මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Friday, November 25, 2011

ගැස්ට්‍රික් නම් මෙන්න බෙහෙත ...... අත්දුටුවයි ! සත්තයි !

ඔන්න හැමෝගෙම කෑම හදන බ්ලොග් ටික කියවලා මටත් හිතුනා ඒ වගේ දෙයක් ලියන්න කියලා. මේක  ගොඩක් ප්‍රයෝජනවත් වෙයි ඔන්න ඔය මාතෘකාවේ තියන ලෙඩේ තියන අයට නම්. ඕක ලෙඩක් කීවට මට නම් හිතෙන්නේ දාගත්ත ලෙඩක් කියලා ඉබේම ඕක හැදුන අය ඇත්තේ බොහොම ටික දෙනෙක් මගේ හිතේ  හැමෝම කියන්නේ "වැඩ වැඩ  කන්නවත් කෝ වෙලාවක්" කියලා. මෙතන තියන ප්‍රශ්නය කන්න වෙලාවක් නැති එකම  නෙවේ. 
       ගොඩක් වෙලාවට දවල්ට කන්න බැරි උනා කියලා ගැස්ට්‍රික් හැදෙනවට වඩා මේක දරුනුවටම හැදිලා තියෙන්නේ උදේට කන්නැති අයට රෑ එළිවෙනකන් පැය 8 විතර අපි කිසිම ආහාරයක් නොගෙන ඉන්නේ. එහෙම ඉඳලා උදේම 'පුන්නකු බාල්දියක් විතර ගොන් කිරි එකක් බීලා දවල් දහය විතර වෙනකන් මුකුත්ම නොකා ඉන්න තමයි වැඩි දෙනෙක් හුරුවෙලා' තියෙන්නේ.

     මොකද ගොඩක් අය හිතාගෙන ඉන්නේ අපි හරක් පැටවූ නිසා  හරක් කිරි බීපුවාම හරි කියලා. එහෙමනං ඉතින් දහයට විතර කන්න ලපටි තණකොළ ටිකකුත් වැඩට යනකොට ගෙනිච්චට වරදක් නැ. 
මේ ගොන් පුරුදු හින්දා   ඉතින් ගැස්ට්‍රික් හැදෙන එක අරුමයක් නෙවේ. මේකට කරන්න තියන හොඳම දේ  ' උදේම බොන පුන්නක්කු  බාල්දිය නවත්තලා හොඳට කන එක තමයි'. 

"අනේ ඔච්චර උදේ කන්නේ කොහොමද ?  මටනම් උදේම කන්න බැ වමනෙට වගේ එනවා "          ඔන්න ඕව තමයි උදේම කන්න කීවොත් කට්ටිය කියන කතා. 

      මේකට ප්‍රදාන හේතුව තමයි අපි දත් මදින දත් බෙහෙත් හැමෝම දත් මදින්න පාවිච්චි කරන්නේ Mint සහිත ඔය ප්‍රසිද්ද දත් බෙහෙත් වර්ගනේ. හොඳින් මතක තියා ගන්න ඔය Mint  කියන්නේ තාවකාලිකව ස්නායු හිරි වට්ටන දෙයක්  එතකොට දිවට කිසි රසයක් දැනේනේ නැ.  ඒ හින්දා තමයි තිත්ත බෙහෙත් බොන්න කලින් Hax වගේ ටොපියක් කාල ඉන්න කියන්නේ එතකොට තිත්ත  රස දැනෙන්නේ නැ. ඒ විතරක් නෙවේ දත් මැදලා කට හෝදන කොට උදේම  සීතල වතුර පාවිච්චි කරන්න එපා. අයිස් කැටයක් කටේ තියාගෙන හිටියත් වෙන්නේ ඔය දේම තමයි. ඒ හින්දා "සුපිරි විකී" වගේ දත් බෙහෙතක් පාවිච්චි කරන්න. ඒකේ තියන ලුණු ඇඹුල් රස නිසා කටේ ස්නායු සංවේදනය වෙලා කටට කෙල උනන එක වැඩි වෙනවා. දත් මැදලා කට හෝදනකොට මදක් උණුසුම් වතුර පාවිච්චි කරන්න එතකොට දත් බෙහෙත් රසය කටෙන් හොඳට ඉවත් වෙලා ස්නායු හොඳින් Worm-up වෙනවා. එතකොට නිකන්ම උදේම බඩගිනි එනවා. 
           අන්න ඒ වෙලාවට මෙන්න මේ පහලින් තියන කෑම ජාතිය හදාගෙන  කාල යන්න. එක දිගට සතියක් කරලා බලන්න. සාර්ථක නැත්නම් හොදවාගෙන් දෙකක් කියලා  දාන්න කොමෙන්ට් එකක්. කිසි ප්‍රශ්නයක් නැ. හැබැයි ඔං වැඩේ හරියට කරලා බලලා හරිද. 
මගේ දෙමවුපියන්ට පින් සිද්ද වෙන්න මට නම් ඔය කිසි ලෙඩක් හැදුනේ නැ. උදේම කන්න පුරුදු කරා විතරක් නෙවේ ඔය ගෝ කිරි බොන පුරුද්දත් අඩු කරලා උදේම කොළ කැඳ එකක් ඉරමුසු ටිකක් වගේ බොන්න පුරුදු කරා. ඒ මිනිස්සු බුදු වෙන්න ඕන අදත් උණක් හෙම්බිරිස්සාවක්වත්  නැ. ඇත්තම කියනවනම් මට හරි ආසයි ලෙඩක් හැදිලා ඇඳකට වෙලා ගෙදර අයගෙන් පොඩි සැලකිල්ලක් ගන්න. කරුමේ කියන්නේ වැස්සට තෙමුනත්, අවුවට වෙලුනත්, ගලේ ගැහුවත් කිසි ලෙඩක් හැදෙන්නේ නැ නොවැ. ඔහෙලා කීවට පිළිගනීද මන්දා දැනට අවුරුදු 13 කින් මම පැනඩෝල් පෙත්තක් බීල නැ කියපුවහම. 

