මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Monday, May 20, 2013

දත් කඩන යන්තරේ

අ.පො.ස  සාපෙ ඉවර වෙලා ගෙදර ඉන්න  කාලේ මහ එපා කරපු කාලයක්. මුල් දවස් ටිකේ නම් ට්‍රිප් ද අරවද මේවද ගමන් කෝටියයි. එත් මාසයක් විතර යනකොට ගෙදරින් ලැබෙන සහනාධාර කප්පාදු  වෙලා අලුත් චක්‍රලේඛ ඇවිත් තනිකර පුද්ගලික ආයතනයක පියන් කෙනෙක් ගානට වැටෙනවා. ඔන්න ඔය වෙලාවට තමයි ජොබක් කරන අයියලා අක්කලා ඉන්නවනම් පිහිටට එන වෙලාව. අවාසනාවට  ගෙදරම අයියා මම වෙච්චි කොට මොකා ඉතින් මට පිහිට වෙන්නද?.   

එහෙම කීවට මොකද මට අයියලා අක්කලා හැත්ත බුරුත්තක්ම ඉන්නවා. එක කුස ඉපදුනේ නැතත් ලොකු අම්මගේ දරුවෝ ඔක්කොම මගේ අයියලා අක්කලා තමයි. පොඩි කාලේ ඉඳන්ම අපි එකට හැදුනේ වැඩුනේ ඒ හින්දා අපි අතරේ තිබ්බේ එක බඩවැල කඩන ආපු සහෝදර කමක්. කවදාවත් අයියලා අක්කලා නැති පාඩුව දැනුනේම නැ.

    මේ කියන සිද්දිය වෙනකොට  ඔන්න අපේ ලොකු අක්ක ඒ කියන්නේ අම්මගේ අක්කගේ ලොකුම කෙල්ල කොළඹ රස්සාවක් කරමින් ඉඳලා එහෙදීම හොයාගත්ත එකෙක් කසාද බැඳපු අලුත. ඒ මස්සිනාත් ඉතින් එළකිරි ඩයල් එකක් අදටත් උ පිටින් අපේ පවුලට බැඳිච්චි  එකෙක් කියලා  හිතන්නවත් බැ. හරියට එකා උපන් දවසේ ඉඳන් අපිත් එක්ක හිටියා වගේ.

මගේ මෝඩකම්, මරිකම්, අමනකම්, මෝල්කම් වල උපරිම කාලේ තමයි ඔය. දන්නවනේ O /L  කාලේ කියන්නේ ග්‍රහ අපල ඔක්කොම බලපාන කාලේ කියලා. කොහොම හරි මගේම අවාසනාවට ඔය වෙනකොට රට ගිහින් හිටිය අපේ තාත්තා නිවාඩු ඇවිත් හිට්යේ. දැන් ඉතින් කාල වරෙන්කො. උදේ ඉඳන් එයාගේ වැඩ වලට කඩේ යන එකයි එයාගේ පහිතිකාර කරන එකයි මට එපා වෙලා තිබුනේ. මොනවා කරන්නද නයා මැරිචිචි අහුකුන්ථිකයා වගේ මමත් ඉතින් දෙන දෙයක් කාල වෙන දෙයක් බලාගෙන ඉන්නවා.

ඔන්න ඔහොම ඉන්නකොට තමයි දෙයියෙක් වගේ අපේ අලුත් මස්සින වැඩියේ අපේ ගෙදරට. පොරයි අක්කයි බැඳලා කිරිබත්ගොඩ පදිංචි වෙලා හිටියට පොරගේ මහගෙවල් තියෙන්නේ මැදිරිගිරියේ. මහ ගෙදර පිරිතක් තියනවා කියලා පොර ආවේ එහෙ යන්න. අක්කා ඒ දවස්වල බඩින් හින්දා එක්ක යන්න බැරි නිසා අපේ ගෙදර නවත්තලා පොර එහෙ යන්න ලෑස්ති. මමත් ඉතින් ගෙදරින් මාරු වෙන්නේ කොයි වෙළෙද කියලා බලාගෙන ඉන්න එකේ ටක් ගාලා ස්වේච්චාවෙන්ම ඉදිරිපත් උනා පොරගේ අතවැසියා ලෙස ගමනට එක් වෙන්න.

                          තාත්තා නම් කිවේ  "බණ්ඩාර පුතේ ඕකා එක්ක ගිහින් උඹට උඹේ වැඩක් වත් කරගන්න නැති වෙනවා. ඔයිට වැඩිය හොඳයි අන්න අර සිරිසේන ගුරාට කියලා පිල්ලියක්  බන්දගනින්" කියලා.

