෙනුවෙන් බය නැතිව පෙනී ඉන්න බ්ලොග් ලෝකයට  ඔන්න මගෙන් මස්.    

http://kamubomu.blogspot.com/2010/12/blog-post.html

29 comments:

  1. මුං හිතන් ඉන්නේ හැම එකාම ඉන්න ඕනේ තමන්ට ඕනේ විදියට කියලා. ඒත් හැම එකාම නරකයි කියන එක දෙයක් මේ වගේ වෙලාවට හොඳ වෙනවා... සිංහල එවුන්ට සති දෙකෙන් හැම දේම අමතකයි කියන එක. ඔය වගේ දේකට ගිරිය පුප්පන් කෑගහපු එවුන් ගෙන් එකෙක් වත් ඊළඟ අවුරුද්දේ ඔය හාමුදුරුවන්ට ගුණසමරුවක් කරන්නේ නෑ. ඒ වෙද්දි උනුත් හාමුදුරුවන්ට බනියි...

    ReplyDelete
    Replies
    1. නැ මාළුවෝ මට ඇත්තටම තරහා මුන් මේ කරන බලහත්කාරකම් ගැන. මේවට මොකෙක්වත් කතා නැති උනොත් මේ අය හිතන්නේ මේ අයගේ දේ හැමෝම පිලිගන්නවා එක තමා හරි කියලා.

      Delete
  2. අපි දැන් කරන්නෙ ඒ හාමුදුරුවන් අපි අදහන මතය ඔප්පු කරන්න පාවිච්චි කරන එක, ප්‍රසිද්ධියේ සහ හිත ඇතුලෙන් , එක තමයි අපි හෑමෝම කරන්නේ ,

    ReplyDelete
    Replies
    1. මෙතන සිද්ද වෙන්නේ මතයක් ඔප්පු කරන්න පාවිච්චි කරන එක නෙවේ. බුකිය පොඩ්ඩක් බැලුවනම් බලන්න පුළුවන් ඒ මතය වෙනුවෙන් කැ ගහන පිරිස. මට තියන ප්‍රශ්නය මේ අය ඇයි මේ තර්ජනාත්මකව අනිත් අයගේ නිදහසට බාදා කරන්නේ කියලා. සාමකාමීව මේ ගැන පෙනී හිටිය මිනිස්සු එදත් හිටියා අදත් ඉන්නවා. මේ බ්ලොග් අවකාශයේත් ඕන තරම් මේ ගැන කලින් කතා කරලා තියනවා. ඒ තමන්ගේ මතය දැරීමට ප්‍රචාරණයට තියන අයිතිය. ඒ හැම එකටම සීමා තියනෙවා. සීමාව ඇතුලේ ඕන මඟුලක් කරගත්තට කමක් නැ. අනික මේ වගේ මෝඩ වැඩ වීර ක්‍රියා විදිහට පෙන්නන අයට කියන්න ඕන කමකුත් තිබ්බ හැම ගොන් වැඩකටම අපි එහෙයි කියන්නේ නැ කියලා.

      Delete
  3. හරක් මස් නැත්නම් වෙන ඕනෑම මසක් (අර්තාපල්,සිනි,පරිප්පු ආදිය ගෙනාවා වාගේ)පිටරටින් ගෙන්නන්න පුළුවන්නේ.එතකොට ඒවා කන අයට් මිලදී ගෙන කන්න පුළුවන් .නොකන අයට් නොකා ඉන්න පුළුවන්.

    ReplyDelete
    Replies
    1. එතකොට ලංකාවේ පරිභෝජනයට වෙන රටකින් හරක් වැඩි ප්‍රමාණයක් මරන්න වෙනවා.. එතොකොට ඒක පව් නෙමේද ? ලංකාවේ හරක් මැරෙන ඒක විතරද පව....

