හැබැයි ඉතින් ඉස්කෝලේ ගියා කීවට සතියට දවස් 3 විතර තමයි ගියේ. අද ගියොත් හෙට බෑ ක්රමයට තමයි. ඉස්කෝලේ නොගියත් මොන හේතුවකටවත් පන්ති යන එකනම් නැවැත්තුවේ නැ . මොකද මම ගියේ පිරිමි ඉස්කොලේකට නිසා කෑල්ල හම්බෙන්න අනිවා class යන්නම වෙනවා.

ඔය පාර්ක් එකේ හිටියා සිකුරිටි සෙට් එකක් මහ එපා කරපු එවුන් ටිකක් මුන් විසිල් එකකුත් අතේ තියාගෙන පාර්ක් එක පුරාම ඇවිදින එක තමයි වැඩේ බැරි වෙලාවත් කපල් එකක් කරට අතදාගෙන තුරුළු වෙලා හිටියොත් ඉවරම තමා. විසිල් එක ගහලා අනිත් අය ගෙන්නලා ජෝඩුව කොහොම හරි එලියට දානවා.
උන් නිකන් හිටියේ ඒ වයස උන් පහුකරලා අපු නැති එවුන් වගේ. මට මේකට මල පැනලා හිටියේ එත් කරන්න දෙයක් නෑ යන්න තියන එකම තැන මෙතන විතරනේ. ඔය Park එකේ මම හැමදාම ගියොත් ඉන්න තැනක් තියනවා එතන වෙන කවුරුත් හිටියේ නැත්නම් මම එතනම තමයි ඉන්නේ.
දවසක් අපි දෙන්න කුඩේකුත් ඉහලාගෙන ඔතන ඉඳගෙන ඉද්දි මට ඇහුන විසිල් සද්දයක් මම ගණන් ගත්තේ නැ. මෙන්න බොලේ මේ මීහරකෙක් එකපාරට මෙතනට කඩා පැනලා කුඩෙත් ඇදලා විසිකරලා මට ලෙඩේ අදිනවා. මට මල පැන්නේ පොකුරු පොකුරු. අන්තිමට මුන් පොලිසියට call කරන්න ලැස්ති. පොලිසි ගියත් වැඩේ ලෙඩේ වන නිසා මම උපක්රම ශීලීව පසු බැස්ස. හිටපන් දෙන්නම් ජම්බු කියල හිත හද්දගෙන කෙන්න්තියෙන් පුපුරා පුපුරා අවා එලියට.
මම දැන් කල්පනා කරන්නෙම මුන් කරපු මේ වැඩේට ගේමක් දෙන්නේ කොහොමද කියලා. නින්ද යන්නෙත් නැ කන දෙයක් ඇඟට අල්ලන්නෙත් නැ මට කරපු අපහසෙමයි මතක් වෙන්නේ. ඒ මදිවට කෙල්ල එන්නෙත් නැ කොහෙවත් යන්න. අයි අප්පා විලිලජ්ජහවේ පන ගියානේ එදා. කොහොම හරි මාස දෙකක් විතර ගියා මොනවත් කරන්න හම්බුනේ නැ. දැන් ආපහු ඔක්කොම කූල් . අයෙත් අපි දෙන්න පාර්ක් එකට යන්න ගත්තා. කොහොම උනත් ඇම්ගේ තරහ අඩු වෙලා තිබුනේ නෑ. ඔහොම ඉන්නකොට එක දවසක් අවා මරු අයිඩියා එකක්.
එක දවසක් පන්තියේ කොල්ලෝ සෙට් එකටම මම කීව අද මම ගානේ පොඩි පාර්ටි එකක් දෙනවා ඔක්කොම වරෙල්ල පාර්ක් එකට කියල. අපේ එවුනුත් කන්න දෙනවනම් කොන්ක්රීට් හරි කන එවුන්නේ සෙට් එකම ආවේ නැතැ පාර්ක් එකට
මම හෙමීට කෑල්ලත් එක්ක වෙනදා වගේම ආව පාර්ක් එකට. ඇවිත් පුරුදු තැනම ඉඳගත්ත. මගෙත් එක්ක බෝඩිමේ එකට ඉන්න එකාට සල්ලි දීල කොල්ලන්ට කන්න අරන් දීල කරන්න ඕන වැඩේ කියලා තිබ්බේ.
උන් දැන් ඇවිත් එක එක තැන් වල සෙට් වෙලා ඉන්නවා.
මම හෙමීට මගේ කෙල්ලව මගේ රූමාගේ කෙල්ල ඉන්න තැනට යවලා රූමා මම ඉන්න තැනට ගෙන්න ගත්ත.
දැන් අපි දෙන්න වෙනද අපි කපල් එක ඉන්න තැන ඉඳගෙන ඉන්නවා කරට අත දාගෙන කුඩේකුත් ඉහලාගෙන හොඳටම ගුලි වෙලා.
හිතුව හරි මෙන්න බොලේ අර සිකුරුට්ටා කෙළගෙන එනවා අපි ඉන්න තැනට ඒ විතරක්නම් මදැ මු විසිල් එකත් ගහගෙන ඇත ඉඳලම කැ ගහගෙන එනවා " මම එදත් කීවනේ තමුසෙලා දෙන්නට මේක මඟුල් නටන තැනක් නෙවේ කියලා. අදනම් තමුසෙලා දෙන්න යවනවා පොලීසියටම. තමුසෙලාට සැරයක් කීවහම සිංහල තේරෙන්නේ නැනේ. " කියල.

සික්කට කරගන්න දෙයක් නැ.
උගේ සපෝර්ට් එකට අපු අනිත් එවුන්ටත් කට උත්තර නැ. මෙන්න බොලේ එතකොටම හතර වටෙන්ම එනවා එල හූ වක්. අප දෙන්නටත් ෆිට්. අපි ඉතින් දැන් කොක්කටම ටම සෙට් වෙන්නේ. ඒ දවස්වල තිබුන උනේ හැටියට ගහගන්නවා ගුටිකනව කියන්නේ මේ කනවා නිදාගන්නවා වගේ සරල දේවල්නේ.
කොහොමහරි එදා මුළු පාර්ක් එකේම හිටපු ඔක්කොම ඇවිත් මෙතනට. හැමෝම බනිනවා සික්කන්ට මොකද ඔක්කොම කොල්ලෝ කෙල්ලෝ තමයි හිටියේ. (ඇත්තටම මේ පාර්ක් එකට කපල් ඇරෙන්න නිකන් මිනිස්සු එනවා හරිම අඩුයි.) සික්කෝ ටික කරබාගෙන අකුලාගෙන ගියා. අපිත් ඉතින් වීරයෝ වගේ පොඩි සද්ද ටිකක් දාල අපහු calss ගියා. හැබැයි එදා ඉඳල පාර්ක් එකට ගියහම ටිකක් පිළිවෙලට තමයි හිටියේ. ඒ වගේම සික්කන්ගේ තිබුන කරදරෙත් ටිකක් විතර අඩු උනා. දැන්නම් මතක් වෙනකොටත් හිනා.
එළ සීන් එකක් නේ....කළුතර පාලම ලගින් ඇතුලට ගියාම තියෙනවා කැලිඩෝ කියල එළ පොට් එකක්..එතන බේරෙන්න බැරි සල්ලි ඉල්ලන උන්ගෙන්...එක එක වැටකෙයියා පදුරු උං අයිතිකරන් ඉන්නේ....
ReplyDeleteපට්ට පට..පට..මචෝ...
ReplyDeleteShoooooo maxxa bro
ReplyDelete