          අම්මා කෙලින්ම කැමැත්ත දුන්නා මොකද මේ නිවාඩු කාලේ තමයි අම්මට වැසිකිලි යන්නවත් කුස්සියෙන් එලියට එන්න බැරිව තිබ්බ කාලේ. මල්ලිනම් ඒ දවස් වල හාල්මැස්ස වගේ හින්දා උට කෑම බීම ගානක් නැ. තාත්තාටත් පාන් තියනවනම් තුන්වේලම හරි කයි. මට ඉතින් බත්,ඉඳිආප්ප   වගේ දේවල් නැතිව බැ. අනික ඉතින් දන්නවනේ කෑම. ( ඒ දවස් වල අම්ම බත් මුට්ටිය හෝදන්නේ පිට මිනිස්සුන්ට පෙන්නේ නැති වෙන්න මොකද එක දවසක් සාන්ති නැන්දා  බත් මුට්ටිය දැකලා ඇහුවලු නැයෝ කට්ටියක් වත් ගෙදර ආවද කියලා )    තාත්තා උනත් පාන් පෙති 3යි කන්නේ. මං  කීවේ  පාන්ගෙඩිය පෙති දෙකට කපලා.

හැබයි අම්මා චක්‍රලේඛයට අලුත් වගන්ති වගයක් එකතු කරා. බණ්ඩාර අයියා නැතිව වත්තේ හතර මායිමෙන් පිට යාම තහනම්, වැවු වල ඔරු පැදීම්, නෑම,....,......බ්ලා ,බ්ලා  තහනම් ආදී ලෙස. කොහොම හරි ඔය නීති ටික පරිස්සං  කරනවට වැඩිය ලෙසියි මහන වෙලා කෝටියක් සංවර සීලය ආරක්ෂා කරන එක.

ඔන්න ඉතින් දෙන්න හවස 5 ට 6 ට  විතර බණ්ඩාර අයියගේ ජීප් එකේ ගමන ආරම්භ  කරා දැන් ඉතින් යනවා යනවා එපා වෙන ගමන පැය 5ක් විතර යන්න එපාය. දැන් වගේ පාරවල් කාපට් කරලය. අලි ඉන්න කැලේ මැදින් ගමන. දෙන්න කොහොම හරි ටික දුරක් ගිහින් රැට  කන්න කියලා නතර කළා පොඩි   ටවුන් එකක. දැන් දෙන්නා කන්න කලින් පොඩ්ඩක් අනුමත  වෙන්න ලෑස්ති. " මල්ලි උඹ බොනවද ?" මම ඉතින් හි ..හි.. ගෑවට  වැඩි දෙයක් කරේ නැ. පොර ඔන්න ළඟ බාර් එකකින් බ්‍රැන්ඩි භාගයයි බියර් එකයි ගෙනාවා. දැන් දෙන්න ඕකත් අරන් චයිනීස් රෙස්ටෝරන්ට් කියලා ගහලා තිබ්බ එකකට රිංගුවා.  (රජයේ මත්ද්‍රවය ප්‍රතිපත්තිය අනුව මෙම කොටස ඉවත් කර ඇත )     
        
මද පවනේ දෙන්න දැන් ඉතින් යනවා ගමනාන්තය දක්වා ඔං. බණ්ඩාර අයියලාගේ ගෙදරට  යද්දී  මහා රැ. ගෙදර ඔක්කොම නිදි. අපිත් ගිය ගමන් ආය මුන කට වත් හේදුවේ නැ  කෙලින්ම බයියම්මා කීවා.

පහුවදා මම නැගිටිනකොට උදේ 10 විතර වෙලා තව දවස් දෙකකින් තියන පින්කමට කට්ටියම එක සීරුවට වැඩ. මමත් ඉතින් පුළුවන් පුළුවන් වැඩ කරලා දුන්නා. නොදන්නා මඟුල් වලට අත දාන්න ගියේ නැ. නිකන් මොකටද අර ඉරුම් පට්ටලේට  නැග්ග වඳුරා වගේ වෙන්නේ. හරියටම දන්නා දේ තමයි ඇද කුද හෙවිල්ල. එක තිතටම කරලා දුන්නා.