හා හා ඔය මදැ විස්තරේ. ඔන්න එහෙනම් එදා සිංහලයාගේ ජනප්‍රියතම පාතරාසය "දිය බත් " හදන හැටි.

අවශ්‍ය දෑ :- රාත්‍රියේ උයා ඉතිරි උන බත් ටිකක් 
                  එයට දැමීමට බත් වැසෙන තරමට ජලය 
                  පොල් බෑවක්
                  රතුළුණු ගෙඩි 5-6 ක් හෝ රටලුණු ගෙඩි 1 ක්
                  වියලි මිරිස් කරල් 5-6 ක් 
                  දෙහි ගෙඩියකින් බෑවක් 
                  ලුණු අවශ්‍ය පමණට
                  සුද්ද කරපු පොල් කූරක්                

අපේ ගෙවල් වල සාමානයෙන් කෑම හදන කොට ගෙදර ඉන්න අයට ගානට හදන්නේ නැ නොවැ. හදිසියෙවත් කවුරු  හරි අවොත් කියලා තවත් මනුස්සයකුට ඇති මදි වෙන තරමට ටිකක් වැඩියෙන් තමා උයන්නේ පිහන්නේ. සිංහලයා එදා ඉඳන් ආගන්තුක සත්කාරයට ප්‍රසිද්දයි නොවැ. කන බොන වෙලාවට ගෙදරට එන බලු කුක්කට වත් කෑම කටක් නොදී ගෙදර මිනිස්සු කාපු නැති ජාතියක් උන අපි අද නම් වැඩියෙන්ම කරන්නේ ඉල්ලගෙන කන එක තමා. හා ඒවා ගැන කතා කරන්න ගියොත් කියන්න යන දේ කියන්න බැරි වෙන හින්දා මෙන්න මෙහෙම කරන්න.
 රෑට  කාපුවාම ඉතිරි වෙන බත් ටික දැනට නම් අපි පහුවදා උදේම කන්නේ නැ ඔකේ නිකන් සීතල ගතියක් එක්ක පොඩි පරණ රසක් එන නිසා ඕක එක්කෝ වීසි කරනවා නැත්නම් ඉතින් "හොඳමදේ දරුවන්ට දීලා හැමදාම ඉතිරිවෙන දේ කන අපේ අම්ම කනවා". කරන්න තියෙන්නේ මෙන්න මේ ඉතිරිවෙන බත් ටිකට වතුර ටිකක් වත් කරලා තියන එක විතරයි. හබැයි වතුර දානකොට දාන්න ඕන බත් ටික වැහෙන තරමට විතරයි. මහා ගොඩක් වක්කරනවා එහෙම නෙවෙයි. පොඩි මැටි කොප්පෙකට(කරි මුඩි) බත් ටික දාල වතුර දාල හොඳට වහලා තියන්න. හැදුවට පස්සේ මේගැන මතක් උන නිසා ඔන්න පින්තුරයක් ගන්න නම් බැරි උනා. 
                     පහුවදා උදේ මේ බත් එක අරන් බලන්න අර දාපු වතුර උරාගෙන බත් ඇට ටිකක් පිම්බිලා තියෙනවා වතුරත් අඩුවෙලා තියෙන්නේ. දැන් කරන්න තියෙන්නේ පොල් ටිකක් ගාන එකයි. පොල් බෑවකින් 1/3 විතර ගාල උණුවතුර ටිකක් වෙන්න දාල හොඳ උකුවට මිටිකිරි තේ කෝප්ප 2/3 විතර හදා ගන්න.දිය කිරි වත් පොල්කිරි ගොඩක් වත් හදා ගන්න එපා එතකොට මේක වතුර ගතිය වැඩි වෙලා රස නැති වෙනවා. රතුළුණු  ගෙඩි 5 -6 ක් සුද්ද කරලා හීනියට ලියා ගන්න. රතුළුණු නැතිනම් රටළුණු ගෙඩියකින් 1/2 හෝ 2/3 හෝ උනත් කමක් නැ. හැබැයි රතුළුණු නම් රස වැඩියි.  