      Delete
    2. @ චමී4යූ~chami4u


      මධ්‍යස්තව කල්පනා කර බලන්න. අපේ පාරිභෝජනයට කරවල,හාල්මැස්සෝ,උම්බලකඩ,ටින් මාළු ගෙන්වන කොට ඒ සතුන් මරණ අන්දම පරික්ෂා කරන්න පරීක්ෂක වරු (quality controllers) අපි යවන සිරිතක් හෝ ඒ රටේ සත්ව ගහනය කෙතෙක් අඩු වෙනවාද කියල අපි හොයනවද? නැහැනේ. අපේ රටේ ගව ඝාතනයයි බටහිර රටවල ගව ඝාතනයයි අතර පැහැදිලි වෙනසක් තියෙනවා.ඒ රටවල මස් පිණිසම වෙනම ගවයන් හදනවා (බ්‍රොයිලර් කුකුලන් හදනවා වගේ.එමෙන්ම කිරි ගැනීම පිණිස වෙනම ගව දෙනුන් හදනවා)
      අපේ රටේ කිරි ගන්නා දෙනුන්,කුඹුරු වැඩට ඉන්නා ගවයන් අන්තිමට මස් කඩේට දක්කනවා. ඒක තහනම් කරලා ප්‍රමිතියකට හැදුනු ගව මස් ගෙන්නුවාම නරකද?

      Delete
    3. එතකොට පව් නැද්ද...?

      Delete
    4. @wmk- ඕවා රටින් ගෙන්නන ගත්තොත් ඊට පස්සේ වෙන කට්ටියක් ගිනිතියා ගන්න ලෑස්ති වෙයි දේශීය නිෂ්පාදකයාට තැනක් නැ මෙහෙ නිෂ්පාදනය කරන්න පුළුවන් දේවලුත් රටින් ගෙන්නනවා කියලා. හැමදේටම මොනවා හරි ලෙඩක් දාන එක දැන් පුරුද්දක් වෙල. wmk දන්නවද මාලිගාව ඉස්සරහා තියන වැවේ යම් කාල සීමාවකට සැරයක් මාළු අල්ලන්න ටෙන්ඩර් එකක් දෙනවා කියලා.නැත්තන් ඔකේ එක මාලුවෙක් වත් අන්තිමට ඉතිරි වෙන්නේ නැ. හැම දේටම සිමා මායිම් තියනවා. හැමෝම බලන්නේ තමන්ගේ මතයට අනිත් අය හොඳින් හරි නරකින් හරි ග්‍රහණය කර ගන්න.

      @චමි- පවු පින් තියෙන්නේ බුද්දාගම් කාරයෝ වෙන අපිට. අනිත් ආගම් වලට එක ප්‍රශ්නයක් නෙවේ ඔවුන්ගේ පවු පින් වෙනයි. උදාහරණයක් විදිහට කාලි දේවාලයේ බිලි පුජා උත්සවේ. එකත් අපේ අය නවත්තලා දැම්මා.මේ තියෙන්නේ ඒ ගැන මම දාපු පොස්ට් එක http://mata-hitena-hati.blogspot.com/2011/09/blog-post_13.html. අපි පවක් කියන දෙයක් ඒ අයගේ පිනක් වෙනවනම් .....මන් දන්නැ ඔබම කල්පනා කරලා බලන්න. බුදුන් වහන්සේ කියල තියෙන්නේ තමන්ගේ ගැලවීම තමන් තුල බවයි. වලකට වැටිලා ඉන්න වෙලාවේ ඉස්සරලාම හිතන්න ඕන අපි වලෙන් එලියට යන එක ඊට පස්සේ අපිට පුළුවන් අනිත් අය වලෙන් ගොඩ ගන්න.

      Delete
    5. @මාතලන්- ;) @#&&%$#@$&#

      Delete
  4. ඔය ගොං වැඩේ ගැනනං කතාකරල වැඩක් නෑ.
    සත්තුන්ට විතරක් නෙමෙයි ගහකොළ වලටත් සංවේදන දැනෙනව කියල විද්‍යාත්මකව හොයාගෙන තියෙනව. එහෙම බලනකොට ශාක ආහාර කෑමත් පවක්. එතකොට අපි මොකවත් නොකා බඩගින්නෙ ඉන්න ඕන.