ඔන්න වැඩ ටික ඉවර කරලා හවස අපි දෙන්නම් වත්ත පහළ තියන ඇනිකට් එකෙන් නාලා එහෙම අවා ගෙදර. ඇවිත් තේ එකක් එහෙම බීලා වටේ ඉන්න පොඩි එවුන් දෙන්න තුන්දෙනෙක් සෙට් කරගෙන අලි කරන වැඩේ කරා. ඔවු යකෝ ...අලි කරන්නේ කොට කෑලි තල්ලු කරන එක අන්න එක. මම ඉතින් අලියා වගේ උනාට මට පෙන්නම බැරි සෙල්ලමක් තමා ඕක. කවදාවත් එක පාරින් ඔය හිලකට ඔය කොට කාලක් දා ගන්න බැරි හින්දා ඔය මඟුල් සෙල්ලම පටන් ගත්ත ගමන් වන්නේ මට යකා නගින එක. එදා ඉතින් කරන්න දෙයක් නැති හින්දා කරන්න ගත්තා මිසක්. කොහොම හරි පැය දෙකක් විතර පොඩි එවුන් ඉස්සරා නොන්ඩි වේවි ඉන්නකොට බණ්ඩාර අයියා කතා කළා මල ගෙදරක් තියනවා ළඟ පාත ගෙදරක එහෙ යන කියල. පොඩි එවුන් ඉස්සරහා රෙද්දේ රෙවිලා හිටිය මම ටක් ගාල නැගිටලා ගියා.    

අම්මේ.... ළඟ පාත කීවට මේ පැත්තේ දුර මනින්නේ රබර් හැතැම්ම වලින් හින්දා පැය බාගයක් විතර පයින් ගිහින් ඔන්න මල ගෙදරට ගියා. කෙලින්ම ගියපු ගමන් ගේ ඇතුලට ගිහින් මිනිය බලලා එතැනින්ම ගියා තේ දෙන තැනට. පොර නම් ඉතින් දකින දකින කෙනත් එක්ක කතාව "නැන්දේ"  කියයි "මාමේ" කියයි "අයියේ" කියයි, "නංගියේ" කියයි   මම ඉතින් මොනවා කියන්නද මල ගෙදර කියලා බලන්නේ නැතිව දත් 32ම එළියේ දාල විරිත්තපු එක තමයි ඉතින්.
                                කොහොම හරි තේ බීලා  එලියට ඇවිත් මම කෙලින්ම ගියේ විට තට්ටුව තියන තැනට          
විටක් කටේ ඔබාගෙන අනිත් පැත්ත හැරෙනකොටම මෙන්න බණ්ඩාර අයියා මට වැඩිය ටිකක් වැඩිමල් කොල්ලෙක්ගේ අතින් අල්ලාගෙන මට අඳුන්නලා දුන්න එයාගේ නැඟී බන්දලා ඉන්න කෙනාගේ මල්ලි කියලා පොරක්. පොරත් ඉතින් හිනා උනා මමත් හිනා උනා එතකොටම මට මීටර් උනා යකො මගේ ඉස්සරහා පොල්දතක් කැඩිලා වගේම මුගේත් දතක් කැඩීලානේ කියලා.

මගේ ඔය ඉස්සරහා උඩ ඇන්දේ තියන මහා විසාල දත් දෙකෙන් එකක් මගේ කිරි දත් වැටිලා අලුත් දත් ආපු දවස්වලම මගේ නොසන්ඩාල වැඩ හින්දා කඩා ගත්තා නොවැ  අම්මගෙන් ගුටිත් කැවා  ඕකට. ඒ දවස්වල පොඩි එකා හින්දා ගානක් නැති උනාට ලොකු උනාට පස්සේ විරිත්තලා හිනා වෙන එකත් අඩු කරන්න උනා මද සිනාවකට ඔය දත දුඹුරු පාට වෙලා සවුත්තු වෙච්චි හින්දා. දැන් නම් එක හදලා තියෙන්නේ එත් ඉතින් එක පුරුද්දකට ගිහින් හිනා වෙන එක අඩු හින්දා ගොඩක් අය හිතන්නේ මම මහා නපුරු ඩයල් එකක් කියලා.    

