මේක ඇතුලේ ඕනෑම දෙයක් හොයා ගන්න මේක පාවිච්චි කරන්න

Tuesday, October 4, 2011

අකුරු බැරිද ? ඇමතිතුමා

වැදූ මවටත් අහසටත් නොමැත නිවනක් කිව වගේ. මොකා මොන වැරැද්ද කරත් බැණුම අහන්න වෙන්නේ විෂය බාර ඇමති තුමාට. එකෙත් වැරද්දක් නෑ ඉතින් මොකද කරන්න පුළුවන් කියලනේ බාර ගන්නේ. 

ඔන්න ඔය තියෙන්නේ මේ ඊයේ පෙරේද පීලි උඩට දාපු අලුත් කෝච්චියක ගහල තිබුන ස්ටිකර් එකක තත්වය. මම හිතන්නේ මේවා ප්‍රින්ට් කරන්නේ ල.දු.දේ  නෙවේ. මොකක් හරි printing ෂොප් එකකින් තමයි ප්‍රින්ට් කර ගන්න ඇත්තේ. හැබැයි මේක අලවන්න කලින් කියවල බලන්න අකුරු දන්නා එකෙක් දුම්රිය දෙපාර්තු මෙන්තුවේ හිටියේ නැද්ද කියල හිතෙනවා. ඇමැතිතුමාත් බොහොම ආඩම්බරයෙන් මේ දුම්රියේ මංගල ගමන ගියා කියල අපි දැක්ක. එතුමාටත් මේක කියව ගන්න බැරි උනාද ?.
 සුද්දගේ කාලේ ගෙනාපු කොච්චි වලත් " ල . දු.  දේ " කියල අකුරක් වත් වරද්දන්නෙ නැතුව  හැම කොටසකම ලියලා තිබුණ. ඒ විතරක්ය " හදිසියක් නම් දම්වැල අදිනු නිකරුනේ ඇත්දොත් ශත 20 ක්  දඩ " වගේ බෙලෙක් තහඩුවේ කොටපු දැන්වීම් නියම අක්ෂර වින්‍යාසයෙන් ලස්සන අකුරෙන් කොටලා තිබ්බ හැටි මතකයි.

  හැබැයි මට මතකයි ඔය වගේ පොඩි දේවල් පවා හොඳින් පෙනුණු නායකයෙක් අපිට හිටිය ඒ වෙන කවුරුවත් නෙවේ රණසිංහ ප්‍රේමදාස මැතිතුමා. මේක නම් පොඩි දෙයක් තමයි  එත් මම හිතන්නේ මේක printing shop එකකින් පරිත්‍යාග කරපු ස්ටිකර් වගයක් නෙවේ. කොච්චි ගොඩක අලවන්න ප්‍රින්ට් කරපු ස්ටිකර් තොගයට ගියා ගාන පොඩි නැතුව ඇති නේද. කොහොම උනත් මේක බාර ගත්ත නිලධාරියා  (ප්‍රින්ට් කරන වැඩේ බාර දුන්නට Printing ෂොප් එකෙන් කොමිස් එකක්වත්  ගත්ත  නැති හි... හි.. )
 තමන්ට මොනවා හරී මිලදී ගත්දිත් මෙහෙමද දන්නේ නැ අරගෙන යන්නේ. අඩුම තරමේ මේක type කරන්න හොඳ Font එකක් වත් මුන්ට තිබුනේ නැද්ද. අකුරු එක එක size ෆොන්ට් එකක් කොහෙන් හොයා ගත්තද මන්දා. අනිත් භෂා ගැන මට ලොකු දැනුමක් නැතිනිසා ඒවගේ මොනවා තියනවද කියල දන්නේ නැ . දන්නා කෙනෙක් ඉන්නවා නම් කොමෙන්ටුවක් දාන්න . කියන්න තියෙන්නේ මෙච්චරයි පුලුවන්නම් හරියට කරපන් බැරිනම් නොකර හිටපන්.  

3 comments:

  1. දේස පාළුවෝ ගැන කථා කරලා වැඩක් නෑ....

    ReplyDelete
  2. සිංහල වරද්දලා උනාට ඉංග්‍රීසියෙන් හරියට ලියලා තියෙනවනෙ.......ඒ කියන්නෙ ෂුවර් එකටම ඉන්ටර්නැෂනල් ඉස්කෝලෙකට ගිය කෙනෙක් වෙන්න ඇති ඕක ලියන්න ඇත්තෙ.....උන්ට සිංහල දන්නෙ නෑනෙ...

    අනේ අපේ මව් බසට ගිය කලක්.....

    ReplyDelete
  3. පුලුවන්නම් හරියට කරපන් බැරිනම් නොකර හිටපන්.

    onna ochcharai matath ahune :-D

    ReplyDelete