    වැලිගම පැත්තෙ ගොඩක් ඉන්නෙ මුස්ලිම් අය. හරක් මරණ තැනුත් තියෙනව. මම ගියේ අපේ අයිය කෙනෙක්ගෙ ගෙදර. ඔය කතාව ඇදුනම මිනිහ කිවුවෙ ඔය මුස්ලිම් මිනිස්සුන්ට හරක් විකුණන්නෙ වැඩි හරියක් ‍බෞද්දයො. ඒ මුස්ලිම් මිනිස්සු හරක් ඇතිකරන්නෙ නෑ කියල.

    ReplyDelete
    Replies
    1. මේකයි ප්‍රසන්න ඇත්ත කතා කරන්නයි ඇත්ත පිළිගන්නයි අපේ මිනිස්සුන්ට තවම හිත හදා ගන්න බැ. මොකද ඉපදුන දවසේ ඉඳන් දැකලා තියන බොරුවේම ජීවත් වෙනවා තරම් ඇත්ත සුන්දර නැ.

      මගේ කාමරේ මාත්‍ එක්ක ඉන්නේ මුස්ලිම් කෙනෙක් අවුරුදු 22 විතර වෙන ලංකාවේ කොල්ලෙක්. මිනිහා හැම මුස්ලිම් කෙනාම වගේ ආගම ගැන තද විස්වාසෙකින් ඉන්නේ. අපි දෙන්න වෙලාවකට බොහොම සුහදව ආගම් ගැන තර්ක විතර්ක කරනවා. මම දැක්ක දෙයක් තමයි මේ අය ජන වර්ගයක් විදිහට මේ මස් මාංස බාවිතය අපේ සිංහල අයට් වඩා වැඩි කියන එක. ඒ වගේම මේ අයත් මේ සත්තුත් එක්ක තියන තරහකට ද්වෙශය්කට උන්ව මරලා කනවා නෙවේ. එක තමා ඒ අයගේ ආහාර රටාව. ඉතින් එකට මම ඇයි විරුද්ද වෙන්නේ.

      අනික අපි මේ තත්වයට ආවේ එක පාරට අහසින් වැටිලා නෙවේ. මම දන්නා කාලේ ඉඳන් අපේ ගම වල දඩයම කෙරුනා අපි කිසිම හිරිකිතයක් නැතිව ඒවා කෑවා. හැබැයි හරක් මස් කැවේ නැ උ අපේ බත හදා ගන්න උදවු උන හින්දා. නමුත් ඒ කාලයේත් ගොවිතැන් නොකරන අනිත් උදවිය හරක් මස් කැවා මුස්ලිම් රොඩී වගේ ජනතාව. ඒ අයට හරක් වික්කෙත් අපේම මිනිස්සු. ඔය අතර සිංහල මිනිස්සුත් හිටියා හරක් මස් කාපු. අදත් අපේ පවුලේ කවුරුත් හරක් මස් උරු මස් කන්නේ නැ. මම විතරයි ඕන ජරාවක් කන්නේ.

      මෙතන තියෙන්නේ පැහැදිලි අන්තවාදයක්. ඒ වගේම එකට කඩේ යන්න ලෑස්ති වෙලා ඉන්න මෝඩයෝ රැලක් එච්චරයි.

      Delete
  5. ඔබ මිනිසෙක් මැරීම අනුමත කරනවාද? අනුමත කරන්නේ නම් මෙ ගැන මගේ තවත් තර්ක නොමැත... අනුමත නොකරන්නේ නම්, මටත් ඔබෙන් අහන්නට තිබෙන්නේ ඔබේ පැනයම ය...

    // මට අහන්න තියෙන්නේ ඇයි ඔහේලාගේ මහා සත්ව කරුණාව අනිත් සත්තු ගැන නැත්තේ කියලා. //

    ReplyDelete
    Replies
    1. @nms- මම නිකරුනේ මිනිසෙක් මැරීම අනුමත කරන්නේ නැ. නමුත් දරුණු අපරාද කාරයෙක් නීතියෙන් මරණ දඬුවම නියම වූ කෙනෙක් ගැන මම කනගාටු වෙන්නෙත් නැ.