දැන් අර පොල්කූර අරගෙන අර වියලි මිරිස් කරල් ටික ඔය රුපයේ විදිහට අමුනගන්න. අමුණා ගත්ත මිරිස් කරල් ටික ලිපේ ගින්දරට අල්ලා වටේම කරකවමින් පුච්චා ගන්න. ඉස්සරහා ඒවා ඉක්මනට පිච්චෙන නිසා එලෙස පිච්චුන ඒවා ගලවා තියන්න. නැතිනම් ඒ  මිරිස් කරල්ටික අඟුරු වෙයි. මේ මිරිස් අතින් කුඩු කරන්න පුළුවන් ගානටයි පුච්චන්න ඕන. අඟුරු වෙනකන් පුච්චන්න එපා. ඔන්න රුපයේ පැහැදිලිව ඇති. සමහරු ඕකට අමු මිරිස් දානවා මම නම් අමු මිරිස් දානේ නැ අමු මිරිස් දාපුවාම කොළ රස එන නිසා.                    
                                                       

කපා ගත්ත රතුළුණු ටික, පුච්චලා කැබලි කරගත් මිරිස් ටික අර වතුර දාපු බත් එකට දාන්න. එකේ  තියන වතුර ඉවත් කරන්න එපා. දැන් මේකට අවශ්‍ය තරම් ලුණු දමන්න. බත් එකටත් ලුණු දාලනම් උයලා තියෙන්නේ ලුණු ටිකක් විතර දාන්න. දැන් මේකට පොල්කිරි ටික එකතුකරන්න සමහරු නම් පොල්කිරි ටිකක් රත් කරලා දානවා එහෙම ඕන නැ. පොල්කිරි නිකම්ම දාන්න. දැන් දෙහි බැව අවශ්‍ය තරමට මිරිකන්න රස අනුව. වැඩේ ඉවරයි. මේක සිම්පල් ප්ලැන් එකක්. දියකිරි, හරි මිටිකිරි, හරි ගොඩක් වැඩි උනොත් රස ටිකක් අඩුවෙයි. එ හින්දා බත් එක වැහෙන ගානට විතරක් දා ගන්න. මොකද රෑ දාපු වතුරත් බත් එකෙ තියනවා කියල අමතක කරන්න එපා. රෑ දාපු වතුර පෙරන්න එපා එතකොට කන්න වෙන්නේ රොඩ්ඩ විතරයි. 

එහෙ නම් කාල බලලා රස කියන්න. නැත්නම් අම්මට කිබුහුම් යන්න මට බනින්න.







 ඔන්න මම හදපු රුප ටික දැම්ම. හැමෝම කෑම හදපු රුප දැම්මට අන්තිමට ඒවාට උනේ  මොකද කියලා රුප දාල තිබුනේ නැති නිසා ඔන්න එකට උන දේ ගැනත් රුපයක් දැම්ම.





ප. ලි.
ඔය මං හදල තියන එකේ ටිකක් මිරිස් වැඩි මොකද මම ටිකක් සැර කෑම කන කෙනෙක් නිසා. ඔය ගැස්ට්‍රික් තියන අය ඔය තරම් මිරිස් දාන්න එපා. මේක සතියකට දවස් තුනක්වත් කන්න. කාල වෙනස බලන්න උගුර පිච්චීගෙන ඇසිඩ් ගතිය උගුරට එන එක මේවා කාල ගිය දවසට නැ කියලා තේරෙයි. ඒ වගේම මේක හොඳ ඇඟ නිවෙන කෑමක් කියලයි අපේ අම්ම මට හදලා දුන්නේ මොකද මම උෂ්ණ කාරයෙක් හින්දා. ඕව ගැන මම වැඩිය දන්නේ නැ හැබැයි කිසිම කෙඳිරියක් නැතිව ඔය වගේ දිය බත් එකක් බස්සන එකනම් මට කිසිම ප්‍රශ්නයක් නැතිව කරන්න පුළුවන්. ඔකේ ගුණ අගුණ ගැන විස්තර "වේද ගෙදර මහා වේදනා" නම් දන්නවා ඇති. උන්නැහ මේ පැත්තේ අවොත් ඔන්න ගුණාගුණ කියලා කොමෙන්ටුවක් දාල යන්න කියලා ඉල්ලනවා.     






