ඔන්න ටික දවසකින් මොනවත් ලියන්න බැරි උන නිසා අරන් ආව මට අහන්න ලබූනු කතාවක්. කියපු එකත් ලෝක මඩෙක් හින්දා මෙක ඇත්තද මඩක්ද කියලා මටත් තවම හිතා ගන්න බැ. කොහොම හරි ඔන්න සිද්දිය සිද්ද වෙලා දැනට අවුරුදු 10 විතර වෙනවා.
ඒ කියන්නේ අපි ඉස්කෝලේ යන දවස්වල. ඒ දවස් වල අපි සෙට් එක තමයි නුවර ඔරලෝසු කනුව ළඟ හිටපු ලොකුම වල ගැන්සිය. ඉස්කෝල කීපයකම එපාම කරපු එවුන් ටිකේ එකතුවෙන් තමා ඕක හැදිලා තිබුනේ. කොච්චර බස් තිබුනත් හැමෝම පොත අත්සන් කරන්න වගේ ඔතනට ඇවිත් තමයි යන්නේ. ඔතන අපිට සෙට් වෙලා හිටිය තව ටවුන් ආරච්චිලා කීප දෙනෙකුත්. ඔකේ එකෙක් හිටිය උදේ 7 වෙනකොට ඔතෙන්ට ඇවිත් රෑ 7 විතර වෙනකම් චාටර් වෙලා යන එකෙක් අපි කියමු මුට රංග කියලා කියමු. හැමෝම කිවේ ටවුන් එකේ යතුර තියෙන්නේ රංග අතේ කියලා. මු නැත්නම් ටවුන් එක අරින්න බැ කියල හිතලද මන්දා මු මෙ උදේම ටවුන් එන්නේ. වෙන මොකවත් නෙවේ කාලකන්නි කම පස්සපැත්තට අවුව ටිකක් වැටෙනකන් වත් නිදා ගන්න මුට පින නැ.
මුගේ තාත්තා වැඩ කරේ පොලිසියේ හැබැයි මු පොලිස් කාරයෙක් ගේ පුතෙක් කියලා නම් කියන්නවත් බැ. නැබිලියක් මුනින් නැවුවා වගේ කොන්ඩේ කපලා ඒ දවස් වල ජනප්‍රිය codroil බෙල් බොටම් එක ඇඳලා තඩි badge එකක් තියෙන බෙල්ට් එකක් දාල කිට මරලා තමයි ටවුන් බහින්නේ. ඒ විතරක්නම් බැරිය නිතරම කඩු කැලි වලින් තමයි කතාව. අහන්නෙත් කඩු සින්දු නිතරම මුමුනන්නෙත් කඩු සින්දු අපිටත් ඒ දවස්වල කඩුව තියා කැත්තක් වත් හරියට බැරි හින්දා මු ඉතින් හෙන පොර සේ තමයි හිටියේ. මු කියපුව ඇත්තද බොරුද කියලවත් දැන ගන්න අපිටත් තේරෙනවය ඉතින්. ඔන්න ඔහොම ඉන්නකොට දවසක් අපි ඉස්කෝලේ ඉද්දි තමයි මෙන්න මෙහෙම වෙලා තියෙන්නේ.

First junction .. .... No Junction (ඔය කියන්නේ ඔරලෝසු කනුව ළඟ ඉඳලා යනකොට හම්බෙන පළමු තුම්මන් හන්දිය white house hottel එක ළඟ)
You Go
second junction .... No junction (ඔය කියන්නේ ඔරලෝසු කනුව ළඟ ඉඳලා යනකොට හම්බෙන දෙවැනි තුම්මන් හන්දිය FoodCity එක ළඟ)
You Go
third junction . .. ... No junction (ඔය කියන්නේ ඔරලෝසු කනුව ළඟ ඉඳලා යනකොට හම්බෙන තුන්වෙනි තුම්මන් හන්දිය වැව රවුම )
You Go
Fourth Junction අන්න Junction හැරෙනවා වමට
අර ගහ දනන එකාට කොලකඩා පාන්ට එපා කියන්නේ ඔවට වෙන්ටැ....විලිලැජ්ජාවෙ සංතොසෙ බෑ....අර කෙල්ලගෙන්..මූට හොදිනැතුව රොස්පාන් හම්බෙන්ටැතී...D
ReplyDelete