      මම හිතන්නේ ඔබ මගේ ප්‍රකාශය වැරදිවට තේරුම් අරන් වගේ. ඔතනදි මගේ සත්ව කරුණාව ගැන මම කතා කරලා නැ. මම අහන්නේ ඒ වෙනුවෙන් පෙනී ඉන්න අය ඇයි මේ විදිහට සත්තුත් වර්ග කරලා කරුණාව දක්වන්නේ කියලා.

      පැහැදිලිව තේරුම් ගන්න මෙතැනදී මම කියන්නේ මගේ කැමත්ත මගේ අයිතියි තහනම් කරන්න කියලා බලහත්කාර කම් කරන්න එපා කියලා.

      Delete
  6. මූ හෙට මිනී මසුත් කාලා එක මුගේ අය්තියක් කිව්වොත්......................

    ReplyDelete
    Replies
    1. ඔවු එක එච්චර ප්‍රශ්නයක් නෙවේ නීතියෙන් අවසර තියේනම්, කන්න ලැස්ති කරලා දෙන්න කෙනෙකුත් ඉන්නවනම්, කාපුවාම හානියකුත් නැත්නම්, අප්පිරියාවක් නැතිව කන්නත් පුලුවන්නම්, මම ලෑස්තියි. මම මෙතන කොහෙවත් නීති විරෝදී කියන දේවල් බාවිතා කරන්න අයිතියක් ඉල්ලලා නැ. මස් මරන්නේ, විකුනන්නේ නීතියට අනුව බදු ගෙවලා ක්‍රමවත් පිලිවලකටනේ ඉතින් මම පරිබෝජනය කරනවා. කසිප්පු බොන්නේ නැ අරක්කු බොනවා, ගංජා බොන්නේ නැ සිගරට් බොනවා, දැනට මිනී මස් කන්නේ නැ හරක් මස් කනවා. මම වැරදි දෙයක් කරනවද මහත්තයෝ. මම වැරදි දෙයක් මගේ අයිතිය කියලා කියනවද?
      පොඩ්ඩක් මහත්තයෙක් වගේ කතා කරන්න ඉගනගන්න එක කොහෙදිත් වටිනවා. ඔබ මගේ සමීප මිතුරෙක්නම් අඩේ ,මු,බං,යකෝ ඔය වගේ ඕන දෙකින් කතා කරාට වරදක් නැ.

      Delete
  7. ඔය හැම සිදුවීමකම පිටට නොපෙනෙන දේශපාලනයක් තියෙනවා...අන්න එය නොදැන විග්‍රහ කරන්න ගියාම තමයි ඇදගෙන නාන්නෙ...සිවුර දාගත්තත් සමහරු දේශපාලන ඉත්තො...

    ReplyDelete
    Replies
    1. ඔය කට්ටියගේ කොටසක් ධර්මරාජ්‍ය බිහි කරන්න කියලා ගොඩ ගියා. දැන් අපේ මිනිස්සු ආයෙත් ඇඳලා ඉන්නේ මුස්ලිම් විරොදයක් එක්ක. අනේ මන්දා කවදා අපේ එවුන්ගේ මොලේ පැදෙයිද කියලා.

      Delete
  8. දැවෙනා භවය අත්හල වග පෙන්වා අප මහා යති
    මැද හත් මග දෙසා ගෙය යළි නොතැනුව දනිති
    වත්මන සග රුවන නෙක ලවුකික ගතු කියති
    ගවයන් වටින බව දැක හිමි ගින්නෙහි දැවෙති

    ReplyDelete
    Replies
    1. ගවයෝ වටිනවා නේන්නම්. ලංකාවේ මිනිස්සුන්ට වැඩිය ඉන්නේ ගවයෝ නිසා ඒ වෙනුවෙන් පෙනී ඉන්න සැහෙන පිරිසක් ඉන්න එපැය.