17 comments:

  1. රෝගයේ නම ගැස්ට්‍රයිටිස් වශයෙන් ලිවිය යුතුයි නේද?

    ReplyDelete
  2. මාත් ගොඩාක් ප්‍රිය කරන ආහාරයක් . දැන්නම් බොහෝ ගෙවල්ව්ල මේව හදන්නෙත් නෑ .. මමනම් හදනව . බොහොම ස්තූතියි මේව මතක් කරල දෙනවට ...

    ReplyDelete
  3. හොඳ ලිපියක් මචො..තේ බොන්ඩනං මාත් පෙරෙතයි..හැබැ ගැස්ට්‍රික් නම් මට නැ....එත් තේ බොන එක පොඩ්ඩක් අඩුකරල බලමු නේ..

    ReplyDelete
  4. මම මේ ගැන කියලා ලිපියක් දැම්මා "දියබත" මේ බතට කියන්නේ ඒ නම තමයි. හරිම වැදගත් කෑවොත් කෑ කෙනෙක් තමයි ඒකෙ අගේ දන්නෙ. බොහෝම හොඳයි මේ වගේ දේවල් බෙදා ගන්නවට. ඔබට මගේ ලිපියට ගියොත් ඒකෙ ගුණාගුණ බලා ගන්න පුළුවන්. අවසර නැතිව ලින්ක් දැමීම මම කරන්නේ නැති නිසා කමෙන්ට් එකේ ලින්ක් එකක් දැම්මේ නැහැ.

    ReplyDelete
  5. @ කතන්දර
    ලොකු හයියක් මේ පැත්තේ ඇවිත් යන එක. හරි වචනය නම් "ගැස්ට්‍රයිටිස්" තමා එත් ගොඩක් දෙනෙක් ව්‍යවහාර කරන්නේ "ගැස්ට්‍රික්" කියලා එකයි ඒ වචනය පාවිච්චි කරේ. එක නිකන් සිංහල වචනය වගේ වෙලා
    @ ගිම්හානි
    උදේම කාල ගියොත් දවල් 1-2 වෙනකන් ඉන්න පුළුවන්. ඔය පාන් පිටි ගුලි ගිල්ලහම වගේ වතුර තිබහ එහෙම දැනෙන්නෙත් නැ. කන්නෝ දනී.
    @ රාජ්
    මචන් කිරි බොන්නේ පැටවූ. "තේ පැන් දින දින වැඩි වැඩියේ - බීමෙන් සිරුරට සැප වැඩිවේ" කියලා රුක්මනී දෙවි කීවට ගැස්ට්‍රයිටිස් වලට තේ කහට අන්තිමයි.

    ReplyDelete
  6. @ මහ වේදනා
    එහෙම ප්‍රශ්නයක් නැ දැනුම කියන්නේ දිය පාරක් වගේ ගලන්න ගලන්න අලුත් වෙනවා ලොකු වෙනවා පිරිසිදු වෙනවා.එක තැන තිබුනොත් පල් වෙනවා, හිඳෙනවා ඒ හින්දා links දාල යන්න. අනිත් එක එහෙම දේ ගැන තොරතුරු බෙදා ගන්න තමයි "මට හිතුන දේ මේ ගොල්ලෝ ලියලා...! මගේ වගේ කියවලා යන්න." විජේට්ටුව එකතු කරේ . ඔන්න මගේ mail address එකත් එකතු කරා. ඕන දෙයක් දාලා යන්න නැත්නම් ඊයක අමුනලා එවන්න.
    බොහොම ස්තුති ඇවිත් ගියාට.

    ReplyDelete
  7. ඔබ හොඳ දෙයක් කර ඇත්තේ තර්ය්ණයෙක් ලෙස මේවැනිදේ අගය කිරීමම මට නම් මහත් සතුටක්. නිතර ලියන්න. ඔබට ජය පතනවා.

    ReplyDelete
  8. හැමදාම ඕක හදන්න හිටියට බැරි වෙනවා. හෙට උදේ අනිවා හදනවා.