ඔහොම කොහොම හරි ඉතින් වට පිටේ ඇවිදලා කාර්ඩ් අතක් වත් ගහන්න සෙට් වෙන්න බලනකොට ගමේ කොල්ලෝ මනුස්ස කමට මට හිනා වෙනවා (හිනා වෙනවට වැඩිය එක කිට්ටු විරිත්තන එකට). ටිකක් අධ්‍යාපන අඩු අහිංසක මිනිස්සු හින්දා පොඩි නොන්ජල් හිනාවක් තමයි.
                          යකෝ මුන් නිකන් මට ඔලොක්කුවට හිනා වෙනවා වගේ  හිනා වෙන එකෙක් ඇත්තන් උගේ ඉස්සරහා  දත මගේ වගේම බාගයයි එක්කෝ සංපූර්නයෙන්ම නැ. මට නිකන් කොයිල් වගේ මේක. මට හිතෙනවා යකො හැමදාම බීල නනත්තාර වෙලා මල  ගෙවල් වල යන්නේ අද මේ කැකුලෙන් හින්දා මට මොන්ගල්වත්ද ?. මම දැන් වට පිට බලනවා මොකක්ද යකෝ මේ වෙන්නේ කියලා බලන බලන පැත්තෙන් මොකෙක් හරි හිනා වෙනවා  වයසක ඩයල් එකක් නම් අප්සැට් එකක් නැ  කොල්ලෙක් නම්  එක්කෝ දතක් නැ  එක්කෝ දත් දෙකම නැ නැත්තන් බාගයයි. මට නිකන් පුල් අප්සට් මම හිතනවා මේ පැත්තේ අර අප්‍රිකාවේ ගෝත්‍රිකයෝ   වගේ මුන්ගේ දත් කඩන චාරිත්‍රයක් වත් තියනවද දන්නැ කියලා.  අහන්නත් කවුරුත් නැ  බණ්ඩාර අයියත් පෙන්න  නැ. කොහොම හරි පැයක් විතර වටේ කරකැවී හිටියා කාලතුරකින්  එකෙක් දෙන්නෙක්ගේ විතරයි එහෙම අප්සට් එකක් නැත්තේ 95%ම ඉස්සරහා  දතේ අර කේස් එක.

කොහොම හරි ඔන්න අපි දෙන්න ගෙදර එන්න අවා පොඩ්ඩක් දුර එනකොට මම ඇහුවා මොකෝ බණ්ඩාර අයියේ  මේ හැම කොල්ලෙක්ම දත් කඩාගෙන ඉන්නේ මොනවත් කෙමක් වත්ද කියලා. එතකොට තමයි ඔන්න   සිද්දිය කීවේ. මේ තියෙන්නේ බඩුව මේක තමයි දත් කඩන යන්තරේ


දන්නවනේ ස්ටාර්ට්   කරන්නේ  කොහොමද  කියලා ඕක හොඳ කල්පනාවෙන් කරන්න ඕන වැඩක් වෙලාවට අර කරකවන පොලු කෑල්ල අහකට ගත්තේ නැත්තං  ඉන්න වෙන්නේ මෙන්න මෙහෙමයි



24 comments:

  1. යකෝ... දත් කැඩුනට පස්සෙ ස්ටාර්ට් කරන්න බැරිද මේක?

    ReplyDelete
    Replies
    1. මොකද බැරි පිස්සෝ. දත් ගැලඋනාට පස්සේ ආය මොනවා පරෙස්සන් කරන්නද බය නැතිව ස්ටාර්ට් කරන්න පුළුවන් ආය දත් ගැලවෙයි කියලය.

      Delete
  2. හප්පට සිරි ඒකත් එහෙමද ?

    ලිවිල්ලනම් බොහොම සජීවියි..

    අර පිටි පස්සෙ තියන මහා බුක්ක රාජයව අයින් කරලා වෙන මගුලක් දාන්න බරිද බන්.. ඒ උලව්ව හින්දා හරි අමාරුයි කියවන්න..

    ReplyDelete
    Replies
    1. හිටහන් හිටහන් අලුත් ඇඳුමක් අන්දවමු. වෙලාවක් නැති හින්දා හිතාගෙන ඉන්න ගොඩක් modification කර ගන්න බැරි උනා.

      Delete
  3. එහෙමට ඕක විසි වෙන්නෙත් නැ බං . හැඩල් එකේ කට්ට හොදටම ගෙවිලා තිබුන් නැත්තං එන්ජිමටම ඇමිනිලා තියනවා විසිවෙන්නේ නැ

    ReplyDelete
    Replies
    1. විසි වෙලා නෙවේ අටෝ මේක වෙන්නේ. අපි නැමිලා නේ කරකවන්නේ ඔය වීල් එක. ඔකේ නියම වේගෙට ආවාම ඕක නිකන්ම කැරකෙනවා අන්න ඒ වෙලාවටනේ අපි ඔය පොලු කැල්ල අහක් කරන්නේ. ඕක වෙන කල්පනාවකින් කර කර හිටියොත් ඊළඟ රවුම කැරකිලා ඇවිත් ඉස්සරහා දත් දෙකේ තමයි වදින්නේ.

      Delete
  4. යකෝ එහෙනං මේක ලංකාවෙ කොල්ලංගෙ දත් කඩන්න කරපු බහු ජාතික කුමණ්ත්‍රණයක්. :D

    ReplyDelete
    Replies
    1. අම්මපා මට ඔය කියනකන් ඔය ගැන නිච්චි නැති උනා නෙව.