      Delete
  9. මටත් තියෙන ප්‍රශ්නය තමා ඇයි එතකොට අනිත් සත්තු..? නැහැ මේක වැඩි හරියක් හරක් මස් කන්නේ නැති ඒත් අනිත් මස් මාළු ජාති කන අයගේ තියෙන කුහකකමක්... උන්ට හරක් මස් ඇර අනිත් ඕන මසක් කෑහැකි..ඒත් හරකා විතරක් එපා... මං කියන්නේ තහනං කරනවනං තහනං කරපියවු උම්බලකඩ කෑල්ලේ ඉදන් හැම එකක්ම.. ඊට පස්සේ කන්න ලෑස්ති වෙයල්ලා මුළු රටම නිර්මාංශිකව.. පිට රටින්වත් එක මස් රාත්තලක් ගේන්න දෙන්න එපා... එහෙ නැතිව හරකට විතරක් බොරු අනුකම්පාව පෙන්නන්න ලෑස්ති වෙන්න එපා. නීතියෙන් හැම මසක්ම තහනං කරනවනං අන්න එදාට මාත් නීති ගරුක පුරවැසියෙක් විදියට ඒකට යටත්ව මස් මාංශ නොකා ඉන්නවා.. ඒත් එක මසක් විතරක් තහනං කරන්න කතා කරන තැනදී මට කියන්න තියෙන්නේ අනේ උඹලගේ අම්මට... කියලා තමයි...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම මාරේ මට මස් මාළු කෑමට ලොකු ඇල්මක් නැ. නමුත් මට මෙතන දිරවන්නෙම නැති කේස් එක මුන්ගේ බලහත්කාරකම. මෙහෙම ගියොත් එහා ගෙදර පොඩි එකා මිදුලේ රෙනවා කියලත් ගිනි තියා ගනී. ගස් උඩ නැගගේන උපවාස කරයි.

      මම කියන්නේ කරන මඟුලක් කරපල්ලා ප්‍රජාතන්ත්‍රවාදිව.

      ලංකාවේ දේසපාලනේ වගේ උනත් කමක් නැ. ඇත්තටම එහෙම එකක් නැ හැබැයි තියනවා වගේ පේනවා.

      Delete
    2. මාරේ අයියා හරි! තහනම් නං සේරම! කනවනං ඒත් සේරම! එකෙක්ට විතරක් තහනං අනික් මස් ඕකේ කතා බෑ!

      Delete
  10. ආයේ උපරිමයි! මං නිර්මාංශ උනාට මස් කන අයට බාධා කරන්නෙ නෑ! ගිනි තියාගත්ත හරකා! ඊට වඩා හොඳ දෙයක් ඇත්තෙම නෑ! පට්ට කතාන්දරය! නියමයි!

    ReplyDelete
    Replies
    1. ස්තුති ගොඩ වැදුනට. අපේ මිනිස්සු කවදා ඇත්ත තේරුම් ගනීද ?

      Delete
  11. චීන්නු පනපිටින් මාලුව කන එකනම් ටිකක් අප්පිරියයි වගෙත් දැනුනා.

    ReplyDelete
    Replies
    1. හැබැයි මට කවදා හරි චීනෙට යන්න හම්බුනොත් කාලා බලනවා. අපිට අප්සෙට් උනාට එකෙත් මොකක් හරි අව්මුතු ආතල් එකක් ඇති.

      Delete
  12. මාත් කාල නැති කෑමක් නෑ, මන් ඉඳුල් කට ගෑවෙත් හරක් මස්, කාල නැති ලංකාවෙ සතෙකුත් නෑ., ගැරඩි මසුත් කාල තියෙනව., හැබැයි යාලුව උබ තරම්ම නම් හිතක් පපුවක් කියල දෙයක් නැති අමනයෙක් උනේ නෑ කවදවත්, ඕක උබේ අදහස මේක මගෙ අදහස., උබ මෙලෝම ආගමකට දහමකට නැති එකෙක් අවංකවම..

    ReplyDelete
    Replies
    1. හෙහ් ..හෙහ් තමන්ගේ මට්ටන් තන්මට්ටම් කිවලු

      Delete