    ReplyDelete
  9. bohoma stuthi mama me rogayan adika lasa pida vidinawa ma kramayath mama kara namuth digatama karagana yanna bari una nawath patnganna ona...

    ReplyDelete
  10. බොහොම වැඩක් ඇති ලිපියක්
    ස්තූතියි ඔබට

    ReplyDelete
  11. පලවෙනි වතාවටද මන්ද මේ පැත්තෙ ආවේ, ආව ගමන් හම්බුන ලිපියත් මරු.

    පොඩි කාලෙ අපේ අම්ම හදල දෙන දිය බත් කාල පුරුදු වගේමම, අපි ලංකාවෙ ඉන්න කාලෙ ඔබීත් හදනවා දිය බත්.
    මෙහෙදී නං කෑවෙම නෑ මගෙ හිතේ.

    අපේ ගෙවල් වල නිකම්ම අමු මිරිස් හීනියට කපල දැම්ම මිස, වියළි මිරිස් කර කරල දාපු බවක් මතක නැහැ.

    ReplyDelete
  12. @ ඉන්දික
    කණගාටුයි ඔබේ අසනීපය ගැන. කෝමාරිකා සම්බලය, අක්කපාන කොළ සම්බලය ඔය ලෙඩේට ඉතාම ගුණ බව අපේ ලොකු අම්ම කියනවා මම අහගෙන. පුළුවන් උනොත් ඔය ගැන හොයලා හදන හැටි ලිපියක් දාන්නම්. ස්තුති පැමිණීමට.

    @ තිස්ස
    ස්තුති දිරි ගැන්වීමට.

    @ ඔබා මාමා
    මම නම් නිතර ඔය පැත්තේ එනවා. හැබැයි කොමෙන්ට් එකක් වත් දාන්න වෙන්නේ ගෙදර ඉඳන් ආපු දවසට විතරයි. වැඩ කරන ගමන් බැලුවට කොමෙන්ට් කරන්න කෝ වෙලාව.
    ඔය අමු මිරිස් දාපුවාම පොඩි කොළ රසක් එනවා. ඒක පොල්කිරි රසට හරියට සෙට් වෙන්නේ නැ. මමත් වියලි මිරිස් නැති දවසට දාල තියනවා එත් මිරිස් පුච්චලා දාපුවාම එන රස වෙනස්.
    ස්තුති පැමිණීමට. අපි කරන වැඩ බලන්නත් නිරීක්ෂකයෙක් එපාය.

    ReplyDelete
  13. අපේ තාත්ත ගෙ ප්‍රියතම කෑමක් ඕක...මාත් ඉස්සර හෙන පෙරේත කමින් කෑවා.....තාත්ත මැරෙන තුරුම කවදාවත් අසනීපයක් හැදිල ඉන්නව මම දැකල නැහැ............ඕකට 'දියබත්' කියල එයා කිව්වෙ..!

    ReplyDelete
  14. ලංකාවේ ඉන්න කාලේ නම් කාලා තියෙනවා. ට්‍රයි කොරලා බලන්නම් හාමිනේට කියලා. අපි නම් ඉතින් රෑට බත් කන උදවිය නෙවේ...ඒ උනත් සතියකට දෙපාරක් හෝ තුන්පාරක් උදේට බත් පාරක් වරදින්නේ නෑ...

    ReplyDelete
  15. මාත් කියන්නම් ගෑස්ට්‍රයිටීස් වලට අත්දුටු ප්‍රතිකාරයක්. උදේ පාන්දර හිස් බඩ කොමඩු කන්න. ගෑස්ට්‍රයිටීස් පැන දුවනවා නොඅනුමානයි.

    ReplyDelete
    Replies
    1. ස්තුති රන්දිල්. හදිසියේම රැකියා මාරුවක් නිසා බ්ලොග් එක එහෙමම නැවතුනා. ඔබේ කොමෙන්ට් එක දැක්කට පස්සේ අයෙත් ලියන්න ආසාව වැඩි උනා. බලමු කොහොම හරි මාසෙකට එක ලිපියක් වත් දාන්න.

      Delete
  16. මම චාමර මීගස්වත්තේ, ඔයාගේ ලිපිය බලලා අවුරුදු 40ක් වෙන මේ කයට ජීවිතේ පලවෙනි වතාවට දියබත් කන්න දුන්නා. මේ වගේ අගේ කෑමනේ මෙච්චර කල් අපිට මග ඇරිලා තියෙන්නේ. තව මේ වගේ ඒවා තියේ නම් දාන්න.

    ReplyDelete