      Delete
  5. හෙන රවුමක් ගස්සලා නේ භා‍ණ්ඩේ පෙන්නුවේ.. එල එල.. ලෙසටම ලියා ඇත..
    ජය.. අර පොත නං අයින් කලොත් කියවන්න පාසු වෙයි වගේ...

    ReplyDelete
    Replies
    1. හිටින් හිටින් අලුත් ඇඳුමක් අන්දමු.

      Delete
  6. අත්දැකීම බොහොම අපූරුවට ලියලා තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මොකෝ දැන් ලියනවා අඩු. පොස්ට් ටික ඔක්කොම වගේ බැලුවා. දිගටම ලියමු අපිට හරි වැදගත් ඔය දැනුම.

      Delete
  7. ඔන්න අලුත් ඇඳුමක් ඇන්දුවා. තව අඩුපාඩු තියනවනම් කියන්න.

    ReplyDelete
  8. සිරාවටම? මේක දත් දොස්තරලගෙ බඩට ගහන්න කරපු කුමන්ත්‍රණයක්ද බං?

    ReplyDelete
    Replies
    1. හි..හි
      මේකයි හෙන්රි ඔය කාලේ තමයි ඔය යන්තර සුත්‍ර අපේ රටට හදුන්වා දුන් කාලේ. ඒ හින්දා තමයි වයසක ඩයල් වල දත් ඉතිරි උනේ ඒ දවස්වල හිටපු කොල්ලෝ තමයි ඕවා ඔපරේට් කරේ. ඇයි බන් ඇඟිලි කීයක් නැති වෙන්න ඇද්ද අර කොළ මදින යන්ත්‍ර වලට අහු වෙලා.

      Delete
    2. හෙන්රිගේ බ්ලොගයකුත් තියනවා නේද මට හිතෙන හැටි කියලා.

      Delete
  9. මේ පැත්තෙනං දත් දොස්තරල වැහිවැහැලා.. ඒ හින්ද ගානක් නෑ..පිංතුරටික නං මරු.

    ReplyDelete
    Replies
    1. මගෙත් දැන් හක්කේ දත් ටික ඉවරයි කලින් ආණ්ඩු වලින් ගලවලා මහින්ද මහත්තයා දැන් ඉස්සරහා ටික ගලවනවා. අහෝ ගෙදර උන්දැට, උන්දැගේ නැයිනට, මගේ යාළුවන්ට ගලවගන්නවත් ඉතුරු කරන්නේ නැති පාටයි.

      Delete
  10. අහෝ දත්... එතකොට නිශාන්ත ගෙ දත කැඩුනෙ පොඩි කාලෙ මොකක් ස්ටාර්ට් කරන්න ගිහින් ද.. :D

    හැබැයි මෙහෙම එකකුත් තියනව. කවුරු හරි ඇහැව්වොත් දතට මොකද වුනේ කියල, ආඩම්බරෙන් උත්තර දෙන්න පුලුවන්.

    …"ට්‍රැක්ටරයක් වැදිල..." :)

    ReplyDelete
    Replies
    1. හි..හි සර්කස් කාරයෝ හොයාගෙන එයිද දැන්නැ පෝලිමේ.

      Delete
  11. ඔබටත් ප්‍රීති වෙසක් කෙන්ජි

    ReplyDelete
  12. හාපෝ මමත් දැකලා තියනවා උතුරු මැද පළාතේ මම හිටිය එක්තරා ප්‍රදේශයක ඉන්න සමහර අයගේ දත් සැට් එකේ ඉස්සරහ හරිය තනිකරම 'දන්ත මුක්ත' කලාපයක් :D හේතුව මේක තමා. මමත් අහලම තමයි දැනගත්තේ.

    අසමි දකිමි සොයමි ලියන විචාරක

    ReplyDelete
  13. මම ඊයේ පෙරේදා දවස් දෙකේම ඔය පැත්තේ තමයි හිටියේ. ගොඩක් ආසා කරන ලිපි කීපයක් බැලුවා. අවිආයුද ගැන තියන උනන්දුව දැන්නම් ගොඩක් අඩුයි. නමුත් ලිපි ගොඩක් බැලුවා.
    තව මාරයෙක් ඉන්නවා ඔය පැති වල ඒ තමයි පැට්‍රල් ලාම්පු. ඒ ගැනත් හොඳ කතාවක් තියනවා පස්සේ දාන්නම්.

    ReplyDelete